මෑතකදී මම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් ලියන ලද අමාවක සඳ යට කෘතිය කියවූයෙමි. එම පොත කියවීමත් සමගම ඇඹිලිපිටිය සිදුවීම් ගැන මා විසින් දීර්ඝ කාලයක් පුරා හැදෑරූ දේවල් මගේ මතකයට ආවේය.
ඝාතනය කරන ලද සිසුන් ගේ කියා සැක කරන ලද සූරියකන්දේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පොහොර ගෝනි වල බහා කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයට 1994 දී ගෙන එන විට මම කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා යටතේ අධිකරන වෛද්‍ය විද්‍යා පාඨමාලාව හදාරමින් සිටියෙමි. මෙම ඇටකටු කිසිම අධිකරන වෛද්‍ය ක්‍රියාදාමයකින් තොරව හාරන ලද බැවින් සාක්‍ෂි විනාශවී තිබෙන බව ප්‍රධාන අධිකරන වෛද්‍ය නිළධාරි එල්.බී.එල් ද අල්විස් මහතා අපට කීවේය. එය තවත් දේශපාලන සංදර්ශනයක් විය.
ඇඹිලිපිටිය ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ සමයේදීය. මේ කාලයේදී ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් පාසල් සිසුන්ද මහ පාරේ අරගල වලට යොදාගෙන තිබුණි. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට පාසල පාලනය කල නොහැකි මට්ටමට පාසල තුල විරෝධතා ඇති විය. එසේම විදුහල්පතිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති පාසලේ සිසුවියකට ලියන ලද පෙම් හසුන්පතක් අතිනත ගොස් හාස්‍යට ලක්වීමද දයානන්ද ලොකුගලප්පත්තිගේ කෝපය වඩවන්නක් විය. මෙවැනි තත්වයකදී ඉවසීමෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට දයානන්ද ලොකුගලප්පත්ති හමුදා ක්‍රමයට පාසල පාලනය කිරීම ඇරඹීය. ඔහු පාසලේ සිටියේ රිවෝල්වරයක් සහ ග්‍රෙනේඩ් බෝම්බයකින් සන්නද්ධවය.
ලොකුගලප්පත්තිට ළමයින් පාලනය කිරීම ගැන දැණුමක් තිබුනේ නැත. එසේම කාලයකට ඉහතදී පාසල් සිසුවෙකුව ලිංගික අපයෝජනයට ලක් කිරීම ගැන ඔහු චෝදනා ලබා සිටියේය. දේශපාලන පත්වීමක් ලෙස ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් වූ ඔහු ක්‍රියා කලේ යක්‍ෂාවේශයෙනි. ත්‍රස්ථ ක්‍රියා කල බවට චෝදනා කොට ඔහු තමාගේ සිත් නොගත් සිසුන් ගේ නම් හමුදාවට දුන්නේය.
ඝාතනයට ලක්වූ සිසුන් ගෙන් බහුතරය අහිංසකයෝ වූහ. නමුත් ඒ අතර ජවිපෙ පන්ති වලට සහභාගී වී ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම , සෙවනගල සීනි කම්හලේ බුල්ඩෝසර් වලට ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා කල කිහිප දෙනෙකුද වූහ. මෙම පාසල් ළමුන් මෙහෙයවන ලද්දේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසිනි. අවසානයේදී මොවුන් අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ අතර මෙම සිසුන්ව මෙහෙයවූ කේඩරයන් බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට පැන ගියහ.
ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක් අතුරුදහන් කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වූයේ ලොකුගලප්පත්තිය. ඔහුට වසර දහයක සිර දඞුවමක් ලැබුනු අතර වර්තමානයේ ඔහු නිදහස ලබා රත්නපුර ප්‍රදේශයේ දෙවාලයක කපුවෙකු ලෙස වැඩ කරයි. නඩුවේ දෙවන විත්තිකරු වූ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ පුත් චමින්ද ලොකුගලප්පත්ති නිදහස් විය.
2005 වසරේදී යුද හමුදා රෝහලේදී මාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හමුදා නිලධාරියෙක් ආවේය. ඔහුගේ වාසගම ලොකුගලප්පත්තිය. ඔහු තමා හිටපු විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිගේ ඥාතියෙකු බව පිලිගත්තේය . එහෙත් ඔහු ලොකුගලප්පත්තිගේ පුතෙකු කියා මම සැක කරමි. එදා මගෙන් ප්‍රතිකාර ගැනීමට ආවේ චමින්ද ලොකුගලප්පත්තිද කියා මට සැකයක් තිබේ.
ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධියට චෝදනා ලැබූ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග මම කතා කලෙමි. ඔවුන් ද යම් ආකාරයකට මේ භීෂණය වෙත තල්ලු කරන ලද වින්දිතයෝ වෙති. මේ වකවානුවේදී ඇඹිලිපිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ගෙන යන ලද භීෂණය උග්‍රව තිබුණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් තුංකම ප්‍රදේශයේදී හමුදා රථයකට බිම් බෝම්බයක් අටවා හමුදා සෙබළුන් 8 දෙනෙකු මරා දමන ලදි. එසේම දිනපතා බස් රථ මෙන්ම රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිදු කරන ලදි මේ තත්වය නිසා හමුදාව සිටියේ වියරුවෙනි. ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය ජවිපෙ භීෂණයට භීෂණයෙන් ප්‍රතිචාර දක්වන ලෙසට කණිෂ්ඨ හමුදා නිලධාරීන්ට මෙන්ම සෙබළුන්ට නියෝග කලහ. ඩර්ටි වර්ක් හෙවත් සියළු කැත වැඩ කර ගත්තේ මේ නිලධාරීන් සහ සෙබළුන් හරහාය. නමුත් නඩුවේදී මේ ඉහල දේශපාලන තන්ත්‍රය මෙන්ම ඉහල හමුදා නායකත්වය තම තමන් ගේ ඇඟවල් බේරා ගත්හ. වතුර ගලා ගියේ පහත් තැනිනි.
ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය.
අද පවා අතුරුදහන්වූ සිසුන් ගේ දෙමාපිය ඥාතීහු වියෝ දුක සාංකාව විඳිමින් මැරි මැරී උපදිති. ඝාතන වලට චෝදනා ලැබ සිරගතවූ හමුදා නිලධාරීන් ක්‍ෂිතිමය අතීතය අමතක කොට යලි ජීවිතයට මුහුණ දීමට උත්සහ දරති. මේ ඛේදවාචකයේ මූලාරම්භයන්ට තම දායකත්වය ලබා දුන් දේශපාලනයේ හය හතර නොතේරෙන පාසල් දරුවන් ෆෝම් කොට බිලි බෝයිස්ලා ලෙස හමුදා තුවක්කු කටට විසි කල දෙබිඩ්ඩෝ ඊනියා විප්ලවයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය පවතින පළවන ලෝකයේ ධනවාදී රටවල දේශපාලන රැකවරණ ලබා ගත්හ. ඔවුන් එකී බටහිර රට වල ජීවත් වෙමින් තමන් ගේ දරුවන් එම රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවති. මෙම දෙබිඩ්ඩෝ එම රටවල සිට ජීවිතය විඳිමින් නොස්ටැල්ජියාව හෝ වරදකාරී බව නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල සිටින තමන් ගේ බිලි බෝයිස්ලා හරහා අරගල කරමින් ජනතාවට උතුරු කොරියාවක් , කියුබාවක් නිර්මාණය කිරීමට කැස කවති. භීෂණය තවමත් අප අත් හැර ගොස් නැත. එබැවින් අනාගතයේ තවත් ඇඹිලිපිටියක් නිර්මාණය වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Well said Ruwan
ReplyDeleteයුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් අපේ දෙබිඩ්ඩන්ට පහසුකම් සලසනවා,කවුරුන් හෝ මොවුන්ගේ දෙබිඩි පිළිවෙත් ගැන BBC වැනි ප්‍රභල මාධ්‍යයක් හරහා හෙලිදරව්වක් කරන්නේ නම් ඉතා වැදගත්.
ReplyDeletesure
Deleteඅැඹිලිපිටිය ඛේදවාචකය වලක්වාගතහැකිව තිබූවක්. මෙහිදී එක් පංතියක් ශිෂ්‍යත්ව පංතිය සම්පූර්නයෙන්ම විනාශ වුනා. මේ සිසුන්ගෙන් බහුතරයක් අහිංසකයන්. නමුත් කැරලිකරුවන්ට සම්බන්ධ අයත් සිටියා.
ReplyDeleteසාක්ෂි සැගවීම පිනිස දරනු අපරාධ කරන්නට අපරාධකරුවන් පෙලබෙනවා. මෙතරම් පිරිසක් මරාදමන්නට හේතුව වධදීම්වලදී සිසුන් මියගියවිට මෝඩ හමදාකාරයන් කලේ සියල්ලන් මරා සාක්ෂි සැගවීම ට යාමයි. නමුත් ලොව පුරාම අාන්දෝලනයට ලක්වීමට හේතුවුනෙත් ඒ මෝඩක්‍රියාවයි.
මෙහිදි ඉහල හමුදා හා දේශපාලන නායකත්වය ට දඩුවම් ලැබුනෙ නෑ විතරක් නෙමෙයි පොදු පෙරමුන යටතෙ ඔවුන්ට තනතුරුත් ලැබුන. කදවුරේ ලොක්කටයි අමතිටයි තනතුරු ලැබුනෙ මිනීවලවල්දු හාරපු පොදුපෙරමුනේ අැමතිවරු දෙන්නෙක් යටතෙවීම දෛවයෙ සරදමක්.පොදු පෙරමුන මේ තරමින් හෝ කියාත්මක වුනේ ජාත්‍යාන්තර පීඩනය නිසයි. මේ තරමින්වත් දඩුවම් ලැබීම සතුටක්.
නැවත මෙවැන්නක් සිදුවීම වලක්නාගන්න නම්. කුඩා ලමයි දැවැන්ත හමුදා යාන්ත්‍රනය ඉදිරියට දැමූ වරත්ත දේශපාලනයට එරෙහි විය යුතුයි.
මට ජවිපෙ අප්පිරිය වෙන්න හේතුවත් මෙයයි.
හමුදාව වැනි අායතන වලට බලයක් ලැබුනම හැසිරෙන්නෙ කොහොමද යන්න දැනගත යුතුයි.
සියලදෙනා නීතියට යටත් බව හමුදාකාරයන්ට තේරෙන විදියට නීතියෙ අාධිපත්‍ය තිබිය යුතුයි.
පිනෝෂෙ වගෙ අය මහලුව ලෙඩ අැද පිටින් යුධ අපරාධ අධිකරනයට ගෙනයාම අගය කල යුතුයි. කවදා හෝ තම අපරාධ ගැන පරික්ෂන පැවැත්වෙන බවත් දඩුවම් ලැබෙන බවත් දැනගත් අාමිකාරයන් පොලිස්කාරයන් අපරාධයක් කිරීමට පෙර දෙවරක් හිතනවා.
අායුධ අතට අරන් නිල අැදුම අැන්දම දුර පේන්නෙ නෑ.
අැඹිලිපිටිය සිද්ධියේදි විදුහල්පතිවරයා හමුදාව සමග එක්වී සිසුන් බරුතු පිටින් අත් අඩංගුවට ගන්න විට විපක්ෂය මාධ්‍ය ජාත්‍යාන්තර සංවිධාන ක්‍රියාකාරී වුනානම් මෙය වලක්වාගන්න තිබුන. සෙවන කදවුරේ සිසුන් සිරකර සිටියදීයි කරන දෙයක් කරන්න තිබුනෙ. ඒක වුනේ නෑ.
නඩුවිභාගයෙදි අපරාධකරුවන් වෙනුවෙන් ඔවුන්ගෙ ඉහල නිළධාරීන් පෙනිසිටිය. අනදෙන නිලධාරිය නිසිපරිදි උසාවි අාවෙත් නෑ.
අැවබරි සාමිගෙ වාර්තාවක එය තියනව.
මේ පොත හැම ගෙදරකම තිබිය යුතුයි. දරු මුනුබුරන්ට පෙන්වන්න. වරත්ත දේශපාලනය අනාගතයෙත් ඉස්කෝලවලට රිංගන්න පුලුවන්. එවිට දෙමාපියන්ට පුලුවන් මේ පොත දරුවන්ට දෙන්න.
අැඹිලිපිටිය සිද්ධිය පිලිබඳ පරීක්ෂණ පිළිබඳව පරීක්ෂණ සිදුවුනේ අවම වෘත්තීමය අකාරයටය. එසේම සමහරක් නාමධාරී නීතිඥයන් විසින් විත්තිකරුවන් ගසා කෑ නඩුවක් ලෙස "අැඹිලිපිටිය නඩුව" හැඳින්විය හැකිය. දැනට ජීවතුන් අතර නොමැති එක් නීතිඥයකු විත්තිකරුවකුගෙන් එවකට රුපියල් ලක්ෂ අටක මුදලක් ගාස්තු ලෙස ගෙන තිබුනත් ඒ නීතිඥයා රත්නපුර මහාධිකරණයේ පස් පෑගුවේ වත් නැත.
Deleteඇතැම් විත්තිකරුවන් සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් ගතහැකිව තිබූ defense of alibi (අන්‍යස්ථානගතවීමේ විත්තිවාචකය) වත් ඒ නාමධාරී නීතිඥයන් ගෙන තිබුණේ නැත. එසේ වූවා නම් සහ මේ නීතිඥ පිරිස වෘත්තීය ප්‍රවේශයකින් කටයුතු කළා නම් අවසන් තීන්දුව වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබිණි.
වෛද්‍යවරුන්ගේ වෘත්තීයමය නොසැලකිල්ල පිලිබඳ සමාජය තුළ යම් කතිකාවතක් පැවතුනද නීතිඥයින් සම්බන්ධව එසේ නොවේ. මෙය ඉතා කණගාටුදායකය.
-මොණරවිල
Thanks මධ්‍යස්ථ මතධාරියා and මොණරවිල
Deleteසුදු පැහැ පුර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී අතින් ගත් බෑගයක් සමග අධිකරණයට පැමිණ සාක්ෂිදෙන අධිකරණ වෛද්‍ය විශේෂඥ අල්විස් එල්.බී.එල් ද අල්විස් නම් සිරුරින් කුඩා පුරුෂයා විනිසුරන්ගේද විත්ති පැමිණිලි දෙපාර්ශවයේ නීතිඥයන්ගේද නොමද ගෞරවයට පාත්‍රවූ මහා පුරුෂයකු බව මේ යහපත් මිනිසාට උපහාරයක් ලෙස මෙසේ සටහන් කරමි.
ReplyDeleteසටහන් සැබවින්ම ලියවිය යුත්තේ මේ සැබෑ මිනිසුන් ගැනය.
- මොණරවිල
මෙතුමා මගේ ගුරුවරයෙක්
Deleteදැනගැනීම සතුටක් ! නීති විද්‍යාලයේ අප ඉගෙනුම ලබන කාලයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ නිරීක්ෂණය කිරීමට අපට ඉඩ ප්‍රස්ථා ලබාදුන්නා. පශ්චාත් මරණ පරීක්ෂණ පිලිබඳ මූලික කාරණා මෙතුමා අපට ඉගැන්වූවා.
Delete- මොණරවිල
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.??????
Deleteසම්මාන බලාපොරෝත්තුවෙන් මේවා මකා දැම්මාට වැඩක් නැ ඩොකෝ!!!!! මිනි මරපු එවුන්ට කර්මය පලදෙයි වෙලාවට . ඔබේ වරදින් කෙනෙක් මියගිහොත් ඔබටත් ඒ ටිකම තමයි! සාපයෙන් බේරෙන්න බෑ අපායේ ඉන්ටවල් නෑ
@ AnonymousJanuary 25, 2017 at 4:08 AM මොකක්ද මේ ඔයාට විචාරක එක්ක තියන තරහා ? මොනවා බෙදා ගන්න බැරිවද ?
Deleteවිචාරක .....මෙ කවුද ? මොනවද කරන්නේ ?.......කරුමෙට රිවස් නැ!!!!!!
DeleteSo wicharaka was one of the officers who involved in killings????? Right ano???
DeleteExplain what you know....
This observation in very accurate.But the question I always raise is why any of the parties involved has not taken this tragedy as a lesson.Even now things are happening in the same way.
ReplyDeleteour Sri Lankan Society is an ignorant society ; it never learns from the past
Deleteප්‍රශ්න ඇති ප්‍රශ්න ටිකක් -
ReplyDelete*පංති හීනමානයට තාවකාලික ප්‍රතිකාරයක් වූ ලංකාවේ වම සහ දේශප්‍රේමී විප්ලව.
*පංතිය හදුනානොගත් ලංකාව නැමති බිලි බෝයිස් නිශ්පාදනගාරය.
*JVP,LTTE කැරළි වලින් තම ජනවර්ගයාට විමුක්තිය උදාවුනිද?
*ලංකාවේ විශ්ව විද්‍යාල දරුවන්ගෙ ජිවිත සහ කාලය කාබාසීනියා කරවමින් තම දරුවන් අධිරාජ්‍යවාදීන්ගෙ විවි,පෞද්ගලික විවි හා පෞද්ගලික පාසල් යවන විප්ලවාදී නායකයින් හා දේශප්‍රේමීන්ගෙ නාමාවලිය එලිදැක්විය යුතුය /
අනාගත බිලි බෝයිස්ලාගේ ජීවිත වෙනුවෙන්
DeleteTo comlete the story above, the Brigadier (then Colonel) in charge of the Ambilipitiya camp, though acquitted by the courts (partly due to the fact that the PA Govt. not wanting to punish the senior officers as the N-E war was raging and needed to keep the morale in the forces) was not given his due promotions and forced to retire prematurely. He even went to the Supreme Court to plead that his due promotions be given, but Chnadrika never signed for it.
ReplyDeleteyes u r correct
Delete
ReplyDelete//ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය සහ සූරියකන්ද සමූහ මිනී වල චන්ද්‍රිකාට බලයට ඒමට උපකාරී විය. නමුත් බලයට පැමිණි චන්ද්‍රිකා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කලේ නැත. සියල්ල වචන සහ පොරොන්දු වලට පමණක් සීමා වූයේය. //
ජවිපෙ නායකයින් චන්ද්‍රිකා එක්ක හවුලේ ආංඩු කරන විටදී මෙන්ම යහපාලනයේ හවුල්කරුවන් ලෙසත් මේ ඝාතන ගැන කටක් අරින්නේද නැත.
100 % true
Deleteශ්‍රී ලංකා දේශපාලනය තුල අඩු වැඩි වශයෙන් එකම දෙය නැවත සිදුවේ. අවාසනාවකට මහජනයා එය තේරුම් නොගෙන තම අවාසනාව ටමන් වීසින් තමාටම කැදවා ගනී. නොබෝ කලකින් මේ රට සුළු පිරිසක් පාලනය කරන වැඩවසම් යුගයකට නැවත යනු නොඅනු මානය. බුධිගලනය වැනි දෙය මෙහි අනිසි ප්‍රතිපල අතරින් එකෙකි. පසුගිය වසරේ canada වල මගේ සොහුයුරියගේ නිවසේ හමුවූ 89/ 89 වසර වලදී ටම ජීවිතයේ උසස් පෙළ හා විශ්ව විද්‍යා වල අද්‍යාපනය ලැබූ බොහෝ පිරිසක් පැවසුවේ එවකට ලැබූ අත්දැකීම් කිසිලෙසක අමතක කල නොහැකි වූ බවඊ. මෙසේ හමුවූ බොහෝ පිරිස එවකට මෙරට විශ්ව විද්‍යාල වල ට තේරුන බුදිමත්ම පිරිස අතරින් එරටට සංක්‍රමණය වූ පිරිසකි. ඇති වූ කලකිරීම කියා නිමලක නොහැක.
ReplyDelete