Wednesday, October 17, 2018

පොරෝ ජයලත් ගේ වැරදුනු කුරුමාණම


පොරෝ ජයලත් යනු 1988/89 භීෂණ කාලයේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ සිටි සාමාජිකයෙකි. ඔහු ඉගෙනුම ලැබුවේ කොලඹ නාලන්දා මහා විද්‍යාලයේය. මේ කාලයේ ජවිපෙ ශිෂ්‍ය අංශය විසින් පාසල් වල පෝස්ටර් ඇලවීම් , උද්ඝෝෂණ , බස් , ට්න්ස්ෆෝමර් ඇතුළු රජයේ දේපළ ගිනි තැබීම ආදිය කල අතර කොලඹ ප්‍රදේශයේ මේවාට නායකත්වය දුන්නේ පොරෝ ජයලත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන පුද්ගලයාය. මොහුව පොරෝ ජයලත් ලෙස හඳුන්වනු ලබන්නේ ද්‍රෝහියෙකු ලෙස නම් කරමින් පොරවකින් ගසා  මිනිසෙකු මැරීම නිසාය. 

මෙම සිසු  උද්ඝෝෂණ වලදී පාසල් ගොඩනැගිලි වල පෝස්ටර් අලවන ලදි. කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ අංශ ප්‍රධාන ගුරුවරයෙකු වූ පී.ඩී.ඩබ් ජයවර්ධන මහතා පාසල තුල අලවන ලද පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කරන ලදි . මේ නිසා පොරෝ ජයලත් ඇතුළු පිරිස වරින් වර  පී.ඩී.ඩබ් ජයවර්ධන මහතාට වරින් වර තර්ජනය කරමින් ලිපි එව්වෝය. එහෙත් ජයවර්ධන මහතා තම ක්‍රියාව නැවැත්වූයේ නැත. මේ නිසා  පොරෝ ජයලත් විසින් පී.ඩී.ඩබ් ජයවර්ධන මහතාව පාසල තුලදීම ඝාතනය කිරීම සඳහා සැලසුම් කළහ. එහෙත් අවසන් මොහොතේදී ඝාතකයා ගල් කටස් එකක් රැගෙන ජයවර්ධන මහතා හමු වීමට එන විට ජවිපෙ ශිෂ්‍ය අංශයේ සිටි කරුණාරත්න නම් සිසුවෙක් මේ පිලිබඳව ජයවර්ධන මහතාව දැණුවත් කොට ඔහුව ශිෂ්‍ය නේවාසිකාගාරයේ දොරකින් පිටත් කරන ලදි. මේ නිසා ඝාතකයාට තම ඉලක්කය ඉටු කර ගත නොහැකි විය. මෙම කරුණාරත්න නම් සිසුවාගේ මවද නාලන්දාවේ ගුරුවරියක් වූ අතර ඔහු මෙම ඝාතනයට විරුද්ධ විය. ඒ නිසා ජයවර්ධන මහතාගේ ජීවිතය බේරුණි. පසු කාලයක පී.ඩී.ඩබ් ජයවර්ධන මහතා විසින් ලියන ලද ගුරු දිවියේ හද තුළ රැඳුණු මතක නම් කෘතියේද මෙම ඝාතන වෑයම ගැන එතුමා සඳහන් කරයි. 

ඝාතන මෙන්ම මංකොල්ලකෑම වලට නායකත්වය දුන් පොරෝ ජයලත් කොල්ලකෑ මුදල් සංවිධානයට නොදී විදේශගත විය. මොහු විසින් මාතලේ පළාපත්වල  මැනික්   ව්‍යාපාරික කුසුම් කුලතුංග මහතාගේ නිවසද කොල්ල කා මුදල් සහ ස්වර්ණාභරන රැගෙන පළා ගොස් ගිය බව පසුව වාර්තා විය. පසුකාලීනව පොරෝ ජයලත්ව ජවිපෙ විසින් නෙරපා හරින ලදි.   

4 comments:

  1. මට හිතුනේ විප්ලවය ජිවිත අරගලයෙන් පරාධ වීම සධාතනික ද කියලා :)

    ReplyDelete
  2. මට කතාව කියවගෙන යද්දී LTTE එකේ හිටපු රහීම් ව මතක් උනා... පොරෝ ජයලත් වගේ විප්ලව කාරයෝ තමා ඉතින් අපිට ඉතිරි වෙලා ඉන්නේ...
    අකලංක දිසානායක

    ReplyDelete
  3. පොරෝ ජයලත් අපේ වයසේ කෙනෙක්ද?අර කරුනාරත්න අපට වඩා අවුරුදු දෙකකින් වැඩිමල් පන්තියකද හිටියේ?ඔහු දැන් මොකද කරන්නේ?පොරෝ ජයලත් මොන රටේද ඉන්නේ?අපේ ජයවර්ධන සර් නූලෙන් බේරිලා.කරුණාරත්නට කරුණාවන්ත හදවතක් තිබිලා තියෙනවා.

    ReplyDelete
  4. මේ ගැන දිනියස් අඩවියේ කිසියම් කොමෙන්ටුවක් ඔබ දුටුවාද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook