Wednesday, December 2, 2015

1971 අත් අඩංගුවේදී රෝහණ විජේවීරට කරන ලද පහරදීම්




තමාව අත් අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගැනීම ගැන රෝහණ විජේවීර මෙසේ කිියයි.


1971 අප්‍රේල් 8 වැනිදා හැන්දෑවේ මාව යාපනයේ බන්ධනාගාරයේ  බී 2  ශාලාවේ සිර මැදිරියේ සිට  එෆ්  විශෙAෂ අංශයේ සිර මැදිරියකට ගෙන ගියා. පසුව මැයි මස මුලදී පමණ මාව නැවත වරක්  බී 2  ශාලාවේ සිර මැදිරියකට ගෙන ගියා. මා එහි රඳවා සිටියේ තනියමයි. මට එකල පුවත්පත් කියවීමට හෝ ගුවන් විදුලියට සවන් දීමට හෝ අවසථාවක් දුන්නේ නැහැ. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් හැර වෙන කිසිවකුත් සමග කතා කිරීමට ඉඩ ප්‍රස්තාවක් දුන්නේ නැහැ. මා දවස පුරාම සිර මැදිරියේ වසා දමා ගෙනයි සිටියේ. සිර මැදිරියෙන් උදේට වැසිකිලි යාමට කොරිඩෝවට ගත්තා විනා කිසිම හේතුවක් උදෙසාවත් මා එකල  බී 2  ශාලාවෙන් පිටතට ගත්තේ නැහැ. කඩදාසි, පොත්පත්, පැන්සල් කිසිවක් මට තබා ගැනීමට දුන්නේ නැහැ, එකල. මේ කාලයේදී දිනපතාම වාගේ සන්නද්ධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා වෙනත් සිවිල් නිලධාරීන් ගණනක් නිතර පැමිණ මගේ සිර මැදිරිය විවෘත කරවා මා දෙස බලා ගියා. 

මගේ මතකයේ හැටියට 1971 මැයි මස 12 වැනි දින රහස් පොලිස් නිලධාරීන් 4 දෙනෙක්  බී 2  ශාලාවට පැමිණියා. එවිට ඒ හතර දෙනාගේම නම් මා නොදත්තත් ඉන් දෙදෙනෙක් මා කලින් දැන සිටි අය වුණා. පසුව මා දැනගත් පරිදි ඒ හතර දෙනා නම්, රහස් පොලිසියේ විශෙAෂ අංශයේ අයවලූන් වන උප පොලිස් අධිකාරී සමරසිංහ මහතා, ඉන්ස්පැක්ටර් ෂර්නි විෙජ්සූරිය මහතා, ඉන්ස්පැක්ටර් බී. ජෙගනාදන් මහතා හා රහස් පොලිසියේ පරීක්ෂණ අංශයේ උපාලි සෙනෙවිරත්න මහතායි. ඔවුන් පැමිණ බන්ධනාගාර සිර මැදිරියේ දොර විවෘත කරවා මාව zzබී2ZZ ශාලාවේ කොරිඩෝරයට ගෙන මගෙන්, යම් යම් දේ ගැන ප්‍රශ්න කළා. එවිට මා නිහ~ව බිම බලා ගෙන සිටියා. එවිට ඔවුන් නොයෙක් දෑ දිගටම කියාගෙන ගියා. ඔවුන් ඇසූ ප්‍රශ්න කිහිපයටත් මා එහිදී පිළිතුරු නුදුන් හෙයින් ඇත්ත වශයෙන්ම ඔවුන් කළේ මට යම් යම් දේ කීමයි. ඔවුන් කී දෑ අතර පිලිකුල් සහගත නින්දා අපහාස මෙන්ම මට එදා ප්‍රයෝජනවත් වූ යම් යම් තොරතුරුත් තිබුණා. 

සමරසිංහ මහතා දිගින් දිගටම කියා ගෙන ගියා මම සෝවියට් සංගමය විසින් පුහුණු කරන ලද දක්ෂ සෝවියට් ඔත්තුකරුවකු බවත්, කොරියාවේ යුද්ධ පුහුණුවක් ලබා ඇති බවත්, රුසියාවේදී මා වෛද්‍ය විද්‍යාව හදාරා නැති බවත්, යුද්ධ පුහුණුවක් ලබා ඇති බවත් ලංකාවට ආවේ නිවාඩු පිට නොවන බවත්, සෝවියට් දේශය විසින් මා ලංකාවට එවා ඇති බවත් ආදී වශයෙන්, උපාලි සෙනෙවිරත්න මහතා හා ජෙගනාදන් මහතා කිව්වා. zzදැන් උඹලාගේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ අපේ වැඩයි. උඹලාගේ අටදහකට වැඩිය අපි මැරුවා. උඹේ මල්ලිත් මැරුවා. පවුලේ ඔක්කොම මැරුවා. තොපේ ඉතුරු එවුනුත් මරනවා. දැන් උඹලාගේ කෙරුම් ඔක්කොම ඉවරයි.ZZ ආදී වශයෙන්. 

මේ අවස්ථාවේදී ජෙගනාදන් මහතා සිය බෑග් එකෙන් ගැසට් පත්‍රයක් ගෙන ඒ ගැන සඳහන් කරමින් zzඋඹ දන්නවාද? අපට ඕන කෙනෙක් මරන්න බලය දීලා තියනවා. ඕන කෙනෙක් මරලා අපි කියන්න ඕන එයා මැරුණා කියලා විතරයි. දොඩම්පෙ මුදලාලි ගැන අවුරුදු ගණනක් කෑගැහුවා. මේ පාර කෑගහන්න කෙනෙක් නෑ.ZZ ඊළඟට ඔවුන් කීවා, zzඋඹ දන්නවාද? අපි ගාව ඉන්නවා සෝභිත, අපි ගාව ඉන්නවා වසන්ත කනකරත්න, අපි ගාව ඉන්නවා බඩ නිමල්, ලේට් මිස්ටර් ඔස්මන්ඩ් ද සිල්වාගේ පවුලම ඉවරයි. විරාජ් ප්‍රනාන්දු කෙනෙක් ගැනත් එහෙම දන්නවාද? අපි ගාව එහෙම කෙනෙකුත් ඉන්නවා. උඹලාගේ අත නැති එකා පොඩි අතුල අපි ගාව ඉන්නවාZZ මෙසේ කියන කියන හැම දේකටම උදාසීනව ඔවුන්ගේ මුහුණු දෙස බලා සිටින විට, zzඋඹ, අපි කියන දේවල් විශ්වාස කරන්නේ නැද්ද?ZZ අසමින් තවත් දේ කීවා. zතිලකරත්නට නේවි එකේ වැඩ දුන්නා ඉන්ස්පැක්ටර් නාදන්.ZZ zzඋඹලයි සනත් බොරළුකැටිය ගැනත්, ලොකු අතුල ගැනත්, කරුණාරත්න ගැනත්, ඔක්කොම ගැන දැන් අපි දන්නවා.ZZ 

මේ විදියට ඔවුන් කතා කිරීමෙන් සිදුවූයේ මා විසින් යම් යම් කරුණු ඔවුන්ගෙන් දැන ගැනීමයි. මා තවදුරටත් කතා නොකර සිටින විට ජෙගනාදන් මහතා ඔහුගේ කළුපාට හම් බෑගයට අත දමා ඉන් එළියට කළුපාට රිවෝල්වරයක් ගෙන එය මට එල්ල කරමින් zzඒයි කතා කරපන්, කතා කරපන්ZZ යැයි තර්ජනය කළා. zzඋඹට වැඩිය ලොකු මිනිස්සු හතරවැනි තට්ටුවේදි කතා කෙරෙව්වා අපි.ZZ මෙසේ කිව් ඔවුන් මා සමඟ ඔවුන්ගේ කතාවෙන් මා ඔවුන් දන්නා, නොදන්නා කරුණු තේරුම් ගන්නවා මිසක් ඔවුන්ට එයින් ප්‍රයෝජනයක් නොවන බව තේරුම් ගෙන සමරසිංහ මහතා අවසානයේදී කීවා, zzමම තමුසේව යාපනය පොලිසියට ගෙනියනවා. නමුත් ගෙනියන්නේ නැත්තේ එහෙම ගෙන ගියොත් තමුසෙගේ කුණවත් නැවත බන්ධනාගාරයට ගේන්නට නොලැඛෙන නිසයි.ZZ මෙසේ කියා පිටත්ව යාමට නැගී සිටි ඔවුන් zzජාත්‍යන්තර කීර්තියට මෙන්ම, අපකීර්තියට ලක්වූ හතරවැනි තට්ටුවට එහෙනම් උඹත් ගෙනයනවා,ZZ යැයි කියා කොරිඩෝරයෙන් පිටවන ගමන් zzඅධිරාජ්‍යවාදයට විනාශයæ ජනතාවට විමුක්තියæZZ යයි කියා මාව උපහාසයට ලක්කරමින් යන්න ගියා. 1971 මැයි 12 දින මගෙන් ප්‍රකාශයක් ගැනීමට යාපනය බන්ධනාගාරයට ගිය රහස් පොලිස් නිරලධාරීන්ට එය සාර්ථක කරගත නොහැකිව හිස් අතින් ආපසු යන්න සිදුවුණේ ඔන්න ඔහොමයි. 

ඉන්පෙක්ටර් උපාලි සෙනෙවිරත්න මහතා මේ කොමිෂම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේ මා ඔහුගෙන් හරස් ප්‍රශ්න අසද්දී ඔහු පිළිගත්තා. එසේ යාපනය බන්ධනාගාරයට ගිය බවත්, මගෙන් කිසිම ප්‍රකාශයක් නොගත් බවත්, එසේ ප්‍රකාශයක් නොගත්තේ ප්‍රකාශයක් ගැනීමට ඔවුන්ට නොහැකි වූ නිසයි. මා එදා කතා නොකළ නිසයි.

ඊට පසුව එනම් 1971 ජූලි මස 17 වැනි දින උදය වරුවේ මා බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයට එක්කරගෙන ගියා. එහිදී බන්ධනාගාර අධිකාරී තංගරාජා මහතා විසින් මා ෂර්නි විෙජ්සූරිය, ජෙගනාදන් සහ රාමනාදන් යන රහස් පොලිසියේ ඉන්ස්පෙක්ටර්වරුන් වෙතට භාරදුන්නා. ඔවුන් මාව බන්ධනාගාරයෙන් පිටත යාපනයේ කොටුව තුළම නවතා තිබූ මිනින්දෝරු දොපර්තමේන්තුවේ ජීප් රියකට නංවා ගෙන යාපනය කොටුව තුළම පිහිටි පාළු පොලිස් බැරැක්කයකට ගෙන ගියා. ජීප් රියෙන් බැස නිවස තුළට මාව ඇතුළු කරන ගමන්ම ඉන්ස්පෙක්ටර් ජෙගනාදන් මහතා zzලොකු මහත්තයා, දැන් උඹේ වැඩ ඉවරයි, උඹේ පංති තිබිල්ලත් දැන් ඉවරයි, දැන් තියෙන්නේ අපේ පංති තැබිල්ලZZ යැයි කියමින් මට ඛෙල්ලට සහ පපුවට පහර කිහිපයක් ගැහුවා. 

නිවස තුළට මා ගෙනයනු ලැබූ විට එහි තබන ලද දිග මේසයක් පිටුපස නිලධාරීන් කිහිපදෙනෙක්ම වාඩි වී සිටියා. ඒ අය අතර ඉයන් වික්‍රමනායක මහතා, උප පොලිස් අධිකාරී එස්. බී. ඩබ්ලිව්. ද සිල්වා මහතා, ඉන්ස්පෙක්ටර් සුවාරිස් මහතා, ඉන්ස්පෙක්ටර් උපාලි සෙනවිරත්න මහතා, යතුරු ලේඛක ලෙනාඩ් පෙරේරා මහතා හා තවත් මා නම් නොදන්නා දෙදෙනෙක් හිටියා. වික්‍රමනායක මහතාගේ පළමුවැනි නියෝගය වූයේ මගේ උපැස් යුවල ගලවන ලෙසයි. නියෝගය නිකුත් කරන්නටත් පළමු රහස් පොලිස් නිලධාරියකු විසින් එය ගලවා ගනු ලැබුවා. මම බොරුවට උපැස් යුවලක් පලඳින්නේ යැයි පවසමින් වික්‍රමනායක මහතා මට බැණ වදින විට ඉන්ස්පෙක්ටර් ෂර්නි විෙජ්සූරිය මහතා කියා සිටියා. ඔහු එය එසේද කියා කලින් පරීක්ෂා කළ බව, හම්බන්තොටදී මා මුලින්ම අත්අඩංගුවට ගත් විට, ඔහු මෙන්ම මමත් පෙනීමේ රෝගයෙන් පෙළෙන බවත්, ඊළඟට වික්‍රමනායක මහතා මගේ කමිසය ගළවන ලෙස නියෝග කළා. ඒ වචන පිටවන්නටත් ප්‍රථම ඔවුන් මගේ කමිසය ගලවා ගත්තා. එය මේසය මතට විසි කරනු ලැබුවා. අනෙකුත් සහෝදරවරුන්ගේ මෙන් මගේ සරමත් නොගැලවීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙමි. 

පළමුවෙන්ම මගෙන්, මට පහරදෙමින් ප්‍රශ්න කළේ සෝවියට් දේශයේදී මා ගරිල්ලා සටන් පිළිබඳව පුහුණුවක් ලැබුවේද යන්නගැනයි. ඊළ`ගට විද්‍යෝදය සරසවියේදී මා විසින් පවත්වන්නට යෙදුනු දේශනයක් අඩංගු පොත (13-ඩී-1) ගෙන එහි රහස් පොලිසිය පිළිබඳව කියා ඇති ඡේදයක් කියවමින් එනම්, zzජනතාව කෙරෙහි කිසිම සිතක් පපුවක් නැති, සීනියර් පංතියේ ක්‍රිකට් ගැසීමේ දක්ෂතාව නිසාද, උස පැනීමේ, දුර පැනීමේ දක්ෂතාව නිසාද, විෂයන් හරියාකාරව හැදෑරීමේ ඇති අදක්ෂතාව නිසාද පොලිසියට හා රහස් පොලිසියට බඳවා ගනිපු අධිරාජ්‍යවාදයට ගැතිකම් කිරීම තුළින් පටි සහ තාරකා ගසා ගන්නා නිලධාරි මහත්වරුන්ගෙන්ය.ZZ වැනි පාඨ කියවමින් ඒවා මට හැකිනම් නැවත කියන ලෙස කියමින් zz කොහොමද තෝ කිව්වේ, ආයෙ කියාපිය බලන්න, තෝ එදා කිව්වේ අපකීර්තිමත් රහස් පොලිසිය කියලා නේද? තෝ ඒ දවස්වල ගැලරියට නේද කතා කළේ?ZZ කියමින් පහර දුන්නා. ඊළඟට වික්‍රමනායක මහතා මගෙන් ඇහුවා, මම යුද්ධ හමුදාවේ මේජර් සිගේරාත්, මේජර් දහනායකත් හඳුනාගත්තේ කොහේදීද? කවදාද? කියා. මා කීවා එවැනි අය මා කවදාවත් දැකලාත් නැහැ. එවැනි අය ගැන මා දන්නෙත් නැහැ කියා. එවිට මට තවත් වටයක් දිගට හරහට පහර දුන්නා. එසේ පහර දෙන ගමන් ජෙගනාදන් මහතා කිව්වා zzඒයි තවම මූලික සාකච්ඡාව පමණයි, පංති නොවේZZ කියා. 

මේ අස්ථාවේදී තදින් පහර කා විශාල ශාරීරික පීඩාවකට පත්වී සිටි මට වික්‍රමනායක මහතා ඔහුගේ උපැස් යුවල පහත් කර මා දෙස බලමින් කිව්වා, zzඕනෑම මිනිහෙකුට ද~ුවම් දෙන්නත්, නිදහස් කරන්නත් මට පුළුවනි. මා එහෙම ද~ුවම් දීලත් තියෙනවා. උඹත් ඔය විදියට ගියොතින් පොළොව පල්ලට තමයි යන්නේ. දැන්, ඉතිං උඹේ කෙරුම් ඔක්කොම ඉවරයි ඒ නිසා මැරුම් නොකා කතා කරපං. උඹ කතා කළත් නොකළත් එල්ලූම් ගස් අරින එක අරිනවාමයිZZ කියලා කිව්වා. එස්-13 හි කිහිප පොළකම එල්ලූම් ගස් අරිනවාය කීව කතාව ඇතුළත් වී තිඛෙන්නේ මෙන්න මේ හේතුවෙන්. 

zzදැන් උඹේ හොඳම කෙරුම්කාරයෝ දහදාහකට වැඩිය පොළව පල්ලේ ඉන්නේ. ඒ නිසා ඕවා හංගලා වැඩක් නැහැ, කතා කරපං.ZZ යැයි කිව්වා. එස්-13 කිහිපතැනකම දහදාහක් මරපු කතාව ඇත්තේ මෙන්න මේ උඩයි. මේ කොමිෂම හමුවේ සිය සාක්ෂියේදී අධිනීතීඥ බාලා තම්පෝ මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙද්දී වික්‍රමනායක මහතා පිළිගෙන තිඛෙනවා, ඔහු මෙසේ මා සමඟ රජය විසින් ජනතා විමුක්ති පෙරමුණේ අය දහදාහක් මරන්ට ඇතැයි කියන්ට ඇති බව. ඒ අවස්ථාවේදී විෙජ්සූරිය මහතා මගේ විශ්වාසවන්ත මිතුරන් යැයි ඔවුන් සැක කළ අය පිරිසකගේ නම් කියමින් ඌත් මැරුවා, මූත් මැරුවා යැයි කියාගෙන ගියා. ඒ අවස්ථාවේදී මා තුළ ඇති වූ හැඟීම් වචනයෙන් නම් කිසිසේත්ම විස්තර කළ නොහැකියි. මිනිසකු කිසිවක් කරකියා ගත නොහැකි තත්වයක හුදකලාව සිරගත කරනු ලැබ සිටියදී ඔහුගේ සගයින් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබ එම ඝාතකයින් විසින්ම, ඝාතකයින්ගේ සගයින්ම පැමිණ ඒ ඒ සිද්ධීන් ඔහුගේ මුහුණටම විස්තර කරනු ලබන විට, පුරාෙජ්රුවෙන්, තලූ මරමින් විස්තර කරනු ලබන විට ඔහු පත්වන තත්වය ඔබට සිතා ගත හැකිද? මට අද නම් ඒ සිද්ධිය මතක් වන්නේ මහ සයුර මැදට ගල් පර්වත පෙරළා දැමූ විට ඇති වන්නාක් බඳු තත්වයක් මා තුළ එවිට ඇති වූ බවයි. මහා පුදුමාකාර තත්වයක්, වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් මා තුළ ඇතිවූ බවයි. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මා තුළ ඇති වූයේ කිසිසේත්ම ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ අදහසක් නොව ඔවුන් කෙරේ මහත් ද්වේෂයක්, වෛරයක් හා පිළිකුළක් පමණකි. 

මේ අවස්ථාවේදී ඔවුන් විසින් මරා දමා ඇති තිලකරත්න සහෝදරයා ගැන සඳහන් කරමින් ඔහුගේ මිතුරකු යැයි ඔවුන් සඳහන් කළ නාවික හමුදා නිලධාරියකු වූ සමරසේකර නමැත්තකු ගැන අසමින් මට පහර දුන්නා. මා එවැන්නකු ගැන කිසිවක් නොදන්නා බව කී විට, zzඅඩෝ ඌත් කියනවා තෝව දන්නේ නැහැ කියලා. තෝත් කියනවා ඌව දන්නේ නැහැ කියලා. උගෙත් මයිල් ඔක්කොම ගැලෙව්වා. තොගෙත් මයිල් ඔක්කොම ගලවනවා. තොපි දෙන්නම කරන්නේ බොරුවZZ කියා. මේ අවස්ථාවේදී ඔහුගේ නම රැස්වීම් වලදී කිව්වේ ඇයිද? යනුවෙන් උපාලි සෙනෙවිරත්න මහතා මට පහර දුන්නා.

ඔහුගේ නොන්ඩි කකුලෙන් පහර දුන්නාට ඒ ගැන ඔහු සමග මගේ පෞද්ගලික වෛරයක් නැතත්, ඒ සිද්ධිය මගේ සිතින් බැහැර නොගොස් පවතී. තවදුරටත් උප පොලිස් අධිකාරී කේ. එස්. ද සිල්වා මහතාගේ පිටේ හයිඩ් පාක් රැලියේදී බෝඩ් එකක් තොපි එල්ලූවා නේද? කියා මට පහර දුන්නා. පැය කිහිපයකට පසු ද මා බන්ධනාගාරයට ගෙන ගොස් ඇරලූවා, දහවල් කෑම සඳහා. උදේ සිරමැදිරියෙන් ගෙන යද්දී කුමක් සඳහා මා යන්නේ දැයි නොදැනයි මා පිටවී ගියේ. 

දහවල් කෑම සඳහා මා ආපසු ගෙන ආ විට මා එදා ඒ පාළු පොලිස් බැරැක්කයේදී මුහුණ දුන් අත්දැැකීම්, මට එහිදී අසන්නට ලැබුණු දෑ මගේ සිත තුළ නිතැතින්ම රැව්පිළිරැව් දෙමින් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ මගේ ජීවිතයේ අවසාන දිනය යයි මට ඒ අවස්ථාවේදී හැඟ=ණා. ඒ විශ්වාසය උඩ හවස් වරුවේ මා නැවත වරක් රහස් පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ භාරයට ගන්නට මත්තෙන් මා එවකට සිටි සිරමැදිරියේ බිත්තියේ මගේ අන්තිම වචනය යැයි මා බලාපොරොත්තු වූ දෑ අඟ=රු කෑල්ලකින් ලියා ගියෙමි.  

දහවල් ආපසු වරක් මාව හිරගෙදරින් පිටත කලින් කී පාළු පොලිස් බැරැක්කයටම ගෙන ගියා. එහිදී ඔවුන් පළමුවෙන්ම මට ඉතාමත් කැත පිළිකුල් ලෙස නින්දා අපහාස කළා. අත්අඩංගුවට ගනු ලැබූ අහිංසක තරුණියන්ට පොලිසිය හා රහස් පොලිසිය විසින් කළ අශික්ෂිත අතවර තලූ මරමින් පුන පුනා ප්‍රකාශ කිරීමට මඳකුදු නොපැකිළුණු මොවුන් මාව මානසික වශයෙන් බිඳ දැමීම සඳහා කියනු ලැබූ කතා නැවත වරක් මෙනෙහි කිරීම පවා ඉතාමත් පිළිකුල් සහගතය. හවස්වරුවේද උදේ වරුවේ මෙන්ම ගෙනගිය ගමන්ම මගේ උපැස් යුවලත්, කමිසයත් ගලවා ගනු ලැබුවා. ඉන්පසුව අපහාස කිරීමත්, නොයෙක් දෑ පවසමින් පහර දීමත්, කලවමේත්, එකින් එක මාරුවෙන් මාරුවටත් සිදුවුණා.

උයන්ගොඩ සහෝදරයා ඉන්න තැන අසමින් වරක් පහර දුන්නා. පාර්ලිමේන්තුවේ ඉන්නා චේ ගුවේරාකාරයින් කවුරුදැයි අසමින් තව වරක් පහර දුන්නා. ප්‍රින්ස් ගුණසේකර හා බාලා තම්පෝ මහත්වරුන් ගැන අසමින් පහර දුන්නා. කොම්පඤ්ඤවීදිය පොලිසිය තුළ ඇති නෝටිස් බෝඩ් එකේ චේගුවේරා ලීෆ්ලට් එකක් අලවා ඇති බව කියා පහර දුන්නා. zzතෝ යකෝ පිටකොටුවේ පොලිස් වැඩවර්ජනයට තොගේ රැස්වීම්වලදි සහාය දුන්නා නේද?ZZ කියා අසමින් පහර දුන්නා. රහස් හත ආවේ කොහෙන්ද අසමින් පහර දුන්නා. zzපොලිසියේ රහස් චක්‍රලේඛන තෝ බැලූවා නොවේද? තොට ඒවා බලන්න දුන්නේ කවුද?ZZ කියා අසමින් පහර දුන්නා. මේ විදියට පැය කිහිපයක් ගෙවී යාමෙන් පසුව පහරදීමත්, නින්දා කිරීමත්, සාර්ථක නොවන බව පෙනී ගිය විට zzඅපි දන්නවා තොගේ කට අරවන හැටි. තොගේ කට අරවන්න යතුරු අපේ ළඟ තියෙනවාZZ කියා මේ නඩුවේ සැකකරුවන් පස්දෙනෙක් එකිනෙකා මා වෙත ගෙනාවා. 

ඒ පස්දෙනා නම්, පළමුවැනි සැකකාර පියතිලක සමරරත්න, හයවැනි සැකකාර නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, හත්වැනි සැකකාර වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල, දාහතර වැනි සැකකාර සිසිල්චන්ද්‍ර හා දාහත් වැනි සැකකාර විරාජ් ප්‍රනාන්දුයි. මොවුන් පස්දෙනා ඊට කලින් දින ඉයන් වික්‍රමනායක මහතා සහ රහස් පොලිස් නිලධාරීන් විසින් මගෙන් ප්‍රශAන කිරීම සඳහා, මා හමුවට ගෙන යාම සඳහා, මගේ කට ඇරීමේ යතුරු වශයෙන් පාවිච්චි කිරීම සඳහා විශෙAෂයෙන්ම කොළඹ සිට යාපනයට ගුවන් මගින් කැඳවා ගෙන ගොස් තිබිණි. ඉයන් වික්‍රමනායක මහතා සාක්කි දෙමින් නම් කියා සිටියේ ඔවුන් මා ඉදිරියට ගොස්, මට විරුද්ධව රහස් පොලිසියට කරුණු කීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වූ බවකි.

 ඒ කෙසේ වෙතත්, ඒ පස්දෙනාගෙන් හතර දෙනෙක්ම මා ඉදිරිපිටදී රහස් පොලිසියේ පැත්ත ගෙන රහස් පොලිසියට උවමනා පරිදි සත්‍ය කරුණුත්, විකෘති කරන ලද සත්‍ය කරුණුත්, එමෙන්ම අමූලික පට්ටපල් බොරුත් කීවා. මට විරුද්ධවත්, ජනතා විමුක්ති පෙරමුණේ වෙනත් සහෝදරවරුන්ට විරුද්ධවත්, එයිනුත් තුන් දෙනෙක්, එනම්, ලොකු අතුල, පොඩි අතුල හා විරාජ් ප්‍රනාන්දු කෙළින්ම, ස්වේච්ඡාවෙන්ම රහස් පොලිසියේ සුරතලූන් වී ක්‍රියා කළා. 

මුලින්ම මා හමුවට ගෙනාවේ හත්වැනි සැකකාර වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුලයි. ඔහු පැමිණි විගස ඉයන් වික්‍රමනායක මහතා නැගිට ගොස් පුටුවක ඔහු වාඩි කරවමින් zzආ පුතා වාඩියෙන්ZZ කියමින් සිගරට්ටුවක් පත්තු කර ඔහුගේ කටේ තබා zzදැන් කියාපන් මේ නායකයාට උඹ ඌත් එක්ක නොවෙයි ඉන්නේ, අපිත් එක්කයි කියලාZZ යැයි පැවසුවා. ඉන්පසු ෂර්නි විෙජ්සූරිය මහතා විසින් මෙහෙයවනු ලැබූ පොඩි අතුල කීවා, පළමුවෙන්ම ඔහු මට 1970 දී සිරිපාල අබේගුණවර්ධන සහෝදරයා අත පිස්තෝලයක් එව්වා කියා. මේ අවස්ථාවේදී ඔහු එය කියන්නේ ඔහුට එවැනි බොරුවක් පිළිගැනීමට සිදුවී ඇති නිසා විය හැකි බවත්, එවැන්නක් කරන්නට ඇත්තේ වඩා වැදගත් සත්‍යයන් වසන් කිරීමට විය හැකි බවත් සිතූ මම එය ප්‍රතික්ෂේප කර නිරපරාදේ ගුටි කනවාට වඩා ඔහුගේත් ප්‍රයෝජනය තකා එම බොරුව පිලිගත්තා. ඒ අවස්ථාවේ මා සිතුවේ පොඩි අතුල පංති සතුරාගේ පැත්ත ගත් ද්‍රෝහියකු වශයෙන් නොව, අමාරුවට දුෂ්කර තත්වයකට පත් සහෝදරයකු වශයෙනි. අන්න ඒ නිසයි ඔහු පලමුවෙන්ම කියූ බොරුව මා පිළිගත්තේ. නමුත් ටික වේලාවක් යන විට මට පොඩි අතුලගේ සැබෑ තත්වය තේරුම් යන්න වුණා. ඔහු තවදුරටත් දුෂ්කර තත්වයකට මුහුණ පාපු සහෝදරයකු නොවන බවත්, පංති සතුරාගේ පැත්ත ගෙන ඔවුන්ගේ සුරතලකු, ගැත්තකු බවට පත්වී ඇති ද්‍රෝහියකු බවත්, ඔහු රහස් පොලිසියේ වුවමනාවන් ඉටුකිරීම සඳහා බොරු කියන බවත්, පැහැදිලි ලෙසම තේරුම් ගියා. එය සිදුවුණේ ෂර්නි විෙජ්සූරිය මහතා විසින් මෙහෙයවනු ලැබ පොඩි අතුල විසින් මහා බේගල් එකින් එක මා ඉදිරියේ වැමෑරීම නිසයි. මේ අවස්ථාවේදී ඉයන් වික්‍රමනායක මහතා පොඩි අතුලට කිව්වා zzඋඹ පුතා මූට කීයටවත් බයවෙන්න එපා. මූ නම් මරන එක මරනවාමයි අපිZZ කියලා. පොඩි අතුල ලවා ඔවුන් කියෙව්වා, චීන හා කොරියන් තානාපති කාර්යාල සමඟ මගේ ළඟ සම්බන්ධකම් තිබුණු බවත්, ප්‍රින්ස් ගුණසේකර, බාලා තම්පෝ, එඩ්මන්ඩ් සමරක්කොඩි යන මහත්වරුන් සමඟ මගේ ළඟ දේශපාලන සම්බන්ධකම් තිබුණු බවත්, ඔවුන් නොදැනුවත්වම ත්‍රිවිධ හමුදාවේ වාමාංශික නිලධාරීන් සමඟ හා වෙනත් වාමාංශික දේශපාලනඥයින් සමඟ මගේ සම්බන්ධකම් තිඛෙන බවත්, ට්‍රාන්ස්මීටර් හා අවි ආයුධ ගැන මා දන්නා බවත්, ඔය ආදී වශයෙන් බේගල් බොහොමයක් ඔහු ඇද බෑවා. 

පොඩි අතුල කියූ බේගල් මම ඔහුගේ මුහුණටම ප්‍රතික්ෂේප කළ විට ජෙගනාදන් හා උපාලි සෙනවිරත්න යන මහත්වරුන් මට පොඩි අතුල ඉදිරියේම පහර දුන්නා. ඉන්පසු විරාජ් ප්‍රනාන්දුත්, ලොකු අතුලත් පොඩි අතුල පරිදිම ගෙනවිත් ඔවුන් ලවා නොයෙකුත් පුදුමාකාර බොරු බේගල් කියවා ඒවාත්, ඔවුන් ලවා කියවූ විකෘති කරන ලද සත්‍යයනුත්, සියල්ල පිළිගන්නට යැයි මට බල කරමින් පහර දුන්නා. එවිට මට පහර දෙනු බලා විරාජ් ප්‍රනාන්දු හා ලොකු අතුල සිනා වෙවී සිටින විට, ඔවුන් ලොකු අතුලටත් කීවා මට පහර දෙන ලෙස. ඔහු එවිට තවත් කොක් හ~ලා සිනාසෙමින් සිටියා. 

එදින සවස් වරුවේ පොඩි අතුල මුලින් ඉදිරිපත් කළ අවස්ථාවේ මා පොඩි අතුල කියන විට පිළිගත් ඇතැම් සත්‍යයන් මෙන්ම, බොරුත් සියල්ල උප පොලිස් අධිකාරී එස්. බී.ඩබ්. ද සිල්වා මහතා විසින් ලියා ගත්තා. ඔහු පහරදීම් කිරීමටත්, අපහාස කිරීම්වලටත් සහභාගි නොවී කළේ ඒ දෙයයි. ලොකු අතුල හා විරාජ් කියන ලද බොරු ප්‍රතික්ෂේප කර ඒවායේ සත්‍ය තත්වය කී විට ඒවායිනුත් ඇතැම්වා ඔහු ලියා ගත්තා. එදින හැන්දෑවේ මා ආපසු බන්ධනානාගාරයට ගෙනවිත් ඇරලු පසු පිට බිම තියා හාන්සි විය නොහැකි තත්වයකයි මා සිටියේ. එදින කෙනෙක් මගේ පිට දෙස බැලූවානම් එහි සපත්තු අඩි සීල් ගසා තිඛෙනු දැක ගන්නට හැකිවනු ඇත. 

එදින රාත්‍රිය මා පහන් කළේ කෙසේද යන්න ඔබට සිතා ගත හැකිද? මිනිස් සමාජයෙන් මුළුමනින්ම කලක් කොන්කර තනියම අඳුරු මැදිරියක වසා සිටි පුද්ගලයකුට එක් පැත්තකින් තම හිතවත්ම සගයින් මරා දමා ඇති බවත්, තමන්ගේ ව්‍යාපාරය දසදහස් ගණන් මිනිස් ඝාතනයන් මගින් විනාශ කර දමා ඇති බවත්, පැරණි විරුද්ධවාදීන් මෙන්ම වෙනත් අයත් ද්‍රෝහීන් වී පංති සතුරාගේ පැත්ත ගෙන හතුරාගේ අවශ්‍යතාවන් ඉටු කරනු සඳහා තමන්ගේ ව්‍යාපාරයට එරෙහිව බොරු කියා හා සත්‍යය විකෘති කර පවසන තත්වයකුත් හදිසියේ දකින මෙන්ම, තෙරක් නැති පුදුමාකාර අපහාස නින්දා වලටත්, චරිත ඝාතනවලටත් හිටි අඩියේම භාජනය කරනු ලැබූ මිනිසකු පත්වන මානසික තත්වය ඔබට සිතා ගත හැකිද? මට ඒ මුළු රාත්‍රිය තුළම නොකඩවාම සිහිවූයේ ඔවුන් විසින් මරා දමන ලදැයි කියූ මගේ කිට්ටුවර පැරණි සගයින් සමඟ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟීම සඳහා අනේක විද දුක් කරදර වලට මුහුණ දෙමින්, කුසගින්නේ සිටිමින් හා නිදිවරමින් ඒ ඒ තන්හි පොදුවේ හවුල් වී කරන ලද ක්‍රියාවනුයි. ඒ ඒ සහෝදරවරුන් හා මා අතර පැවති සම්බන්ධතාවන්, ඒ ඒ අය හමු වූ තැන් හමු වූ අයුරු, කතා කළ අයුරු, ගිය ගමන් බිමන් චිත්‍රපට සේයාවන් මෙන් මගේ සිත තුළ නොකඩවා දිව යන්නට වුණා.  

ඊට පසු දින උදේ සැකකරුවන් පස්දෙනාම මා හමුවට ගෙනාවා. ලොකු අතුලත්, පියතිලකත් ලවා එදින උදේ ඔවුන් මට කියෙව්වා, zzදැන් ඉතිං දන්න දේවල් ඔක්කොම කියන්න. මේ මහත්වරු කියන දේවලට එකඟ වෙන්නZZ කියලා. පියතිලකගෙන් යම්යම් දේවල් ඔවුන් ඇසූ විට ඔහු මුලදී සත්‍යය කීවා. නමුත් එය පිළිගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරමින් ඔහුටත් පහර කිහිපයක් ගැසුවා. zzඅඩෝ හාමුදුරුවෝ තෝ බොරු කියනවා නේද?ZZ කියා අවසානයේදී ඔහුත් ඔවුන් කියන දෙය අකමැත්තෙන් නමුත් අනුමත කරන්නට පටන් ගත්තා. සිසිල්චන්ද්‍රගෙන් ඔවුන් ඇසුවේ zzමූ තොගේ මස්සිනාද?ZZ කියලා, ඔහු එවිට බිම බලා ගත්තා. පසුව මම යාපනය බන්ධනාගාරයේ සිට පණිවිඩයක් එව්වාද? යන ප්‍රශ්නය පැන නැඟ=ණු විට මා එවැන්නක් එව්වේ නැති බව පැහැදිලි කළ විට, මා අත් අඩංගුවට ගත් පසු ඔස්මන්, සිසිල්චන්ද්‍ර හා කුමානායක මා බැලීම සඳහා කොළඹ සී.ආර්.පී. බන්ධනාගාරයට 1971 මාර්තු 16 වැනි දින සවස පැමිණි වේලාවේ මර්දනය උත්සන්න වන හෙයින් පසුබසින්නට කී බව සඳහන් කළ විට, සිසිල්චන්ද්‍ර වික්‍රමනායක 
මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එය එසේ බවත්, එනම් මර්දනය උත්සන්න වන හෙයින් පසුබසින්නට මා සඳහන් කළ බව කී විට, zzසිසිල්චන්ද්‍ර ඕනෑ නැහැ.ZZ කියමින් ඔහු රැගෙන ගියා

එදින සවස. එදින දවසේත් ලොකු අතුල, පොඩි අතුල හා විරාජ් ප්‍රනාන්දු ලවා කියවූ දේවල් මට පිළිගන්නට යැයි බල කරමින් මට අශික්ෂීත විදියට අපහාස කිරීමත්, මගේ ඥාතීන් පිළිබඳවත්, හිතවතුන් පිළිබඳවත් එලෙසම පොලිසියට අවනත වී නැති ව්‍යාපාරයේ ඇතැම් සහෝදර සහෝදරියන් පිළිබඳවත් ඉතාමත් නින්දිත විදියට අපහාස කළා. පසුදින, එනම් තුන්වන දිනයේ, උදයේ නැවත වරක් මා ගෙන ගොස් මිනිසකුට අසා සිටිය නොහැකි අන්දමින් ඉතාමත් අශීක්ෂිත ලෙස අපහාස කරන්නට පටන් ගත්තා. ඉහත කී සැකකරුවන් කියන දෑ පිළිගන්නා ලෙස බල කළා. මේ අවස්ථාවේදී එස්.බී.ඩබ්. ද සිල්වා මහතා මට කඩදාසි දී අපේ ප්‍රතිපත්ති ලියා දෙන ලෙස ඉල්ලා සිටියා. මම එය එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඉන්පසු අනෙක් සැකකරුවන්ගෙන් මෙන් මගෙනුත් ප්‍රකාශයක් ටයිප් කිරීමට උත්සාහ කලා. කිසිම ප්‍රකාශයක් දීමට මා සූදානම් නැති බවත්, කිසිම ප්‍රකාශයකට මා අත්සන් කරන්නේ නැති බවත්, මම කියා සිටියා. ඒ නිසා මගෙන් ප්‍රකාශයක් ටයි්ප් කර ගැනීම සඳහා ඉයන් වික්‍රමනායක මහතා විසින් ගෙන ගොස් සිටි ලොනඩ් පෙරේරා මහතාට කරදරයක් නැතිව ඉන්න පුළුවන් වුණා. ඔහු අද දින මේ කොමිෂමේ සේවයෙහි යෙදී සිටී.

මේ පිළිබඳව මා කියන මේ කතාන්තරය ඔහු හොඳින් දනී. අවසානයේදී අපේ ප්‍රතිපත්ති පිළිබඳ පටිගත කිරීමට යැයි මට කතා කරන ලෙස පෙරැත්ත කළා. මේ වන විට පැත්තකින් රහස් පොලිසියේ පැත්ත ගෙන ඇති අයවලූන් රහස් පොලිසියේ හා රජයේ වුවමනාව පිට කියන බොරු බේගල් ප්‍රතික්ෂේප කර ඒ පිළිබඳව සත්‍යය පැවසීමේ වුවමනාවකුත් අනෙක් පැත්තෙන් ව්‍යාපාරයේ හෙළිදරව් නොවී ඇති කොටස රැක ගැනීමේ අවශ්‍යතාවකුත් මා තුළ තදින් තිබුණා. මින් පළමුවැන්න සාර්ථක කිරීම ඉතාමත් දුෂ්කර කර්තව්‍යයක් බවත් මට පෙනී ගියා. සියලූ තත්වයන් සලකා බැලීමෙන් පසුව මේ නින්දා අපහාස ඇසීම් කෙළවරක් කර ගනු සඳහාත්, ද්‍රෝහීන් ලවා කියවන බේගල් ප්‍රතික්ෂේප කරනු සඳහාත්, අනෙක අතට හෙළිදරව් නොවී ඇති සහෝදරවරුන් රැක ගනු සඳහාත්, මට ක්‍රියාමාර්ගයක් ගන්නට සිදුවුණා. ද්‍රෝහීන් නැවත නැවතත් මා හමුවට ගෙන්වා රහස් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් ඔවුන්ට මෙතෙක් කියන්ට අමතක වී ඇති සත්‍යය කරුණු හෙළිවීමේ තර්ජනය ඇති බව මට දෙවැනි දිනයේදී පෙනුණා. එය එසේ වූයේ මගේ පොත්පත් කොහිද? කියා ප්‍රශ්න කළ විට මම ඒවා රහස් පොලිසියෙන් ආරක්ෂා කරගත යුතු හෙයින් අම්බලන්ගොඩින් ගෙන ගොස් මාතර සුසිල් සහොදරයාට බාරදුන් බවත්, ඔහු ඒවා තිබූ තැන නොදන්නා බවත් දැන් ඔහු මරා දමා ඇති නිසා ඒවා සොයා ගත නොහැකි බවත් කී විට ඔවුන් පියතිලකගෙන් ඇසුවා. පොත් ගෙනිච්චේ එදින කොහාටද? කියා. ඔහු එවිට එදින අපි ගියපු ගෙදරක නමක් කීවා. එහි පොත් තිබ්බේ නැහැ. පොත් තිබුණු තැන පියතිලක දැන සිටියේ නැහැ. නමුත් ඒ මගින් තවත් සහෝදරයකු හෙළිවන්නට ගියා. මා ඒ අවස්ථාවේදී මැදිහත් වී එය වැරදි බවත්, එතැන ගෙදරකට ගියේ සුසිල් ගේ යාළුවකු සොයා ගන්නට බවත් කියා යම්තම් බේරාගත්තා. 

මේ වැනි තත්වයන් නිසා මට ව්‍යාපාරයේ ඉතිරි අය ආරක්ෂා කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නට සිදු වුණා.අවසානයේ මම ටේප් එකට කතා කළා. මූලික වශයෙන් කතා කළේ ප්‍රතිපත්ති ගැනයි. මම එහිදී බොහෝ දේ මගේ කටට ආ ආ හැටියට කිව්වා. මහවැලිය, ජලගැලීම්, නියඟය, සෝදාපාළුව, රැකියා වියුක්තිය, ඉඩම් ප්‍රශ්නය , මුහුදු කෑම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කම්කරු පංතිය සූරාකෑම, මුඩුබිම් පනත් ආදී නොයෙකුත් දේ ගැනයි, මා වැඩියෙන් කතා කළේ. ඔවුන්ගේ උපක්‍රමය වුණේ ඒවා ගැන කතා කරන්ට දෙමින් මගෙන් යම් යම්දේ පිළිගැන්වීමටයි. මගේ උපක්‍රමය වුණේ එවැනි දේවල් ගැන කතා කරමින් දිගින් දිගට ඔවුන්ගෙන් මඟ ඇරීමයි. මට ඇත්ත වශයෙන්ම බත්මුහුණින්, ඇත්මුහුණ බිඳින්නට සිදුවුණා. 

මුලදී මා පොඩි අතුල කිවූ බොරු පිළිගනිපුවා, ඔහු මට පිස්තෝලයක් එව්වාය කියා වැනි දෑ මා ඒ වන විට පිළිගෙන තිබූ හෙයින් නැවත ප්‍රතික්ෂේප කර සත්‍යය පවසන්නට පුළුවන් වූයේ නැහැ. නමුත් එවැනි බොරු පිළිගැනීම නිසා වික්‍රමනායක මහතාත්, රහස් පොලිස් නිලධාරිනුත් සිතුවේ මම බොරු පිලිගන්නා හෙයින් දිස්ත්‍රික් ලේකම්වරු සියල්ල මම නොදන්නා බවත්, පොලිස් චක්‍රලේඛන ලැබුණේ තැපෑලෙන් බවත් එබැවින් ඒවා එව්වේ කව්දැයි නොදන්නා බවත් කී විට, සහෝදරවරුන් ආරක්ෂා කර ගන්නට එවැනි බොරු කී විට ඒවා සත්‍යයයි කියායි. සාක්ෂි දෙද්දී වගේ එදා මම ඒ සහෝදරයා දන්නවා. නමුත් නම කියන්නේ නැහැ යනුවෙන් කියන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ නිසයි එවැනි ක්‍රියාමර්ගයක් ගන්නට සිදුවුණේ. 

ඇත්ත වශයෙන්ම මා එහිදී ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව මා සෑහීමකට පත් වෙනවා. 1971 පෙබරවාරිවලදී පටන් උත්සන්න වන මර්දනය හේතුවෙන් ඊට මුහුණ දීම සඳහා ආරක්ෂක පියවරයන් වශයෙන් ආයුධ එකතු කළ බව පිළිබඳවත්, විරාජ් ප්‍රනාන්දුට අවි ආයුධ ගෙන එන්නට නොකී බවටත්, එවැන්නක් මා දැන නොසිටි බවටත්, 1971 පෙබරවාරිවලට පෙරනම්, ලොකු අතුල හා පොඩි අතුල ආයුධ එකතු කර ඇත්තේ මගේ අනුදැනුමෙන් තොරව බවත්, මා යාපනය බන්ධනාගාරයේ සිට කිසිම පණිවිඩයක් එව්වේ නැති බවත්, ඔස්මන්, කුමානායක හා සිසිල්චන්ද්‍ර පැමිණි වේලේ ඔවුන්ට පසුබසින්නට යැයි කී බවත් පිළිබඳව මම මගේ සාක්ෂියේදී මෙන්ම වික්‍රමනායක මහතා පටිගත කරද්දී සත්‍යය පැවසුවෙමි. නමුත් සාක්ෂියේදී ජනතා විමුක්ති පෙරමුණේ සෑම සාකච්ඡාවක් ගැනම සඳහන් කළ නමුත් වික්‍රමනායක මහතාට කීවේ පළමුවැන්න, කැලැත්තෑව සාකච්ඡාව පමණි. මන්ද? එය ගැන සඳහන් කළවිටම මා එහිදී සිදුවූ සියල්ල පැවසීමට අදහස් කළ නමුත් වික්‍රමනායක මහතාටත්, රහස් පොලිස් නිලධාරීන්ටත් වඩාත් අවශ්‍ය වුණේ එයට සහභාගි වුණු අය දැන ගැනීමටයි. නමුත් එය පැවසීම නම් ්මගේ අවශ්‍යතාව නොවේ. මේ අනුව එහි ගිය අය මට මතක නැතැයි කියන්ට සිදු විය.මේ අත්දැකීම් උඩ මා අනෙකුත් සාකච්ඡා ගැන සඳහන් කිරීම මඟ ඇරියෙමි. මන්ද ඒවාට සහභාගි වූ අය පිළිබඳව මගෙන් ප්‍රශ්න කරනු ලැබීම වළක්වා ලීමටයි.

ඒ අනුවයි, වික්‍රමනායක මහතාට කඹුරුපිටිය, දෙවිනුවර, කතරගම, අක්මීමන, හික්කඩුව වැනි සාකච්ඡා ගැන සඳහන් නොකළේ. එදා මගේ අභිප්‍රාය වූයේ අනෙක් සැකකරුවන් ලවා මා ඉදිරියේ රහස් පොලිසිය විසින් කිය වූ ප්‍රලාප ප්‍රතික්ෂේප කර සත්‍යය කියන ගමන් ව්‍යාපාරයේ ඉතිරි අයවලූන් රැක ගැනීමයි. මා පටි ගත කරද්දී ඔවුන් සමඟ උපක්‍රමශීලීව සමහර විට සුහද බවක් පෙන්වා ඔවුන් මා ලවා බොරු පිළිගැන්වූ බවත්, මට අපහාස කළ බවත්, මට පහර දුන් බවත්, මා එල්ලූම් ගස් අරිනවා යැයි තර්ජනයකළ බවත් ආදී නොයෙක් සත්‍ය දෑ මම එහි ඇතුළු කළෙමි. ඒවායින් සමහරක් මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රකාශයේදී ද දැකගත හැක. 

වික්‍රමනායක මහතාගේ නායකත්වයෙන් යුත් රහස් පොලිස් නිලධාරීන් මට පහරදුන් බවට එස්-13හිම කිහිප පොළක සඳහන් වනවාට අමතරව, සිසිල්චන්ද්‍ර විසින් වික්‍රමනායක මහතාගෙන් හරස් ප්‍රශ්න අසද්දී ඔහු ඉදිරිපිට මගේ කමිසය ගලවා තිබූ බවත්, මට පහර කිහිපයත් ගැසූ බවත් සඳහන් කර ඇත. මා ආපසු බන්ධනාගාරයට ගෙන යාමට සූදානම් වෙද්දී වික්‍රමනායක මහතා මට ඇඳගැනීමට කමිසය මා වෙතට විසි කළ බවත් සඳහන් කර ඇත. ඊට අමතරව 1971 ජූලි මාසයේදී වික්‍රමනායක මහතා ප්‍රමුඛ රහස් පොලිස් නිලධාරීන් මට පහර දීමෙන් පසු ඊළඟ වතාවේ මගේ මල්ලී 1971 අගෝස්තු වලදී මාව බැලීමට යාපනය බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මා විසින් ඒ පිළිබඳ විස්තර ඔහුට දන්වන ලදුව ඔහු නීතීඥ එඩ්මන්ඩ් සමරක්කොඩි මහතාට ඒ පිළිබඳ සඳහන් කරමින් මගේ ආරක්ෂාව සලසන්නට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ලියා ඇති ලිපියක් 13-ඩී-26 වශයෙන්ද, ඒ අනුව නීතීඥ එඩ්මන්ඩ් සමරක්කොඩි මහතා විසින් අගමැතිනියට යවන ලද ලිපියක රිසිට්පත 13-ඩී-26 වශයෙන්ද රෝහණ විෙජ්වීරට පහර දීම සම්බන්ධයෙන් එම ලිපිය ලැබුණු බවට අග්‍රාමාත්‍ය ලේකම්ගේ පිළිතුරු ලිපිය 13.ඩී.-26බී වශයෙන්ද ඒ කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු භාර අමාත්‍යංශයේ ස්ථීර ලේකම්ට යැවූ ලිපිය ලැබුණු බවට පිළිතුරු ලිපිය 13-ඩී-26සී වශයෙන්ද ලකුණු කර ඇත. 


(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි)


32 comments:

  1. දෙවෙනි පාර අහුවුනාම ගමනායක වගේඅය ඉන්න තැන වැමෑරුවෙත් මෙයාම නේද? තනතුරෙන් අස් නොවුනා කියලා ග්‍රාම සේවකලා, රජයේ සුළු නිලධාරීන් මරා දැමීමට අණ දුන්නෙත් මෙයාම නේද. ආණ්ඩු පෙරලන්න විප්ලව කරලත් මෙයාගේ පවුලට එයාව අවුරුදු ගාණකට හරි ඉතුරු කරපු පොලිස් නිලධාරීන් වැරදිනම් විප්ලව නොකර රජයේ රැකියාවක් කල පමනින් දරුවන්ට තාත්තලා අහිමි කරපු උන්ගේ නායකයා.

    ReplyDelete
    Replies
    1. මගෙ අදහසත් ඒකමයි.

      Delete
    2. Eke anith paththa, JVP nokarath ahinsaka tharunayange jeewitha wala watinakama thuttuwakata ganan nogena dahas ganan jeewitha vinasa karapu, deshapalakayange thutu panduru walata, padakkam walata anunge jeewitha dahas ganan huwamaru karagattu, thamunge atha paye tiyena hiri gathiya nathi karaganna tharuna jeewitha nathi karala dapu, tharuniyan dahas ganan dushanaya karapu saha karanna anubala dipu thuttu deke deshapalakayoth, CID ya athulu nugath police karayoth mehi kotas karuwan..

      Delete
    3. විජේවීර තම වෙනුවෙන් ලේ කඳුළු දහදිය හෙලූ නන්දන මාරසිංහත් මරා දැමීමට නියෝග දුන් කෙනෙක් නමුත් අත් අඩංගුවේදී සැකකරුවෙකු වූ ඔහුට කරන ලද පහර දීම අනුමත කල නොහැකියි

      Delete
  2. පරන දේවල් අමතක කරල ජවිපෙ නව ගමනක් යනව කියල හිත හදාගත්තත් (ඇත්තටම 2004 දි චන්දෙත් දීල ) මගෙ මතය වෙනස් වුනේ බුකියෙ පෝස්ට් දැක්කහම. 88/89 ජවිපෙ මිනීමැරුම් ඒ අය සාධාරනීකරනය කරන්නෙ මහ විලිලැජ්ජ නැති විදියට. බිම් මට්ටමේ ජේවීකාරයගෙ මනස ඒ වගෙයි. සක්කිලි කුනුගදගහන ආකල්ප තියෙන්නෙ. මෙන්න මේ කොමෙන්ට් බලන්න. මට මතක තිබුන ඒව.

    අප දෙවරක් මල් පාත්ති සකස් කළෙමු. තොපි ඒවා බුල්ඩෝසර්කළහ. ඊලඟ වර අඉ මල්පාත්ති යට බෝම්බ වලලන්නෙමු.

    88/89 යුගයේදී ඔබගේ ඥාතියා මලේ පහත කවර හේතුව නිසාද
    ස්ත්‍රී දූෂන ,මංකොල්ල, වෙනත් කුපාඩි වැඩ

    මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව.

    මෙහෙම ආකල්ප තියන උන්ට බලය ගියොත් විනාසයි.

    ජවිපෙ 88 දි මරපු 99% ක් අන්ත අස්‍රනායො.

    ප්‍රජාතන්ත්වාදී පක්ෂයක් වන එජාප දේශපලානය කිරීම.

    ජවිපෙ ඇදිරි නීතිය ක්ඩ කිරීම
    ජවිපෙ මැතිවරන තහනම කැඩීම
    ජවිපෙ තහනම නොතකා කඩය ඇරීම
    ජවිපෙ තහනම නොතකා රැකියාවට යාම.
    ජවිපෙ තහනම නොතකා ලාම්පු දැල්වීම
    ජවිපෙ බලහත්කාරී උද්ඝෝෂනවලට නොයාම

    මෙන්න මේ වගෙ ඒව. ගිය සතියෙද එපිට සතියෙද මන්ද සෝමවන්ස කියන එකා කියල තිබුන එහෙම දඩුවම් දෙන්න අයිතියක් උන්ට තියනව කියල.


    විජේවීරය දෙවැනි සන්නද්ධ අරගලයට අකමැතිවුනාලු. රාගම සෝමෙ ,ඉඩමේගම ,ඩී එම් ආනන්ද වගෙ මිනීමරුවන්ගෙ බලකිරීම මත විප්ලවයට ගියා කියලත් කියනව නේද. කොහොමත් මුන් ගදම මිනීමරුවො ටිකක්.

    කිසිම දේශපාලන පක්ෂයක් හත් අට දාහක් තම දේශපාලන අවශ්‍යතා සදහා මරල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ජනතා විකුක්ති පෙරමුණ පිළිබද අතීත මතකය
      http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

      Delete
    2. මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව කීම පොල්පොට් වර්ගයේ ප්‍රකාශයක්

      Delete
    3. //මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව.//

      ඔය කතාව අදාලවෙන්නේ හූඈන්පීයට .
      රoජන් විජේරත්න පාහර බල්ලා තමා කිව්වෙ කොල්ලො 10ක් මරපුවම ඵකෙක් ජේවීපී උනොත් ඈති කියලා....................
      යකා අවoකයෙක් නම් ඔතනදි බනින්න ඔන යූඈන්පී ඵකටයි,..............
      යකා ඉස්සර මහින්දට කඩේ ගියා දෑන් වගේ පොනියට කඩේ යන නිසාද කොහෙදො හූඈන්පීයට වචනයක් කියන්නේ නෑ.............

      //කිසිම දේශපාලන පක්ෂයක් හත් අට දාහක් තම දේශපාලන අවශ්‍යතා සදහා මරල නෑනෙ.//

      හූ ඈන්පීය 1983න් පටන් අරන් කීයක් මෑරුවද?

      ඔවට වගකියන්න ඔන රට ඵ් තත්වෙට පත්කරපු යූඈන්පී ශ්‍රී ලoකා මිනීමරුවො

      මහින්දටත් රට ,ඒ තෑනට ගේන්න ඔන උනා.............ඵත් ඊට කලින් ඵයාට කෙලවුනා...රතුපස්වල කටුනායක අවුල හලාවත දීවර උද්ගෝශනයෙදි මහින්ද රටට පෙන්නුවේ ඵයා ගේමට ලෑස්තී කියන ඵක තමා......
      ඵයාගේ ආන්ඩුවෙම උන් දෑනගත්තා මහින්ද ලක්ශයක් මරලා හරි බලයේ ඉන්න ඵකෙක් කියන ඵක......මහින්ද නම් කොහොමහරි බේරෙයි.....ඵත් ඔය ලක්ශෙ ඈතුලට ඈමතියො දහපාලොස්දෙනෙක්ටවත් රිoගන්න වෙනවා ................
      ඵ් නිසා තමුන්ගේ ජීවිතාරක්ශාව වෙනුවෙන් හිටපු ආණ්ඩුවෙ සහ හූඈන්පීයෙ සෙට්ඵකක් ඵකත් වුනා...............
      ඵහෙම නොවුනා නම් මහින්දත් ගඩාපි වගේ නිකන් යන ඵකෙක් නෙවෙයි....ලක්ශයක් දෙකක් මරාගෙන මිසක් !

      යකා තාම 1990වේ ජීවත් උනාට අපි ජීවත්වෙන්නෙ 2015.............

      අනික ඔයකියන 88/89න් පස්සෙ යූඈන්පී ශ්‍රීලoකා මිනීමරුව අහින්සකයො කීදෙනෙක් මෑරුවද..............ප්‍රාදේශීය සබා මෑතිවරණයක් ඉවරකරන්නෙත් හයහත්දෙනෙක් මරාගෙන.................
      ඵ්ත් ජවිපෙ ගල් කෑටයක් වත් අතින් අරන් නෑ...............

      යකාට තියෙන්නෙ ජෙප්පො ෆෝබියාව...................
      යකාට හෙම්බිරිස්සාව හෑදුනත් වගකියන්න ඔන ජෙප්පො................හා.......හා..............අනේ අනිච්චo මූ වගේ පිස්සෙක්................

      යකෝ ඉස්සල්ලා ජෙප්පො කියන කතාවක් තර්කානුකුලව බොරු කරලා පෙන්නපන්.(සoවාද වලදී පෑනලායන්නේ නෑතුව )

      ඵහෙම නෑතුව හෑම වෙලේම ජෙප්පො මෑරුවා ජෙප්පො මෑරුවා.............කියකිය ඉන්නකොට උබව විහිලුවට ලක්වෙනවා
      මොකද මටනම් උබව දෑක්කහාම මතක්වෙන්නේ ලෝකෙ පෙරලෙනවා කියලා දුවපු පිස්සු හාවව...............

      Delete
    4. ගැඩවිල් කතාව කිව්වෙ සෝමවංශ. ඒක කිව්වෙ බරසාර වචනත් එක්ක.

      රන්ජන් විජේරත්න නම් මිනීමරල යම් විනෝදයක් ලබපු කෙනෙක්. මම ඒ දවස්වල පොඩියි.මට 89 භීශන අත්දැකීම් මොකවත්ම නෑ. නමුත් රන්ජන්ගෙ හැසිරීම මතකයි. ඔහු මතක් වෙනකොටත් ඇග වෙව්ලන යම යකෙක් වගෙ මිනිහෙක්.

      රන්ජන්ල සෝමවංශල එකම බෝට්ටුවෙ. මිනීමරන්න හපන්නු. ගැඩවිල් කතාවෙන් පසු සෝම්මවංශ පොල්පොට්වාදියෙක් බව මම දැනගත්තා.

      මහින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වලු අන්න අතන මිනී එකසියගානක් තියනව කියල. එතකොට රන්ජන් කිව්ව මහින්ද වැරදියි එතන මිනී 248 ක් තිබුන කියල. රන්ජන් ආසියාවෙ හිටපු භයානකම මිනිහ වෙන්න පුළුවන්. මනුස්සයෙක්ද කියන එකත් සැකයි. ඔහුට දුප්පත් මිනිස්සු ,ගැමියො ගැන තිබ්බෙ අවඥාවක්. ගම්වල දුප්පත් කොල්ලො හිතේ හැටියට මරපල්ල කියල ආරක්ෂක අංශ වලට උපදෙස් දුන්නෙ ඒ නිසයි.

      මධ්‍යස්ථව බලන කොට පේනව 88 අවුරුද්දෙ ජවිපෙ භීෂනය එකසියගානට තිබුන බව. මුල් වරද කලේ ජවිපෙ. ඒක අවිවාදාත්මකයි. එදා තිබුනෙ ලේ පිපාසිත රජයක්. සාමකාමී පෙලපාලියකට වුනත් වෙඩි තියනව . තුවාල වෙලා ඉන්න උන් ඉස්පිරිතාලෙ යවන්න පෙර ගහල මරන යමපල්ලො වගෙ ආරක්ෂක අංශ හිටියෙ. ජනමාධ්‍ය මානව හිමිකම් මොකුත් නෑ. මේ අය එක්ක හැප්පෙන්න ලොකු බලයක් නැතිව ඉදිරියට ආපු එකම ජවිපෙ කළ වරදක්.

      එදා ජවිපෙ කළේ වැරදි දේශපාලනයක්.එහි වන්දිය රටේ තරුනයන් ගෙව්වා

      වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ. එජාප ප්‍රචන්ඩත්වය ඉක්මවා යන ජවිපෙ ප්‍රචන්ඩතවයක් 88 දි තිබුන. ඒක වැරදියි. මෙහෙම කියන එක පොන්නකමක් ලෙස පෙනෙන්න පුලුවන්. ඒත් අතේ කෙටේරියක්වත් නැතිව කොටි ගුහාවට යන එක ඔළමොළ කමක්.

      සියළුම විදේශීය සහාය ආන්ඩුවට .ජනතාවගෙන් 40% විතර හිටියෙ ආන්ඩුව එක්ක. හැම බලයක්ම ආන්ඩුවට. කොටි වලියට ආවෙ පසුබිම හදාගෙන. ජෙප්පො ඉස්කෝල කොල්ලො ටිකකට ගල්කටස් දීල ඉස්සරහට දැම්ම.

      වෛද්‍යතුමාගෙ මේ විවරන ප්‍රයෝජනවත්. මොකද ඉතිහාසය යලි සිදුවිය හැකියි. ජවිපෙ නොවුනත් වෙන කල්ලියක් හෝ එන්න පුලුවන්. රන්ජන් විජෙරත්නලා, වෛද්‍යරත්නලා ,උඩුගම්පොලලා ,අල්ගමලා පමනක් නොව ඉඩමේගම ලා,රාගම සෝමෙල, ඩී එම් ආනන්දලා වගෙ අය ගැන හැදෑරිය යුතුයි. යළි එවැනි මිනිසුන් බිහිවීම වළක්වන්න පුළුවන් එවිටයි.
      එවන්නන් ඉස්මතුවිය හැකි සමාජ ආර්ථික දේශපාලන වාතාවරනයන් ඇති වීම වළක්වන්න ඕන.කාටහරි වලිප්පුව හැදිල කැරලිගහන්න හිතුවොත් අනික් අය එයාව අල්ලල අංගොඩ ගෙනියන්න පුලුවන් මට්ටමක ඉන්න ඕන. විජේවීරල අංගොඩ ගෙනියන්න කෙනෙක් නොසිටි එකේ විපාක දුටුව නේද

      ඒ යුගයන් අධ්‍යනය කිරීමෙන් විශාල පිරිසකගෙ ජීවිත ගැලවෙනව. ආයෙ මොකෙක් හරි කොල්ලො උසිගන්නගෙන ආවොත් මිනිස්සුන්ට ඌව නවත්වන්න අවශ්‍ය දැනුම තියෙන්න ඕන. දෙමවුපියන් මේ වරත්තුවො ගැන ළමයින්ව පොඩිකාලෙම දැනුවත් කරන්න ඕන.

      ඩෙංගු මදුරුවො බෝවෙන තැන් සුද්ද කරනව වගෙ වැඩක් වෛද්‍යතුමා කරන්නෙ.

      Delete
    5. රoජන් විජේරත්න පාහර බල්ලා තමා කිව්වෙ කොල්ලො 10ක් මරපුවම ඵකෙක් ජේවීපී උනොත් ඈති කියලා//

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      රන්ජන් තිරිසනා ඒ කතාව කිව්වෙ ප්‍රසිද්ධියෙ. එහෙම ප්‍රකාශයක් දේශපාලකයෙක් කරයි කියල හිතන්නවත් පුළුවන්ද .මට නම් රන්ජන් කියනකොට මතක්වෙන්නෙ ඩ්‍රැකියුලා.
      ඇඩොල්ෆ් අයික්මාන් කිව්වලු ඔහු අංක එකේ යුදෙව් ඝාතකයා කියල රන්ජන් ඔහු අංක එකේ ගම්බද දුගීන් ඝාතනය කරන්නා කියල හිතාගෙන ඉන්න ඇති. කොල්ලො මරන වෑන් එකට කිව්ව කියන්නෙ බලුවෑන් එක කියලලු. දුගීන් ,රැකියා විරහිතයන් දඩාවතේ යන බල්ලන්ගෙ ගානට රන්ජන් ල තක්සේරු කළේ.

      Delete
    6. ///මධ්‍යස්ථව බලන කොට පේනව 88 අවුරුද්දෙ ජවිපෙ භීෂනය එකසියගානට තිබුන බව. මුල් වරද කලේ ජවිපෙ. ඒක අවිවාදාත්මකයි. එදා තිබුනෙ ලේ පිපාසිත රජයක්. සාමකාමී පෙලපාලියකට වුනත් වෙඩි තියනව . තුවාල වෙලා ඉන්න උන් ඉස්පිරිතාලෙ යවන්න පෙර ගහල මරන යමපල්ලො වගෙ ආරක්ෂක අංශ හිටියෙ. ජනමාධ්‍ය මානව හිමිකම් මොකුත් නෑ. මේ අය එක්ක හැප්පෙන්න ලොකු බලයක් නැතිව ඉදිරියට ආපු එකම ජවිපෙ කළ වරදක්.

      එදා ජවිපෙ කළේ වැරදි දේශපාලනයක්.එහි වන්දිය රටේ තරුනයන් ගෙව්වා

      වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ. එජාප ප්‍රචන්ඩත්වය ඉක්මවා යන ජවිපෙ ප්‍රචන්ඩතවයක් 88 දි තිබුන. ඒක වැරදියි. මෙහෙම කියන එක පොන්නකමක් ලෙස පෙනෙන්න පුලුවන්. ඒත් අතේ කෙටේරියක්වත් නැතිව කොටි ගුහාවට යන එක ඔළමොළ කමක්.///

      ලෝකේ පලවෙනි කෑරෑල්ල ගෑහෑව්වේ 1988 ලකාවේ නෙවෙයි.
      දූශිත සමාජපිඩක පාලනතන්ත්‍රයක් පවතින තෑන කෑරලි අනිවාර්‍යයි................
      රෝම වහල් කෑරලි වල සිට...........ඵකදහස් අටසියගනන්වල උඩරට කෑරල්ල වෙල්ලස්සේ කෑරල්ලද........වර්තමානයේ ලිබියාවේ ඊජීප්තුවේ ටියුනීසියාවේ කෑරලිද වනාදි වශයෙන් ඵදාත් අදත් හෙටත් අපි කෑමති උනත් අකමෑති වුනත් මේක සිද්දවෙනව.............මොකද දූශිත ප්‍රජාපීඩක පාලකයන් ජනතාව ඵතනට යොමු කරන නිසා..............

      88දී වුනේත් ඵයයි.............
      මෑතිවරන සිතියම් අකුලල සහෝදර ජාතියක් පනපිටින් පුච්චා මරලා දේශපාලන පක්ශ තහනම් කරලා රට බෙදන්නත් හදලා......මිනිස්සුන්ව පොඩිපට්ටම් කරලා ඵවාට ඵරෙහිව සාමකාමිව උද්ගෝශන කරපු අයව බල්ලො වගේ මරලා.........ඵ් අතරෙත් සාමකමීව රහසිගතව ජනතාව දෑනුවක් කරපු තරුනයන්ව උස්සලා දස වදදීලා මරලා, රටේ පොදු ජනතාව බල්ලන්ටත් අන්ත තත්වයකට පත් කිරීම නිසයි ඔය තත්වය ඈතිවුනේ.................
      ආත්මය විකුනාගත් නපුන්සකයෙකුට හෑරෙන්න කිසි ඵකෙකුට නිහඩව ඉන්න බෑ ඔය කියන තත්වය උඩ............

      ඔබතුමා අතේ කෙටේරියක් තියන් යනවා කියනඵකෙන් අදහස්කලේ මොකකද කියන ඵක අපෑහෑදිලියි !

      කොහොම වුනත් උනදේ අනිතිම නරකයි................නමුත් මේවාට වගකියන්න ඔන රට ඵ් තත්වයට ගෙනාපු පාලකයො මිසක් ජනතාව නෙවෙයි..............
      රoජන් විජේරත්න කියන්නේ පන්ති අදිමාන්යෙන් පෙලුන බල්ලෙක් !
      ඔකාට ශ්‍රීලනිප සමහර උන් උදව් කලා............හෑබෑයි වෑඩේ කියන්නේ ඔකා අතින් මෑරුනේ ජවිපෙ අයට වෑඩිය ශ්‍රි ල නි ප තරුණයො..............
      මොකක්දෝ පොට්ට කනාවකට කොටිහපුවො ටික යූඈන්පී මිනීමරුවො සෙට්ඵකම ඉවර කලා ඵකෙක් දෙන්නෙක් ඈරෙන්න..............
      ඵක ඵහෙම නොවුන නම් අපිට තාමත් කටක් අරින්න නම් හම්බුවෙන ඵකක් නෑ..................

      ඵජාපය ජනප්‍රියත්වයේ ඉහල අඩියකට පෑමිනෙමින් බලය ගත්ත අවස්තාවක ගෙනාපු අයවෑය බලන්න...............කොච්චර මොට්ටද?ඵජාපෙට මෙච්චරත් කෙලවෙලා දශක ගනන් විපක්සෙත් ඉදලා අපු ගමන් මෙහෙම කෙලිනවනම් කොහොම කෙලිල්ලක් කෙලින්න ඈත්ද ඵ් කාලේ............උන්ගෙ කෙලිල්ලට මහින්දයා කෑලේ.....................

      ඉතින් රටක් ගිනි ගන්න ඵක අහන්නත් දෙයක්ද?

      යකා මහතානනි මම ඔබට පුන්චි යෝජනාවක් කරන්නම්...........ඔබතුමාගේ ජවිපේ ෆෝබියාව පෑත්තකට දමා මේවා නෑවත කියවන්න.....ලෝක ඉතිහාසය තවටිකක් හදාරන්න........ඈත්තටම මද්‍යස්තව හිතන්න.......ඔබට තේරුම්බන්න පුලුවන් ඈත්ත !

      කෑපිටලිස්ට් ව්‍යාජ ෆ්‍රී වර්ල්ඩ් ප්‍රොපග්‍රෑන්ඩා ඵකෙන් අතිමිදෙන්න ඔබට පුලුවන් වේවි !

      මේවා කිව්වා කියලා මට ජවිපෙන් සල්ලි හම්බුවෙන්නේ නෑ...............අපි ජවිපෙට බෑන්නා කියලා මිනිස්සු කෑරලි ගහන ඵක නතරවෙන්නෙත් නෑ..........කරන්න ඔන සමාජ අසාදාරණය තුරන්කිරීම වෙනුවෙන් හෑකි පමනින් සුලුවෙන් හෝ පෙනී සිටීම !
      අන්න ඵදාට විතරයි ඔබ පතන ගෑටුම් වලින් තොර ලෝකය ඈතිවෙන්නේ................මගේ පෑතුමත් ඵයයි !

      Delete
    7. //ඩෙංගු මදුරුවො බෝවෙන තැන් සුද්ද කරනව වගෙ වැඩක් වෛද්‍යතුමා කරන්නෙ.//


      නෑහෑ වරදියි.

      ඩෙoගු සදහටම වදකල හෑකි BTI බෑක්ටීරියාව පස්සපෑත්තේ ගහගෙන හන්ගගෙන, වල සුද්දකරනවා යෑයි කියමින් මදුරු වල ඵහාට මෙහාට පෙරල පෙරල, හිටපුගමන් ඩෙoගු බෝකලා යෑයි අහිoසකයකු අල්ලා දඩයක් ඵහෙම ගහලා, මදුරු කොයිල් කොම්පෑනි වලින්වාසි ලබන, සවුක්කිය ඈමතියන්ගේ චිත්‍රයකි මට මෑවෙන්නේ !

      රුවන් මහතා වත් යකා වත්(යකා මහත්තයට රස්සා කට්ටක් හේම ලෑබුනාට ඊට ඵහා ලොකු දෙයක් නෑ නේ ) වාසිගන්නවා කියලා මම හිතන්නෙ නෑ................හෑබෑයි මේකෙන් වාසියක් වෙනවා බොහෝ නරියන්ට !

      Delete
    8. රන්ජන් විජෙරත්නලා, වෛද්‍යරත්නලා ,උඩුගම්පොලලා ,අල්ගමලා පමනක් නොව ඉඩමේගම ලා,රාගම සෝමෙල, ඩී එම් ආනන්දලා වගෙ අය ගැන හැදෑරිය යුතුයි. යළි එවැනි මිනිසුන් බිහිවීම වළක්වන්න පුළුවන් එවිටයි. ++++++++++++++++++++

      Delete
    9. ඩොක්ටර්,

      අපි රන්ජන් විජේරත්ත ගැන කතා කලයුත්තේ, සිදුවීම් ජාලය සමගයි, ඔබට මතකද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ව ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේ සිදුකලේ විශාල රැවටීමක්, ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙමෙයි තහනමට ලක්වෙන්නේ, අද සිටින වික්‍රමබාහු වැනි අයත් විජය කුමාරතුංග වැනි අයත් ජයවර්දන ජනාධිපතිගේ මෝඩ තහනමට ලක්වෙනවා.

      මගේ මතකය නිවැරදිනම් එක දෙයක් ගැන රන්ජන් විජේරත්තට ප්‍රසන්සාකරනවා එනම් ඔහු ප්ර්ලිමෙන්තුවේ බොරු කිවේ නෑ.

      මේ කාලයේ "අපේ එකෙක් මැරුවොත් උබලගේ 10 මරනවා " වැනි ස්ලෝගන් එකක් ලැබුනේ කොහොමද කියල මතක්කරන්න, මේ කාලයේ ඊස්රයල විශේෂ ආරක්ශක අංශයක් මගින් මට මතක "කීනි මීනි සංවිදානය " පැවසුවා ට්‍ර්ස්තවාදීන් ට මෙවැනි ක්‍රමවලින් බීතියට පත්කළ හැකි බව.

      ඇනෝ,

      //මහවලිය හදන විට ගැඩවිල්ලො මැරෙනව.//

      ඔය කතාව අදාලවෙන්නේ හූඈන්පීයට .

      මෙන්න ලෝකයෙන් ඔබට උදාහරණ https://www.youtube.com/watch?v=1-SI8RF6wDE

      රටක මිනිසුන් හැටියට ලෝකයේ රටාවල් දිවුණු වූ හැටි බැලිය යුතුයි.

      ඔබ බලන්න සිංගප්පුරුව, මැලේසියාව, හොංකොං මේ රටවල් දියුණු උනේ කොහොමද ?
      මේ රටවල් වල ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කිරීමට සිමා පැනවුනා, මුල් යුගයේ දී ඔවුන්ට ඉතා අඩු මිලට සේවා ලබාදිය යුතු උනා,
      මේ නිසා ආයෝජකයන් එම රටවලට විශාල වශයෙන් පැමිණියා (ඔබේ වචනයෙන් කියනවනම් සුරාකෑමට) සිදුවුනේ රැකියා අවස්ථා අදාල රටේ මිනිසුන්ට
      බහුල වීමයි. ඉන්පසු ශ්‍රමයේ මිල ඉහල ගියේ ආයෝජයයන්ගේ ඉල්ලුමට සරිලන ශ්‍රම සැපයුමක් ලබාගිය නොහැකි නිසා.

      අද එම රටාල් අපට වඩා ජිවන තත්වයෙන් දියුණුයි නමත් අපි සෑම විටම වර්ජන කරමින් අපට ඇති අවස්ථා නැතිකරගන්නවා

      Delete
    10. ලාංකික සිතුවිලි @ උඹල අපේ එකෙක් මැරුවොත් අපි දහයක් මරනව කියල නෙමෙයි කිව්වෙ. දහයක් මරල එකෙක් ත්‍රස්තවාදියෙක් වුනාට කමක් නෑ කියල කිව්වෙ. මේක පැහැදිලිවම ජනතාවට කළ තර්ජනයක්. රන්ජන් තිරිසනා එක ජෙප්පෙක් වෙනුවෙන් අහිංසකයො 9 ක් මරන්න සූදානම් කියන එක. සාමාන්‍ය ජනතාව ගැන රන්ජන් තිරිසනාට තිබුනෙ අවඥාවක්.ඊළාම් යුද්දෙදි මෙහෙම ප්‍රසිද්ධියෙ මිනීමරන බව පිලිගන්න අය සිටියෙ නෑ. ඊළාම් යුද්ධය කියන්නෙ සම්ප්‍රදායික යුද්ධයක්.
      රන්ජන් තිරිසනා වගේම අල්ගම තිරිසනාත් සෙබලුන් අමතා මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ කරල තිබුන. රන්ජන් තිරිසනා කෙලින්ම මීඩියාවලටම කිව්ව . ඒක නිර්ලජ්ජිතයි. රන්ජන් බොරුකිව්වෙ නෑ කියල කියන්න එපා. ඌ මරනව කියන වචනෙ උච්ඡාරනය කරන කොටත් මහත් තෘප්තියක් ලැබූ ඩ්‍රැකියුලා වගෙ එකෙක්. පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියෙ මරනව මරනව කියල කිව්වම උබල හිතන්නෙ උගෙ අවංක කකම කියල. ඌ එහෙම කියන්නෙ ඌට සන්තෝසෙ දරාගන්න බැරුව.

      සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නත් ඌ ගියාලු. මිනී බලන්නත් ගියාලු.
      රන්ජන් කියන්නෙ රෑ දොලහට මරලතෝනි දෙන උල ලේනෙක්. ඌ කෑ ගහන්නෙ ගම්බද දුගීන් මරපියවු ගම්බද දුගීන් මරපියවු කියල.

      Delete
    11. @ Lankika Sithuwili


      //රටක මිනිසුන් හැටියට ලෝකයේ රටාවල් දිවුණු වූ හැටි බැලිය යුතුයි.

      ඔබ බලන්න සිංගප්පුරුව, මැලේසියාව, හොංකොං මේ රටවල් දියුණු උනේ කොහොමද ?
      මේ රටවල් වල ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා උද්ගෝෂණය කිරීමට සිමා පැනවුනා, මුල් යුගයේ දී ඔවුන්ට ඉතා අඩු මිලට සේවා ලබාදිය යුතු උනා,
      මේ නිසා ආයෝජකයන් එම රටවලට විශාල වශයෙන් පැමිණියා (ඔබේ වචනයෙන් කියනවනම් සුරාකෑමට) සිදුවුනේ රැකියා අවස්ථා අදාල රටේ මිනිසුන්ට
      බහුල වීමයි. ඉන්පසු ශ්‍රමයේ මිල ඉහල ගියේ ආයෝජයයන්ගේ ඉල්ලුමට සරිලන ශ්‍රම සැපයුමක් ලබාගිය නොහැකි නිසා.

      අද එම රටාල් අපට වඩා ජිවන තත්වයෙන් දියුණුයි නමත් අපි සෑම විටම වර්ජන කරමින් අපට ඇති අවස්ථා නැතිකරගන්නවා
      //

      අනේ පවු තාම සිoගප්පූරු සිහිනයේ කිමෙදෙන තොත්ත බබාලා..............

      ඈමරිකන් කාරයො ප්‍රමුඛ දක්ශිනාශික කදවුර මුලු මහද්වීපයක්ම අන්තෙටම කොල්ලකාලා ඵ් සල්ලිවලින් දශයමයි විතර පොම්පකරලා පොඩි රටවල් දෙකතුනක් දියුණු කරනඵක උපක්‍රමයක් විදියට සාර්ථකව කරන ඵකක්................

      ධනේශ්වර ක්‍රමයේ අසාර්තකත්වය ගෑන මිනිස්සු කතාකරද්දී ඵයාලා මිනිස්සුන්ට සිoගප්පූරුව පෙන්නනවා.............
      මේ වගේ හුන්ඩු රටවල් දෙකතුනක් ඩොලර් මිලියන කීපයක් පොම්පකරලා ඵයාලට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දීලා අපේ මෝඩයන්ව අන්දන්න ප්‍රදර්ශන හාන්ඩයක් විදියට පවත්වාගෙන යනවා..................

      අනිත් අතින් මුලු අප්‍රිකාව ලතින් ඈමරිකාව සහ ආසියාව ම හූරන්කනවා..............

      අනේ බන් උබලා වගේ 1978ඉදන්ම සිoගප්පූරු සිහිනය බලබල ඉන්න මෝඩයෝ රෑලක්!

      අනික සිoගප්පූරුව පවත්වාගෙනය යන් යන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාද්ය ඈතුලේ සමාජ සුබසාදනය ඉහලයි !
      මහන්සියට ප්‍රමානවත් වෑටුප් ලෑබෙනවා..................
      නිතිය කාටත් සමානයි..............
      වoචා දූශන නෑ............
      හොරකම් මෑරකම් නෑ...............
      ඵ් රටවල වෑසියන්ගේ අනාගතය සුරක්ශිතයි !

      ඵ් නිසා තමා කෑරලි කෝලහාල නෑත්තේ...........මොකද ඵ් රටවල කෑරලි කෝලහාල ඈතිවෙන්න තරම් හේතුවක් පාලකයො ජනතාවට ඉතුරු කරලා නෑ.............
      ඵහෙම නෑතුව වෙනරටවල වගේ නීතිය අසමාන වෙලා මිනිස්සුන්ව හූරගෙන කන්න ආවනම් සිoගප්පූරු ලොක්කන්ට වෙන්නෙත් ගඩාපිට ගිය කල තමයි !

      අනික රට ඈත්තටම සoවර්දනය වෙනවා නම් ජනතාව අයිතිවාසිකම් කෑපකරලා ටිකක් දුක් විදින්න ලෑස්තීයි !ජපානය දියුනු වුනේ ඵහෙමයි !
      හෑබෑයි ලoකාවේ සිද්දවෙන්නේ කවදාවත් නොවෙන සoවර්දනයක් පෙන්නලා මිනිස්සුන්ගෙ සුබසාදනය කපලා ඵ් සල්ලිවලින් නායකයො පිස්සුකෙලින ඵක................
      මහත්තයො ඔයාට මේ දෙකේ වෙනස නොතේරුනාට මොලේ කලදක් හරි තියන ඵකෙක්ට මේ දෙකේ වෙනස තෙරෙනවා..............

      සoවර්දනයක් තකා කෑපවීම් කිරීම ඵකක්...................
      අසාර්තක පාලකයන්ගේ සිoගප්පූරු සිහිනවලට රෑවටී මානව අයිතිවාසිකම් නෑතිකරගෑනීම තව ඵකක්.
      මේ දෙකේ වෙනස තේරුම්ගන්න තමා මොලයක් අවශ්‍ය !

      වර්ජන නිසා ලකාවේ දියුනුව නෑති වෙනවලු..................මොනවද මේ මෝඩ කතා.................
      ලoකාවේ හරිහමන් වෑඩවර්ජනයක් අන්තිමට ඈතිවුනේ කවද්ද?මටනම් මතක නෑ.............
      පහුගිය කාලේ ලoකාවේ වෑඩවර්ජන නොතිබුන ඵකේ ලoකාව මේවෙද්දි දියුනුවෙලා තියෙන්න ඵ්පෑයි මාර විදියට.............කෝ ඵ් වුනාට අපිට ඵහෙම ඵකක් පේන්නෙ නෑ නේ.......

      මම දන්න විදියට ලoකාව දියුනුවෙන්නේ නෑත්තේ කම්කරුවන්ගේ වර්ජන නිසා නෙවෙයි.........ලoකාවේ අවුරුද්දකට වර්ජන 10ක් වත් වෙන්නෙ නෑ.........ඵ්වත් කරන්නෙ බෑරිම තෑන.......
      නායකයන්ගෙ හොරකම් නිසයි............නාස්තිය නිසයි..........මහින්ද හොරා,බෑසිල් හොරා,රවී හොරා,රනිල්ගේ මහබෑoකු යාලුවාගේ හොරකම වගේ බිලියන ගනන් වoචා නිසයි.................

      ලoකාවට ආයෝජකයො ඵන්නෙ නෑත්තෙ වෑඩවර්ජන නිසා නෙවෙයි ඔයාලා කරේතියාගෙන හිටපු බෑසිල්ලා වගේ හොරු ආයෝජයන්ගෙන් බිලියන ගනන් කප්පම් ඉල්ලන නිසයි...............ඵ්ක ආයෝජකයන්ම කියලා තිබුනා...............
      වෙනරටවල ඉන්නේ මිස්ටර් ටෙන් ප්‍රසන්ට්ලා...............ලoකාවේ ඉන්නේ බෑසිල්ලා වගේ මිස්ටර් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්ලා................ඉතින් ලoකාවට ආයෝජකයො ඵයිද?

      Delete
    12. මධ්‍යස්ථ මතධාරියා,

      ඔබ නිවැරදියි මේ කාලේ මට මතක තිබුනේ මෙහෙමයි, මම රූපවාහිනියෙන් මේ විවාදය දැක්ක වගේ තමයි මතක.


      AnonymousDecember 4, 2015 at 9:54 AM

      //මේ වගේ හුන්ඩු රටවල් දෙකතුනක් ඩොලර් මිලියන කීපයක් පොම්පකරලා ඵයාලට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දීලා අපේ මෝඩයන්ව අන්දන්න ප්‍රදර්ශන හාන්ඩයක් විදියට පවත්වාගෙන යනවා//

      ඔව් ඔබ මුලින්ම සින්ගප්පුරුවත් ශ්‍රී ලංකාවෙත් ප්‍රමාණය සොයන්න
      ශ්‍රී ලංකාව = 65,610 km²
      සිංගප්පුරුව = 718.3 km²

      එකියන්නේ කොලඹ නගරයට වඩා ටිකයි ලොකු

      සිංගප්පුරුව
      297.9 billion USD (2013) World Bank දල දේශීය නිශ්පාධිතය
      GDP per capita: 55,182.48 USD (2013) World Bank වාර්ෂික ඒක පුද්ගල ආදායම

      ශ්‍රී ලංකාවේ

      GDP per capita: 3,279.89 USD (2013) World Bank වාර්ෂික ඒක පුද්ගල ආදායම
      Gross domestic product: 67.18 billion USD (2013) World Bank දල දේශීය නිශ්පාධිතය

      ඔබට මෙහි වෙනස තේරුම් ගන්න අපහසුද ?

      //අනික සිoගප්පූරුව පවත්වාගෙනය යන් යන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාද්ය ඈතුලේ සමාජ සුබසාදනය ඉහලයි !
      මහන්සියට ප්‍රමානවත් වෑටුප් ලෑබෙනවා..................
      නිතිය කාටත් සමානයි..............
      වoචා දූශන නෑ............
      හොරකම් මෑරකම් නෑ...............
      ඵ් රටවල වෑසියන්ගේ අනාගතය සුරක්ශිතයි !//

      මේ තත්වයට ආවේ දශක ගණනක් දැඩි පාලනයකින් පසුවයි.

      //හෑබෑයි ලoකාවේ සිද්දවෙන්නේ කවදාවත් නොවෙන සoවර්දනයක් පෙන්නලා මිනිස්සුන්ගෙ සුබසාදනය කපලා ඵ් සල්ලිවලින් නායකයො පිස්සුකෙලින ඵක//

      මෙන්න මේක නිසා තමයි මම මිට පෙර මේ ගැන සදහන් කරන විට දෙසපලන්යයකුට මසකට ලක්ෂ 25 වැනි වැටුපක් ලබාගියයුතු අතර වැරදිලාවත් වංචාවක් කර අසුවුනොත් දැඩි දඩුවම් ලබාදිය යුතු බව කිව්වේ.

      //මහත්තයො ඔයාට මේ දෙකේ වෙනස නොතේරුනාට මොලේ කලදක් හරි තියන ඵකෙක්ට මේ දෙකේ වෙනස තෙරෙනවා..//
      ඔබට මොලේ කලදක් හරි තියනවනම් සිතන්න ඕනේ ලක්ෂ 500 එකවර (අවමව) වියදම්කර මුළු ජිවිත කාලයටම ලක්ෂ 120 පමණ උපයන්න මිනිස්සු මොකද පර්ලිමේන්තු එන්නේ කියල.

      //වර්ජන නිසා ලකාවේ දියුනුව නෑති වෙනවලු..................මොනවද මේ මෝඩ කතා................//

      ඔබ පොඩ්ඩක් 1960 /1970 දශක ගැන ශ්‍රී ලංකා වරාය ගැන සොයල බලන්න හැමදාම වර්ජන මෙකලයේ තමයි සිංගප්පුරුවට ආයෝජකයන් පැමිණියේ
      ඔවුන්ට ස්ථානයේ හැටියට වඩා ආකර්ශනිය තැන ශ්‍රී ලංකාව උනත් ආයෝජනය කරන්නේ සිංගප්පුරුවේ සහ මැලේසියාවේ.

      //නායකයන්ගෙ හොරකම් නිසයි............නාස්තිය නිසයි..........මහින්ද හොරා,බෑසිල් හොරා,රවී හොරා,රනිල්ගේ මහබෑoකු යාලුවාගේ හොරකම වගේ බිලියන ගනන් වoචා නිසයි.................
      //

      මෙයත් ඇත්ත තමයි නමුත් අද ජනතාව ලෙස කෝ ගත්ත පියවර, කෝ තොරතුරු දැනගැනීමේ පනත?

      //ලoකාවට ආයෝජකයො ඵන්නෙ නෑත්තෙ වෑඩවර්ජන නිසා නෙවෙයි ඔයාලා කරේතියාගෙන හිටපු බෑසිල්ලා වගේ හොරු ආයෝජයන්ගෙන් බිලියන ගනන් කප්පම් ඉල්ලන නිසයි...............ඵ්ක ආයෝජකයන්ම කියලා තිබුනා...............
      වෙනරටවල ඉන්නේ මිස්ටර් ටෙන් ප්‍රසන්ට්ලා...............ලoකාවේ ඉන්නේ බෑසිල්ලා වගේ මිස්ටර් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්ලා................ඉතින් ලoකාවට ආයෝජකයො ඵයිද?//

      කවුද කරෙතියාගෙන හිටියේ අපි මිට පෙරත් මේගැන කිව්වා http://lankasithuwili.blogspot.com/2015/03/blog-post_29.html






      Delete
  3. ලංකාදිප ප්‍රතයේ යන “මහ නඩුවේ සාක්කි“ කියන කොටස මම හැමදාමත් ආසාවෙන් කියවනවා..තොරතුරැ වලට ස්තුතියි

    ReplyDelete
  4. (වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි)

    තමන් විසින් ලියන පොත විකුනා ගැනීම පිණිස නැවත නැවත අතීතය වමාරා කෑම මගින්ඔබ බලාපොරොත්තුවන්නේ කුමක්ද ?
    පිලිතුරක් දෙන්න
    නැතිනම් ඇනොලට කොමන්ට් කිරීම අයින් කරන්න දාන කොමන්ට් මකාදැමීමට ඔබට ඇති අයිතිය ට වඩා එය වැදගත්

    ReplyDelete
    Replies
    1. 1) මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයට මා විසින් දී තිබේ. මෙම පොතෙන් එක සතයක්වත් මා අරගෙන නැත​. එම මුදල 71 අප්‍රේල් සංසදයේ රංජිත් දිසානායක මහතා ප්‍රමුඛ නිලධාරීන් වෙත ලැබේ. ඉන් ඔවුන් 71 අප්‍රේල් සංසදයේ ආර්ථික අපහසුතා තිබෙන සාමජිකයන්ට නිවාස තනා දීම වැනි ක්‍රියා කරති.

      2) හීනමාන තත්වය සහ බියසුළුබව නිසා සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබ වැනි ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයන් ගේ කොමෙන්ට් විවිධ බ්ලොග් වල මම දැක තිබේ. ඒවා අයින් කිරීම කොමන්ට් මකාදැමීම වත්තේ බළු අසූචි ඉවත් කරන්නක් මෙන් බොහෝ බ්ලොග්කරුවන් කරති. ඔබගේ පෞරුෂත්වය වර්ධනය කරගෙන එන්න එවිට බ්ලොග් වල්දී ඔබට නිසි ගරුත්වය ලැබේ. (සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබලා වැනි පුද්ගලයන් සිතන්නේ ඔබලා සැබවින්ම සැඟවී ඇති බවයි. එය වැරදිය​. ඔබේගේ නිර්නාමික කොමෙන්ටුව සමග ඔබගේ පරිගණකයේ අයි. පී අංකය ද සටහන්වී තිබේ )

      Delete
    2. (සැඟවී ඇනොනිමස් කොමෙන්ට් දමන ඔබලා වැනි පුද්ගලයන් සිතන්නේ ඔබලා සැබවින්ම සැඟවී ඇති බවයි. එය වැරදිය​. ඔබේගේ නිර්නාමික කොමෙන්ටුව සමග ඔබගේ පරිගණකයේ අයි. පී අංකය ද සටහන්වී තිබේ )

      මෙම පොතෙන් ලැබෙන මුළු ආදායම 71 අප්‍රේල් සංසදයට මා විසින් දී තිබේ
      සියලුම දෙනා දැනුවත් කලාට ඔබට ගෞරව කරමු


      අන්සතු පරිගණකයේ අයි. පී අංකයකින් කොමනට් කලවිට [ සයිබර් කැෆේ ]?

      ඔබ අනොලාට අකමැතිනම් ඔවුන් ඔබේ බ්ලොගට කොමෙන්ට කරන එක අයින් කරදමන්න
      ඔබට කැමති සෙට් එකක් හදාගන්න .
      කොමන්ට් මකාදැමීමට ඔබට ඇති අයිතිය ට වඩා එය වැදගත් කියා අප මතක් කර දෙමු

      Delete
  5. රුවන්, 71 කෑරලි කරුවකු වන මම ඔබේ කාර්ය අගය කර්මි. පමාවී හෝ මේ සන්වාදය වීම වෑදගත්. 71 න් පසු එය නොවී මේ විපාකය වූයේ 88/90 ජීවිත දහස් ගනනින් වන්දි ගෙවීමයි.
    බර්ටි රන්ජිත්

    ReplyDelete
    Replies
    1. බර්ටි ඔබව සාදරයෙන් පිළිගන්නවා . ඇත්ත අපි 71 / 88 ගැන සංවාදයක් ආරඹ්හ කල යුතුයි. නැතහොත් තවත් තරුණ පරම්පරාවක් බිලි බෝයිස්ලා වෙනවා

      Delete
  6. පොලිස්කාරයන් ආමි කාරයන් හා ඔවුන්ගේ පවුල්වල අයට විරුද්ධව භීෂණය පතුරන්න ගත් ජේවීපී තීරණය නිසා ඔවුන්ගේ කැරැල්ල අවසන්වුනා.
    රජීව් ගාන්ධි ඝාතනය කරන්න ගත් තීරණයෙන් එල්ටීටී අවසානය ලංවුනා

    තමන්ගේ තරම තේරුම් නොගෙන අධිතක්සේරුවෙන් අවසානය ( හෝ අවසානයට ලොකුම හේතුව ) ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අධිතක්සේරුව සැමවිටම ඔවුන් තුල දකින්නට තිබුණා

      Delete
  7. ඩොක්ටර්,

    //අත්අඩංගුවට ගනු ලැබූ අහිංසක තරුණියන්ට පොලිසිය හා රහස් පොලිසිය විසින් කළ අශික්ෂිත අතවර//

    මා දන්නා පරිදි 1971 සහ 1989 කැරලි දෙකේදීම ඝාතනය කළ සියල්ලෝම පාහේ පිරිමි කැරලිකරුවන්. ඉතාම සුළු පිරිසක් කාන්තාවනුත් ඝාතනයට ලක්වුණා. උදා: ප්‍රේමවතී මනම්පේරි වැනි. නමුත් මේ කියන පරිදි විශාල ලෙස කාන්තාවන් වධයට ලක්වුණේ නැහැ නේද? මා මෙම කැරලි දෙකේම ඇත්දැකීම් නැති තරුණයෙක් බැවින් හරියටම දන්නෙ නැහැ. අපේ පවුලේ අය කියන්නෙ නම් ගොඩක්ම පිරිමින්/ තරුණයන්ට භයානක කාලයක් වූ බවයි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. 1971 සහ 1989 කැරලි දෙකේදීම අත්අඩංගුවට ගනු ලැබූ තරුණියන් රැසක් දූෂණය කෙරුනා

      Delete
  8. JVP කලබල ක‍ාලෙ මාතර කර්මාන්තශාලාව තුන් හාර මාසයක් වහන්න වුණා. සේවක‍යෝ 30 දෙනකුට ඒ මුළු කාලයේ ම පඩි ගෙවමින් දෙසැම්බරයේ බෝනසුත් ගෙවමින් ඒ අයව රඳවා තබා ගන්න සිදුවුණා. ඒ වෙලාවෙ මං බැලුවෙ ලාභ පාඩු නෙවෙයි හොඳ සේවකයෝ ටික රැකගන්න විදිය. ඒ විතරක් නෙවෙයි, මගේ ජීවිතය බේරගන්න එංගලන්තයට වෙලා මාස තුනක් හැංගිච්ච ජීවිතයක් ගත කරන්න වුණා. සමහරුන්ට ඕනෙ වුණේ මගේ ෆැක්ටරිය ගිනි තියන්න. මේවා බොහොම අඳුරු මතක. -රාජා හේවාබෝවල - කළමනාකාර අධ්‍යක්ෂ නිපෝන් පේන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook