Wednesday, October 10, 2018

නියෝමාල් රංගජීව ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියට කතා කරයි


2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් 27දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතාව සැක පිට අත් අඩංගුවට ගන්නා ලදි. රිමාන්ඩ්ගතව සිටි ඔහු දැන් ඉන්නේ ඇප පිටය​. මේ නියෝමාල් රංගජීව මහතා ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියට දුන් සාකච්ඡාවයි.

1) ඔබ ගැන තොරතුරු ටිකක් කියනවද ?
 මගේ  ගම රාජගිරීයේ .ඉගෙනුම කොට්ටේ ආනන්ද සස්ත්‍රාලේ  මම 1995 SI කෙනෙක් විදිහට  පොලිසියට බැදී පුහුණුවීම් පසු වැලිකන්දේ මායිම් ගම්මාන ආරක්ෂා කරන අතර තුර එකවරක් LTTE ප්‍රහාරයකට හසුවුනා,දෙවරක් මා ත්‍රස්තවාදීන්ට ප්‍රහාරයක් එල්ල කරා වැලිකන්දේදී  

2) ඔබ මත් ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයට යන්නේ කොහොමද ?
2001දී police narcotics ආවේ සම්මුඛ පරීක්‍ෂණයකින් පසුව 

3)  ඔබ මත් ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයේදී පෙන්වපු දක්‍ෂතා මොනවාද ? 
හෙරොයින්  කිලෝ 400ක් අත් අඩංගුවට,අල කන්ටේනර් ,ග්‍රිස් කන්ටේනර් ,ජාත්‍යන්තර මුහුදේ අල්කයිඩා` සමාජිකයන්   සමග නැවක් කිලෝ 111ක් සමග ,හෙරොයින් 10kg සමග කෝටි 900ක් දේපළ සමග අත් අඩංගුවට ,වෙලේ සුද්දා ඇතුළත් ජාවාරම්කරුවන් 43ට මරණ දඩුවම් ලබාදීමට සාක්ෂි දීම ,තව නඩු 60ක් ඉදිරියට ඇත .

4) ලංකාවේ මත් ද්‍රව්‍ය මාෆියාව විනාශ කරන්න බැරිද ? ඒකට තියන බාධක මොනවද ? 
ලංකාවේ මත් ද්‍රව්‍ය මාෆියාව විනාශ කරන්න  ලෙහෙසියෙන් පුලුවන් ,ඒත් ඒක කාටවත් වුවමනා නැත. ලංකාවේ තිබෙන set up දුෂිතයි.

5) මෑත කාලයේදී ඔබව රිමාන්ඩ් කරනවා. ඊට හේතුව ? 
2012 දී වැලිකඩ riot එක වෙලේ මම ආවා කියලා කුඩුජවාරම් කරුවන් සාක්ෂි මත .Army ,STF , Prison officers ,Narcotics officers .Informant ආදීන් මා එම දින ඇතුළට නොපැමිණීම සහතික කර ඇත .එත් කුඩුජවාරම් කරුවන් ගේ සාක්ෂි මත මා arrest  කළා .මීට පෙර සාක්ෂි දී ඇත .මේවා නිර්මාණය කල කට උත්තර .

6) මේක පසු පස තියෙන්නේ කාගේ උවමනාවද ?
Tamil Diaspora, NGO ,සිංහල කොටි,දේශපාලන ලොකයේ කිහිප දෙනෙකු ,ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් .

7) මේ කේස් එකෙන් ඔබට මොකක් වෙයිද ? 
සාදාරණ ,අපක්ෂපාතීව විදිහට කටයුතු කරතොත් නඩුවක් නැත .

8) කොහොමද මේ කේස් එකට එරෙහිව ඔබ සටන් කරන්නේ ?
lawyer කෙනෙක් consultant කරනවා .දරුවන් ට උගන්වන ,කන්න දෙන්න තිබෙන සල්ලි වලින්.දැනමත් interdict මාස 07 සිට.


සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම්  ජයතුංග

2 comments:

  1. මොහු ලංකාවෙ මත්ද්‍රව්‍ය මාෆියා එකට හිසරදයක් වෙච්ච පුද්ගලයෙක්..ඒකයි මේ ඔක්කොම කෙනහිලි..

    ReplyDelete
  2. ඔහුගේ කරුණු සත්‍ය නම් මේක මහා කේදවාචකයකි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook