Thursday, October 5, 2017

පීඩිතයාට කෙලින්නේ තවත් පීඩිතයෙකි


ලේක් හවුස්  පුවත් පත්  මිලදී  ගැනීම සහ අලෙවි  කිරීම ජවිපෙ  තහනම් කර  තිබුණි . පාපැදියකින් ලේක්හවුස්  පුවත් පත් අලෙවි කිරීමෙන් තම දරු පවුල  නඩත්තු කළ මිනිසෙකු අගලවත්ත  යටියන  ප්‍රදේශයේ   සිටියේය. ඔහුට තිබු එකම ආදායම  එය විය. පාසලට  යන අතරතුර  සතියකට  දින දෙක තුනක් Daily News පත්තරය මා  මිලදී  ගත්තේ  ඔහුගෙනි.පත්තර අළෙවිය නවත්තන  ලෙසත් නැතහොත්  මරණයට  මුහුණ දීමට සුදානම් වන ලෙසත්  ඔහුට  ලිපියක් ඒවා  තිබෙන  බව දිනක් ඔහු මා සමග  කීවේය .ටික දිනකට  හෝ  පත්තර අලෙවිය  නවත්තන  ලෙස  මා  ඔහුගේ  ඉල්ලා  සිටියෙමි . වෙනත් ආදායම් මාර්ගයක් නැති බැවින් පත්තර අලෙවිය නතර  කළහොත්  පවුලේ සියලු දෙනාටම බඩගින්නේ  මැරෙන්නට වෙන  බැවින් වෙනත් විකල්පයක් ඔහුට  නැති බව  ඔහු කිවේ දෑසේ  කඳුළු පුරවා  ගෙනය. ඒ ඔහු මට හමුවූ අවසාන අවස්ථාවය .ඊට සතියකට  පසු  ඔහුගේ නිවස අසලදී  ඔහු  වෙඩි තබා මරා  දමා   තිබුණු අතර පත්තරවලටද  ගිනි තබා  බයිසිකලය  පැහැරගෙන ගොස් තිබුනේය.

 (උපුටා ගැනීම: පි. බර්ටි රණවීරගේ  http://sudukukula.blogspot.ca/2017/09/87-89.html). 

පීඩිතයෙකු වූ මේ පත්තර වෙලෙන්දා මරා දැමුවේ අයාලේ ගිය දේශපාලනයක නිරතවූ පීඩිතයන් කණ්ඩායමකි. අවසන් විග්‍රහයේදී කිව හැක්කේ පීඩිතයාට කෙලින්නේ තවත් පීඩිතයෙකි කියාය. 

3 comments:

  1. සහතික ඇත්ත!පීඩිතයාට කෙලින්න ලේසිම විදිය තවත් පීඩිතයෙක් යොදන එක.ලන්කාවේදී අති සාර්ථකයි.අපේ මිනිස්සුන්ගේ ගතිගුණ සමග ගානට වැඩේ කරන්න පුලුවන්.මෙහේ ඩෙන්ගු පාලනයටත් කරන්නේ ඕකමතමයි!පොඩි මිනිහගේ ඔලුව අතගාල පොඩිබලතයක් දුන්නම ඌ ඕනෑම බලුවැඩක් කරනව.ඒ වගේම ලොක්කා ඉදිරියේ ආදර බලු කුක්කා වෙනවා.නියම වැඩේ කියන්නේ ඌ දන්නේ නෑ ඌටත් එකවිදියටම කෙලලා කියලා !

    ReplyDelete
  2. ඒ දිනවල මා ඔහුගෙන් DAILY NEWS පත්‍රය ගත්තත් මා එය ගෙන ගියේ හංගා ගෙනය

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook