Saturday, November 3, 2018

සිරිසේන ගේ කාන්සිය


සිරිසේන,  රනිල් සහ මංගල සමග ජනාධිපති මන්දිරයේ සාකච්චාවක  යෙදී සිටියහ​. ඒ අතර චන්ද්‍රිකාද ආවාය​. මංගල චන්ද්‍රිකාට ඉංග්‍ර්‍රිසියෙන් යමක් කීවේය​. ඉන් පසු   චන්ද්‍රිකා මංගලට සහ රනිල්ට තමන් ගේ බල්ලා ගැන ඉංග්‍ර්‍රිසියෙන් කියවන්නට වූවාය​. ඒ අතරවාරයේ  රනිල් ශේක්ස්පියර් ගේ පාඨයක් උපුටා දක්වමින් බල්ලන් පිලිබඳ කියමනක් කීවේය​. ඒ පාඨයට මංගල පිලිතුරුන් දුන්නේ විහිළුවක් කරමිනි. ඉංග්‍ර්‍රිසියෙන් කල විහිළුව  සිරිසේනට තේරුනේ නැත​. එය විහිළුවක් බව ඔහු වටහා ගත්තේ චන්ද්‍රිකා සහ  රනිල් උස් හඞින් සිනාසීම නිසාය​.  සිරිසේනට කාන්සියක් දැනුනේය​. මොවුන් සහ තමා අතර ඉතා දුරස්ථ බවක් ඇති බව ඔහුට හැගුනේය​එක අතකට මහින්ද සමග වැඩ කිරීම පහසුය​. කෝප වූ විට මහින්ද නොයෙක් වර තමාට අම්මා මතක් කොට කුනුහරපයෙන් බැණ වැදී තිබේ. ඒ කාලයේදී ඒ පිලිබඳව සිත් රිදීමක් ඇති වූවද එය තුල යම් මිහිරක් ඇති බව ඔහුට වැටහුනේය​. මහින්ද මොවුන් මෙන් ඉංග්‍රීසියෙන් චුස් බුස් නොගායි. ඔහු ඉංග්‍රීසියෙන් කතා කලද එය සිංහල තාලයට කරන ගොරහැඞි ඉංග්‍රීසියකි. ඒ ඉංග්‍රීසියට සිරිසේන කැමතිය​. මහින්ද සමග වැඩ කරන විට ඔහු අම්මා මෝ නැතිව කුණුහරප කීවද එය තමා හා ඔහු අතර දුරස්ථ පාලමක් ඇති නොකරයි.  මොවුන් සමග මෙන් නොව   මහින්ද සමග වැඩ කිරීම පහසු බව සිරිසේනට වැටහුනේය​. 

18 comments:

  1. I too think that this may have been a factor. You don't need English but you do need a personality to lead a country..

    ReplyDelete
  2. සිරිසේනට අමිිමා මතක්කරනවිට දුවන්නට රටත් මදිය‍
    විචාරක දියණිය

    ReplyDelete
  3. හෙහ් හෙහ්... වෙන්න පුළුවන් දෙයක්

    ReplyDelete
  4. බත් කා උස්මහත්වී,නිදහස් අධ්‍යාපනයත් ලැබූ කාලවර්ණ මේ සිහලුන් ඉංග්‍රීසිය කරපින්නාගෙන,එම සංස්කෘතියට ආවඩමින් උපතින් තමා ලත් තම බස,සංස්කෘතිය හෙලාදකිමින් කරන්නාවූ මේ විගඩම මොනතරම් පහත්ද?ඉංග්‍රීසි බස හුදු ජාත්‍යන්තරය සමග සම්බන්ධවීමට ඇති මෙවලමක් විනා සිංහල බස කතාකරන තම සගයා හෙලා දැකීමට ඇති මෙවලමක් නොවන වග අපට පසක් නොවන්නේ අප තවමත් යටත්විජිතවාදී මානසිකත්වයෙන් මිදී නොමැති නිසා විය හැක.දූපත්වාසී මේ අප මානසිකත්වය ගැන එංගලන්ත සුද්දාද සමහරවිට පුදුමවනු ඇත.please enjoy this. www.poemhunter.com

    ReplyDelete
  5. එහෙම කටහ්වකුත් කිව්වා නේද සංස්කෘතිය ගැලපෙන්නේ නැහැ කියල

    ReplyDelete
  6. මම මේ කල්පනා කරන්නේ ෂේක්ස්පියර් නාට්‍යයක බල්ලෙක් ගැන කියැවුණු දේ මොකක්ද කියලා යි.

    ReplyDelete
  7. කනේ පාර සැර වැඩියි ඩොක්ටර්!

    ReplyDelete
  8. කො මංගලයි රනිලුයි චන්ද්‍රිකාට උම්මා දෙද්දී මයිත්රිට අත විතරක් දුන්නු එකයි ලියල නෑනේ.

    ReplyDelete
  9. "I had rather be a dog, and bay the moon,
    Than such a Roman."

    -Julius Caesar

    ReplyDelete
  10. There were many differences amongst them. Ranil, Chandrika and Mangala never gave two hoots to My3. He was just used as a pawn. Even My3 knew that. He was just living in the moment. He very well knew none of the above could not have won if they had contested. In fact My3 was not even politically mature to win an election. Ranil and the cohorts would have preferred AKD as a better candidate but he could not be trusted even as much as My3. Finally he was scared and pushed to limits thus came out giving that Samanala palana allegation as a lame excuse. He was a coward. He had the IQ of a Village retail businessman. In other words he had no class or persoanlity to withstand these bankrupt pseudo politicians.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook