Tuesday, January 3, 2017

Dr. සරත් විමලසූරිය



අධිෂ්ඨානය - එල්. ටී. ටී. ඊ. පරාජය නාවික හමුදාවේ භූමිකාව - Adhishtanaya - Role of the Navy in LTTE's defeat - කර්තෘ: අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පොත කියවමි , දන්නා අඳුනන නමක් ඇස ගැටුණි. ඒ සහකාර වෛද්‍ය නිලධාරී සරත් විමලසූරිය ගේ නමය. 

සරත් විමලසූරිය නාවික හමුදාවේ  පණිවුඩ හුවමාරු පද්ධතීන් දියුණු කලේය​. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෛද්‍ය සරත් විමලසූරිය ගේ සේවය පසසයි . මෙය අපගේ සෞඛ්‍යය අංශයට ආඩම්බර විය හැකි කරුණකි.  නමුත් සෞඛ්‍යය අංශය නිහඞය​.  2009 යුද ජයග්‍රහනයේදී තම තාක්‍ෂණික දැණුමෙන් දායකත්වයක් දුන් මේ සහකාර වෛද්‍ය නිලධාරියා හෙවත් AMO මහතාව අපගේ වෛද්‍යවරු මෙන්ම සෞඛ්‍යය අමාත්‍යංශ නිලධාරීන් ඇගයීමකට ලක් නොකරන්නේ ලාංකික වෛද්‍යවරු බොහොමයක් තුල සහජයෙන් පවතින කුහක බව ඉරිසියාව කුඩුකේඩු බව නිසාද ? 

සරත් ඔබ සෝවියට් දේශයේ, ඇමරිකාවේ, කැනඩාවේ ,ඊශ්‍රායලයේ හෝ එක්සත් රාජධානියේ මේ කාර්‍යය කලේ නම් ඔබ නිසි ඇගයීමට ලක් වී හමාරය. කුමක් කරන්නද මේ ලංකාවය. අප සුළුතරය හෝ ඔබ විසින් කරන ලද කාර්‍යට උපහාර පුද කරමු. 

Sarath We Salute You 



38 comments:

  1. සරත්ට අවුරුදු 100ක් පේන්නෙ නෑන අප්ප.

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම Respect

    ReplyDelete
  3. ඇමරිකාවේ, ඊශ්‍රායලයේ හෝ එක්සත් රාජධානියේ කෙසේ වෙතත් කැනඩාවේ නම් නිසි කෙසේවතත් අඩුම ගන්නේ ඇගයිමකටවත් ලක්වීමට ඇති චෑන්ස් එක නම් හරිම අඩුය. රුවන් කාලයක් තිස්සේ කැනඩාවේ ඉන්න නිසා මට වඩා ඒක ගැන දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ කැනඩාවේ හමුදාව වෙනුවෙන් සේවය කල සුනඛයන්ටත් ගරු සත්කාර දෙනවා

      Delete
    2. ඔව්, සුනඛයන්ට නං ගරු සත්කාර දෙනවා ඇති. මිනිස්සුන්ට නම් ගරු සත්කාර කොහොම වෙතත් ලදිය යුතු දේවත් ලැබෙන්නේ නැහැලු.
      මම මේ ලඟදී දවසක CNN එකේ ඇහුවා කැනඩාවේ යුද්දෙට ගිහිල්ලා PTSD හැදිලා හමුදාවෙන් අස්වෙන අයට සලකන විදිය.

      Delete
    3. හැට්ටර් ඒකට හේතුව සමහර අයියලා බොරු රෝග ලක්‍ෂණ පෙන්වලා මිලියන ගනන් වන්දි ගැනීම​. මේ ගැන කතා කල යුතුයි.

      Delete
    4. Hector

      Bloody Canadian government/ Army cheats a lot. They never pay even the due compensations for the veterans. Whenever they are being questioned, crazy & stupidest answers are given. So much shameful state. They just send their servicemen to unnecessary war zones on behalf of USA & the affected people are cheated so badly. Even SL is much better than Canada in these kind of aspects.

      Delete
    5. සමහරු හොර කරන ව ඇති. නමුත් මට මතක තියෙන විදියට CNN එකේ කිව්වේ එම සෙබළියට හමුදාවෙදීම PTSD තිබේ කියා හඳුනාගෙන ඉන් පසුව තමා අස් වෙලා තියෙන්නේ. කොල දාල මාස 6 කට පස්සේ අස් වුනහම නැවතත් හමුදාවෙන්ම දුවන වෙට් ලගේ ක්ලිනික් එකට ගිහින් නැවත රෝග නිශ්චයක් කරන්ඩ වේටින් ලයිස්තුවේ ඉන්නවා. හොරුත් ඇති නමුත් නිවැරදි අයටත් 'නියම' සුනඛයන්ට වැඩිය සැලකිලි.
      වැඩිය ඕනේ නැහැ ඔය 'බ්ලැක්බෙරි' හදන්නේ කැනඩාවේ නේ. දැන් උන් බොහොම අමාරුවෙන් බංකොලොත් නොවී දුවන එකට මොකක්ද රටේ තියෙන සැලකිල්ල. ඉතින් සරත් ඔහේ හිටියත් එයාටත් ඔය සෙතේම තමයි. ලංකාවට වැඩිය වෙනසක් තියෙන එකක් නෑ. හීතල ඇරුණුකොට.

      Delete
    6. කැනඩා ඔත්තු සේවා රොබට් බ්ලැක් ව මරා දමන ලදී.

      Delete
  4. මරු ෆොටෝ එක අප්පා. මාත් 100දි ඔහොම එකක් ගන්නවා.

    ReplyDelete
  5. ෂහ් නියම ෆොටෝ එකක්. ආතල් බුවෙක් වගේ.

    ReplyDelete
  6. අනෙක් රටවල් ගැන නම මම දන්නේ නෑ.. ඒත් ඊශ්‍රායලයේ උන්නා නම් සරත් කියන්නේ ප්‍රකෝටිපතියෙක්...

    ReplyDelete
    Replies
    1. මාතලන් සහ රුවන්,

      සරත් යනු නිර්මාණශීලී රැඩිකල් අදහස් ඇති දක්ෂයෙක්, ඔහු කුඩා ප්‍රමාණයේ ඉනොවේටර් (තනි ක්ෂුද්‍ර නව නිර්මාණකරුවෙක්) කෙනෙක්. මේ අය කරන්නේ සාමාන්‍ය ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කිරීමයි. ඔහු නාවික හමුදාවේත් උපකරණ වැඩිදියුණු කිරීමට කටයුතු කළ අතර ඔහුගේ වැඩ ඉතා අතිශයෝක්තියෙන් මාධ්‍ය/ බ්ලොග් තුළ වර්ණනා කර තිබෙනවා. නමුත් ඔහු ලංකාවේ නැතුව වෙන රටක හිටියනම් ඔය කියන තරම් සුපිරි තැනකට ඒමට හැකිවේ යයි කීම විහිලුවකි. ඇතැම්විට නව නිර්මාණ වලට සහය දක්වන ආයතන සමග එක්ව ඔහුට මීට වඩා තරමක් හොඳ ජීවන තත්වයක් එම රටවල ලැබෙනු ඇත.

      නමුත් යුරෝපය උතුරු ඇමෙරිකාව ඊශ්‍රායෙල් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක මෙවැනි අමුතු අදහස් ඇති කුඩා ප්‍රමාණයේ නව නිර්මාණකරුවන් සිටියත් ඔවුන්ගේ ජීවිතද මොහුගේ මෙන්ම බොහොමයක් ඉතා අප්‍රකට අතර ඒවා ප්‍රායෝගිකව විශාල සමාගම් විසින් මේම නිර්මාණවලින් ඇතැම් ඒවා මාකට් කර ලාභ ලබාගන්න අතර ඇතැම් විට විශාල ලාභද ලබනු පෙනේ.

      ලෝකය තුල මේය අතිශය සාමාන්‍ය තත්වයකි. මීට වඩා ඉතා විශිෂ්ට නිරමානකරුවෙක් මෙන්ම විද්‍යාඥයෙකුද වූ නිකොලා ටෙස්ලා ගැන ලෝකය මනාව දැන ගත්තේ සෑහෙන පසුවය. එකල තෝමස් අල්වා එඩිසන් නමැත්ත කල දෙය දැන් කරන්නේ දැවැන්ත සමාගම්ය.

      Delete
    2. නමුත් සරත්ලං ඔහු ලංකාවේ නැතුව වෙන රටක හිටියනම් දැන් ඉන්න තත්වයට වඩා ඉහල තත්වයකට යනවා

      Delete
  7. ඒකනම් ඇත්ත මාතේ සරත් අර ඩිවලප් කල සර්කිට් වලට පේටන්ට් එකක් අරගෙන සල්ලි හොයන්න තිබ්බා. අඩුම ගානේ මේ මිනිසාට සෞඛ්‍යය අමාත්‍යංශයවත් ප්‍රසාද ලිපියක්වත් නොදුන් එක හිතට දුකයි.

    ReplyDelete
  8. ඔහුගේ සේවයට ගරු කරනවා, මේ ලඟදි ඔහුව මුණ ගැහෙන්න සහ සෙට් වෙන්න තිබ්බ අවස්ථාවක් මිස් උනා කාල වෙලාව මදි වීම නිසා...

    ReplyDelete
    Replies
    1. එව්වනං මන්දා ආතල් ඩයල් එක

      Delete
    2. මට ෆේස් ටු ෆේස් හමුවී නැත නමුත් එල බොක්කක් බව සුවඳින් කිව හැක

      Delete
  9. කුහක වෙන්න ඕන හේතුව අර උඩ පින්තුරෙම තියේ.. අපායට දෙපාරක් ගිහින් ආපු පොරක් නෙව.. හැක්..

    ReplyDelete
    Replies
    1. සරත් සිගරට් බොන්නේ නෑ ඒක ආතල් එකට අරගෙන තියෙන්නේ

      Delete
  10. සරත් විමලසූරියව මට හමුවෙන්නේ මුහුණු පොතෙන්. අග්‍රගණ්‍යය චරිතයක්

    ReplyDelete
    Replies
    1. එ්ක සහතික අැත්තග මමත් ඔබ සමග එකගයි.

      Delete
  11. එතුමාණෝ මේ අවුරුද්දට බ්ලොග් එකේ වැඩ අල්ලා ඇත..
    නොදන්නා අයට බලන්න
    http://4s7sw.blogspot.my/2017/01/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ බ්ලොග් එක නියමයි. නියම වැඩ කාරයෙක්.

      Delete
  12. කලාතුරකින් මතුවෙන අමුතු 'පොරක්'.
    ජයවේවා..!!

    ReplyDelete
  13. අප්පට සිරි, හිටංගේ ඇන්ටි සිගරැට් ඇන්ටි ඇල්කොහොල් කැම්පෙන් එකට කියපු දොස්තර මහත්තයෙකුගේ පින්තූරයක්.

    සැලියුට් සරත් විමලසූරිය දොස්තර ඉංජිනේරු මහත්තයෝ,

    ReplyDelete
    Replies
    1. සරත් විමලසූරිය දොස්තර ඉංජිනේරු //////////////+++++++++++++++

      Delete
  14. ආ මේ අපේ විරෝධාර රණවිරු අයිඩියානන්ද දොස්තර මහත්තයානේ. එළ කොල්ලෙක් තමයි. මාරම පොරක් රටක් වටිනවා උනාට රටට වටින්නේ නෑ.

    ReplyDelete
  15. එල කියන්නෙ ඉතිං ආයෙ කියල වැඩක් නෑ.

    ReplyDelete
  16. මේ යෝදයා අර සිංගල් මොල්ට් ග්ලෙන්ෆිඩිච් එකට කෝක් දාල ද? හරිම අඳුරු පාටයි.

    එහෙම නම්, අයියෝ සල්ලි!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook