Wednesday, July 18, 2018

අපරැක්කේ පුඤ්ඤානන්ද යළිත් ගේමට බසී

ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද යලිත් වරක් අපරාධයක් කොට තිබේ.  නව හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින්  අපරැක්කේ පුඤ්ඤානන්දව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ. මීට පෙරද බාලවයස්කාර කුඩා සාමනේර හිමිවරුන් පස්දෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අතඩංගුවට ගත්   අපරැක්කේ පුන්‍යානන්ද හිමියන්  අදාළ සාමනේර හිමිවරුන්ට ඉඳහිට ලිංගික අතවර කළ බව  අධිකරණයේදී  පිලි ගන්නා ලදි. 

අපරැක්කේ පුඤ්ඤානන්ද Pedophile කෙනෙකු හෙවත් කෞමාර කාමයෙන් පෙලෙන්නෙකු බව පෙනී යයි.  දියුණු රටවල මෙවැනි පුද්ගලයෝ ලෙස වෙනම Sex Offenders වර්ගීකරණයකට යටත්ව පොලිසිය විසින් ඔවුන් පිලිබඳව සෝදිසියෙන් සිටිති. මෙවැනි පුද්ගලයන්ට ළමුන් සම්බන්ධයෙන් කටයුතු වල යෙදීම තහනම් ය​. එහෙත් කෞමාර කාමයෙන් පෙලෙන්නෝ ලංකාවේදී රිසි පරිදි ළමුන්ව අපහරණය කරති. හේතුව අධිකරණයේ මෙන්ම ළමා ආරක්‍ෂයේ  පවතින දුර්වළතා නිසාය 

අපරැක්කේ පුඤ්ඤානන්ද සම්බන්ධයෙන් ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් පිලිබඳව තොරතුරක් මෙතෙක් නොමැත​. 

1 comment:

  1. ලංකාවේ නීතියේ සිදුරු කෙසේ වෙතත්, තිබෙන නීති ක්‍රියාත්මක නොකිරීම මෙවන් අවාසනාවන්ත කාරණාවලට හේතු පාදක වන බව මගේ හැගීමයි.

    ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් වන්නේ ප්‍රජනනයයි. ලිංගික හෝ ලිංගික නොවන ක්‍රම මගින් ජීවය පැවතේ. මේ අතරින් මානවයා ගේ ජීවය පැවතෙන්නේ ලිංගික ප්‍රජනනය මගිනි. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයක් අවශ්‍ය වේ. සම රිසි වීම රෝගයක් නොවන්නත්, Pedophile, necrophilia, Zoophilia ආදිය රෝග වන්නත් හේතුව කුමක්ද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook