Thursday, January 1, 2015

A Hero of Our Time

                        A Hero of Our Time 
වඳුරඹ හිටපු පොලිස් ස්ථානාධිපති පනංගල ලියනගේ කීර්තිසිංහ  



පොලිස් නිලධාරියකුට නිල ඇඳුම ඇඳලා කොන්ද කෙළින් තියාගෙන රාජකාරියක් කරන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙනවා. ප‍්‍රාදේශීයදේශපාලනඥයන්ගේ ඉඳලා සියලූම දේශපාලනඥයන් කියන දේවල් කිරීම තුළින් රටේ නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා මම මගේ නිල ඇඳුම ගලවලා තියලා අද ගෙදර ආවා. මම මේ ලබාදෙන ආදර්ශය තුළින් පොලිස් දෙපාර්තමේන්තුවේ අනාගතය සාර්ථක වෙන්න කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.  ඉල්ලා අස්වීමට සාධකයක් ලෙස පසුගිය සතියේ මාගේ පොලිස් වසමේ සිද්ධ වූ සිද්ධි දාමයක් බලපෑවා. ඒක ගැන කියනව නම් ‘හොරෙක් කෙසෙල් කැණක් කපලා අල්ල ගත්තට පස්සේ පිහියට නඩු දානවා වගේ වැඩක්. ඒ දේවල් මට කරන්න බැරි හින්දා මම මගේ රාජකාරි නිල ඇඳුම ගලවලා තියලා ගෙදර ආවා. ඇතැම් පොලිස් නිලධාරීන් කොන්ද කෙළින් තියාගෙන හරියට නියෝග දුන්නා. ඒත් ඇතැම් පොලිස් නිලධාරීන් ඒකට හරියට සහයෝගය දැක්වූයේ නැහැ. මම ස්ථානාධිපති වශයෙන් මෙවැනි සිදුවීමක් සිදුවුණාට පස්සේ තනිවූ ස්වභාවයක් වුණා. හැම පැත්තෙන්ම ස්ථානාධිපති තමයි තැලෙන්නේ. අර ගිරයට අහුවෙච්ච පුවක්ගෙඩිය වගේ ස්ථානාධිපතිවරයෙක් හැම පැත්තෙන්ම අපහසුතාවට පත්වෙනවා. ඉතින් උදව් කරන්න කවුරුවත් එන්නේ නැහැ. මට යම්කිසි පියවරක් අරගන්න තිබුණා. පියවරක් අරගෙන ඒ දේශපාලනඥයාට මගේ බලය පාවිච්චි කරලා වෙඩි තියලා දාන්න තිබුණා. එහෙම දෙයක් කළා නම් මම දරු දෙන්නෙක්ගේ පියෙක්. මට යම්කිසි බලපෑමක් වෙන්න ඉඩ තිබ්බා. ඒක නිසා ඒ වගේ පියවරක් ගත්තේ නැහැ. මම ක්ෂණිකව ඔහුව මෙල්ල කරලා ඔහුගේ සැකකාරයෝ මා භාරයට ගත්තා. හානිය අවම වන විදිහට. මට ඊට වඩා පියවරක් ගන්න පුළුවන්කමක් තිබ්බා. මම ඒ දේ කළේ නැහැ. අවස්ථානුකූලව මම ඒ සැකකරුවන් මගේ භාරයට ක්ෂනිකව ලබා ගත්තා.  මගේ කිසිම මානසික ආබාධයක් නැහැ. පසුගිය දවස්වල රාජකාරිමය වශයෙන් ලැබූ පීඩනය, වෙහෙසකරභාවය ඉතාම අධිකයි. වෙන මානසික ආබාධයක් හෝ ආතතියක් මට නැහැ. මේ තීන්දුව ගත්තේ හිතේ කනගාටුවෙන්. පොලිස් දෙපාර්තමේන්තුවට මම ආදරෙයි. කනගාටුවෙන් ගත්ත තීරණයක්. ඒත් කරන්න දෙයක් නැහැ. යම්කිසි විදිහකින් රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ වටාපිටාවක් ලැබුණොත් මම නැවතත් පොලිස් සේවයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම පොලිස් සේවයට බැඳිලා වසර 18ක සේවා කාලයක් සම්පූර්ණ කරපු නිලධාරියෙක්.  

4 comments:

  1. මෙතන මට ගැටළුවක් තියෙනව.එහෙම හිතෙන හිතෙන වෙලාවට වෙඩි තියන්න පොලිස් නිළධාරියෙකුට පුළුවන්ද.මොහු බොහොම සැහැල්ලුවෙන් මේ කතාව කියල තියන නිසයි අහන්නෙ.කොස්තාපල් වගෙ පහල අය මේව ඉතා වැරදි විදියට අර්ථකථනය කරනවා.ඒක හරිම භයානකයි.

    ReplyDelete
  2. මධ්‍යස්ථ මතධාරියා , ඔහු මේක සැහැල්ලුවෙන් කියනවා කියන එකට එකඟ වෙන්න අමාරුයි. නීතිය හා විනය පවතින රටක දේශපාලකයන් මේ වගේ සැකකාරයන් බේරගන්න එන්නෙත් නැහැ, ආවොත් නීති නිලධාරීන් ගෙන් බේරෙන්නෙත් නැහැ RMJ

    ReplyDelete
  3. අපේ රටේ පොලීසිය කුමන රජයක් යටතේ වුනත් දැඩි බලපෑම් මැද තමයි රාජකාරි කරන්නේ. ඉතිහාසයේ තිබුණ කිසිම ආණ්ඩුවකින් පොලීසියේ ස්වාධීනත්වය 100% ලැබිලා තිබුණේ නැහැ. මේ නිලධාරියාත් හැකිතාක් කල් රජයේ අසාධාරනකම් වලට අඩු වැඩි වශයෙන් ඉඩදීම/හවුල්වීම/යටත්වීම/ගණන් නොගෙන සිටීම/ කළා. නමුත් පීඩනයේ උපරිමයට ආවාම තමයි ඔහු මෙහෙම කළේ. ඇත්තටම මේ පියවර ගන්න ඕනෙ පොලිස්පති. අන්න එතකොටයි එයින් යම් බලපෑමක් එල්ලවන්නේ.

    ReplyDelete
    Replies
    1. @ විචාරක ස්වාධීන පොලිස් කොමිසමක් පත් කළහොත් පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කීරීමට මීට වඩා ලොකු අවකාශයක් ලැබෙනවා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook