Tuesday, January 10, 2017

ශ්‍රී ලන්කන් පොල්පොට්ලා බිහි නොවනු වස්



ඔබ ජීවත් කැරැවී‍ම වාසියක් නො වේ. ඔබ විනාශ කිරීම ද අවාසියක් නොවේ යැයි කියන පොල්පොට්ලා ශ්‍රී ලංකාවේ බිහි නොවනු වස්, රුවන් ජයතුංගගේ මේ වෑයම සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමි.
ගාමිණී වියන්ගොඩ



33 comments:

  1. මේක හරිම වැදගත් ඩොක්ටර්, මම මේ සම්බන්ද වැඩසටහනක් youtube ඔස්සේ බැලුව, මේ ගැන කිසිම තොරතුරක් ශ්‍රී ලංකාවේ මාද්‍ය වල ඵල නොවීම නිසා අපි නැවත නැවත එකම වරද කරනවා. JVP නැවත බලය දියයුතුයි කියන සියලු දෙනා පොල්පොට් ගැන දැනගත යුතුයි ඔබේ උත්සාහය අගය කරනවා.

    ReplyDelete
  2. මේවානම් මහා මන්දබුද්දික කතාය..............
    පොල්පොට් කවාදාවත් සමාජවාදියකු නොවීය.........
    ඔහු ෆැසිස්ට්වාදියෙකු ය.
    මහා ෆැසිස්ට්වාදියා වූ හිට්ලර්ගේ පක්ශයේ නම වූයේද ජාතික සමාජවාදී කම්කරු පක්ශයයි.ඔහු සමාජවාදියෙක්ද නැත්ද යන්න කවුරුත් දනී.............
    අවසානයේ හිට්ලර් ගේ මලගම වූයේද සෝවියට් රතු හමුදාව අතිනි....................

    හිට්ලර් මෙන්ම පොල්පොට් නම් ෆැසිස්ට්වාදියා ගේ කතාවද ඵ්යයි..............
    සමාජවාදී නම් නම කුලියට ගත් හිට්ලර් පන්නයේම ෆැසිස්ට්වාඩියෙක් විය...............
    ඔහු කොතරම් ෆැසිස්ට්වාදියෙක් වූයේද යත් හිට්ලර් මෙන්ම පොල්පොට්ගේ පරාජය සිදු වූයේද වියට්නාම් රතු හමුදාව අතිනි..............

    කරුනු කාරනා නොදත් පොතක් පතක් නොකියවා ඇති තමුන් ගැන ලොකු ඵකෙන් හිතාගෙන ඉන්නා උන් තර්කන බුද්දියකින් සහ දැනුමකින් තොරව පොල්පොට් සමාජවාදියෙක් කියා හිතාගෙන ඉන්නා මෝඩ උගතුන් ගැන ඇතිවන්නේ සිනහවකිනි................

    මහත්වරුනි ඉද හිට හෝ ඉතිහාස පොතක් කියවන්න.................

    ලන්කාවට අමුතුවෙන් පොල්පොට් ලා අවශ්‍ය නැත...............
    වර්තමාන නින්දිත සමාජක්‍රමයම පොල්පොට් පන්නයේ ඵකකි..............
    බල්ලො මරා සල්ලි හෙවූ ජේආර්ද............
    මිනීමරු ප්‍රේමදාසද............
    සුදු වැන් මහින්දද...........
    බටලන්ද රනිල්ද .......
    මේ සියල්ලෝම පොල්පොට් ලා නොවේද?

    ඵලුවාගේ අහවල් ඵක වැටෙනතුරු පස්සෙන් ගිය නරියා මෙන් ,අසාර්තක පාලකයන්ගෙන් සන්වර්දන සිහින බලාපොරොත්තුවන (අවු 68ක් රැවටී තවත් රැවටෙන ) සදාකල් පොල්පොට් ලාට යටත්ව සිටියත් තමුන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී උතෝපියාවේ සිටිනා බව හිතාගෙනසිටින ,ඵනම් තමුන් ඉන්නා රට ගැනවත් තේරුම්ගැනීමට හැකියාවක් නැති මහා උගතුන්ගේ දේසපාලන විස්ලේසන කියවූ විට හිනාවෙනවාද අඩනවාද යන්න හිතාගනීමටත් බැරිය..................

    ReplyDelete
    Replies
    1. ඒකත් අර වැඩේ වැරදුනහම හාමුදුරුවරුන් චීවරධාරියො වෙනව වගෙ තමයි.

      Delete
    2. හරි 68 වසරක රැවටීම වෙනුවටඔබ ව්‍යංගයෙන් යෝජනා කරන බලවේගයට විසදුමක් තියනවද. දැන් සමූහ ගොවිපොල මත පදනම් වුන කොත්තමල්ලි බූමිතෙල් සමාජවාදයක් ගේන්නෙ නැති වෙයි. ඒ කියන්නෙ චීනයෙ වගෙ රාජ්‍ය ධනවාදයක්ද. කතා කිරීමේ නිදහස ඇතුලු මානව හිමිකම් නැති බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැති කතිපයාධිපති පාලන ක්‍රමයක්ද
      වැඩවජනවලට වෙඩි උන්ඩද
      උද්ඝෝශනවලට තියනන්මෙන් වර්ගයේ යුධ ටැංකිද

      Delete
    3. කොත්තමල්ලි බූමිතෙල් සමාජවාදය ගෙනාවේ දනවාදී සිරිමාවෝ කුමාරිහාමි මිසක් වෙනකවුරුත් නෙවෙයි................
      ඵ් යුගය වනවඉට ලෝඅකය ප්‍රමාදර්ශයක්ව පැවති සමාජවාදී සන්කල්පයට මුවාවී බලය ඩැහැගන්න කරපු නාටකයක් පමනයි................හරියට වර්තමානයේ ජාතිය සහ ආගම යහපාලනය වගේ සන්කල්ප විකුනනවා වගේමයි...............
      දනවාදී රදල කුමාරිහාමිනේලගේ සාගත වාදයට සමාජවාදය කියලා හිතන් ඉන්න මේ අසරණයන්ට අනුකම්පා කල යුතුයි.............
      ඔවුන්ගේ නොදැනුවත්කම ඔවුන්ගේ වරදක් නොවේ...............ඵය අපේ වරදකි.................

      ඔබ බහු පක්ශ ප්‍රජාත්න්ත්‍රවාදය කියලා හිතන් ඉන්නේ ඵකම පන්තියේ කට්ටිය අපිට පේන්න දෙකට බෙදිලා චන්දේ ඉල්ලලා චන්දෙන් පස්සේ ඵකට සෙට්වෙන ඵකද.................???අහා.................ඔබගේ දැනුම අගේයි....................

      බහුපක්ශ ක්‍රමය කියලා ඵක්ක් කොහෙවත් නෑ හලෝ...................ඵහෙම තියනවානම් කොහොමද හලෝ හැම චන්දෙකින්ම පස්සේ ඵකම සෙට් ඵකක් බලයේ ඉන්නේ................ඔක තේරුම් ගන්නත් බරිනම් ඔයා බින්දුවයි ඉතින්...................

      Delete
    4. ඇමරිකාව සමාජවාදි රටක්ද?
      ඇයි ඵහේ උද්ගෝශනය කරන කල්ලන්ට පොලිසියෙන් වෙඩි තියනවානේ.............

      මහින්දත් සමාජවාදීද?
      වතුර ඉල්ලලා උද්ගෝශනය කරපු උන්ටත් වෙඩි තිබ්බා නේ..................

      තියනාන්මෙන් BBC CNN බොරු තාම විශ්වාස කරනවාද???වැදගෙන ඉන්න මානුශීය මෙහෙයුමේදී ලන්කාවේ හමුදාව විසින් ලක්ශ 4ක් දෙමල ජනතාව අමු අමුවේ මැරුවා කිව්වෙත් ඔය මාද්‍යම තමයි................ශ්‍රී ලන්කා කිලින්ග් ෆීල්ඩ් කියලා චිත්‍රපට් හැදුවෙත් ඔය උන්දලම තමයි..............

      වෝල් ස්ට්‍රීට් ඵකේ උද්ගෝශනය කරපු ජනතාවගේ ඔලු පලලා ලේ හලලා කරපු බීශනය නොපෙනෙන වහල්ලු.................

      Delete
    5. පොල්පොට් සමාජවාදියකු වූ අතර ඔහු කේමා (රතු ) රූජ් බිහි කලෙය​. උදව් ආයුධ ලැබුනේ චීනයේ මාඕ ගෙනි

      Delete
    6. // පොල්පොට් සමාජවාදියකු වූ අතර ඔහු කේමා (රතු ) රූජ් බිහි කලෙය​. උදව් ආයුධ ලැබුනේ චීනයේ මාඕ ගෙනි //

      ඇයි මේ හිස් කතා..........
      ජේවීපී ඵක සීඅයිඵ් කෙමනක් කියලා ඇත්ත පත්තරෙන් කිව්වා වගේ නිකම්ම නිකම් හිස් පචයක් පමනයි ඔක..............
      පොල්පොට් කිසිදාක අසමාජවාදියෙක් වුනේ නෑ.................ඔහු ෆැසිස්ට්වාදියෙක්......................

      කෙමා යන්න රතු වූ පමනින් කෙනෙක් සමාජවාදියෙක් වෙනවද???
      මාර නිර්නායක නේ.............
      හිට්ලර් පවා රතු තමුන්ගේ නාසි පක්ශයේ කොඩියට පාවිච්චි කලා(ඔහුගේ මේ අරමුන සමාජවාදින්ට අපහාස කර තරහා ගැස්සවීම බව මා අසා තිබේ )

      ජාතික සමාජවාදී කම්කරු පක්ශය කියලා සමාජවාදී බෝඩ් ලෑල්ලක් ඵල්ලගෙන මාක්ස්වාදීන් හොය හොයා මරපු , අවසානයේ සමාජවාදී රුසියාව ආක්‍රමනයකරන්නට ගොස් රතු හමුදාවෙන් මැරුම් කෑ හිට්ලර් නම් ෆැසිස්ට් පිස්සාගේ අනුගාමිකයෙක් තමා පොල්පොට්............................
      සමාජවාදී කියලා තමුන්ම කියාගත්ත පමනින් ඵයා සමාජවාදියෙක් වෙන්නේ නෑ හලෝ............ෆැසිස්ට් හිට්ලර් පවා ආවේ සමාජවාදයට මුවාව්වෙලයි............හැබැයි හිට්ලර් වගේම පොල්පොට්ගේ පරාජය සිද්දවුනේ කා අතින්ද???සදාම් හුසේන් ලග පරමානු බෝම්බ තියනවා.ඵ්වා වලින් ජනතාව බේරගන්න ඔන කියලා බොරුවට ඉරාකය අක්‍රමනය කරපු ඇමරිකන් මන්කොල්ලකාර හමුදාව අතින් ඵහෙම නෙවෙයි හලෝ. වියට්නාම් රතු හමුදාව අතින්..............ඵයින්ම පේනවා පොල්පොට් සමාජවාදයේ හතුරු හිට්ලර් පන්නයේ ෆැසිස්ට්වාදියකු කියන ඵක.................

      පොල්පොට්ට ආදාර ලැබුනේ මාවෝ ගෙන් නම් නෙවෙයි ඇමරිකන් සිඅයිඵ් සන්විදානයෙනුයි.....................

      Delete
    7. මහත්මයා Cambodia Year Zero කියන යේල් විශ්ව විද්‍යාලයේ පරියේෂණ වලින් පසුව ලියූ පොත කියවන්න​. දැන් කියන්න එපා ඒකත් සී අයිඒ කාරයෙක් ලියපු පොතක් කියලා. පක්‍ෂය විසින් ඔබට කියන දේවල් බුද්ධියෙන් විමසන්න​

      Delete
    8. ඉතින් මහත්මයා ඔය පොත ලිව්ව කෙනා සීඅයිඵ් කරයෙක් වියහැකිබව ඔබතුමාගේ කතාවෙන්ම පැහැදිලි වෙනව නේ..................
      සී අයි ඵ් කාරයෝ යියර් සීරෝ,ශ්‍රී ලන්කන් කිලින්ග් ෆීල්ඩ්................ඵකි මෙකි නොනොකී වශයෙන් ප්‍රබන්දය කරන ගොබල්ස් පන්නයේ ප්‍රලාප ගැන අපිට හොද අත්දැකීම් තියනවා.................
      ඇත්තටම ෆැසිස්ට් ක්‍රමයේ තවත් ඵක පුරුකක් තමයි ගොබෙල්ස් ක්‍රමයත්........................

      Delete
    9. ඔව් එයා සීඅයිඒ.

      Delete
    10. මැට්ටන් සමග වාද කිරිම නිරර්ථකය

      Delete
  3. පොල්පොට් යනු අතේ කයිතන් වුන සමාජවාදියාය. සමාජවාදය යන්න මම වර්තමානයේ ජනප්‍රිය අරුතින් ගෙනහැර දක්වමි. ලෙනින් ,මාවෝ,කස්ත්‍රෝ මේ හැම දෙනෙක්ම තමන් පමනක් හරියැයි සිතා වෙනස් මත දරන්නන් මර්ධනය කලත් ඒ පොල්පොට් මෙන් දුව දුව නොවේ. සමහරුන්ගේ මර්ධනය කෙටිකාලීන විය. මාවෝගේ මරනින් පසු චීනයේ ඝාතන දේශපාලනය නිම විය. ඇත්තටම පොල්පොට්කලේ අමුතු දෙයක් නොවේ. චීනයේ මාවෝ කල දේමය. මැරීම හා ග්‍රාමීය සමාජය නමින් ඉන්දියාවේද නැක්සලයිට්වරු කරන්නෙ මෙයමය.
    ලංකාවෙ 68 වසරක ප්පාලනය හොදද කියා ඇනෝ කීන්ක් ඇසීමට ඉඩ ඇත.

    ඇලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් අපූරු කතාවක් කීවේය. ඒකාධිපතිවාදය යනු මාක්ස්වාදයේ අත්වැරැද්දක් නොව එහි නෛසර්ගික අවස්ථාවකි.

    බ්ලොග් සංවාදයකදී සොල්ශෙනිට්සින් සී අයි ඒ කාරයෙක් කියා ධනපති අධ්‍යාපනය පිලිකෙව් කල පංති 5 කර සර්වඥ වූ සියලු දැනුම පක්ෂයෙන්ම ලබාගන්නා කෙනෙක් කීවේය.
    ලොව හෙල්ලූ දස දවස ලියූ ජෝන් රීඩ් කේ ජී බී කාරයෙක් කියා අප නොකියමු.

    පොල්පොට්ලා බිහිවන්නේ මාක්ස්ගේ පොත නිසාය. සමාජ ප්‍රශ්නවලට ප්‍රචන්ඩ විප්ලවය නිර්දේශ කල නිසාය. එම ඌනිත වාදය නිසාය. යුරෝපයේ මධ්‍යතන යුගයේ ආගමික අන්තවාදීන් හා මාක්ස්වාදීන් අතර වෙනසක් නැත.

    මා ධනවාදය හෝ 68 වසර හොදයි කියා නැත.

    ReplyDelete
  4. සමාජ බීතිකාව නිසා සමාජවාදී බීතිකාවෙන් පෙලෙන මහත්වරුන් තමන්ගේ හිතේ තියන ෆෝබියාවන් ඇදබානවා මිස පිලිගත හැකි මූලාශ්‍ර සහිතව කතාකරන්නේ නැත..........

    ඵ් වෙනුවට ඇලෙක්සැන්ඩර් සොල්ශෙනික් වැනි සමාජ බීතිකාවෙන් පෙලුනු මානසික රෝගීන් ගැන දොඩවති.................

    ලේඛකයකුගේ උසස්කම මනින්නේ ඔවුන්ට සමාජය සහ මානව සමාජයේ අනාගතය නිසිලෙස විග්‍රහ කිරීමට අති හැකියාව මතයි...................

    නමුත් අලෙක්සැන්ඩර් සොල්ශෙනික් යනු ඵවැනි සාර්තක ලේකකයෙකු වූයේද??නැත.................

    සොල්ශෙනික් කීවේ රුසියාවට සමාජවාදය විනාශයක් බවත් දනවාදය යටතේ රුසියාව මිහිබට සුරපුර වන බවත්ය...............

    ඵම කතාවේ ඇත්ත නැත්ත දනවාදය වැලදගනීමෙන් පසු රුසියාවට සිඩු වූ දෙයින් අපි දුටුවෙමු..............

    මේ පිලිබදව මාද්‍යවේදියකු විමසූ විට සොල්ශෙනික් ඇගට කඩාගෙන පැන 'මේ මා කියූ දනවාදය නොවේ, වෙන ඵකක් කියා ගුගුරා සාකච්චාවද අවසන් කල බව මාද්යවේදියකුගේ ප්‍රසිද්ද අත්දැකීමකි.................

    සොල්ශෙනික් ගේ සාර්තක බාවය ඵයින්ම ගමය වේ...............

    සැබවින්ම සොල්ශෙනික් යනු සමාජය සමග මුහු වීමට නොහැකි වූ හුදකලාවාදියකු විය..................ඔහුගේ ඵම හුදකලා වාදය නිසාම සාමුහිකත්වයට වයිර කරමින් ඔහු නරුමවාදියකු බවට පත්විය.................


    සෝවියට් ක්‍රමය සාමූහිකත්වය උසස් කොට සැලකූ නිසාම , සෝවියට් දේශය සොල්ශෙනික්ගේ වයිරයට ලක් විය..................

    ඔහු ඵලස සෝවියට් ක්‍රමය විවේචනය කල නිසා බටහිර මාද්‍ය ඔහුව ප්‍රමෝට් කලේය.................

    ඵ් හර සොල්ශෙනික් අතින් කිසිදු සාර්තක සමාජ පුරෝකතනයක් සිදුවී නත..................

    රනිල්ගේ කාර් අක්කා වගේ හත්පොලේ ගාගත් චරිතයකි.....................


    අතේ කයිතන් උනු වැනි හරසුන් විහිලුසහගත බොල් වදන් බාවිතාකරන්නේ නැතිව, පොල්පොට් නම් හිට්ලර් පන්නයේ ෆැසිස්ට්වාදියා සමාජවාදියෙකු වූයේ කෙසේදැයි විග්‍රහා කරනවානම් ඵය වඩා වැදගත් වේ............

    ReplyDelete
    Replies
    1. // පොල්පොට්ලා බිහිවන්නේ මාක්ස්ගේ පොත නිසාය. සමාජ ප්‍රශ්නවලට ප්‍රචන්ඩ විප්ලවය නිර්දේශ කල නිසාය. එම ඌනිත වාදය නිසාය. යුරෝපයේ මධ්‍යතන යුගයේ ආගමික අන්තවාදීන් හා මාක්ස්වාදීන් අතර වෙනසක් නැත. //


      මද්‍යස්තගේ මොලේ දකින විට මාර ඉරිසියාවක් ඇතිවේ.............අම්මපා උබේ මොලේ තමයි මොලේ................

      මූට අනුව ලෝඅකයේ ඔක්කොම වැරදි වෙලා තියෙන්නේ මාක්ස් පොත් ලිව්ව නිසාය..................

      කාලින්ග මාඝ ලන්කාව විනාශ කරේද මාක්ස් ගේ පොත් කියවාය..............

      රාජරාජ කොන්ස්තන්තීනු ද සා දොන් ජෙරනිමෝඅ ද අසුවේදු...................මේ සියලු අපරාද කලේ මාක්ස් ගෙන් අසාය.................

      අම්මපා මද්යස්ත උබට තියන බීතිකාවේ තරම උබේ කතාවලින්ම හිතාගන්න පුලුවන් බන්...............


      හිට්ලර් නම් ජාතික සමාජවාදී කම්කරු පක්ශය කියා සමාජවාදී බෝඩ් ලැල්ලක් ඵල්ලාගෙන සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව ආක්‍රමනය කර මිනිසුන් කෝටි ගනනක් මැරූ ෆැසිස්ට් මිනිමරුවාව මෙන්ම, පොල්පොට් නම් ෆැසිස්ට් මිනීමරුවාව පරාජයකලේ පිලිවෙලින් මාක්ස්වාදී සෝවියට් රතුහමුදාව සහ මාක්ස්වාදී වියට්නාම් රතු හමුදාව මිස ඇමරිකන් රම්බෝ නොවනබව මද්යස්ත පඩිතුමා දන්නේ නැත....................

      මැතිතුමනි ඉදහිට හෝ පොතක් පතක් කියවන්න ...............ඵවිට ඔවැනි පචවීන් වෙන්නේ නැත.................

      Delete
    2. ඉතිහාස පොත් කියවන ඇනෝ තුමෝ,

      ලංකාවෙත් පොල් පොට් ක්‍රමයේ වැඩ උනා 1971 සහ 1988-89 කාලේදී. ජනතා විමුක්ති පෙරමුණ කියල එකකිනුයි ඒවා කළේ.
      ඒ පින්වත් පෙරමුණ ජේ ආර් ල, ප්‍රේමදාසල, මහින්ද ල, රනිල් ලට වඩා දස දහස් ගණනින් ඉදිරියෙන් සිටියේ මිනි මැරීම ගැන බලන කලට.
      ඕව සමහරවිට පොත් පත් බලල හොයාගන්නත් බැරිව ඇති. දන්නා කෙනෙක්ගෙන් අහගත්තානං තමා හොඳ.

      Delete
    3. //ඉතිහාස පොත් කියවන ඇනෝ තුමෝ,

      ලංකාවෙත් පොල් පොට් ක්රයමයේ වැඩ උනා 1971 සහ 1988-89 කාලේදී. ජනතා විමුක්ති පෙරමුණ කියල එකකිනුයි ඒවා කළේ.
      ඒ පින්වත් පෙරමුණ ජේ ආර් ල, ප්රේ මදාසල, මහින්ද ල, රනිල් ලට වඩා දස දහස් ගණනින් ඉදිරියෙන් සිටියේ මිනි මැරීම ගැන බලන කලට.
      ඕව සමහරවිට පොත් පත් බලල හොයාගන්නත් බැරිව ඇති. දන්නා කෙනෙක්ගෙන් අහගත්තානං තමා හොඳ.//

      අනේ පවුනේ මේතුමාගේ ටිකිරි මොලේ.................
      1983 කලුජූලිය ඇතිකරලා දෙමල මිනිස්සු පනපිටින් පුච්චලා අවුරුදු 30ක යුද්දයක් ඇතිකරලා ලක්ශ දෙකක ජනතාවක්මරණය ට තල්ලුකලේ ජේආර් නෙවෙයි ඔයි, ජේවීපී ඵකයි..............
      ප්රාජාතන්ත්රේවාදීව තිබුන පක්ශ තහනම් කරලා කැලේට තල්ලුකරලා, ඵ් පක්ශවලට වැඩකරපු අයව පරාල ඇනගහලා මරලා මහජන උද්ගෝශන වලට වෙඩි තියලා සීය දෙසීය මරලා , ප්රාජාතන්ත්ර්වාදය අහිමිකරලා ඵ්වට විරුද්දව ජනතාව නැගිටිනකොට කහ බලල්ලු, කොල බලල්ලු, ප්රා‍ කල්ලි හදාගෙන ටයර් සෑයවල් ඇතිකරලා මේරට අමු සොහොනක් කරලා 60000ක් මරුවේ ප්රකමදාස රනිල් නෙවෙයි.........ජේවීපීයයි................

      ඔන්න මම පිලිගත්තා හොදේ................!

      Delete
    4. එතකොට රිලවෝ 2005 එතෙක් මෙතෙක් බිහිවූ වනචරම අන්ත දූශිත මිනීමරු කාලකන්නි මහින්ද රාජපක්ශ බලයට ගෙනත් ලංකාව මිනී කන්නන්ගේ රටක් බවට පත්කරන්න උඩගෙඩි දුන්නෙ කවුද? ජේවීපී ජඩයො නෙවෙයිද? බූරුවංස වගේ හොරකමින් වාර්තාගත ලෝක හොරුන් බිහිකලේ කවුද? ගොන් ජෙප්පො රැල නේද? ලැජ්ජයි.

      Delete
    5. අනේ ගොන් වහන්ස ජේවීපී ඵක මහින්දට හොරකන් කරපන් කියලා බලය ආරන් දුන්නද ගොනෝ???
      උන් රනියගේ ගොන් ප්‍රතිපත්ති වලට විරුද්දව යුද්දය අවසන්කර ෆැසිසිට් කොටියගෙන් රට නිදහස් කරගැනීම සදහා ශ්‍රී.ල.නි.ප යට සහයෝගය දුන්නා පමනයි.................

      මහින්ද දුන්න පොරොන්දුවලට පයින්ගහලා හොරාකෑමට බහිනකොටම මුලින්ම විරුද්ද උනේ ජවිපෙ නේද පොන්නයො...................

      ඊට පස්සේ මහින්ද හොරා දැන් යහපාලුවො වෙලා ඉන්න කරූ ඇතුලූ යූ ඇන් පී හොරු රැලක් අල්ලගෙන නේද ගේම ගැහව්වේ..................

      ඵතකොට රනිල් මහින්ද ඵක්ක කලු කෝපී බිබී ඉද්දී මහින්දගේ හොරකම් වලට විරුද්දව ජනතාව දැනුවත් කලේ කවුද පොන්නයො???ජවිපෙ නෙවෙයිද............?

      සරත් ෆොන්සේකා පොදු අපේක්ශකයා විදියට ගෙනල්ලා මහින්දගේ බලකොටුව දෙදරවන්න පලවෙනි වෙඩිල්ල තිබ්බේ ජවිපෙ නෙවෙයිද???

      යකෝ ජවිපෙ හොරකම් වලට විරුද්දව තනියම කරන සටන ගැන ඵලි වෙනකන් උනත් ලියන්න පුලුවන්....................

      කාලකන්නියෝ ගුනමකු වෙන්න ඵපා................ඔය පාට කන්නාඩි ගලවපියවු..................

      තොපි වගේ සති දෙකකට කලින් ඉතිහාසය මතක නැති ගොබ්බ රැලක් ඉන්නකන් මේ රට හදන්න බෑ තව අවුරුදු 1000කින් වත්..............

      Delete
    6. බූරු වන්ස හොරා වේගෙන ඵනකොටම ගහලා ඵලෙව්වේ ජවිපෙ නෙවෙයිද?
      ජවිපෙ ගහලා පන්නපු ඵ් හොරාව කර උඩ තියාගත්තේ මහින්ද නේද??
      බූරු වන්සයා හොර පාස්පෝට් කේස් ඵකට නෝන්ඩි වෙනකොට ඔකාව නිදහස් කරන්න නියෝග දුන්නේ රනිල් කියලා ගොම්මන්පිලයා කිව්වා මතක නෑත්ද???
      බූරු වන්සයාගේ ගෑනිගේ වි‍යාග්‍රා කේස් ඵක යට ගැහව්වේ රනිල් නෙවෙයිද???

      යකෝ බලාගෙන ගිහාපුවාම ජවිපෙ ගහලා පන්නපු බූරුවන්ස හොරාව කර උඩ තියාගේන යන්නේ මහින්දයි මහා ඩිමොක්ට්‍රටික් රනියයි නේ..................

      යකෝ ජවිපෙ ඉද්දි බූරුවන්සයට ඵක රුපියලක් ගහන්න හම්බවුනේ නෑ............ඔකා හොරාකාපු හැම සතයක්ම අපෙන් හොරාකෑවේ මහින්දගෙයි රනිල්ගෙයි සෙවන ඉදන්............

      තොපි මහලොකුවට මාරුවෙන් මාරුවට පත්කරගන්න මහාලොකු දේසපාලුවො බූරුවන්සලට කියලා තොපිටම අරින්නේ ඔන්න ඔහොමයි ගොබ්බයො..................

      ඔවා තේරුම්ගන්න තොපේ මොල පුන්චි වැඩියි................

      Delete
    7. තරුණ අසහනය ඕනෑම රටකට, ඕනෑම තැනකට පොදු කාරණාවකි. වයස 16, 18 ට එළඹෙන ගැටවරයා කොහේ සිටියත් කිසියම් අසහනයකින් පෙළීම ස්වභාවික කාරණාවකි. තම පියාගෙන් පවා "ගේම ඉල්ලීමට" පසුබට නොවෙන ආවේගශීලී, ආක්‍රමණශීලී තාරුණ්‍යය විප්ලවවාදී චින්තනයට නතුකරගැනීම ඉතා පහසුය. විජේවීරලා පාලු ගෙවල් තුළ, ලඳු කැලෑ මැද විප්ලවීය මොළ ශෝධනය සිදුකිරීමේ ආනුභාවය 71 දී සහ 89 දී මැනවින් පිළිබිඹු විය. මුලා වූ තාරුණ්‍යය මහජන දේපළ වලට හානි සිදුකරමින් උණ්ඩයෙන් ප්‍රශ්නකරන්නට ගොස් උණ්ඩයෙන්ම පිළිතුරු ලද්දේය. රජයට විරුද්ධව එන කැරළි මර්දනය කිරීමේ අයිතිවාසිකම සුරැකීමේදී කිසිවකට සම්බන්ධ නොවූ අවිහින්සකයන් මෙන්ම විප්ලවීය මොලශෝධනයට ලක්ව මංමුලාවූ තාරුණ්‍යයද සංහාරයට ලක්විය. ජාතියේ කරුමයට, 71 දී පාඩම් ඉගෙන නොගත් විජේවීරට 88දී යලිත් වරක් තරුණයන් මුලා කිරීමට අවස්ථාව උදාවිය.

      කොහොමින් කොහොමින්හෝ වේවා ජවිපෙය විප්ලවීය සමාජවාදී සළු ගලවා ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වී තිබෙනු පෙනේ. තර්කානුකූලව වචන හසුරුවන , ආදර්ශමත්ව නායකාරකාදීන් හැසිරෙන, ආකර්ෂණීයව රැස්වීම් රැළි පවත්වන, බුද්ධිමත් නායක සමූහයකින් මගපෙන්වනුලබන ජවිපයක් නූතන දේශපාලන ප්‍රවාහය තුල විද්‍යමානවේ . නූතන ජවිපය එක එක අතකින් බැලූ විට හොඳ රංගන ප්‍රතිභාවකින් පිරි නළු පිරිසකි. කටුස්සන් පාට මාරු කරනවා මෙන් ප්‍රතිපත්ති මාරු කරන්නට දක්ෂය. තමන්ට ආගමක් නැතැයි කියූ, සිද්ධස්ථාන වල නිදන් හෑරූ ජෙප්පන් අද අටපිරිකරද මල් වට්ටිද සමග මහා නායකවරුන් බැහැදකී. 88-89 ගැන සමාව අයදින ජවිපය පොඩ්ඩ එහෙමෙහෙ වූ ගමන් "අපිටත් ආයුධ හුරුයි, ගේම නම් ගේම" යනුවෙන් වහසිබස් දොඩයි. උගත් බුද්ධිමත් කම පෙන්නන්නට ජාතික ලයිස්තුවේ පවා ආකර්ෂණය පතයි. අවංකකම පෙන්නන්නට පඩි නොලබයි. හඳුන්නෙත්ති කියූ පරිදි උන්දෑට අඳින්නට කමිස ගෙනත් දෙන්නේ පාක්ෂික යාළුවෙකි, කන්න බඩු දෙන්නෙ පොලේ එළවලු විකුණන පාක්ෂිකයෙකි, නොමිලේම කොන්ඩේ කපන්නේද පාක්ෂික බාබරයෙකි. බලාගෙන ගියාම අපිටත් එහෙම නිකං දෙන එවුන් සිටියා නම් ජීවත් වීම මොනතරම් ආතල්ද? මෙව්වා නිකන්ම මාධ්‍ය සංදර්ශනයන්ය. ඔස්කා සම්මාන නිර්දේශිත රඟපෑම්ය. ජවිපෙ රැස්වීම් ඉවරවූ කැම්බල් පිටියේ බත් දමාගෙන කන්නට හැකිය. ඒ තරමට පිරිසිදුය. එව්වා බුකියේද ශෙයා කර එක දාගන්නවාය. එව්ව හොඳ වැඩය. ඒත් පහුවදා සිට ලංකාවේම පාරවල් ගානේ උන්ගේ ටකේ අඳිනවාය. පෝස්ටර නාවනවාය. රඟපෑම් , මවාපෑම් කියන්නෙ මේවාටය. අනුර කුමාරලාට වඩා ලස්සනට මයිල් කෙලින් වෙන්නට අඩිය බිම හප්පමින් බෑගිරි ගැසූ උන්දැලා දැන් සිටින්නේ කොහිදැයි හැමෝම දනිති. චන්ද්‍රිකාගේ "අත්අඩංගු ආණ්ඩුවේ" ඇමතිකම් කොරපු ආදර්ශමත් උන්දැලා සමහරුන් දැන් සිටින්නෙ කොතනදැයි සොයා බලන්නට වටී. පක්ෂ දේශපාලනය සංදර්ශනයක් නම් එම සංදර්ශනයේ ජවිපය වේදිකාව නම් එම වේදිකාවේ රංගන පක්ෂ නායකයන් කලින් කලට අමුතු නැටුම් නටන අයුරු අපි දැක ඇත්තෙමු. වේදිකාව කොතරම් හොඳ වුවත්, ඇද නැති වුවත් නැට්ටුවන් "බල්ටි නැති විසිල් පමණක් ඇති ඇති" පිරිසක් නම් උන්ගේ නැටුමෙන් ඇති වැඩක් නැත.

      Delete
    8. ලංකාවේ අනෙකුත් පක්ෂ දේශපාලනයේ සිටින්නෙ පාක්ෂිකයින්ය.ජවිපය තුල සිටින්නේ කාඩර් වරුන්ය. රැයක් එළිවන විට රටම එක පොස්ටරයකින් වැසෙන අයුරු ඔබ දකින්නේ, රැළියක් පවත්වන විට එය විචිත්‍රවත්ව මෙන්ම ජන ගඟකින් පිරී ඉතිරී යනු ඔබ දකින්නේ ජවිපයේ එම කාඩර් වරුන්ගේ බල මහිමයෙන්ය.පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දිය ගෙන යක්කු ගස් යන වේලාවට කාටත් හොරෙන් තාප්ප, පඳුරු වලට මුවා වෙමින් තමන්ගේ ඒරියා එක පෝස්ටරයෙන් කවර් කිරීමට ජවිපෙ සගයා පියවර ගන්නේ අරක්කු බෝතලයට, බත් පැකට්ටුවට හෝ රක්ෂා සිහිනය සැබෑ කරගැනීමට නොවේ. එසේ කරනුයේ රුසියාවෙන් සමාජවාදය මෙරටට ආනයනය කල නැසීගිය සහෝදර වරු සරසවි නේවාසිකාගාර තුල , පාලු ගෙවල් වල, වන වදුල් තුල මොළ ශෝධනය කරමින් මනසට පොම්පකල විප්ලවවාදී අදහස් තවමත් සිත්සතන් තුල රැව්පිළිරැව් නැගීමේ ආනුභාවයෙනි.

      පක්ෂයට මුදල් අවැසි විට ටවුමේ කැට සෙලවීමට එම චින්තනය පසුබට නොවේ. පක්ෂයේ පෝස්ටර් ගසනවා මෙන්ම අරමුදල් තරකර ගැනීමට ජවිපෙ සාමාජිකයා කුලියටද පෝස්ටර් ගසන බව ඔබ නොදන්නවා විය හැක. රටම එක රැයින් යම් වෙළඳ භාණ්ඩයක් පිලිබඳ පොස්ටරයකින් වැසෙයි නම් ජවිපය ඊට වගකිවයුතුය. ඔයිල් වලින් සිසිලනය වන විදුලි ට්‍රාන්ස්ෆෝමර් වල ඔයිල් ටැප් එක බුරුල් වූයේද ඒ සංවිධාන ශක්තියේම බල මහිමයෙනි. ඔයිල් හිස් වූ ට්‍රාන්ස්ෆෝමර් 88,89 කාලයේ ගිනි ගත්තේ ඒ ආකාරයටය. ජවිපෙ සොහොයුරෝ අදටත් මෙරට සමාජවාදී රටක් බවට පෙරලීමේ අදිටනින් පෙළෙති. මන්ත්‍රී ධුර කිහිපයකින්හෝ , කෙස් පැලෙන තර්ක මගින්හෝ , ප්‍රබුද්ධ මතවාදී ඉදිරිපත් කිරීම් මගින් හෝ, මහ මග සටන් ව්‍යාපාර වල උගුරු ලේරස වනතුරු බෙරිහන්දීම මගින් හෝ එය යතාර්ථයක් බවට පෙරලිය නොහැකි බව ඔවුහු දනිති. අළුත් වංගුවක් ගැසූ නූතන ජෙප්පන් ටවුමේ කැට හොල්ලන්නේද නැත. නූතන රැළි වල නායකයන්ගේ ඔළු වල "චේගුවේරා තොප්පිය"ද නැත. අනූ හතරේ සිට මාධ්‍යයට වලට ඇඳගෙන ආ රතු කමිසයද නැත. එක අතකින් බැලූ විට ජවිපය කරන්නේ හැංගිමුත්තම් සෙල්ලමකි. කොළේ හංගා ගැසීමකි.

      Delete
    9. ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වාට මේකේ ඇති මගුලක් නැත. ආර්ථික වශයෙන් ගොඩ එන්නට පුළුවන් තරමට ස්වභාවික සම්පත් නැත. ඒ ආකාරයේ වගා භූමිත් නැත. ඇති මහලොකු තාක්ෂණයකුත් නැත. ඇති එකම දෙය නම් මිනිස් සම්පත පමණක්ය. මොකක්හෝ වාසනාවට අපේ එවුන්ට හොඳ මොළයක් ඇත.(දේශපාලනයේදී නම් එය නැත). ඒ දෙයින් වැඩක් ගැනීමට නම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට විශාල මුදලක් වෙන් කල යුතුය. එව්වා වෙන් කරන්නට අනිත් එව්වාටත් මුදල් අවශ්‍යය. හිඟන රටක් වන අපේ රටට ඔව්වා ඔක්කොම කොරන්නට බැරිය. කාගෙන් හරි ඉල්ලගන්නම වෙනවාය. ඉල්ලගත්ත සල්ලි ප්‍රයෝජනවත් වැඩකට යොදනගමන් කලින් කිව්ව එව්වා ඉෂ්ට කොරගන්නටත් උවමනාය. කොයි එකා ආවත් කොරන්නේ ඔය කෙරුවාවමය. කෙරුවාව කොරන්නට මයිල් ඉස්මයිල් වෙන දර්ශන තිබුණත් ජවිපය "ඉල්ලාගැනීමේ" ගේමේදී ෆේල් වෙන එක ඉර හඳ වාගේ ෂුවර්ය. සෝවියට් ලොකු අයියාගෙන් සතයක් ගන්නට බැරිය. චීන කොමිනිස් අයියා ගිනි පොලී කාරයෙකු වී අවසන්ය. චීනයේ ඉතිරිවී ඇත්තේ කොඩියේ රතුපාට පමණක්ය. ජෙප්පන්ට සිස්ටම් එක දුවවන්නට නම් "රොබින්හුඩ්, සරදියල් ගේම්" ගසන්නට වෙනවාය. දූෂණය අඩුකොරලා ඒකෙන් කොරනවා කිව්වාට ඒ සොච්චමෙන් කොරන්නට පුළුවන් මගුලක් නැත. ෆෝන් එකට සල්ලි ණයට ගන්නා ක්‍රියාවේ පටන්, ක්‍රෙඩිට් කාඩ්, බැංකු ණය, ලීසිං වලට හුරුවී අනුන්ගේ සල්ලි වලින් දුවන්නට හුරු වූ අපේ මිනිස්සුන්ට අංශක 180ක වංගුවක් ගැසීම කොහෙත්ම කළනොහැක.

      ලංකාවේ පාවෙන ඡන්ද දායකයා එක අතකින් බැලූ විට චපල ගැහැණියක් වැනිය. ඒ ගැහැනියගෙන් සැමදා රැවටෙන "ස්පෙයා වීල්එක" ජවිපයයි. කලින් කලට පැමිණෙන ඉස්ටයිල් මනමාල පක්ෂයට මනාපය පළකොට ජවිප පෙම්වතා අමතක කරයි. එක් එක් පක්ෂ පෙම්වතුන්ට මනාපය පළකොට අතරමංවූ තැන යලිත් ඇය ජවිපයට කොමළපායි. කවදාහෝ ඇය හා එක්වීමේ ආශාවෙන් සංවරව අත පැතුවද එය මිරිඟුවක් බව ජවිපයද දනියි. යාළු මනාලයා ලෙස හෝ ගොස් ඇගේ පහස පැතීමට මෙතරම් දඟලන්නේ එබැවිනි. දෙවරක් කොරන්නට ගොසින් කුරුවල් කරගත් ආකාරයද මතකයේ ඇතිමුත් විප්ලවය නම් වූ බලහත්කාරකමද යටි සිතේ නැතුවා නොවේ.

      විමුක්තිකාමයේ සළුවෙන් වැසුණු ක්‍රෝධය, වෛරය සහ ඊර්ෂ්‍යා සහගත ආකල්ප මත පදනම් වූ ජවිපයේ බිම් මට්ටම් දේශපාලනය ඉහල මට්ටමට යනවිට වෙනස් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත . මුල් නායකයන් සහ වර්තමාන නායකයන්ගේ ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ගැටළු ඇත.එදා සිට අද දක්වා පක්ෂයේ ප්‍රතිපත්තීන් කෙසේ වෙනස්වී ඇත්දැයි කිසිවකුට හරි ආකාර අවබෝධයක් නැත. විප්ලව කොරන්නට ගොස් අහිංසක තරුණයන් බිළිදුන්නා හැරෙන්නට, පාර්ලිමේන්තුවේ හැම කෙමනටම "විපක්ෂයි" යනුවෙන් බෙරිහන් දුන්නා ඇරෙන්නට ඉතිහාසයේ රට වෙනුවෙන් හොඳ හෝ නරක වෙනුවෙන් කළ මගුලක් නැත.

      මහින්ද පැන්නුවේ තමන් යයි දැන් කියාපෑවද මයිතීපාලට චන්දය දෙන්නැයි ජෙප්පන් කිසි විටෙකත් කීවේ නැත. "මහින්දට නං දෙන්නෙපා , දෙන්න ඕන කාටද ඔයාලා දන්නවා"යයි එදා කියූ ජෙප්පන් එතනද කොළය වසා ගැහුවේය. "මයිත්‍රීපාලගේ කඩේ බඩු ෂුවර් නෑ ලෙස එදා අපි කිව්වා" යනුවෙන් පවසමින් අත පිසදාගන්නා නූතන ජවිපයේ චන්දය එදා එසේනම් යන්නට ඇත්තේ සීලරතන හිමිට වියයුතුය.ආකර්ශණීය ජාතික ලැයිස්තු වලින් ජනතාව ගොනාට ඇන්දුවාට ඕවා වල ඉන්නා බ්‍රයිටන් එකෙක්වත් පාර්ලිමේන්තු එන්නේ නැත. ඒවා තීරණය වන්නේ අභ්‍යන්තර මාෆියාවෙනි. ඇතුලේ සිට පක්ෂය විවේචනය කරන්නට ජවිපයෙන් ඉඩක් නැත. සජිත් රනිල්ගෙන් ප්‍රසිද්ධියේ ගේම ඉල්ලුවාට, මහින්ද ප්‍රසිද්ධියේ මයිත්‍රීට අභියෝග කලාට ජවිපය ඇතුළේදී එව්වා සුම්මාය. වචනය මිස් වෙච්ච එකා එළියේය. ඒ මදිවට උන්ට නිර්දය ලෙස අනුකම්පා විරහිතව වැටෙන්නට ගහනවාය. උන්ගේ KGB ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහස් එසේය. සර්ව සම්පූර්ණත්වය , පරිපූර්ණත්වය ගැන කතාකරන, "අපි ක්‍රියාවෙන් අහවල් එක ඔප්පු කළෝ" යයි වහසිබස් දොඩනා ජෙප්පන්ගේ ද්විත්ව රංගනය තාමත් අපේ එවුන්ට තේරෙන්නේ නැත. අදටත් ජවිපෙ ලොක්කන්ගේ ජීවිත රහසිගතය. වැඩිමනකගේ පදිංචිය කොහෙද කියාවත් මිනිසුන් දන්නේ නැත.

      Delete
    10. 88-89 ගැන සමාව අයදින ජවිපය පොඩ්ඩ එහෙමෙහෙ වූ ගමන් "අපිටත් ආයුධ හුරුයි, ගේම නම් ගේම" යනුවෙන් වහසිබස් දොඩයි ///////////// ++++++++++++

      Delete
    11. අන්තිමට රැවටෙන්නේ ජවිපේ නොවේ..............ජවිපේට බූට් ඵක තියන බුද්දිමත් මහ ජනතාවය..................

      වැට් කන්නේද ගුටි කන්නේද 25 000 දඩ කන්නේද ජවිපේට බූට් ඵක තියා නිල් කොල ජේත්තුකාරයන් සමග දීගයන මහජනතාව ය........................

      ජවිපේ ඉන්නේ සාපේක්ශව උගත් පිරිසක් නිසා උන්ට ජීවිතේ ලොකු අවුලක් නැල..............යමක් කරගෙන ජීවත් විය හැකිය.................

      නමුත් ජවිපෙට පුක හරවා නිල් කොල ජේත්තුකාරයන්ල පුක දිගු කරන පදා වේල කන්නත් නැති මහජනතාව විදින වේදනාව..................පවු යකෝ බුද්දිමත් ජහමනයා...............

      අන්තිමට මතක්වෙන්නෙත් ජවිපෙවමනේ...................

      ජනතාව ජවිපෙට පුක හැරවීමෙන් ජවිපෙට ඇති වාසියක් හෝ පාඩුවක් නැත...............ඵහි පරිප්පුව 100%ක් ම කන්නේ බුද්දිමත් ජහමනයා මය....................

      Delete
  5. ජවිපය වැරදියි කියල උන්ව ප්‍රධාන ධාරාවෙන් එලියට දාන්න අපිට බෑ...පරණ වැරදීම කිය කියා උන්ව වට්ටන්න හෙලාදකින්නත් බෑ.. හැබැයි මම පිළිගන්නෙ නැත්තෙ ඔවුන්ගේ මූලික මතවාදය, මූලික වෙච්ච දේශපාලන සංකල්පය.. අපි මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලයි හැම වෙලේම ඔවුන් කියන්නෙ. ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

    වහෙන් ඔරෝ හරි අටවෙනිදා වෙනස වෙනුවෙන් ඔවුන් විශාල සේවයක් කළා.

    අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් අඩුපාඩු දකිනවා. ඒ නමුත් අපේ රටේ අනිත් අපේ රටවලට සාපේක්ෂ මට්ටමේ රටවල් වලට වඩා හොඳ රෝහල් තියනවා. දක්ෂ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල ඉන්නවා. උපකරණත් තියනවා. නමුත් ඉස්පිරිතාලෙට ගියාම පැනඩෝල් පෙත්ත නෑ....ලක්ෂගනනින් අනිත් ඔක්කොටම වියදම් කරනවා, පහසුකම් තියනවා. පොඩි පොඩි ආකල්ප ගැටළු සහ අර පැනඩෝල් පෙත්තේ අඩුව නිසා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයටම බනිනවා... අර පොඩි දේවල් ටික හදාගතොත් ඒ සියල්ල සර්ව සම්පූර්ණයි. අපේ රටේ තියන සිස්ටම් එකත් ඒ වගේ. සුළු සුළු දේවල් තාක්ෂණික කාරණා වෙන උනොත් මේක ගොඩ යනවා. සිස්ටම් එකේ අඩුපාඩු හදාගන්නවා මිසක් සිස්ටම් එක වෙනස් කරන එක නෙවෙයි මම නම් දකින විදියට විය යුත්ත... මතක තියාගන්න.. ජවිපය කියන්නෙ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියල.

    ReplyDelete
  6. ලෝක දේශපාලනයේ බිහිසුණු ඝාතකයන් ලෙස අපට මතක් වන්නේ හිට්ලර් වුවද කොමියුනිස්ට් ඝාතකයෝ හිට්ලර්ලා විලියට පත්කරවන ආකාරයේ ඝාතනවල යෙදුනහ. සංඛ්‍යාත්මකව මානව ඉතිහාසයේ වැඩිම ඝාතන කළේ මාවෝ සේතුන්ය. එහෙත් දරුණු වධහිංසා පැමිනවීම අතින් ලෙනින් හා ස්ටාලින් මාඕ ඉක්මවා යනවා විය හැක. හෝචිමින් වැනි අයද එසේය.

    මම මාක්ස්වාදයට තදින්ම විරුද්ධ මෙන්න මේ කාරනය නිසයි ඔවුහු අන්‍ය මත නො ඉවසති. අන්මත දරන අය ඝාතනය කළ යුතුබවද විශ්වාස කරති. ඊට හේතුව විප්ලවයෙන් පසු පැරණි සමාජයේ නෂ්ඨාවශේෂ විනාශ කර දැමීමයි.පැරණි සමාජයට අනුගත වූ සියළු දෙනා මෙසේ මරා දැමේ.පැරණි සමාජයේ දක්ෂයන් ,ඊට හුරුවූ කැපී පෙනෙනෙ අය , ආදී වශයෙන් සමාජය පිරිසිදු කිරීමේ අරමුණින් මහා සමූල ඝාතනයක් සිදුකෙරේ. මෙයට නිර්ධන පන්ති ආඥාදායකත්වය කියා කියති. විප්ලවයෙන් පසුව ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කිරීමේ අරමුණින් ඝාතන දිගටම සිදුකෙරේ. චීනයේ ජනගහනයෙන් හතරෙන් එකක්ම මෙසේ මැරුවාලු.

    1971 හෝ 1989 දී ලංකාවේ ජනතාවට ආයුධ රැගෙන කැරළි ගැසීමේ අවශ්‍යතාවයක් නොවීය.එහෙම අහේනියක් නොවීය.එහෙම අසහනයක්ද නොවීය. කිසියම් තරුණ පිරිසක් ජවිපෙට රැවටුනි. පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්ට සමාජයෙන් තමන්ට නොළැබෙන මහා පිළිගැනීමක් සහ සෙස්සන් අතරින් තෝඅරාගැනීම නිසා ඇතිවන මනෝභාවයක් ද ඊට හේතුවිය.
    ඔවුන්ට තිබුනේ සරල උත්තරයකි. ඒ විප්ලවයයි.

    විප්ලවයෙන් සියළු ප්‍රශ්න විසදේ. විප්ලවයෙන් පසු ප්‍රශ්න විසදෙන්නේ කෙසේදැයි අසන අය මරන නිසාත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය , සියළුම මානව අයිතිවාසිකම්,ජනමාධ්‍ය නිදහස, අධිකරනයේ ස්වාධීනත්වය ආදී කිසිවක්ම නැතිව පක්ෂ පක්ෂය නම් වු සෙක්කුවක කැරකෙන්නට ජනතාවට සිදුවන නිසා ප්‍රශ්න විසදෙන බව ඇත්තකි.පක්ෂය ජනතාවට ඉදිරියෙනි.

    එදා කැරළි ගැහුවේ අසහනය දරාගත නොහැකි නිසා නම් අද ඒ ප්‍රශ්න විසදිලාද
    අද සමාජවාදී කදවුර බිද වැටී විප්ලව වලට තිබූ ලෝක සහනුභූතිය නැත. එසේනම් අප කැරළි ගසා ඇත්තේ සෝවියට් අවශ්‍යතාවයටය. දිවි පිදූ මුග්ධයන් ඇසටවත් දැකනැති නන්නාදුනන රුසියානුවෙක් වෙනුවෙන් දිවි පුදා ඇත.,

    1991 පෙරෙස්ත්‍රෝයිකාවෙන් පසු ලොව පුරා මාක්ස්වාදී ත්‍රස්තවාදය අහෝසි වී ඇති නිසාය.

    ReplyDelete
    Replies
    1. // ලෝක දේශපාලනයේ බිහිසුණු ඝාතකයන් ලෙස අපට මතක් වන්නේ හිට්ලර් වුවද කොමියුනිස්ට් ඝාතකයෝ හිට්ලර්ලා විලියට පත්කරවන ආකාරයේ ඝාතනවල යෙදුනහ. සංඛ්‍යාත්මකව මානව ඉතිහාසයේ වැඩිම ඝාතන කළේ මාවෝ සේතුන්ය. එහෙත් දරුණු වධහිංසා පැමිනවීම අතින් ලෙනින් හා ස්ටාලින් මාඕ ඉක්මවා යනවා විය හැක. හෝචිමින් වැනි අයද එසේය. //

      කියන්නන් වාලේ නොදොඩවා පිලිගත හැකි සාක්ශි ඉදිරිපත් කරානම් හොදය.....................

      හෝ චී මින් කියන්නේ වියට්නාමය ආක්‍රමනය කල ඇමරිකන් හමුදාවට දුවන්න ගහපු මිනිසාය...............
      මාවො යනු ආසියාවේ කාලකන්නි රටක් සේ අබින් වලින් මත්ව සිටි චීනය අවදිකල නායකයා ය...............

      ඇමරිකන් කාරයන්ට මොවුන් සමග ඇති ඇරියස් ඵක තේරුම්ගත හැකිය..................ඵ් නිසා අච්චර මැරුවා මෙච්චර මරුවා යැයි කියති................නමුත් සාක්ශි කිසිවක් ඉද්ගිරිපත් නොකරති................
      ඇමරිකන් දනවාදීන් ඉරාකය ආක්‍රමනය කලේ ඉරාකයේ පරමානු අවි අති බව පවසමිනි.............ඉරාකයේ තුබූ පරමානුව අපි දක්කෝය.....................
      ලන්කාවේ යුද්දයේදී අහින්සක දෙමල මිනිසුන් ලක්ශ 4ක් අපේ හමුදාවා මැරුව කියන්නේද මුන්ය.................

      අවසානයේ ඉරාකය අමු සොහොනක් විය..................

      ඵ් නිසා මහත්තයෝ ඇමරිකන් බොරු පුනරුච්චාරණය කරන්න කලින් දෙපාරක් හිතන්න.................නැත්නම් ඔයාගේ ගොන්කම තමා ලෝකෙට ප්‍රදාර්ශනය වෙන්නේ................

      Delete
    2. // මම මාක්ස්වාදයට තදින්ම විරුද්ධ මෙන්න මේ කාරනය නිසයි ඔවුහු අන්‍ය මත නො ඉවසති. අන්මත දරන අය ඝාතනය කළ යුතුබවද විශ්වාස කරති. ඊට හේතුව විප්ලවයෙන් පසු පැරණි සමාජයේ නෂ්ඨාවශේෂ විනාශ කර දැමීමයි. //

      මේ යකාගේ මෝඩ බීතිකාවට හේතුව පහැදිලිය................

      මාක්ස්වාද්‍ය පිලිබද ඇමරිකන් ප්‍රොපග්‍රැන්ඩාකරුවන් දී ඇති ලනු අමුවෙන්ම ගිලපු අසරණයෙකි................

      ලෝකයේ කොහේවත් විප්ලවයෙන් පසු විරුද්ද මතදාරීන් මැරුවේ නැත................

      සෝවියට් දේශය බිහි වූ පසු දනවාදීන් ඵයට ඵක දවසක් වත් ඉන්නට ඉද දුන්නේ නැත.............

      ප්‍රන්ශ ජර්මන් බ්‍රිතාන්‍ය ඇමරිකන් ජපන් තුර්කි මේ සැම අදිරාජ්‍යවාදියකු ම ඵකට ඵකතු වී දෙනිකීන් කොල්චාක් ව්‍රැන්ගල් වැනි කුලී හේවායන් යටතේ ලක්ශගනන් ආක්‍රමනික හමුදා ලදරු සෝඅවියට් දේශයට ඵරෙහිව ඵවන ලදි................

      රතු හමුදා මේ මිනීමරුවන්ට විරුද්දව සටන්කර සිය රට රැකගන්නා ලදි.ඵහිදී මියගිය මිලියන ගනන් අහින්සක සෝවියට් වැසියන් ගැන මොවුන් නොදනී.මොවුන් හිතාගෙන ඉන්නේ අනිත් රටවලට ගැහැව්වේ රුසියාව කියාය.අදෝමැයි.................

      අපේ රටේ බූරුවන් පොතක් පතක් නොකියවන නිසා මේවා නොදනී................

      දන්නේ බටහිර මාද්‍ය ගිල්ලන ලනු ගැන පමනි.....................

      පොතක් පතක් නොකියවන මේ අසරණයින් හිතාගෙන සිටින්නේ ලෝක ඉතිහාසය යනු ඇමරිකන් රීඩර්ස් ඩයිජස්ල් අසූචි බවය................

      ලෝකයේ සමාජවාදී ආන්ඩු අති බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වුනු ඵ්වාය...........විප්ලව වූයේ ඵ්කාදිපතියන් සිටි රටවල පමනි.
      වසර 500ක් අපේ රට වැනි රටවල් සූරන් කෑ බටහිර අදිරාජ්‍යවාදිහූ මේකී රටවල බලයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු විනාශකර දමා ඵ්කාදිපති සී.අයි.ඵ් හෙචයියන් පත්කර ගත්තේය...............

      ආබෙන්ස්,සැල්වදෝර් අයියන්ඩේ,මොසඩැක්,ජුල්ලියස් නියරේරේ,ලුමුම්බා.........වැනි රටවල් ගනනාවක් ප්‍රජාතන්ත්‍රවාදී ව බලයට පමිනි සමාජවාදී නායකයන්ව අදිරාජ්‍යවාදීන් විසින් මරා දැමූහ.

      ඵ් නිසා සමාජවාදී රජයන් ආයුද බලයෙන් බලයට ආ ඵ්වා බවත්...........බලයට ආපසු මිනී මරන බවත් කීම විහිලුවකි.
      සමසමාජ ආන්ඩුවක් ආ පසු රුවන්වැලිසැය ගඩොල් වලට ගෙන ගෙවල් හදනවා යැයිද, අවුරුදු 60 ට වැඩි අය මරනවා යැයිද වශයෙන් කියූ මෝඩ කතාවල දිගුවකි................

      සැබෑ මිනීමරුවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන නන් දොඩවන වැඩි චන්ද ගත්ත ඵකා පරදින අඩු චන්ද ගත්ත ඵකා ජනාදිපති වන විහිලු ඇමරිකාව ප්‍රමුක අදිරාජ්‍යවාදී රටවල් ය................


      ඵ් නිසා මේ පොතක් පතක් නොකියවා ඇති මන්ද බුද්දික යකාට කියන්න ඇත්තේ මෙපමනකි..................මහත්තයෝ නොදන්න මගුල් කියවලා පචවෙන්න කලින් දන්න ඵකෙකුගෙන් ඉතිහාසය අහගෙන වරෙන් කියාය...................

      Delete
    3. // 1991 පෙරෙස්ත්‍රෝයිකාවෙන් පසු ලොව පුරා මාක්ස්වාදී ත්‍රස්තවාදය අහෝසි වී ඇති නිසාය. //

      ඵක්සත් ජාතීන්ගේ සන්විදානයේ නිල වාර්තා වලට අනුව ලෝඅකයේ ඵක්දිනකට මිනිසුන් 20 000ක් කුසගින්න නිසා පමනක් මියයති......................

      1991 සමාජවාදය අවසන් කර කූටප්‍රාප්ත වූ දනවාදයේ සාර්තකත්වය ඵයින්ම හිතාගන්නට පුලුවනි...................

      20 000ක් නෙවෑ බන් ලක්ශ 20ක් මලත් මොකද මගේ බඩකට දෙක පිරෙනවනම්..................නේද බන්...............???

      Delete
  7. අපිට මතක නැති ඉතිහාසෙක වුනත් දෙවන කැරැල්ලෙන් පස්සේ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා දේශපාලනයේ ප්‍රජාන්තන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වෙන ජ.වී.පෙ එදා ඉඳන්අද දක්වාම කලේ වචන හරඹ විතරයි . අසාර්ථක දෙවැනි විප්ලවයෙන් පස්සේ රුපවාහිනී වැඩසටහන් වලට පවා ඇඳි රතු කමිසය සහ චේගුවේරා තොප්පිය හිමින් හිමින් ගිලිහිලා පිජාමා දේශපාලනික රුපයක් බවට පත්වුණේ ඔය කියන කතාන්දරය ඇතුලේ.

    මම හිතන්නේ ජවිපෙට දැන් රාජ බලය ලබාගැනීමේ උවමනාවක් නෑ. තියෙන්නේ කීප දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහින් කරන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි

    ReplyDelete
    Replies
    1. මේවානම් මහා හරසුන් කතාය.............

      2002 සටන් විරාම විහිලු අවසන්කරන්නටද රනිල්ගේ රට විකුනන ප්‍රතිපත්තිය පරාජය කරන්නටද පෙරමුන ගත්තේ ජවිපෙ ය.
      යුද්දය කරන්න බෑ බෑ කියා ඵලුවන් මෙන් කෑ ගසමින් සිටි නායකයින්ව යුද්දය කරන තැනට ජනමතය ගොඩ නැගුවේ ජවි පෙ ය.
      අනීතික ලෙස ඵ්කාබද්ද කර තිබූ උතුරු නැගෙනහිර පලාත් දෙක වෙන්වුනේ ජවිපේ පැවරූ නඩුවෙනි.

      යුද්දයෙන් පසු ලැබුනු ජනප්‍රසාදය සුද්දය සදහා යොදාගත් දූශිත මහින දාරපක්ශ ගෙදරයවන්නට තනිවම ජන මතය හැදුවේ ජවිපෙ ය.

      රනිල්ලා මහින්ද සමග කලු කෝඅපි බිබී සිටියදී MY3ලා මහින්දගේ චක්ගෝලයන්ව සිටියදී මහින්දලාගේ කෙරුවාවාල් වලට ඵරෙහිව තනිවම කතාකලේ අනුර කුමාර දිසානයක පමනි..............

      මහින්ද රෙජීමය කෙරෙහි මිනිසුන්ගේ තිබූ අප්‍රමාන බිය සැක නැතිකලේ ජවිපේ අනුරලාය.................

      රටට හිතවත් ඵකම ආන්ඩුක්‍රම ව්‍යවස්තා සන්ශෝඅදනය වන 17 වන ආ.ක්‍ර.ව්‍යවස්තා සන්ශෝදනය ගෙනාවේ ජවිපේ මූලිකත්වයෙනි................

      සුනාමියෙන් විනාශ වූ රටට ජවිපෙ කල සේවය කවුරුත් දනී...................

      පසුගිය ගන්වතුර සමයේ ජවිපේ තරුනයෝ කල සේවය අප කාටත් මතකය..............ඔවුන් සමග ආන්ඩුවේ යාන්ත්‍රනයට හැරෙන්නට වත් බැරි විය..................

      මේවා සියල්ල ජනතාවට මතකය.................

      ජවිපේ කලේ වචන හරබ පමනි කියන නිඝන්ටයන් ට නොපෙනුනාට අපට කම් නැත.

      හොරට නිදාගෙන සිටින උන් අවදිකරන්නට බැරිය................

      බල්ලෝ බුරති තවලම ගමන යති.................

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook