2002 වසරේදී කරාපිටිය වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් සමහරක් විරෝධතාවය දැක්වූහ. විරෝධතාව උත්සන්නයේදී වෛද්‍ය සිසුන් පිරිසක් මෙම මවු කිරි දීමේ පාඨමාලාවට සහභාගි වූ හෙද නිලධාරීන්ට පහර දෙන ලදි. මේ අතර ගැබිණි හෙදියක්ද වූවාය. එක් වෛද්‍ය සිසුවෙක් ඇයට පහර දී ඇය බිම වැටුණු විට ඇයගේ බඩටද පයින් පහර දෙන ලදි.
මෙම සිදුවීම වන විට මා සිටියේ රජයේ රෝහලක සේවය කරමිනි. එකී සිදුවීම රෝහලේදී එක් වෛද්‍යවරයෙක් විසින් සඳහන් කල අතර සමහර වෛද්‍යවරු මෙම පහර දීම අනුමත කරමින් හෙදියන් වෛද්‍ය පීඨයේ පාඨමාලා වලට සහභාගි කරවා ගැනීම නුසුදුසු බව අනියම් අයුරින් කීහ. මේ නිසා මම බොහෝ සෙයින් ව්‍යාකූලත්වයට පත් වූයෙමි.
එදින නිවසට ගිය විටද මාගේ මතකයට ආවේ මෙම හෙදියන්ට පහර දීමේ සිද්ධියයි. මේ සිදුවීම මා තුල බලවත් සසල කිරීමක් ඇති කරන ලදි. මම සාමකාමී ක්‍ෂාන්තිවාදියෙකු නොවෙමි. එහෙත් තමන්ට පුද්ගලිකව වරදක් නොකල ගැබිණියක් ඇතුළු නිරායුද පුද්ගලයන් පිරිසකට පහර දීම මට පිලිගත නොහැකි කරුණක් විය.
මේ හේතුව නිසා සති 8 ඇතුලත කාලයක් තුලදී මම පොතක් ලියුවෙමි. එම පොතේ නම " මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි " යන්නයි. මේ පොතේ අඩංගු වූයේ මා විසින් විදෙස් රටවල් වලදී මුණ ගැසුනු පුද්ගලයන් සහ ඔවුන් සහ මා අතර තිබූ මානව සබඳතා ය. මාගේ අදහස වූයේ මෙම පහර දීම සඳහා හේතුවූ එක් මූලික කරුණක් නම් ලෝකය හරි හැටි නොදැක ලිං මැඩියෙකු මෙන් තමන් ගේ අඳුරු සෙවල පිරි ලිඳ තුල ජීවත් වන විට ඇති වන ලිං මැඩි සින්ඩ්‍රෝමය නම් තත්වය විසින් ඇති කරන ලද්දක් බවයි. එසේම අපගේ උගතුන් තුල තිබෙන කුහක භාවයද මින් පෙන්නුම් කරන්නක් විය.
මෙම සිද්ධිය සිදුවී මේ වන විට වසර 16 කට ආසන්න කාලයක් ගතවී තිබේ. එදා මේ පහර දීමේ චෝදනාවට බඳුන් වූ වෛද්‍ය සිසුන් ගෙන් බහුතරය වෛද්‍යවරු වෙති. මෙම සිදුවීම ගැන වසර 16 කට පසු ඔවුන් දරන අදහස් මොනවාද ? (අනිවාර්‍යෙන්ම ඔවුන්ටද මේ පිලිබඳව කියන්නට කතාවක් තිබේ) මේ නිසා මම මේ පිලිබඳව මහාචාර්‍ය සුජීව අමරසේන , එවකට පීඨාධිපතිව සිටි මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් , පහර දීමේ චෝදනා වට ලක්වූ ඉඳුනිල් විජේනායක ( වර්තමානයේ විශේෂඥ කායික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි) , සහ ගැටුම ආශ්‍රිත චෝදනාවට ලක්වූ අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ ( වර්තමානයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි -තමන් මෙම පහර දීම කලේ නැති බව අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ පවසා සිටියි. ) මෙන්ම හෙද නිලධාරියෙකු වූ චතුරං සමීර ගෙන් ද කරුණු විමසුවෙමි.
මුලින්ම වෛද්‍ය ඉඳුනිල් විජේනායක පැවසුවේ මෙය අතීත සිද්ධියක් නිසා මෙය ගොඩ නොගත යුතු මෘත ශරීරයක් බවයි. එහෙත් මාගේ අදහස වූයේ මෙම සිදුවීම පශ්චාත් මරණ පරීක්‍ෂණයකට ලක් කිරීම මගින් අප වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙන බවයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එන බවයි. කෙසේ නමුත් වෛද්‍ය විජේනායක පැවසුවේ තමන් මෙම පහර දීම කලේ නැති බවත් එහෙත් ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු නිසා විශ්ව විද්‍යාල තමන්ව පරිපාලකයන් විසින් තමන්ව මේ සිද්ධියට පටලවන ලද බවයි. මේ සඳහා ඔහු මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් මහතාගේ පරිපාලනයට දොස් කියයි.
මා විසින් වෛද්‍ය ඉඳුනිල් විජේනායකව සාකච්චාවට ලක් කල විටදී ඔහු මාගේ සමහර ප්‍රශ්න මඟ හරින බවත් සමහර කරුණු වසන් කරන බවටත් හැඟීමක් මා තුල ඇති විය. එහෙත් ඉදිරි කාලයේදී කරන සාකච්චා වලදී ඔහු මීට වඩා ඍජු ලෙස පිළිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
(වෛද්‍ය ඉඳුනිල් විජේනායක ගේ පැහැදිලි කිරීම සහ මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ ප්‍රකාශය දෙවන කොටසින් බලාපොරොත්තු වන්න )
දෙවෙනි කොටස කවද්ද එළිදකින්නේ
ReplyDeletesoon
DeleteElaz!
ReplyDeleteමේකට හේතුව තමා ළිං මැඩි සින්ඩ්‍රෝමය හෝ දුපත් මානසිකත්වය , ලංකාවේ වැඩි දෙනෙක් වැද්දන්ගෙන් නේ බණ අසන්නේ , නැතිනම් වැද්දෝ තමා බණ කියන්නේ .
ReplyDeleteවැද්දන්ගෙන් නේ බණ අසන්නේ //////// +++++
Deleteබලමු ඉඳුනිල් විජේනායකට මහත්මයකු වන්නට ඔබ ලබා දී ඇති මහගු අවශතාව නිවැරදිව උපයෝගිකරගනිවිද කියා.
ReplyDeletewl see
DeleteNot only this . NCMC students were attacked.
ReplyDeleteMy idea is these are gam baiyas
Yes NCMC students were attacked once
Deletemmmmm
ReplyDelete