Monday, July 24, 2017

සරණපාලයා සහ දෙවියන් වහන්සේ



දවසක් සරණපාලයා මුල්ලකට වෙලා දුකෙන් වේදනාවෙන් අඬ අඬ ඉන්දැද්දී දෙවියන් වහන්සේ ප්‍රාදූර්භූත වෙලා ඇහුවලු මොකෝ සරණපාල අඬන්නෙ කියලා. ඉතින් සරණපාල කිව්වලු අපේ කැම්පස්   වලට බංකු නෑ. පුටු නෑ. ඒ මදිවට නවක වධය , උගන්නන්න ලෙක්චරර්ලා නෑ, ඉන්න එවුන් කොලිෆයිඩ් නෑ  , පුස්තකාල වල පොත් නෑ. කැන්ටිං වල කන්න පුලුවං කෑම නෑ. සිලබස් අප්ඩේට් වෙන්නෙ නෑ. අලුත් දේවල් උගන්නන්නෙ නෑ. රිසර්ච් වලට ෆැසිලිටි නෑ. ලැබ් නෑ. තියෙන ලැබ් වලට බඩු නෑ අරක මේක නෑ. ඒ අස්සෙ සයිටං එක ලක්‍ෂ අනූවට උපාධි විකුණනවා" කියලා. 

ඉතින් දෙවියන් වහන්සේ කිව්වලු දරුවා දුක් වෙන්න එපා මම ඔබලාගේ කැම්පස් එකට විශාල ගොඩනැගිලි දෙනවා , ලෝකයේ හොඳම සරසවි වල ලෙක්චරර්ලා දෙනවා , සිලබස් අප්ඩේට් කරලා දෙනවා , ඔක්කොම ෆැසිලිටි දෙනවා කිව්වලු. අනේ එතකොට සරණපාලයා කිව්වලු අනේ දෙවියනේ ඒ එකක්වත් අපිට එපා සයිටං එක වහලා දුන්නොත් හොඳටෝම ඇති" කියලා.  

( ඔරිජිනල් අදහස උපුටා ගත්තේ Ravisha Thilakawardana ගෙන් ) 

23 comments:

  1. සයිටොම් වැහැව්වොත් ඔක්කෝම හරි.

    ReplyDelete
  2. ඩොක්ටට හිතෙන්නැද්ද සයිටම් කියල මහා කතිකාවක් ගොඩ නගන්නෙ රටෙ තියන් ප්‍රශ්න වහගන්න කියල.. රනිල් කට්ටය. "Ranil is a fox" - Anton Balasingham.

    ReplyDelete
    Replies
    1. මේක මම කලින් කියලා තියනවා ;

      සයිටම් යනු දිගු සිනමාවකි
      ජාතික සෝප් ඔපෙරාවකි
      එහි නළුවන් බොහෝ දෙනෙකි
      නෙවිල් මාමා , සමීර අයියා
      පාර බ්ලොක් කරගෙන ඉන්න මල්ලිලා
      මේ අපි දකින නළුවෝ වෙති
      පසු තලයෙන් බැහැරව සිටින
      අප දෑසින් නොදකින අදිසි
      අධ්‍යක්‍ෂකවරු බොහෝ දෙනෙකි
      ඔවුන් ඒ ඒ නළු නිලියන් මෙහෙයවති
      ජනතාව විශ්මිතව කට ඇරගෙන
      සයිටම් නාටකය දිගටම බලති
      ඒ අතරවාරයේ ජීවන වියදම නගී
      හොරු ඇල්ලීමට විරාමයක් තබලාය
      පාලකයෝත් හොරුන් සමග එක්වී
      සන්ධානගතවී හොරකම් කරති
      ජනතාව බඩගින්නේ හාමතේය
      උන් ගේ පටි තද කරලාය
      දියවන්නාවේ කළවැද්දෝ
      අළුත්ම අළුත් වාහන ගනිති
      මාමලා බෑනලා බැංකු සුද්ද කරති
      කුමකින් කුමක් වූවද සයිටම් නිසා
      වැඩ බැරි දාසලාගේ ආණ්ඩුව ගොඩය
      මිනිසුන් ගේ ඇස් ගිණිකනා වැටී තිබේ
      ඔවුන් සයිටම් නාටකය නරඹති
      අවසානයේදී නළුවන් සහ අධ්‍යක්‍ෂකලා
      සම්මාන ලබති ; ගොඩ යති
      ජනතාව තවමත් හාමතේ ඈණුම් අරිමින්
      මහා සයිටම් නාටකය නරඹති

      Delete
  3. අන්තරේ ඉල්ලීම් දිහා බැලිවහම මේක තමයි නියමම විග්‍රහය.

    අපිට නැතත් කමක් නැහැ, උන්ට ඉඩ දෙන්න එපා

    ReplyDelete
  4. Ranga is correct, since there is no war to provide cover for real issues Ranil & Co dragging their feet on SITAM.

    ReplyDelete
  5. වර්තමාන සරසවි ශිෂ්‍යන් ගැන බාහිර දේශකයෙක් වන මගේ අත්දකීම:

    1. වෙලාවට පැමිණෙයි.
    2. දේශණ ශාලාවේ ඉඳගැනීමේදී ඉදිරි පුටු පේලි 5ක් 6ක් ඉඩ තියා පසු පසින් වාඩිවෙයි. ඉදිපේලි වල වාඩිවන්නැයි ඉල්ලා සිටියත් කිසිවෙක් ඉදිපේලි වල වාඩිවන්නේ නැත.
    3. මුහුණු වල කිසිම ප්‍රසන්න පෙනුමක් නැත. "නිතරම හීනෙන් බයවෙලා වාගේ" ගීතය මතක්වෙයි.
    4. ප්‍රශ්ණයක් ඇසුවොත් කිසිවෙකු උත්තර නොදේ. අඩුම තරමින් "ඔව්" "නෑ" වත් නොකියයි.
    5. දෙශණය වෙලාවේ එකිනෙකා මුමුනන විට දේශකයා "ඇයි මොකක් හරි ප්‍රශ්ණයක්" තියනවාද කියලා ඇසුවත් කිසිවෙකු පිළිතුරුනොදේ.
    6. ගැහුණු ලමයි කීපදෙනෙක් ඇරුනාම කිසිවෙකු සටහන් නොලියයි.
    7. දේශණය අවසාන කිරීමට පෙර කිසිවක් විමසුවත් කවුරුවත් ප්‍රති උත්තර නොදෙයි. අවසාන වූ විගසම පිටව යයි.
    7. දේශකයා සහ සිසුන් අතර කිසිදු ආකාරයකින් සම්බන්ධතාවයක් නැත. There is no academic or intellectual interaction.

    වර්තමාන ශිෂ්‍යන් ගැන තවත් බොහෝ දේ ලියන්නට ඇත. මේ ගැන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග කතාකලත් ඔවුන්ටද මේ ගැන කල හැකිදෙයක් නැත. නමුත් මේ ගැන කතාකලයුතු කාලය එළඹ ඇත. හේතුව සමහර උපාධිධාරීන් රැකියාවට ආවාම කියන දේ කරනවා විනා යමක් තර්කානුකූලව කිරීමට අසමත් වීමයි.

    ReplyDelete
    Replies
    1. රැස්වීමක සාමාන්‍ය වැඩිහිටි ජනයා හැසිරෙන්නෙත් ඔයාකාරයෙන්මයි, වෙනස එතන ඉස්සර පේළි බදුගත් අන්කුරෝ සෙට් එකක් ඉන්නවා.

      Delete
    2. හෝල් එකෙන් ඉක්මණින් යන්නේ ෆොටෝකොපි පෝලිම දික්වෙන්න ඉස්සර, ලේචාගේ කටින් හැලුණු හැම අකුරක්ම ලස්සනට ලියාගත්ත කෙනෙකුගේ නොට් එක කොපි කරගන්න තියනවනේ,

      Delete
    3. මේකට එක හේතුවක් තමයි lecturers වැඩිදෙනෙක්ට තියන උගැන්විමට තියන නොහැකියාව. මොවුන් උගන්වනවා කියල කරන්නෙ නෝට්, ස්ලයිඩ් වමාරන එක. ශිෂ්‍යයන් සමග සංවාදයක් කරන්න බයයි. තමන් නොදන්න දෙයක් ඇහුවොත් අමාරුවෙ වැටෙයි කියල. ලමයි ඉස්කෝලෙ කාලෙ ඉදන් මෙ විදියට අලස ඉගෙනීමට හුරු උනහම ඒක පුරුද්දකට යනවා.

      Delete
    4. වි.වි ශිෂ්‍යයා අද හීලෑ කල හරක් බඳුයි. ඔවුන් වෙනුවෙන් ප්‍රශ්ණ අහන්නේත් අනුන් අසන ප්‍රශ්ණවලට උත්තර දෙන්නේත් අන්තරේ මතවාදය වෙනුවෙන් පෙනීසිටින යල් පැනගිය දේශපාලන මතවාදී පසුගාමි සමාජවාදී පක්‍ෂයයි. මොවුන්ට පුද්ිගලික අංශයේ රෑකියා ලැබෙන්නැත්තේ ඒ නිසයි. ලඟදී සයිතම් වෙනුවෙන් ගිය පෙලපාලියකදී මාධ්‍යවේදියෙක් පේලියට එන සිසුන්ගෙන් ප්‍රශ්න කරනවා දුටිමි. "අද විරෝධතාවය කුමක් සිසාද" කියා හැමගෙන්ම ඇසුවත් ඔවුන් නිහඪවම එම ස්ඨානය පසුකලා මිස කිසිවක් කීමට ඉදිරිපත් වුනේ නෑ.

      Delete
    5. මේ අනාගත බුද්ධිමත් පරපුර නේද ? මේ වගේ හිස් කළ තමයි රට බාර ගන්නේ

      Delete
  6. මෙයට යමක් එකතු කළ යුතුයි කියා හිතෙනවා. මීට වෙනස් ආරේ සරසවිද තිබෙන බව කිව යුතුයි. මේ මගේ සරසවිය ගැන බෝස්ටින්ග් පාරක් දානව නෙවෙයි. නමුත් පුද්ගලික අංශයේ ආරකට පටන් ගත් ඌව වෙල්ලස්ස වි.වි. තුළ තත්වය වෙනස්. එහි සිසුන් 40-50 අතර ගණනක් පමණක් ඇතුල් කරගන්නා විශේෂ උපාධි පාඨමාලා නිසා ලෙක්චර් රූම් එකක් තුළ මීට වඩා යමක් ගොඩනැගෙනවා. "UWU Family" සංකල්පය ප්‍රවර්ධනය කරන නිසා අතිශය සමීප ගුරුගෝල බැදීම් ගොඩනැගෙනවා. ඉස්කෝලයක් වගේ උනත් නියම මෙන්ටර්ශිප් එකක් ගොඩනැගෙන නිසාම මුලු වි.වි යේම සිසුන්ගේ රැකියා නියුක්ති අනුපාතය 93% කට වැඩී. නමුත් ඉදිරියේදී රටේ තියෙන අනික් සරසවි වගේ ටිපිකල් සරසවියක් වෙන්ඩ නියමිත උනත් ඒක ආරක්ෂා වුනොත්නම් රටේ වාසනාවක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook