Tuesday, July 5, 2016

ලාස් වේගාස්




ලාස් වේගාස් වල කරක් ගසමින් 




ලාස් වේගාස් වෙත යාමට මට කිහිප වතාවක්ම අවස්ථාව ලැබුනද මම එම අවස්ථා සියල්ලම පාහේ අතපසු කලෙමි. නමුත් අවසානයේදී මම ලාස් වේගාස් වෙත ගියෙමි.  

1905 ස්ථාපිත කරන ලද  ලාස් වේගාස් නගරය පිහිටා තිබෙන්නේ නෙවාඩා ජනපදයේ ය​. මරියෝ පූzසෝ ගේ ගෝඩ් ෆාදර් නවකතාව අනුව ලාස් වේගාස් නගරය නිර්මානය කරන්නේ මොවු ග්‍රීන් නම් පාතාල ව්‍යයාපාරිකයාය​.  මයිකල් කොර්ලියෝනි විසින් අවසානයේදී මොවු ග්‍රීන්ව මරා දමවයි. මේ කතාව කෙතරම් සත්‍යද කියා නොදනිමි. නමුත් ලාස් වේගාස් නගරය ස්ථාපිත කරන ලද්දේ ඇමරිකානු ජී.අයි වරුන් ගේ සුව පහසුව පිණිසය​. 

මෙම නගරයේ මත්පැන් , සූදු සහ වැඩිහිටි විනෝදාස්වාදය ප්‍රවර්ධනය කෙරේ. නීති රීති සහ සංස්කෘතික බැමි නිසා මිරිකී ගිය මිනිසුන් ලාස් වේගාස් නගරයට පැමිණ කායික මානසික විරේකයක් ලබති. එක් අතකට ආවේග හිර කරගෙන අසහනකාරීව එරියස් සමාජ හිංසක ආකාරයෙන් ලබාගන්නා ඊනියා ධර්මයක්  ගැන කටමැත දොඩවන  ලාංකික සුචරිතවාදීන්ට ලාස් වේගාස් නගරය ප්‍රතිකාර මධ්‍යස්ථානයකි. මෙම නගරයේ දී මිනිසුන් ප්‍රීතිමත්ව ආතතියෙන් තොරව විනයගරුකව හැසිරෙනු මම දුටුවෙමි.  

බුදුන් කාලයේද මෙවැනි නගර සහ සැණකෙළි තිබුනේය​. ඉතා හොඳින් ඉන්ද්‍රියන් පිනවූ මිනිසුන් පසුව එහි නිස්සාරත්වය දැක ලෝකෝත්තර දහම කෙරෙහි ලං වූහ​. නමුත් අපගේ ලෝකෝතරයන් එක්කෝ රහසෙන් ආතල් ගනිති එසේ නැත්නම් අනෙකා ගන්නා ආතල් කෙරෙහි ඉරිසියාවෙන් ඔහුව හෙලා දකිති. මෙවැනි දෙබිඩ්ඩන්ට ලාස් වේගාස් නගරය  තේරුම් ගැනීමට දුෂ්කර භූමියකි. 

ලාස් වේගාස් නගරයට යන බොහෝ දෙනා කැසිනෝ සූදුවේ යෙදෙති.  කැසිනෝ යන නමටත් බිය වන අපගේ මිනිසුන් එහි තිබන සංචාරක ආකර්ශනීය ස්වභාවය වෙනුවට මනසට නඟා ගන්නේ සයිමාගේ ගෝරි පිරුණු බූරු පොළකි.


    ලාස් වේගාස් නගරය රාත්‍රියට අලංකාරය​. නියොන් එලියෙන් පිරිපුන් මෙම නගර ආලකමන්දාවක් මෙන් රාත්‍රියට දිස් වෙයි. 




20 comments:

  1. මදි මදි. මේ මොකද මේ?

    ReplyDelete
  2. කැසිනෝ ගැහුවද? කැසිනෝ ගහන අය දිහා බැලුවද?

    ReplyDelete
    Replies
    1. ජිවිතයේ අත්දැකීම් ලැබිය යුතු නිසා කැසිනෝ ගැහුවා නමුත් පරාදයි

      Delete
  3. බුදු හාමුදුරුවෝ අද කාලෙ හිටියනම් ඔක්කෝටම ඩිස්කො ගිහින් එන්න කියයි, බණ කියන්න. මේ තියන අසහනේ සමනය කරන්න නිකම්ම බන කියලා බෑ, ඒ කාලේ අද වගේ සදාචාර සීමාවන් තිබ්බ නැති නිසා තමයි බන හරියන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. බුදු බල අහලා නිවන් ගිය බොහෝ දෙනෙක් ඉඳ්‍රියන් සතප්පවාගෙන හිටි අය​. බඩගිනි කාරයෝ හිටියේම නෑ

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. හොරෙන් ආතල් ගත්තට නං කමක් නැ , අනිත් උන්ගේ ආතල් වලට ඉරිසියා කරන එකනේ අවුල

    ReplyDelete
  5. හොරෙන් ආතල් ගත්තට නං කමක් නැ , අනිත් උන්ගේ ආතල් වලට ඉරිසියා කරන එකනේ අවුල

    ReplyDelete
  6. වේගාස් ගිහින් කරපුව වේගාස් වලම තියල එනවා කියනවනේ. එනිසා මොනවාද කෙරුවේ කියල අහන්නේ නැහැ. හික්

    ReplyDelete
    Replies
    1. වේගාස් ගියේ වයිෆ් එක්ක

      Delete
    2. මෙයා පුත්තලමෙ ගිහිං තියෙන්නෙ ගෙදර තියන ලුණු අරං නෙ .....

      Delete
    3. බැන්දම ඔහොම තමයි පුතේ

      Delete
    4. සමහරු ලාස් වේගාස් යන්නෙ බඳින්න. එහෙ විවාහය හරිම සරල නිසා. පට් පට් ගාලා බැඳලා එන්න පුලුවන් ඒ වගේම ඒක නීත්‍යානුකූලයි.

      Delete
    5. හොඳ නීතියක්

      Delete
  7. සමන්තබද්‍ර හාමුදුරුවොත් කියන්නේ ඒකයි.

    ලාස් වේගාස් කියන්නේ "ලා තණ කොල පෙත්තාස්" වගේ දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒවගේ ගතියකුත් තියනවා

      Delete
  8. "the meadows"
    දැන් කොහොමද? :-D

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook