Monday, January 30, 2017

වෛද්‍ය වෛද්‍ය සිසු සිසුවියන් අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීම

 

ලෝකයේ බොහෝ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන් හෙවත් අනාගත දොස්තරලා අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීම මෙන්ම ඔවුන් ගේ අභිමානය බිඳ දමමින් ක්‍රියා කිරීම දකින්නට තිබෙන කරුණකි. බොහෝ වෛද්‍යවරු තම තමන් ගේ පීඨ වල මහාචාර්‍යවරු අතින් මානසික ආතති වලට ලක්වී තිබේ. මෙය වෛද්‍ය ලෝකයේ දක්නට ලැබෙන සුලබ තත්වයකි. 

අපගේ විනිට්සා වෛද්‍ය පීඨයේ සමහර සෝවියට් මහාචාර්‍යවරු​  සිසුන්ට ගරුත්වයකින් තොරව සැලකුවේය​. අපගේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය පලී මාන්නක්කාර පුද්ගලයෙකු වූ අතර ඔහු සිසුන්ට පමණක් නොව කණිෂ්ඨ කථිකාචාර්‍යවරුන්ටද සැලකුවේ අත පල්ලෙන් වැටුණු ගානටය​. වරක් මම ඔහුගේ කාර්‍යාලයේ සිටියදී මහාචාර්‍ය පලී උප පීඨාධිපතිවරයෙකුට කර්කශ ලෙස   බැන වැදුනේය​. සිසු සිසුවියෝ ඔහුට බිය වූහ​. යම් ලෙසකින් පලීට නෝට් වූයේ නම් විභාග වලදී ඇන්නීම සුලබ වූයේය​. මහාචාර්‍ය පලී හැරුණු කොට තව  මහාචාර්‍යවරු කිහිප දෙනෙක් වෛද්‍ය සිසු සිසුවියන්ට අවමන් කරමින් සැලකූ බව මතකය​. එහෙත් 2009 වසරේදී වෛද්‍ය පීඨයේ මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට්ස්  යෝක් විශ්ව විද්‍යාලයට එවන ලෙස මා කල ඉල්ලීම  මහාචාර්‍ය පලී වහා ඉටු කල අතර ඔහු මට සුභ පැතුවේය​. මා මේ සටහන තබන්නේ මහාචාර්‍ය පලී සතුව යම් ගුණාංගද තිබූ බව කියන්නටය​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සහ ජාතික රෝහලේ සේවය කරන ලද කාලයේදී ලංකාවේ වෛද්‍ය සිසු සිසුවියන් සහ ඔවුන් ගේ ආචාර්‍යවරු අතර සම්බන්ධතාවන් මම නිරීක්‍ෂණය කලෙමි. සමහර මහාචාර්‍යවරු වෛද්‍ය සිසු සිසුවියන්ට සැලකුවේ සැඩොලුන්ට මෙනි. බැනීමට අපහාස කිරීමට අමතරව සත්තු වත්තේ සතුන් ගේ නම් වලින් කතා කිරීමද සවනට වැටුනේය​. එසේම රෝගීන් ඉදිරියේ සිසුන්ව​ අවමානයට පත් කිරීම මොවුන් නිතරම කළහ​. 

මේ ඇදුරන් අතර වෛද්‍ය සිසු සිසුවියන්ට ආදරයෙන් සහ ගරුත්වයකින් සැලකූ ශල්‍ය වෛද්‍ය මහාචාර්‍ය රනිල් ප්‍රනාන්දු මගේ ගෞරවයට පාත්‍ර වූ විශේෂඥ වෛද්‍යවරයෙකු  බව මෙහිදී කියමි. මේ හැර ජාතික රෝහලේ මනෝ වෛද්‍ය අංශයේ මහාචාර්‍ය දියනාත් සමරසිංහ  වෛද්‍ය සිසු සිසුවියන්ට ආතති ගැන්වීමකින් තොරව හාසය යොදා ගනිමින් උගන්වනවා මම දුටුවෙමි.   
 
වෛද්‍ය සිසු සිසුවියන්ව වෛද්‍ය අධ්‍යාපනයේ නාමයෙන් මානසික හිංසනයට ලක් කිරීම ගැටළු සහගත තත්වයකි. ඉන්දියාවේ සහ චීනයේ සමහර වෛද්‍ය පීඨ වල සිසුන්ට ගුරුවරු විසින් කම්මුල් පහරවල් පවා දෙන බවට වාර්තා වී තිබේ. 

මේ රටවල් හැරුණු කොට මානව ගරුත්වය ගැන විශේෂ අවධානයක් දක්වන කාර්මීකරණයෙන් සංවර්ධිත පළවන ලෝකයේ වෛද්‍ය පීඨ වල මේ තත්වය තිබේද​? මම ඇමරිකාවේ , කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ , ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන් ගෙන් ඔබලා වෛද්‍ය සිසුන් වූ කාලයේදී  තම තමන් ගේ වෛද්‍ය විද්‍යාල වල ඇදුරන් විසින් අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීම තිබුනේද කියා ඇසුවෙමි.   ඔවුන් බොහෝ දෙනෙකු  වෛද්‍ය පීඨ වල සමහර ඇදුරන්  ඔවුන්ව  අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කල බව කීහ​. 

වරක් මම කැනඩාවේ සනි බෘක් රෝහලේ Frederick W. Thompson Anxiety Disorders Centre මධ්‍යස්ථානයට ගියේ මා හඳුනන වෛද්‍යවරයෙකු හමු වීමටය​. එහිදී මම සනි බෘක් ශික්‍ෂණ  රෝහලට ඉගෙන ගැනීමට එන ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් දුටුවෙමි. සමහර ගුරුවරු ඉදිරියේ මේ සිසු සිසුවියන් ගේ මුහුණු ඇදවී තිබුනහ​. තම ඇදුරන් ඉදිරියේ ඔවුන් ගේ මුහුණු වල තිබූ ක්ලමථය මම නිරීක්‍ෂණය කලෙමි. එසේම මේ රෝහලේ වෛද්‍ය ආතර් සාල්ට්ස් වැනි ගුරුවරු වෛද්‍ය සිසු සිසුවියන්ට ඉතා මානුෂිකව සලකනවාද මම දුටිමි. 

මෙලෙස වෛද්‍ය සිසු සිසුවියන් ආතතියට හා ක්ලමථයට පත් කිරීමෙන් ඔවුන් වඩා හොඳ දොස්තරවරු වන බව මේ ඇදුරන් විශ්වාස කලා විය හැකිය​. එසේම ඔවුන් ගේ මහාචාර්‍යවරු ඔවුන්ට සැලකූ ආකාරයට ඔවුන් තමන් ගේ වෛද්‍ය සිසු සිසුවියන්ට  සලකනවා විය හැකිය​. 

මෙලෙස වෛද්‍ය සිසු සිසුවියන්  අනවශ්‍ය ලෙස ආතතියට හා ක්ලමථයට පත් කිරීමේ දුර්විපාක මොනවාද​? 

චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ඒ.එෆ් කුක් වෛද්‍ය පීඨ වලදී වෛද්‍ය සිසු සිසුවියන් ආතතියට හා ක්ලමථයට පත් කිරීමේ දුර්විපාක  ගැන අධ්‍යනයක් කලාය​. මහාචාර්‍ය  කුක් පවසන අන්දමට  මේ හේතුවන් පසුකාලීනව මේ අනාගත වෛද්‍යවරු තුල හීනවූ සහකම්පනීය අවබෝධය , කායිකව හෝ මානසිකව විඩාවට පත් වීම , වෘත්තීය දැවී යාම් මෙන්ම පෞරුෂයේ සෘණාත්මක වෙනස්වීම්ද ඇතිවීමේ ඉඩකඩක් තිබේ. 

මහාචාර්‍ය  කුක් ගේ අධ්‍යනය අපව නව මානයකට ගෙන යයි. රෝගියෙකු ලෙස ඔබ වෛද්‍යවරයෙකු වෙත ගිය විට ඔහු හෝ ඇය ඔබට ගරුත්වයකින් තොරව සලකයි නම් , ඔබට සවන් නොදෙයි නම් ,ඔබගේ මුහුණ දෙසවත් නොබලමින් බෙහෙත් තුංඩුව ලියයි නම්,  රෝගයට අදාල ප්‍රශ්නයක් ඇසූ විට කෝපවී ඔබගේ ඇඟට කඩා පනියි නම් එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය කෙරෙහි අමනාප නොවන්න​. මේ සඳහා බොහෝ සෙයින් වග කිව යුත්තේ එම වෛද්‍යවරයාට හෝ වෛද්‍යවරියට ගරුත්වයකින් තොරව ආතතිය ක්ලමථය අධි වර්ධනය වන ලෙසින් වෛද්‍ය පීඨයේදී සලකන ලද  ඇදුරන් වෙති. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

25 comments:

  1. //රෝගයට අදාල ප්‍රශ්නයක් ඇසූ විට කෝපවී ඔබගේ ඇඟට කඩා පනියි නම්//

    මේක හුඟක් වෙලාවට වෙන්නේ සිංහලෙන් කතා කලොත්. ඉංගිරිසියෙන් ප්‍රශ්නයක් ඇහුවානම් සාමාන්‍යයෙන් කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    එංගලන්තයේ වෛද්‍යවරුන්, තමන් මොනයම් තත්වයක් යටතේ වෛද්‍ය අධ්‍යාපනය ලැබුවත්, සාමාන්‍ය වශයෙන් රෝගීන්ට ගරුත්වයෙන් යුතුව සලකන බව මගේ අත්දැකීමයි. ලංකාවේ මෙය වෙනස් වීමට අපේ පරපීඩක සංස්කෘතිය බලපානවා නේද?

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නෙම තිබුණා, මෑතක ලංකාවට ආපු වෙලාවෙ full body check-up එකකට කොළඹ පුද්ගලික රෝහලකට ගියා. වෛද්‍යතුමිය මාත් එක්ක කතා කළේ ඉංගිරිසියෙන්. පස්සෙ මගෙ පුද්ගලික තොරතුරුයි සේරම කතා කළා, නිකන් යාළුවෙක් වගේ. ඉන් පස්සෙ නර්ස්ට කිව්ව උස, බර ඇස් පෙනීම වගේ එව්වා චෙක් කොරන්න. නර්සුත් කතා කළේ ඉංගිරිසියෙන්. මමත් එක්කම හිටියා තරුණයෙක් pre-employment check-up එකකට ආපු. මට ඇහෙනවා වෛද්‍යතුමිය සිංහලෙන් බොහොම රළු විධියට අර තරුණයට කතා කරනවා. මට පුදුමයි මේ වෙනස.

      Delete
    2. රොබට්, කිසි පුදුමක් නැහැ මටනම්. මේක තමයි අපේ රටේ සාමාන්‍ය තත්වය. අනිත් අතට, ඔය කියපු සිංහලෙන් කතා කරපු තරුණයාත් තමන්ගේ රස්සාවට ගිහින් ඉන්න විටදී, ඔහු ලඟට දුප්පත් වගේ පෙනෙන, නෝංජල් පාට මනුස්සයෙක් වැඩක් කරගන්න ආවානම්, ඔහුගෙන් ලැබෙන සලකිල්ලත් ඒ වර්ගයේම එකක් වෙන්න පුළුවන්.

      Delete
    3. ලංකාවෙදි බොහෝ වෙලාවට ටෝක් එකටයි වෝක් එකටයි තමයි වැඩි සැලකිලි....ඉතින් මොකෝ කරන්නේ...

      Delete
    4. අපේ පරපීඩක සංස්කෘතිය //// ඇත්තෙන්ම මේ ගැන සිතිය යුතුයි

      Delete
  2. ඕන්න රජරටින් අවුට් වෙන ඩොක්ටර්ලා ඇගට කඩා පැන්නොත් වගකිව යුත්තා කවුරුදැයි හරියටම දන්නවා, මට දවසක් නිකං වැස්සකින් බේරෙන්න වගේ වැඩකට එයාගේ ෆ්‍රොපසෝරියල් වෝඩ් එකට ගොඩවෙන්න වුනා වෝඩ් රවුන්ඩ් වෙලාවේ, අප්පට සිරි භාෂාව උපරිමයි ඈතටම ඇහෙනවා, “හේයි මේල් මෙඩිකල් ස්ටුඩන්ට්! ද ටොල් බ්ලැක් වන්, බ්ලඩිෆූල් වට් ආ යූ ඩුයින් දෙයා?“ උන්ටත් බීරි අලින්ට වගේ ගානක් වත් නෑ, අර කියපු උස කළු ස්ටුඩන්ට් ලාවට හිනාවක් කටේ දාගෙන නොපෙනෙන මුල්ලකට රිංගුවා. ඔබ වරක් සදහන් කළ ජේවිපී ඝාතන තීරකයා ඔහුද?

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්සය අවුරුදු 10ක්ම ඔස්ට්‍රේලියාවෙත් වැඩ කළාලු,

      Delete
    2. විශ්ව විද්‍යාල වලින් පාස් වෙන එකට “අවුට් වෙනවා“ කියන්නේ ඔය නිසා වෙන්නැති.

      Delete
    3. රජරට ඝාතකයා //// අම්මෝ

      Delete
  3. //රෝගියෙකු ලෙස ඔබ වෛද්‍යවරයෙකු වෙත ගිය විට ඔහු හෝ ඇය ඔබට ගරුත්වයකින් තොරව සලකයි නම් , ඔබට සවන් නොදෙයි නම් ,ඔබගේ මුහුණ දෙසවත් නොබලමින් බෙහෙත් තුංඩුව ලියයි නම්,...//
    ඉන්න තරමක්..නෑ ඔහෙ ඕන්නෙ නෑ..

    ReplyDelete
  4. This is something you should read I think.

    http://vajiradevi.blogspot.com/#!/2012/11/blog-post.html

    ReplyDelete
  5. This is not directly related to the post but I think it is timely :I'm an engineer and have witnessed the arogant behavior of some doctors. However, just to please the egos of the patients and those who failed to get medical admission is it fair to legalize a degree without clinical training? To be specific I have no issue with SLiit, NDT or any other technical degree. I believe the companies recruit the best and I don't want laws to protect my ego. But as a patient, I need the law to protect my life. I'm horrified at the prospect of being treated by those with a bare minimum of theretical and practical knowledge. Why don't they evaluate these students through a test system such as the one for foreign degrees? Are we all going to jump over a cliff just because our egos are hurt and want to teach government doctors a good lesson? The well off can use personal contacts and power to get the best treatment but it's the poor who are going to pay for all these ego clashes.

    ReplyDelete
  6. ඒවගේ අයමයි ඉන්නෙ ඉතිං. මං වාට්ටු වලදි දැකල තියෙයි වාට්ටු වල ඩොක්ල ට්‍රේනීස් ලට සලකන හැටි

    ReplyDelete
  7. ලංකාවේ සමහර දොස්තරලා ලෙඩ්ඩුන්ට කතා කරනවාට වඩා හොඳට කොන්දොස්තරලා මගීන්ට කතාකරනවා. දොස්තරලත් ලෙඩ වෙලා...

    ReplyDelete
  8. අම්මෝ දොස්තරල කතා කරනවා හරි රලුයි

    ReplyDelete
    Replies
    1. හොඳ අයත් ඉන්නවා දැකලා නැද්ද ?

      Delete
  9. රුවන් ජයතුංග මැතිතුමනි,

    ඔබගේ පාඨකයකු ලෙස පහත ප්‍රශ්නවලට ඍජු සහ සරල පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    01. ඔබ අධ්‍යාපනය ලැබුවේ යුක්රේනයේ Vinnitsa National Medical University හිද?

    02. වර්තමාන වර්ගීකරණය අනුව එය යුක්රේනයේ විශ්වවිද්‍යාල 146 ක් (වර්ගීකරණයට ලක්නොවූ එක් විශ්වවිද්‍යාලයක් හැර ) අතුරෙන් 75 ස්ථානය ගන්නා බව පවසන http://www.4icu.org/ua/ මේ මුලාශ්‍රය නිවැරදිද?

    03. Vinnitsa National Medical University ය ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයේදී ලබාගන්නා ස්ථානය මා සොයා බැලු නමුත් හමු නොවීය. ඒ ස්ථානය කුමක්ද?

    04. එය දක්වන මුලාශ්‍රය කුමක්ද?

    05. Vinnitsa National Medical University ය ශ්‍රී ලංකාවේ කුමන විශ්වවිද්‍යාලයන්ට වඩා ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයේදී ඉහලින් පවතීද?

    06. එම විශ්වවිද්‍යාලයේ වසර 7ක් ඉගෙන ඔබ ලබාගත්තයයි පවසන “එම්.ඩී උපාධිය හෙවත් Doctor of Medicine උපාධිය” ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් MBBS උපාධියෙන් පසුව විශේෂඥ වෛද්‍යවරුන් වීමට ලබා ගන්නා MD හෝ MS උපාධියට සමානද?

    07. එසේ නැතිනම් ඔබේ MD උපාධිය ශ්‍රී ලංකාව තුළ හෝ වෙනත් රටකදී Doctorate Degree හෙවත් ආචාර්ය උපාධියක් ලෙස සැලකෙනවාද?

    ReplyDelete
    Replies
    1. පිලිතුරු


      01. ඔබ අධ්‍යාපනය ලැබුවේ යුක්රේනයේ Vinnitsa National Medical University හිද? //// Yes මා ඉගෙනුම ලැබූ විනිට්සා වෛද්‍ය පීඨය වර්තමනයේ National Pirogov Memorial Medical University, Vinnytsya නම් වේ. මා ඉගෙන ගත් කාලයේ (1996-1993) එය සෝවියට් දේශයට අයත් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය පද්දතියට අයත් වූවා. එකල ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයේදී 150 ස්ථානය දැරුවා

      02. වර්තමාන වර්ගීකරණය අනුව එය යුක්රේනයේ විශ්වවිද්‍යාල 146 ක් (වර්ගීකරණයට ලක්නොවූ එක් විශ්වවිද්‍යාලයක් හැර ) අතුරෙන් 75 ස්ථානය ගන්නා බව පවසන http://www.4icu.org/ua/ මේ මුලාශ්‍රය නිවැරදිද? //// එය නම් මා දන්නේ නැත

      03. Vinnitsa National Medical University ය ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයේදී ලබාගන්නා ස්ථානය මා සොයා බැලු නමුත් හමු නොවීය. ඒ ස්ථානය කුමක්ද? /////// වර්තමානයේ යූක්‍රේනය සිවිල් යුද වලින් ආකූල වූ රටකි. තව දුරටත් සෝවියට් දේශයට අයත් නැත​. එසේම අපගේ කාලයේ එහි සිටි යුදෙව් මහාචාර්‍යවරු ඉස්‍රායලය සහ ඇමරිකාවේ වෛද්‍ය පීඨ වලට ගොසිනි. එම නිසා සෝවියට් දේශය අයත්ව තිබූ පළවන ලෝකයේ රටක් නොවේ. ඔවුන්ට මොස්කව් වලින් මුදල් ආධාර නොලැබේ. ජාතිවාදීන් විසින් වෛද්‍ය වෛද්‍යාව යූක්‍රයීන බසින් ඉගැන්වීම ආරඹ්හ කොට තිබේ. එහෙත් පොත් තවමත් තිබෙන්නේ රුසියන් බසිනි .ඒ නිසා වර්තමාන වර්ගීකරනය පහල වැටී තිබිය යුතුය​.

      04. එය දක්වන මුලාශ්‍රය කුමක්ද? ///////// එය නම් මා දන්නේ නැත

      05. Vinnitsa National Medical University ය ශ්‍රී ලංකාවේ කුමන විශ්වවිද්‍යාලයන්ට වඩා ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයේදී ඉහලින් පවතීද? ///// ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක වර්ගීකරණයේදී පළමු 2000 අතර නැත​. එම නිසා තුන්වන ලෝකයට වැටුණු යූක්‍රයීන විශ්ව විද්‍යාල ලංකාව , සුඩානය වැනි රටවල් අතර තිබිය යුතුය​.

      06. එම විශ්වවිද්‍යාලයේ වසර 7ක් ඉගෙන ඔබ ලබාගත්තයයි පවසන “එම්.ඩී උපාධිය හෙවත් Doctor of Medicine උපාධිය” ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් MBBS උපාධියෙන් පසුව විශේෂඥ වෛද්‍යවරුන් වීමට ලබා ගන්නා MD හෝ MS උපාධියට සමානද? //////මෙය ලංකාවේ ඉතා ක්ම්ප්ලෙක්ස් ප්‍රශ්නයකි . මුල් කාලයේ “එම්.ඩී උපාධිය හෙවත් Doctor of Medicine උපාධිය MBBS එකට වඩා ඉහලින් තැබුවත් එය ලංකාවේ යටට දැම්මා. මම කැනඩාවට ඇප්ලයි කල විට මගේ MD උපාධියට ලකුණු 12 ද MBBS තිබූ මගේ ඥාති සොහොයුරාට ලකුණු 10 ලැබුනි. මේ අනුව පළවන ලෝකයේ රටවල් සෝවියට් උපාධියට අවමන් සහගතව නොසලකති. තවද යෝක් විශ්ව විද්‍යාලය මනෝ විද්‍යා අධ්‍යනයන් සඳහා මට ක්‍රෙඩිට් 60 මගේ සෝවියට් MD උපාධිය නිසා මට එකවරම දුන්නා

      07. එසේ නැතිනම් ඔබේ MD උපාධිය ශ්‍රී ලංකාව තුළ හෝ වෙනත් රටකදී Doctorate Degree හෙවත් ආචාර්ය උපාධියක් ලෙස සැලකෙනවාද? /////උතුරු ඇමරිකාවේ සහ ඔස්ට්‍රේලියා යන රටවල MD උපාධිය තිබෙන අයට ( කුමන විශ්ව විද්‍යාලයකින් එය ලැබුවද​) Doctor යන සන්නාමය භාවිතා කල හැකිය​.

      Delete
  10. මෙය නවක වදයකි.

    විවිධ විශේෂඥ ක්‍ෂේත්‍රවලට (විශේෂයෙන් ම ශල්‍ය වෛද්‍ය වැනි) ඇතුලත් වීමට උත්සාහ කරන අයට මේ ආකාරයේ අතවර මෑතකදීත් ඕස්ටේ‍ර්ලියාවේ දී සිදුවී ඇති බවට පැමිණිලි ලැබී ඇත.

    වෛද්‍ය ක්‍ෂේත්‍රවල වෘත්තිය ආයතනවල ඇති ඒකාධිකාරිය මෙයට එක් හේතුවකි.

    ReplyDelete
  11. මහාචාර්‍ය දියනාත් සමරසිංහ, මහාචාර්‍ය කොල්වින් ගුණරත්න, මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා, මහාචාර්‍ය ප්‍රියානි සොයිසා, මහාචාර්‍ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මට ඉගැන්වූ යහපත් ගුරුවරු වූහ. ඔව්හු වෛද්‍ය සිසු සිසුවියන්ට ආතති ගැන්වීමකින් තොරව හාසය යොදා ගනිමින් ඉගැන්වූ අතර...සිසුන්ට රෝගීන් ඉදිරිපිට අපහාස කරමින් භීෂකයින් ලෙස හැසිරෙන මාන්නාධික උමතු ආචාර්ය වරුද සිටියහ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook