Thursday, October 12, 2017

ඔස්ටියාලා දෙන්නයි

 



ගුනේ අයියා මිනිසුන්ට උදව් කරන්නෙකි. මිනිසුන් හදිසියකදී අතමාරුවක් ඉල්ලා ගන්නේද ගුනේ අයියාගෙනි. සමහරු ලොකු ගනන් ද ගුනේ අයියා ගෙන් ණයට ගනිති. ලොකු ගනන් නම් යළි ගෙවිය යුතුය​. 

වරක් ඔස්ටින් නම් පුද්ගලයෙක් හදිස් අවශ්‍යතාවක් නිසා ලොකු ගනනක් ගුනේ අයියාගෙන් ණයට ගත්තේය​. ණය මුදල කල් පිරුනද පියවූයේ නැත​. අද දෙන්නම් හෙට දෙන්නම් කියා ඔස්ටින් කල් මැරුවේය​. 

දිනක් ඔස්ටින්ව ගුනේ අයියාට ටවුමේදී  හමු විය​. දුර තියා එන ගුනේ අයියා දුටු ඔස්ටින් " ගුනේ මහත්තයා හෙට උදේ අපේ ගෙදර එන්න නොවරදවාම සල්ලි ටික දෙනවා කියා කීවේය​. 
පසු දින උදෑසන ගුනේ අයියා ඔස්ටින් ගේ නිවසට ගියේ තමන්ට හිමි මුදල ඔස්ටින් ගෙන් ලබා ගැනීමටය. 

ගුනේ අයියා ඔස්ටින් ගේ නිවසේ දොරට තට්ටු කලේය​. ඒ විගස දොර ඇරුණි. දොර ඇරියේ ඔස්ටින් ගේ බිරිඳයි. 

 " අනේ ගුනේ මහත්තයා හදිස්සියක් වෙලා ඔස්ටින් කොලඹ ගියානේ " කියා ඔහුගේ බිරිඳ කීවාය​. 

" ඇත්තද ? මට උදේ එන්න කීව නිසයි මම ආවේ කියා ගුනේ අයියා පිළිතුරු දුන්නේය​. 

මේ හදිස්සියක් වෙලා උදේ හතරේ බස් එකේ කොලඹ ගියා ගුනේ මහත්තයා කියා ඇය යළිත් කීවාය​. 

බලාපොරොත්තු කඩවීම නිසා ගුනේ අයියා ආපසු යන්නට හැරුනේය​. එහෙත් මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුන හෙයින් ඔහු ඔස්ටින් ගේ නිවස අසල තිබෙන වැසිකිලියට ගියේය​. වැසිකිලියේ දොර බාගෙට ඇර තිබූ නිසා ගුනේ අයියා කිසිදු චකිතයක් නොමැතිව වැසිකිලි දොර ඇර වැසිකිලියට ඇතුළු වන්නට හැදුවා පමණි. ඔස්ටින් වැසිකිලියේ දොරට මුවාව සැඟව සිටිනු ඔහු දුටුවේය​. ඔස්ටින්ව දුටු ගුනේ අයියා " අම්මට සිරි මෙන්න ඔස්ටියාලා දෙන්නෙක් " කියා මහ හඞින් කීවේය​. එය අැසුනු ඔස්ටින් ගේ බිරිඳ වහ වහා නිවස තුලට ගියාය​. 

4 comments:

  1. "අම්මට සිරි මෙන්න ඔස්ටියලා දෙන්නයි" මරු කතාව.මුදලක් දුන්නම දානයක් දුන්නා කියල හිතන්න ඕනෑ අපි වගේ අය.පොඩි එවුන් පවා සල්ලිවල වටිනාකම දන්නවා.කපටිකමත් එහෙමයි.කාලෙකට ඉස්සර මිතුරෙකුගේ දරුවෙක් කීවා මගේ ඉතාලි පුන්චී ගැන එයගෙ තාත්තාට මෙහෙම,"මරු ආන්ටි කෙනෙක් හොඳට මරන්න පුලුවන්". මේ ඉතාම කුඩා කාලේ.මේ මගේ යාලුවා රජයේ රැකියාවක් කරන ,පුදුම විදියට හම්බුකරන බඩුවක්..කොහොමහරි මේ මෑතකදී කොල්ලෝ දෙන්නාම ඇමරිකාවටත් ඇරියා.ඔන්න වැඩ!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook