Saturday, July 9, 2016

ප්‍රී ඉන්ටර්න්




ප්‍රී ඉන්ටර්න් යනු  වෛද්‍ය පීඨය අවසන් කොට සීමාවාසික පුහුණුව  ආරම්භ වන තෙක් රජයේ රෝහලක ස්ථාපනය ලබා ගන්නා වෛද්‍ය සිසුවෙකුත් නොවන වෛද්‍යවරයෙකුත් නොවන   ගන්ධබ්බයා ය​.  මම ප්‍රී ඉන්ටර්න් පුහුණුව ලැබුවේ දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ  දීය​. මෙම කාලයට ෆමීලියරයිසේෂන් කියාද කියූහ​.

මෙම පුහුණුව සඳහා මම විශේෂඥ වෛද්‍ය එස්. ඩී ෆොන්සේකා මහතා යටතේ කායික රෝග වාට්ටුවේත් , විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී පෙරේරා මහතා යටතේ ළමා රෝග   වාට්ටුවේත්, විශේෂඥ වෛද්‍ය  ඩී එස් රාජපක්‍ෂ මහතා යටතේ නාරි හා ප්‍රසව  වාට්ටුවේත් , විශේෂඥ ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතා යටතේ ශල්‍ය වාට්ටුවේත් පුහුණුව ලැබුවෙමි. මෙම වෛද්‍ය විශේෂඥවරු සතර දෙනා අපට ඉතා කරුණාවෙන් සලකා ප්‍රායෝගික දැණුම  ලබාදුන්හ​ . මෙම ප්‍රී ඉන්ටර්න් පුහුණුව සීමාවාසික කාලය සඳහා ඉමහත් ලෙස උපකාර වූයේය​.

මෙම ප්‍රී ඉන්ටර්න් කාලයෙන් වසර දහයකට පමණ පසු මට විශේෂඥ  ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතා ඩර්ඩන්ස් රෝහලේදී හමු විය​. එතුමාට මාව නියත ලෙස මතක නොතිබුනද කාල වකවානුව සහ එතුමාගේ  සීමාවාසික වෛද්‍යවරුන් වූ වෛද්‍ය අඹවත්ත වෛද්‍ය රොහාන් මෙන්ම ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  වෛද්‍ය වාහිඩ් ගැන කී විට නයිල්ස් මහතාට මාව මතක් විය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතා ඒ කාලයේ වාට්ටුවට එන්නේ  පූර්ණ ටයි කෝට් ඇඳය​.

විශේෂඥ ළමා රෝග  වෛද්‍ය බීජේසී පෙරේරා මහතා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වරක් වෛද්‍ය බීජේසී පෙරේරා වෛද්‍ය නීතීඥ ක්‍රිකට් තරඟයකදී හතරේ හයේ පහරවල් ගැසූ අයුරු මට මතක් වේ.

විශේෂඥ වෛද්‍ය  ඩී එස් රාජපක්‍ෂ මහතා මගෙන් යූක්‍රයීනයත් , සෝවියට් ජීවන රටාව ගැනත් බොහෝ ප්‍රශ්න ඇසුවේය​. රාජපක්‍ෂ මහතා සෝවියට් දේශයට රහසින් පෙම් බැඳි අයෙකු ලෙස මට සිතේ.

විශේෂඥ වෛද්‍ය එස්. ඩී ෆොන්සේකා මහතා වෝඩ් රවුන්ඩ්ස් වලදී කියන විහිළු ඇසීමට අප ප්‍රිය කලෙමු. රෝගින්වද හිනස්සවමින්  එතුමා රෝගීන්ට ප්‍රතිකාර කල අයුරු මට සිහිපත් වේ.  
  
අප ප්‍රී ඉන්ටර්න් කාලය අවසන් කල පසු මෙම වෛද්‍යවරුන්ටත් ඔවුන් ගේ කනිෂ්ඨ වෛද්‍යවරුන්ටත් දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ  සාදයක් දුන්නෙමු. සංගීත කණ්ඩායමක් ද ගෙන්වා පන්දම් එළියෙන් ආප්ප එවෙලේම සදා දුන් පාටියට බොහෝ වෛද්‍යවරු ආහ​. මෙම සාදය මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී ගියේය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

8 comments:

  1. විශේෂඥ ළමා රෝග වෛද්‍ය බීජේසී පෙරේරා අප ඉගෙන ගනිද්දී කරාපිටියේ හිටියා. හරි හොඳ වෛද්‍ය වරයෙක් . මම ප්‍රී ඉන්ටර්න් කාලේ පේරාදෙණියේ ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදිහිට විශ්ව විදය්යාලේ වැඩ කළා..

    ReplyDelete
  2. ළමා රෝග වෛද්‍ය බීජේසී පෙරේරා දැනි විශ්‍රාම ලබා ඇති කියා හිතනවා

    ReplyDelete
  3. අපිටත් ඔය ජාතියෙ එකෙක් ඉන්නවා. වැඩේ කියන්නෙ ඔය විදියට රෝහලක වැඩ කරන්න ඇහුවාම, කච්චෙරියට ගිහින් සෞඛ්‍ය බලධාරියෙකුගෙන් ලියුමක් ගේන්න කිව්වා. බලධාරියා මුනෑහුනාම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලියුමක් ගේන්න කිව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇහුවාම එහෙම ලියුම් දෙන්නේ ERPM තවම සම්පූර්ණ නැති අයට Viva කරන්න විතරයි කිව්වා. වැඩේ එතනින්ම හබක්.

    ReplyDelete
  4. ආප්ප නම් එච්චර හොඳ කෑමක් නෙමෙයි.. මහින්ද මහත්තයාට නම් ආප්ප කඩයක් දැක්කත් මල ලූ..

    ඒක නෙමෙයි, ආප්ප කාලා බිව්වේ මොනවද... සේලයින්ද...?

    ReplyDelete
    Replies
    1. කන බොන ජාතිත් දුන්නා

      Delete
  5. ආප්ප පාටියේ අයිටම්ස් ස්පොන්සර් කරන්න අය පෝලිමේ ඉන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ අපි ප්‍රී ඉන්ටර්න්ස්ලා සල්ලි එකතු කරලා දුන්නේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook