Saturday, February 7, 2015

පනාව

                     


මේසන් සහ ව​ඩු වැඩද හොඳින් දැනසිටි බාස් කෙනෙකුවූ සිරිපාලට ඩුබායි යාමට ලැබුනේ අහම්බෙනි. වලස්මුල්ල ප්රදේශයේ ඉපිද, ගමේම රැකියාව කළ සිරිපාල කොළඹ ගොස් තිබුණේ සිය ජීවිත කාලය පුරා වරක් හෝ දෙවරක් පමණි. අවිවාහකයකු වු හෙතෙම ජීවත් වූයේ තම මහළු මව සමගිනි. සිරිපාල කුඩා කාලයේදීම පියා මිය ගිය බැවින් ඔහු පිළිබඳ එතරම් මතකයක් සිරිපාල තුළ නොවීය.

වැඩිය රටතොට ගැන නොදැන සිටියත් සිරිපාල මේසන් සහ වඩු  වැඩට දක්ෂයෙකි. එහෙත් ඔහුගේ දෛනික ආදායම ප්රමාණවත් වූයේ එදිනෙදා යැපීමට පමණි. සිරිපාලගේ වැඩ හොඳ නිසා ගමේ ගෙයක්දොරක් තැනීමේදී නිතැතින්ම ගම්මු ඔහු සොයා පැමිණියහ. තවද සිරිපාල කරන වැඩ සඳහා ඔහු නියමිත මුදලක් නොඉල්ලයි. අතට දෙන ගානක් ගනී. මුදල් ඉල්ලා හෙට්ටු නොකරයි. මේ නිසා වැදගත් සමහරු ඔහුට ඉතා අඩු මුදලක් ගෙවයි. මේ ගැන සිරිපාල හිත නරක් කර නොගත්තද, ඔහුගේ අත් උදව්කාර පියසේන හිඟ මුදල් ගැන නිතරම මතක් කරමින් සිටී

පියසේන  නිතරම පැවසුයේ සිරිපාල මේසන් වැඩ සඳහා වැඩි මුදලක් අයකළ යුතු බවයි. පසුගිය මාසයේ ඔවුන් දෙදෙනා ජයනෝරිස් මුදලාලිගේ තාප්පය බැන්දේය. පුරා සතියක් වැඩ කිරීමෙන් පසු වැඩය නිම කිරීමට ඔවුන් දෙදෙනා සමත් වූවද ජයනෝරිස් මුදලාලි වැඩය සඳහා ගෙව්වේ සොච්චම් මුදලකි. පියසේන ගේ පෙරැත්තය නිසා සිරිපාල ලැබුණ මුදල මදි බව මුදලාලිට පැවසූයේ මුදලාලි අමනාප වේ යැයි බියෙන් යුතුවය

පියසේන  රටතොට පිළිබඳ දැණුම ඇත්තෙකි. ඔහුට ගාල්ල මාතර කොළඹ හොඳට හුරුය. නිතරම රට ගොස් හම්බකර ගැනීම කතා කළ පියසේන සිරිපාලගේ දක්ෂතා අගයන්නේ ගමේදී ඔහුගේ දක්ෂතාවයට සරිලන මුදලක් ඔහුට නොලැඛෙන බව පවසමිනි.

"සිරිපාල අයියා, මේසන් වැඩවලට හොදට ගෙවනවා. සිරිපාල අයියා වගේ වැඩ කාරයෙක් පිටරට ගියානම් හොඳට හොයා ගන්න පුලූවන් වෙනවා. මෙහේ බලන්න, හරියකට ගෙවනවද. ජයනෝරිස් කාරයා තාප්පය බැඳගෙන අන්තිමට සිරිපාල අයියාට කොකා පෙන්නුවා. ඔහොම වැඩකරලා බැහැ සිරිපාල අයියේ."

පියසේන කියන කතාවේ ඇත්තක් ඇති බව සිරිපාල දනී. එහෙත් ඔහු නිසොල්මන්ව විටක් හපමින් වැඩ කළේය. සිමෙන්ති ඇනීම නිසා ඔහුගේ දෙපා හා දෑත් අලූපාට වී තිබේ. හිසේද සිමෙන්ති කුඩු දක්නට ලැබේ.
පියසේන මල්ලී, ඔන්න ඔය වීල් බැරෝව අරන් වරෙන්සිරිපාල විධාන කළේය

වනිගසේකර ඉස්කෝල මහත්තයා අළුතින් තනන ගෙදර බාස්වැඩ බාර දෙන ලද්දේ සිරිපාලටය. අත්තිවාරම කැපූ පසු සිමෙන්ති කොට්ට තොගයක් සහ ගඩොල් ලෝඩ් එකක් ඉස්කෝලේ මහත්තයා ගුණපාලගේ ලොරියෙන් එවා තිබු. ගුණපාල කොන්දේ අමාරුවක් ගැන කියූ බැවින් සිමෙන්ති හා ගඩොල් බෑමද කළේ සිරිපාල හා පියසේන විසිනි. බානලද සිමෙන්ති කොට්ට වීල් බැරෝවේ පටවා, වරින් වර වාඩියට සිරිපාල ගෙන ගියේ වැඩි පරිස්සමටය.

"ඉස්කෝලේ මහත්තයාවත් අපිට සාධාරණ ගානක් ගෙවයිද කියා බලමු," පියසේන කීවේ ගුණපාලටද ඇසෙන්නටය.

"ඉස්කෝලේ මහත්තයා කුණා. ලොරියට සල්ලි අඩුකරන්ඩ කියලා වරුවක් හෙට්ටුකළා." ගුණපාල කීවේ අවඥා සහගතවය.

"වනිගසේකර ඉස්කෝලෙ මහත්තයා තේක්ක කැලෙන් කොටන් කපලා තියෙනවා. හෙට දිහාට මෙහෙට්ට අදියි. ඊයේ .අයි.සී මහත්තයාට බෝතල් වගයක් ගෙනිච්චා. ලී වලට, වැලිවලට දැන් ප්රශ්න වෙන එකක් නැහැ"පියසේන කීවේය.

"උඹට කව්ද කීවේගුණපාල ඇසුවේ කුතුහලයෙනි.

"ඕක නොදන්නේ කවුද?, තෙපා නිසා තමයි කොටන් කපන්න ගිහිල්ලා තියෙන්නේපියසේන තව තොරතුරක් එළියට දැම්මේය.

"පියසේන, ඔය කථාව නවත්තලා ඉතිරි සිමෙන්ති කොට්ට ටික බාපංසිරිපාල කිව්වේ නොඉවසිල්ලෙනි. දබර ඇඟිල්ලෙන් දහඩිය සූරා දැමූ සිරිපාල යළිත් වීල්බැරෝවට සිමෙන්ති කොට්ට අඩුක් කළේය. එදින ඔව්හු බිම්කරුවල වැටෙන තෙක් වැඩ කළහ. ගෙදර යාමට සූදානම් වූ සිරිපාල රාති්රයේ වාඩියේ නවතින ලෙස පියසේනට කීවේය.


"පියසේන මල්ලී, උඹ අද රෑ වාඩියේ හිටපන්. සිමෙන්ති කොට්ට එහෙමත් තියෙනවා. කවුරුහරි රෑ මේ ටික ඇද ගත්තොත් මාර කෙළියක් වෙන්නේ."

පියසේන රෑ වාඩියේ නතර වීමට එකඟවූයේ නැත. —අනේ සිරිපාල අයියා, අද රෑ මට ගිල්බට්ලැයි ගෙදර යන්න තියෙනවා, සිරිපාල අයියා අද රෑ නවතින්ඩ

"උඹට පිස්සුද? අම්මා තනියෙන්. මට මෙහේ රෑ නවතින්න බැහැ. උඹ හිටපන්. මම හෙට උදෙන්ම එනවා
මුහුණ නරක්කරගත් පියසේන සිරිපාලගේ විධානයට කීකරු විය,

"පියසේන මල්ලී, මම හෙට උදේට එන්නම්. කොහෙවත් යන්න එපා. අද රෑ ඉස්කෝලේ මහත්තයත් එන්න පුළුවන්."

මෙසේ කී සිරිපාලදාඩිය දාඩිය වැකුණ ශරීරයෙන්ම නිවෙස බලා යාමට පිටත් විය.ඔහුගේ මහළු මව  රෑ කෑම උයා සිරිපාල එනතුරු බලාසිටියාය. රාත්රී අටට පමණ ගෙට ගොඩවැදුණු සිරිපාල ලිඳෙන් හොඳහැටි නාගත්තේය. නෑමෙන් පසු බඩගිනි දැනුන හෙයින් ඔහු කුම්බලා මාලූ හොදි සමග කැකුලූ හාලේ බත් අනුභව කළේය. ඔහු කෑම කන තෙක් ලඟටවී සිටි අම්මා ඔහුට තවත් මාලූ පිනි බෙදුවාය.

"පුතේ, මේ දවස්වල වියදම් සැරයි. කඩේට රු.800  ක් ණය තියෙනවාමව ආයාචනාත්මක හඞකින් කීවාය.

"බලමු අම්මේ හෙට වනිගසේකර ඉස්කෝලේ මහත්තයාගෙන්වත් ඉල්ලා ගන්නවාසිරිපාල පැවසුයේ ස්ථීර නොවන හඞකිනි. ගතේ විඩාව නිසා සිරිපාල ඉක්මනට නිදි පැදුරට ගියේය. එහෙත් හිමිදිරියේ අවදිවූ ඔහු ලහිලහියේ ඉස්කෝලේ මහත්තයාගේ අලූත් නිවස සදන තැනට ගියේ පියසේනට ඳිආප්ප පාර්සලයක්ද රැගෙනය.

ඔහු යනවිට පියසේන වාඩියේ කහට කෝප්පයක් සූ දානම් කරමින් සිටියේය. හකුරු කෑල්ලක් සමග බෙලෙක් කෝප්පයකට තේ කහට දමා අතට ගත් සිරිපාල සිමෙන්ති කොට්ට දෙස බැලීය.

 "පියසේන මල්ලී, මේ ටික මේ සුමානෙට ඇති. ඒත් ලබන සුමානේ අලූත් ලෝඩ් එකක් ඕන වෙයි. හවස ගිහින් ඉස්කෝලේ මහත්තයා හම්බ වෙලා මම කිව්වා කියලා රුපියල් දාහක්   ඉල්ලාගෙන වරෙන්,

මුදල් ගණුදෙනුව සිරිපාල පියසේනට පැවරුවේ ඔහු හෙට්ටු කිරීමට දක්ෂයකු බැවිනි. පියසේන ගෙන එන මුදලින් රුපියල් එකසිය පනහක් පියසේනට දියයුතුයි. සිරිපාල තීරණය කළේය.

"සිරිපාල අයියේ, මම දැන් යන්නද? මට ඊයේ ගිල්බට්ලැයි දිහාවේ යන්න බැරිවුනා. හදිසි පණිවිඩයක් තියෙනවා. එකත් කියාගෙන ඉස්කෝලේ මහත්තයා හම්බවෙලා සල්ලිත් ඉල්ලාගෙන එන්නන්

මොහොතක් කල්පනා කළ සිරිපාල ඊට අනුමැතිය දුන්නේය. කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් පියසේන සයිකලයට නැගී ගියේය. පියසේන ගියපසු සිරිපාල මේසන් හැන්ද අතට ගත්තේ තමා කැපූ අත්තිවාරමේ පාදමට සිමෙන්ති දැමිය යුතුයි යන අදහසිනි.

පියසේන ගිය පසු සිරිපාල තනිවම වැඩය කරගෙන ගියේය. පැය දෙක තුනක් ගිය නමුදු පියසේන නාවේය. "මූ කොහේ තොලොන්ජි උනාද? කියමින් සිරිපාල තනිවම ගඩොල් හා සිමෙන්ති සමග ඔට්ටු විය.

රෑ වන තෙක් පියසේන ආවේ නැත. කලින්ම වැඩ නිම කළ සිරිපාල කමීසය දාගත්තේ පියසේනගේ ගෙදරට ගොස් හොඳවායින් දෙකක් කතාකර දෙහි කැපීමට සිතා ගෙනය. පියසේන ජීවත් වූයේ ඔහුගේ අයියා සමගය. කුඩා රේස් බුකියක් පවත්වාගෙන ගිය අයියා රහසේ අරක්කු පෙරුවේය.

පියසේනගේ අයියාගේ බුකියට ගොඩවැදුනු සිරිපාලට. අයියා බුකිතුන්ඩු ලියමින් සිටිබව පෙනිණි. මොහුගේ අයියා ධර්මදාසය.

", මේ සිරිපාල බාසුන්නැහේ නේඇ මොකද මේ පැත්තේ, ඕලොන් පාරක් වත් දාන්නදපියසේනගේ වැඩිමහල් සොහොයුරු ධර්මදාස ඇසුවේ කුතුහලයෙනි.

"නෑ, මම පියසේන ඉන්නවද කියලා බලන්ඩ ආවේ. මිනිහා උදේ පොඩි පණිවිඩයකට ගියා. තවම ආවේ නෑනේ. මම වනිගසේකර ඉස්කෝලේ මහත්තයලගේ අළුත හදන ගේ වැඩකරන ගමන් මේ ආවේ. කෝ පියසේන

"පියා මල්ලී කොළඹ ගියානේ බාස් උන්නැහේ

"මක්කැයි කීවේ, කොළඹ ගියා?"

"ඔව්, ඔන්න රට යන ඒජන්සි යනවද මොකක්ද කියලා ගියේ˜ ධර්මදාස පැවසුයේ කනේ ගසාගත් බීඩිය පත්තුකර ගනිමිනි

සිරිපාලට හොදටම කේන්ති ගියේය.

"හොදයි, මං යන්නන්.පියසේන ආවොත් මාව මුණගැහෙන්න කියන්නකෝ

සිරිපාල ගෙදර ගියේ තරහෙන් පිපිරමිනි. පසුවදාද පියසේන ආවේ නැත. සිරිපාල අසීරුවෙන් අසල්වැසි ගැටවරයකු අතුදව්වට කැඳවාගෙන ගෙය සෑදීමේ වැඩ කරගෙන ගියේය. මෙලෙස සතියක්ම ගතවිය. පියසේන පැමිනියේ නැත. "මූ මටත් නොකියා රට ගියාවත්ද˜ සිරිපාල කල්පනා කරන්නට විය.

අතුරුදහන් වී අටවැනි දින හිටිහැටියේම පියසේන මතුවූයේ මුහුණේ සිනාවවක්ද සමඟිනි. පියසේන දුටු සිරිපාලට හොඳටම තරහ ගියේය. කෝපය නිසා ඔහු මුවින් නොබැන පියසේන නොදැක්කාක් මෙන් සිමෙන්ති ඇනුවේය.

"සිරිපාල අයියේ, මෙදා  සැරේ අපි ගොඩ. මම කොලඹ ගියා රස්සාවක් බලන්න අපි දෙන්නටම. සෞදිවල රස්සා දෙකක් දෙන්නම් කියලා ඒජන්සියේ මහත්තයා කිව්වා

පියසේන ගෙනා අලූත් ආරංචිය නිසා සිරිපාලගේ තරහ ගින්නට දැමූ වතුර මෙන් නිවී ගියේය

" ඉතිං උඹට මට කියලා යන්ඩ තිබුණානේසිරිපාල කීවේ තරහ මුසු හඞකින් නොවේ

"මේකනේ සිරිපාල අයියේ උනේ, ගිල්බට්ලැයි ගෙදර ගියා. එතකොට ගිල්බට් කොලඹ යන්ඩ පිටත් වෙනවා. මටත් එන්ඩ කිව්වා ඒජන්සියට යන්න. මිනිහා පස්සෙන්ම ගිහිං වැඩේ හදාගන. ලබන සුමානේ ගිල්බට් ජෙඩා යනවා. අපි ඉක්මනට යං සිරිපාල අයියේ. මෙහේ වගේදාඩිය දාගෙන සිමෙන්ති අනන්න ඕනෑ නැහැ. ඔක්කොම කරන්නේ යන්ත් වලින්මෙහේ අවුරුද්දට හොයන සල්ලි එහේ මාසයකින් හොයන්න පුලුවන්"

"අපට ගහෙන් ගෙඩි එන්න වගේ යන්න ඇහැකියැ. ඉස්කෝලෙ මහත්තයගේ ගෙයි වැඩය ඉවර කරල දෙන්න එපැයි."

" අනේ සිරිපාල අයියේ, අනුන්ට කඹුර කඹුර හිටියට අපිට සෙතක් වෙනවද? ඔන්න ඉතුරුවැඩ පබිලිස් බාස්ට  බාර දීල අපි රට යමු"

"එහෙම හැකිය පියසේන. ඉස්කෝලේ මහත්තයා, මට වැඩේ බාර දුන්නේ පබිලිස්ගේ වැඩ හොඳ නැතෙයි කියලනේ."

"අනේ මා දන්නෑ සිරිපාල අයියේ, මම තනියම හරි යනවා මෙදා  සැරේ. මෙහේ දලා අපිට මිනිස්සු වෙන්ඩ බෑ, මට දැන් යන්ඩ තියෙනවා ග්රාම සේවක හම්බ වෙන්ඩ˜ මේසේ කියූ පියසේන රූටා ගියේය.

එදින සවස් වනතුරු වැඩකළ සිරිපාල, පියසේන කියූ රට රස්සාවගැන සිතුවේය, එදින රාති්රයේ පියසේනයලිත් සිරිපාල සොයාගෙන ආවේය.

"සිරිපාල අයියේ, මම ලබන සුමානේ පාස්පෝට් හදන්න කොළඹ යනවා. සිරිපාල අයියා වැඩේට කැමතිනම් මාත් එක්ක එන්න

පිටරට ගමනට සිරිපාල නිහවම අනුමැතිය දුන්නේය. රට රස්සාවේ වැඩ සියල්ලම කළේ පියසේනය. පාස්පෝට් සඳහා පොටෝ ගැනීම, පෝරම් පිරවීම, රැකියා එජන්සියට යෑම, මේ සියලූ දෙයක්ම සිරිපාල කළේ පියසේනගේ ගුරුහරුකම් මැදය.

මැදපෙරදිග රැකියාව සඳහා ඔවුන් දෙදෙනා වරින්වර  මාතර හා කොලඹ ගියහ. මේ හේතුවෙන් වනිගසේකර ඉස්කෝලේ මහත්තයාගේ නිවසේ ඉදිකිරීම් වැඩ  මුළුමනින්ම අඩාලවිය. හිඟ මුදල් ලබා ගැනීමට පවා සිරිපාල ඉස්කෝලේ මහත්තයා හමුවීමට නොගියේ බඩපුරා බැනුම් ඇසීමට සිදුවන බැවිනි.

රට රස්සාවේ දැනමුත්තා වූ පියසේන ඇතැම් දිනවල රාති්රය ගතකළේ  සිරිපාලගේ නිවසේය.

"සිරිපාල අයියේ, පිටරට ගිහිල්ලා අවුරුදු දෙකක් වැඩ කළත් අපි ගොඩ. මගේ අදහස සල්ලි ටිකක් ඉතුරු කරගන, තී්රවීල් එකක් අරගන ලඹ කැටේට නිවාඩු දෙන්න. පියසේන පැවසුවේ කුප්පිලාම්පු එළියෙන් බත් කන අතරය.

"අනේ පුතේ මට නං බයත් හිතෙනවා "සිරිපාලගේ මව කීවාය.

"අම්මා, මොනවට බයවෙනවද? ගිය අවුරුද්දේ ලක්ස්මන් අයියා ඩුබායි ගියේ. අනිද්දා ගිල්බට් යනවා. ඕවා මොනවද? කටුනායක ගිහිල්ලා ප්ලේන් එකට නගිනවා. බහින්නේ සෞදි වලින්ඒජන්සි එකෙන් ඇවිත් අපව ගෙනියනවා. මාතර යනවටත් වඩා ලේසියි

"අනේ පුතේ ඔය රටවල නීති හරි තදයි. හොරකම් වැරදි කළොත් අතපය කපනව කියල සීබට් මුදලාලිගේ කඩේදී විමලාවතී කිව්වා. උඹලා බොහොම පරිස්සමින් වැඩ කරපන්.˜  ඇය කීවේ තැති ගත් විලසිනි.

"අපි ඔයවගේ වැඩ කරනවයි අම්මේ. අපි රට යන්නේ තුට්ටු දෙකක් හොයා ගන්න මිසක් හොරකම් කරන්න, මංකොල්ල කන්න නෙමෙයිනේමහලොකුවට දෙපාරක් ඩුබායි ගියාට විමලාවතීගේ කැරැට්ටුව ගැන අහගන්න එපැයි මැගි අක්කගෙන්පියසේන පැවසුවේ නොක්කාඩු ස්වරයෙනි.

තවත් සුමාන දෙකක් ගතවිය. පියසේන දන්නා හඳුනන ක්‍රම​ මඟින් පාස්පෝට් සාදවා ගත්තේය. පාස්පොට් ලැස්තිකර ගැනීමෙන් පසු මාසය අන්තිමට සෞදි අරාබියේ ඉදිකිරීම් සමාගමක රැකියාවකට යා හැකිබව එආජන්සියෙන් ඔවුන්ට දන්වන ලදී. වෙනදා සිරිපාලගේ අත් උදව්කරුවා ලෙස වැඩකළ පියසේන මෙහිදී මුදුනා මෙන් කටයුතු කෙළේය. ඔහු උදන් ඇනුවේ සිරිපාලගේ මවටත් ඇසෙන ලෙසිනි.

"ඔන්න සිරිපාල අයියේ, මම වැඩක් බාරගත්තොත් වැඩේ ඉවර කරලයි පස්ස බලන්නේ. මම කොලඹ ගිහිල්ලා එආජන්සි මහත්තුරු හම්බුවෙලා අපි දෙන්නටම රට රස්සා දෙකක් හොයා ගත්තා. ගිල්බට්ලැයි මාමට කංකෙඳිරිගාලා පාස්පෝට් වැඩෙත් ඉක්මනට කළා. දැන් අපිට තියෙන්නේ දෙයියනේ කියලා රට යන එක

සිරිපාලගේ මව ඇසේ කඳුලක් පිස දැමුවාය. "අනේ පියසේන පුතේ, උඹ අපේ කොලූවාව බලාගන්ඩ ඕනේ. වයසින් වැඩි උනත් තාම පොඩි එකා වගේ. නොදරුවා වගේ."

මවගේ කථාවට සිරිපාලට තරහ ආවේය. "මට පුලූවන් අම්මේ තනියෙන් වැඩකරගන්නමම දැන් හිච්චි එකෙක්යැයි."

 මෙහිදී පියසේන කට දැම්මේය."  මොනවා කියනවද අම්මේ, මම ඒවා ගානට බලා  ගන්නම්සිරිපාල අයියා ගැන හිත කරදර කර ගන්න එපා."

දෙදෙනාම පිටරට ගමනට ලකලෑස්ති වීම නිසා වනිගසේකර ඉස්කෝලේ මහත්තයාගේ ළුතින් තනන නිවසේ වැඩකටයුතු ඇන හිටියේය. සිරිපාල බාස්ට දහඅතේ බැන බැන සිටි  ඉස්කෝලේ මහත්තයා පබිලිස්ට වැඩය බාර දුන්නේ බැරිම තැනය.

රටයාමට නියමිත දින ඔවුන් දෙදෙනා කොළඹ බලා ගියේ සිරිපාලගේ බාප්පා කෙනෙකු සමඟය. ඔහු වරක් කොළඹ සමාගමක මුර වැඩක් කළ අයෙකු නිසා කොලඹට ආගන්තුක නොවීය.

"අනේ පුතේ අපේ කොලූවව බලාගනින්සිරිපාලගේ මව පියසේනට  කීවේ අඩන ගමන්. "ඌට කාරණා කටයුතු තේරෙන්නේ නෑ. තාම හිච්චි එකා

"ඒවා මොනවා කියනවද අම්මේ, මම  සිරිපාල අයියව බලාගන්නම්මෙසේ කියූ පියසේන සිරිපාලගේ පිටට පොඩි තට්ටුවක්ද දැම්මේ ශිෂ්යයෙක් තම බාරයට ගත් ගුරුවරයෙකු පරිද්දෙනි. මෙය සිරිපාලට ඇල්ලූවේ නැත. "මූ ඉස්සර මගේ ගෝලයා, දැන් මූ අලියා වෙලාකටින් වචනයක් පිට නොකලත් සිතින් සිතා ගත්තේය. සිරිපාල මවට වැඳ ගමන්මල්ල අතට ගත්තේය.


වලස්මුල්ලේ සිට ගාල්ලටත්, ගාල්ලේ සිට කොළඹටත් පැමි ඔව්හු තී්රවීලරයක නැග කොටහේනේ ඒජන්සියට ගියහ. ඔවුන් එහි ඟා වෙන විට තව හතට දෙනෙක්ද ගමන යාමට සූදානම්ව සිටිනු පෙනිනි. ඔවුන් සියලූ දෙනාම වෑන්රථයට ගොඩවූයේ කටුනායක අහස්යාත්රා තොටුපළට යාම සඳහාය. වෑන් රථයේ ඉඩ නොමැතිවූ හෙයින් සිරිපාලගේ බාප්පාට කටුනායකට යාමට නොහැකි විය.

"එහෙනම් උඹ පරිස්සමින් ගිහින් වරෙන්බාප්පා සිරිපාලට සමුදුන්නේය

සිරිපාල බාප්පාට වැන්දේ වෑන්රථයේ දොර​ අසලදීය. —නගින්න, නගින්නඉක්මන්කාරයෙකු වූ වෑන්‍ රියදුරු කියා සිටියේය. වෑන් රථය කටුනායකට යන අතරතුරදී පවා පියසේන සිරිපාලට ගුරුහරුකම් දුන්නේය.

 "සිරිපාල අයියේ, දැන් අපි කෙලින්ම ප්ලේන් එකට නගිනවා. පුටුවේ වාඩිවෙච්ච ගමන්ම පටිය තදකර ගන්ට ඕනෑ

"පියසේන මීට කලින් ප්ලේ එකක ගිහින් තියෙන වැයි, සිරිපාල ඇසුවේ පියසේන කරුණු කාරණා දන්නේ කෙසේදැයි විමසීමටය. පියසේන ඊට කෙළින් උත්තරයක් දුන්නේ නැත

"බලන්ඩකෝ, මම කියන්නේ බොරුද කියාගුවන්යානයට ගොඩවූ පසු ආසනයේ පටිතද කිරීමට පවා පියසේන දැනසිටියේ නැත. ගුවන් සේවිකාවක් ඔවුන්ට උදවු කළාය.

"සිරිපාල අයියේ, ප්ලේන් එකෙන් බැස්සට පස්සේ සෞදිවල ඒජන්සි එකේ කට්ටිය එනවා අපිව තෝරගන්න. ඔයවගේ මුලූ ගැන්වෙලා බය මූණක් පෙන්නන්න එපා. ඕනැම වැඩක් අපට පුලූවන් කියලා කියන්න ඕනෑසිරිපාල කිසිවක් නොකියා හිස සැලීය.

ගුවන් යානය ධාවනපථය දිගේ වේගයෙන් ඇදී ගොස් අහසට නංවනවිට සිරිපාල දෑස් වසා ගත්තේය. ඔහුට අමුතු බියක් දැනි. —ඉතිපීසෝ ගථාව˜ මැතුරූ ඔහු ගුවන්යානයේ ආසනය අත්දෙකින් තදින් ග්රහණය කර ගත්තේය.

මදවේලාවකින් ගුවන්යානයේ දෙදරුම්කෑම නැතිවී ගියේය. ජනේලයෙන් ඉවත බැලු සිරිපාල සුදුපැහැති පුළුන්වැනි වළාකුළු දුටුවේය

"සිරිපාල අයියේතව ටිකකින් මිසී අපට කෑම ගෙනෙයි. අතින් කන්ඩ එපා. හැන්දෙන් ඇනලා කන්ඩ."පියසේන යළිත් වරක් අවවාද කළේය. සිරිපාල මුනිවත රකිමින් පියසේන කියන්නක් කළේය.

ගුවන් යානය සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපලට ගොඩබෑ පසු, මගීන් ගමනුමලූ රැගෙන ආගමන විගමන නිළධාරීන් වෙත ගියහ. සිරිපාල පියසේන පසුපස ගියේ ස්වාමියා පසුපස යන සුනඛයෙකු ලෙසිනි.

ආගමන විගමන නිළධාරීන් ඔවුන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමෙන් පසු ඒජන්සි නියෝජිතයන් එනතෙක් පියසේනකොළඹ සිට පැමි අනෙකුත් අය සමග කථා කළද සිරිපාල තම ගමන්මල්ල දා ගෙන වාඩිවී සිටියේය.

 සිරිපාල අයියේදොට්ට යනවැයි?   පියසේන ඈතින් පිහිටි වැසිකිළි පෙන්නා ඇසුවේය.

"නෑ, කමක් නෑ,˜  සිරිපාල තම අවශ්යතාවය යටපත් කරගන සිටියේය.

මෙසේ පැය තුන හතරක් ඔව්හු ඒජන්සි යේ නියෝජිතයන් එනතුරු රැදී සිටියහ. පියසේන වරින්වර ගුවන්තොටුපළේ මේ අත ඇවිද ගියද සිරිපාල බහිරවයෙකු සේ ගමන් මල්ල දාගන පුටුවක වැතිරී සිටියේය. අවසානයේදී රැකියා එආජන්සියේ කිහිපදෙනෙක් පැමිණියෝය. ඔවුන් අතර සිටි පැරණි ලාංකික සේවකයා භාෂා පරිවර්තකකයා ලෙස කටයුතු කළේය. ඔවුන් ඇසූ ප්රශ්නවලට පිලිතුරු දුන්නේ පියසේනය. සිරිපාල හිස සැලූවා පමණි.

සේවා නියෝජිතයෝ ඔවුන් ට්රක්‍ රථයක නංවාගෙන අලූතින් තනාගන යන ගොඩනැගිලි සංකීර්ණයක් කරා ගෙන ගියහ. ඔවුන්ට නැවතීමට ලැබුණේ ඇඳන් දිග අතට දමා තිබුණු ආරෝග් ශාලාවක් බඳු ශාලාවක්. එහි ලාංකික ඉනිදියානු, පකිස්ථාන, හා යේමන් කම්කරුවන් රැසක් සිටියහපියසේන හා සිරිපාල එකළඟ තිබූ ඇඳන් දෙකක් මත තම ගමන් මළු  තබා අයිතිය තහවුරු කරගත්හ.

ළුත් සේවකයන්වූ ඔවුන්ට ලැබී තිබුණේ වැසිකිළිය ආසන්නයේ තිබූ ඇඳන්. එහෙත් එය ඔවුනට වගක් නොවීය. පියසේනගේ විධානයෙන් සිරිපාල ඇඳ අද්දර තිබූ කබඩ් එකේ තම ඇඳුම් පැළඳුම් තැන්පත් කෙළේය. එආ අතරවාරයේ ප්රධාන සුපර්වයිසර් වරයා පැමිණ පසුදින උදෑසන හයට වැඩ බිමට පැමිණි යුතු බව දැන්වීය.

මැදපෙරදිගට පැමිණිමෙන් පසුව පියසේන ගුරා බවටත් සිරිපාල ගෝලයා බවටත් පත්වූයේ නිතැතිනි. වෙනදා   පියසේන වැඩකලේ සිරිපාලගේ අණ පරිදියදැන් සියල්ලම වෙනස්වී තිබේ. තවද  සිරිපාල අයියා, අරක එපා, මේක එපා, මෙහෙම කරන්න එපා  යනාදී වශයෙන් උපදෙස් දෙන පියසේන සිරිපාලට මහා වදයක් විය.

පියසේන මැදපෙරදිගට පය තබා සති දෙකතුනක් ඇතුළත අරාබි භාෂාව ටිකක් කටේ තොලේ ගාගෙන සුපර්වයිසර්වරුන්  සමග කථාවට යාමත්, රෑට රෑට හොරෙන් පකිස්ථාන කම්කරුවන් සමග ඕඩිකොලොන් මිශී්රත ජලයෙන් පෙරූ මධුවිත තොල ගෑමත්, සිරිපාල නොරිස්සුවේය. පියසේන සිරිපාල සමග අඩුවෙන් කථාකළේය.

 සිරිපාල අයියා, මම කොච්චර කියනවද වැඩපොලේදි මේ තොප්පිය දා  ගන්න කියලා. අර සුපර්වයිසර් අරාබි වලින් බනිනවා  මෙසේ කියමින් කහපාට හිසාවරණය පියසේන සිරිපාල අත තබයි. එහෙත් පසුදින සිරිපාලට මෙම අවවාදය අමතක වෙයි.

වැඩබිමේ සිකුරාදා   දිනය නිවාඩු දිනයකි. එදින මුස්ලිම් කම්කරුවන් හා සුපර්වයිසර්වරු පල්ලි යති. සෙස්සෝ නගරයේ සිරි නැරඹීම සඳහා ඇවිදිති. පියසේන නිබදවම සිකුරාදා   දිනවල එළියට යයි. එහෙත් සිරිපාල කම්කරු නේවාසිකාගාරයේ තනිවම ඇඳට වී කල්පනා කරමි සිටියිකොතරම් පෙරැත්ත කළද සිරිපාල පියසේන සමග ඇවිදීමට නොගියේය.

එක් සිකුරාදා   දිනක දවල් වරුවේ නේවාසිකාගාරයේ සිටියේ සිරිපාල පමණි. ඔහු ලංකාවට යැවීමට ලියූ ලිපියක්ද රැගෙන වැඩබිමේ කාර්යාලය පැත්තට ගියේ ලිපිය තැපැල් කිරීම සඳහාය. ලිපිය තැපැල්කොට යළි නේවාසිකාගාරයට එමින් සිටියදී, රථගාල අසලදී රන් පැහැති ලෝහයෙන් සාදනලද පනාවක් ඔහු ඇහින්දේය. එහි අඩහඳක් හා තරුවක් කොටා තිබුණි. යළි නවාතැනට පැමිණි සිරිපාල පනාව පරීක්ෂාකර බැලීයරත්රන් පනාවක් වගේ   මෙසේ තොල් මැතිරූ ඔහු එය සුරක්ෂිතව ඇඳුම් අතර සැගවිය.

එදින සවස ඉන්දියානු කමකරුවන් තිදෙනකු සමඟ එළියට ගිය පියසේන පැමියේ රොටී කීපයක් හා ළු මස් කරියක්ද රැගෙනය. පියසේන එවා සිරිපාලට පිරිනැමීය.

සිරිපාල අයියට පාළු නැද්ද මෙතන ලැගගන ඉන්න? අපි අද ගියා තට්ටු පහක කඩයකට. එකතට්ටුවක් පුරවලා ටෙලිවිෂන්ලංකාවට එකක් ගෙනියන්න තියෙනවා නම් නියමයි.

පියසේන සමග කොතරම් විරසක තිබුණද තමා ඇහිඳගත් වස්තුවගැන නොකියා සිටීමට සිරිපාලට නොහැකි විය.

 ඔහු දුම් අස්සේ සඟවා තැබූ රන් පනාව පියසේනට පෙන්වීයපියසේන රන් පනාව අතට ගෙන මේ අත හරවා බැලීය. ඉන්පසු පනාවේ කෙළවර ළු පොළොවේ මදක් ඇතුල්ලූවේය.
  
"සිරිපාල අයියේ, මේක යකඩින් හඳලා තියෙන්නේ. මොන යකෙක් පාවිච්චි කරපු එකක්ද දන්නේ නෑ. මොන ජරාවක්ද? විසිකරලා දාන්නමෙසේ කියා පියසේන නාගැනීම සඳහා තුවායද රැගෙන ස්නානාගාරය දෙසට ගියේය.

පියසේන ගියපසු සිරිපාල තුළ ඇතිවූයේ චකිතයකි. මෙය රත්තරනින් තැනූ පනාවක් විය නොහැකිද? සෞදි අරාබියේ මාලිගාවල බිත්ති රනින් නිමවා ඇතිබව පියසේන දිනක් කිවා මතකය. සෞදි කුමාරවරු භාවිතා කරන උපකරණද තනා ඇත්තේ රත්තරන්වලිනි. රත්තරන් පිඟන් කෝප්ප, රත්තරන් හැඳි ඔවුන්ට තිබේ. මෙය කුමාරයෙකුගේ රත්තරන් පනාවක් විය නොහැකිද? එහෙත් පියසේන මීට කුණුජරාවක් යැයි කීවේ මන්ද? මෙලෙස සිතූ සිරිපාලට තමා කුඩා කල දහම් පාසලේ දී උගත්  රන්තලියේ˜ ජාතක කථාව සිහියට නැගුණි.

පනාව නොවටිනා බව පවසා එය විසිකළ පසු තමා සන්තකයට ගැනීමට පියසේන  සැලසුම් කළේද? මෙසේ සිතන විට සිරිපාලට පියසේන  කෙරෙහි තරහක් මෙන්ම පිළිකුලක්ද ඇතිවිය.

"අපරාදේ පනාව පියසේන පෙන්නුවේඔහු මෙසේ සිතමින් පසුතැවිලි විය. මෙය සඟවා තැබිය යුතුයැයි සිතූ සිරිපාල පනාව ඇඳේ මෙට්ටය යට සැගවීය. නාගෙන පැමිනි පියසේන තුවායෙන් හිස පිසදා ගන්නා ගමන් සිරිපාලගේ ඇඳේ වාඩිවිය. මහත් පිලිකුලෙන් සිරිපාල ඈත්විය.

"සිරිපාල අයියා, ලබන සිකුරා දා අපි ඇවිදින්න යං˜ පියසේන ඇහුම්කන් නුදුන් සිරිපාල මෙට්ටය යට තිඛෙන වස්තුව පියසේන අසුවේදැයි චකිතයෙන් පසුවිය

එදින රාති්රයේ නින්දට ගිය සිරිපාල රත්තරන් පනාව විකුණා ළුත් නිවසක් හා වාහනයක් මිළට ගන්නා අන්දම කල්පනා කළේය. ගන්න එකේ ජයනෝරිස් මුදලාලි වගේ ටිපර් එකක් ගන්නවා˜  ඔහු සිතීය.

එදින මුළු  රාති්රයම සිරිපාලට නින්ද ගියේ නැත. රත්තරන් පනාව විකුණා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන ගන්නා හැටි සිරිපාල කල්පනා කලේය. මධ්යම රාති්රය පසු වනවිට පනාව තමාට අයත් නොවන වස්තුවක් බව ඔහුට කල්පනා විය. මෙය අහුලා ගත් වස්තුවකි. නිසා එය සොර බඩුවක් යැයි ඔහුට සිතුනි. එම සිතිවිල්ල සමග මෙතෙක් වේලා ඔහු තුළ තිබූ අධික තන්හාව බියකට පෙරළිනි.

මැදපෙරදිග සොරකම් කිරීම සඳහා දෙන අත පය කැපීම් වැනි දඞුවම් ගැන ඔහු දන්නේය. දැන් මොකද කරන්නේ යැයි ඔහු නිදිවර්ජිතව කල්පනා කළේය. යාබද ඇෙ`ද් පියසේන  ගොරව ගොරවා නිදයි. එහෙත් සිරිපාල බිය නිසා දාඩියෙන් නෑවී නිදිවර්ජිතව හිඳියි. පනාව විසි කිරීමෙන්ද පළක් නැත. එය පියසේන දැක්කේය. එය අයිතිකරුට භාරදීමට ප්රමාද වැඩිය. අයිතිකරුවා මෙලහකට පොලිස් ගොස් ඇත්ද? තමා සොරෙකු බව ඔහුට වැටහි. වැතිරී සිටින ඇඳේ මෙට්ටය යට සොරබඩුවක් තිබේ. එය උලක් මෙන් ඔහුගේ ශරීරයට කා වැදී ඇත. කොයි මොහොතේ හෝ රත්රන් පනාව සොයා ගෙන පොලීසිය නේවාසිකාගාරයට කඩා පනිනු ඇතැයි සිතා සිරිපාල සලිත විය.

බිය නිසා ඔහුගේ උගුරකට වියළී ගියේය. පිටතින් ඇසෙන සෑම ශබ්දයක් ගානෙම ඔහුගේ හදවත ගැහෙන්නට පටන් ගත්තේය. අධික පිපාසයක් තිබුණද, ඔහු අඳුරට මුවා වී, ඇඳේ ගුලිවී, පොරවන රෙද්දෙන් මුළු  ශරීරයේම ආවරණය කරගත්තේය. තමාගේ හදවත ගැහෙන ඞ යාබද ඇඳේ  සිටින පියසේන  ඇසේදැයි සිරිපාලට සිතුනි.

එළිවන ජාමයේ ඔහුට නින්ද ගිය අතර හෙතෙම භයානක සිහිනයක් දුටුවේය. පොලීසිය නේවාසිකාගාරයට කඩා වැදී රත්රන් පනාව සොයාගන, සොරාව කුදලාගෙන ගොස් වධකයාට බාරදුන්නේය. වධකයා ඔහුව බිම දිගාකොට, දෙපයින් පාගා, විශාල කඩුවක් ගෙන අත් දෙකට කෙටීය. කඩුපහර  දෑතට වදිත්ම සිරිපාල මරහ~ දීගන ඇෙ`දන් බිමට පෙරළුනේය.

 මොකද, මොකද, සිරිපාල  අයියා, හීනෙන් බය වුනාදපියසේන මෙසේ අසන ගමන්ම වහා නැගිට සිරිපාල අල්ලා ගත්තේය. සිරිපාලගේ දතකට පූට්ටුවී තිබි. ඔහු හුස්ම ගත්තේ අසීරුවෙන්.

 මගේ අත කපන්න එපා, මම හොරෙක් නෙවී  සිරිපාල මුරගෑවේය. ඔහුගේ කෑගැසිල්ලට අනෙක් කම්කරුවෝද අවදි වූහ. එක් අයෙකු විදුලි පහන දැල්විය. සිරිපාල කම්කරුවන් නිදා  සිටී ශාලාවේ ඇදන් උඩින් පැනගෙන දිවීය. ඔහු දිවගියේ මරු විකල්ලෙනි.

 මම අහිංසකයි  ඔහු කෑගෑවේය.   මම හොරෙක් නෙමෙයි. පනාව මෙට්ටය යට තියෙනවාමට ලංකාවට යන්ඩ ඕනෑ. මට අම්මා බලන්ඩ යන්ඩ ඕනෑමෙලෙසින් සිරිපාල විලාප දුන්නේය.

කම්කරුවෝ රොක්වී සිරිපාල සන්සුන් කිරීමට උත්සාහ කළෝය.පියසේන  සිරිපාලගේ දෑත්වලින් අල්ලා ගත්තේය

"සිරිපාල අයියේ, පිස්සු කෙළින්න එපා. මොකද යකෙක්වත් දැක්කද?

සිරිපාල පියසේන ගේ අත ගසා දැමුවේ කෝපයෙනි

"උඹ බල්ලාමිත්‍ර ද්‍රෝහියා මම මෙට්ටේ යට හංගල තියෙන රත්රන් පනාවට විදින්න නේද තෝ පැලෑන හැදුවේ. තොගේ අයියා අරක්කු පෙරනවා කියලා කවුරුත් තෝ වැඩට ගත්තේ නැති කාලේ  මම තමයි තොට අත්වැඩ දීලා ගෝලයා කර ගත්තේ. දැන් තෝ මටත් කෙලින්න නේද එන්නේ?

පියසේන ගේ මුහුණට සිනාවක් ආවේයඅනේ, සිරිපාල අයියේ, අර මලකඩ කාපු පනා කබලද? ඕක තමයි ඔක්කොටම මුල. ඕක විසිකරලා දාන්න. මල ජරාව මෙසේ කියු පියසේන සිරිපාලගේ මෙට්ටය යටට අතදමා පනාව සෙවීය.

කෝපාවිෂ්ට වූ සිරිපාල පියසේන ගේ ඇඟට පැන පා පහරක් දුන්නේය. පහර කෑ පියසේන  බිම ඇද වැටුනි. එහෙත් සිරිපාල පහර දීම නැවැත්වූයේ නැත. නේවාසිකාගාරයේ කම්කරුවන් සිරිපාල ඇද දමා පසෙකට කළහ. යේමන් ජාතික යෝධ කම්කරුවෙක් සිරිපාලව පරඩැලක් මෙන් ගෙන බිත්තියට තබා තද කළේය.

 "යල්ලා, යල්ලා " පියසේන  යේමන් ජාතිකයා තල්ලූකොට සිරිපාලව නිදහස් කරගත්තේය. නිදහස්වූ පසුද සිරිපාල පියසේන පහර දීමට පටන් ගත්තේය. කලබලය අස්සේ පැමිණි  සුපර්වයිසර්වරයා ගිලන් රථයකට දුරකථන ඇමතුමක් දුන්නේය. විනාඩි කිහිපයකදී වෛද්යවරයෙක් හා පිරිමි හෙදි තිදෙනෙක් නේවාසිකා ගාරයට ඇතුළු  වූහ. වෛද් වරයා සිරිපාලට එන්නත් විද්දේය. ඔහු එවිට සන්සුන්ව බිම වැතිරුණේයඒ   අතරවාරයේ හෙදියෝ රෙදිපටි වලින් ඔහුගේ අත් කකුල් බැන්දෝය. අනතුරුව සිරිපාල රෝහලට ගෙනයන ලදී.

සතියක් පමණ රෝහලේ සිටි සිරිපාල මානසික ආතතිය නිසා සේවයට නුසුදුුසු බව වෛද්යවරු තීරණය කළහඑම නිසා ඔහු නැවත ලංකාවට යැවීමට කටයුතු කරන ලෙස  රැකියා ඒජන්සියට දන්වන ලදී. සිරිපාල ලංකාවට යැවීමට ප්රථම  ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන පියසේන රෝහලට ගියේය.

සිරිපාල අසරණ ලෙස රෝහල් ඇදේ වැතිර සිටි අතර ඔහුගේ දෙනෙත්වල තවමත් බිය දක්නට තිබේ.   

"සිරිපාල අයියේපියසේන මෘදු ලෙස සිරිපාලගේ අත අල්ලා ගත්තේය.  

"සිරිපාල අයියා කලබල වුනේ බොරුවටනේ. මේ තියෙන්නේ පනාව. මේක යකඩ. තඹයක්වත් වටින්නේ නැති මළදානයක්. මෙන්න ගන්නඔහු පනාව සිරිපාලගේ අතතැබීය. සිරිපාලගේ අතින් ගිලිහුණු පනාවටාං˜ යන හඬින් බිමට වැටුණි . එය යලි අහුලාගත් පියසේන  පනාව සිරිපාලගේ කොට්ටය අසල තැබීය.

"අපරාදේ සිරිපාල  අයියා විහින් ලෙඩවුණා. දැං මොනා කරන්නද? ලංකාවට ගිහිල්ලා පරණ රස්සාවම කරන්න බලන්න. මම සිරිපාල අයියගේ ඇදුම් බෑග් එක ගෙනාවාමෙසේ පැවසූ පියසේන සිරිපාලගේ ගමන් මල්ල ඔහුගේ ඳ උඩ තැබීය.

 "සිරිපාල අයියේ, හෙට  ඒජන්සියේ  මහත්තුරු ඇවිත් සිරිපාල අයියව ලංකාවට පිටත් කරයි. මම මෙහෙන් සිරිපාල අයියගේ අම්මාට ටැලිග්රෑම් එකක් යවන්නම් සේතුං බාප්පාව කටුනායකට එවන්න කියලා"

සිරිපාල පිළිතුරු දුන්නේ නැත. ඔහුගේ දෙනෙත්වල තිබුණේ හිස් බැල්මකි

"සිරිපාල අයියේ, මට ඉක්මනට වැඩ පොලට යන්න ඕනෑ. සුපර්වයිසර් බලාන ඉන්නවා. සනීප වෙලා ආපහු මෙහේ එන්න බලන්න" පියසේන  සිරිපාලගේ හිස පිරි මැද රෝහලෙන් පිටවී ගියේය.


පියසේන ගියපසු සිරිපාල කොට්ටය අද්දර තිබූ පනාව අතට ගත්තේය. තම ශරීරයේ ඇති උපරිම ශක්තිය දකුණු අතට ගොනුකරගත් ඔහු පනාව ඈතට වීසි කළේය.

  වෛද්‍ය රුවන් එම් ජයතුංග​

6 comments:

  1. අපූර්වත්වය කැටිකොටගත් කතාවක්. පුද්ගලයකුගේ මනෝ භාවයන්, පරිසරය සහ අත්දැකීම් අනුව වෙනස්වන්නේ කෙසේදැයි යන්න මෙන්ම, තම පුරුදු පරිසරයෙන් වෙන්ව, නවීන ලෝකය සමග ගැටෙන අයකු, කෙබඳු ආකාරයේ වික්ෂිප්ත භාවයන්ට ගොදුරු වන්නේද යන්න, කදිමට විග්‍රහ කෙරෙන කතාවක්. බොහොම ඉහළයි.

    ReplyDelete
    Replies
    1. විචාරක මේ කතාවට මූල බිජය වැටුනේ මම මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු කාලයේ අත්දැකීම්. මැදපෙරදිග පීඩනය නිසා රට ගිහින් සුමාන දෙකෙන් තුනෙන් සිහිය විකල වෙලා එන සමහර ශ්‍රමිකයන් එවන්නේ කටුනායකින් මීගමුවට. මේ තත්වය ඇති වන්නේ අලුත් පරිසරයක් දරා ගැනීමට නොහැකි වීම​, ආතතිය වගේ දෙවල් නිසා

      Delete
  2. මම මේ කතාව කියවපු මුල්ම දවසේ මට තවත් දෙයක් හිතුනා. ඒ තමයි අපේ ජාති ගතියක් වන තමන්ට අයිති නැති දේ අයත් කර ගැනීමේ රුචිකත්වය. Finders keepers සංකල්පය වෙන්නැති මෙතනත් ඇත්තේ. පාරේ කාසියක් වැටිලා තියෙනවා දැක්කොත් ඒක අහුලනකල් පොඩි කැසිල්ලක් දැනෙනවා. ප්‍රසිද්ධ තැනක අමතක වෙලා යන කුඩේකට තොප්පියකට වැඩි වෙලා එතන ‍රැ‍ඳෙන්න වෙන්නේ නෑ කවුරු හරි අරන් යනවා. මේ ගතිය බොහොමයක් විජාතිකයන් තුල අඩුයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. Dude ඔබේ කතාවේ යම් සත්‍යක් තියෙන්න පුලුවන්.

      Delete
  3. සුපිරි.. මේ රෝග තත්වය (ආතතිය විතරක්ම නෙවෙයි මං හිතන්නේ) සහ ඒකෙ ස්වාභාවය ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර බොහෝ විට මේ තත්වය හැඳින්වෙන්නේ Adjustment Disorder (සමායෝගී ආබාධ කියලා )ආතතිය , හුදකලාව​, නව පරිසරයකට හුරු වීමේ අපහසුතාවය නිසා මතුවන්නක්. සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ට ස්වභාවයෙන්ම ක්ලමථය (stress) දරා ගන්න බැහැ. ඒ අය තමයි වැඩි වශයෙන් මේ තත්වයට ගොදුරු වන්නේ. ඒ වගේම පියසේන වගේ පුද්ගලයන් ඉන්නවා ඔවුන් ඉතා ඉක්මනින් නව පරිසරයට අනුගත වනවා.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook