Monday, January 16, 2023
Dr. Martin Luther King
Saturday, January 14, 2023
ඇත්ත ස්ලෝගන්
Friday, January 6, 2023
ආගමික සංකේත වලට අපහාස කිරීම
ශුද්ධ වූ රුධිරය
ලේ යනු දඩයම් යුගයේ දී මිනිසා උසස් ලෙස සැලකූ ද්‍රාවණයකි. දඩයම් යුගයේ දී ආරම්භ වී පසුව ක්‍රිස්තියානි ආගමට එකතු වූ "ලේ " තවමත් සලකන්නේ ශුද්ධ වූ ද්‍රාවණයක් ලෙසටය. ලේ මගින් වේදනාව මෙන්ම sadism / masochism පෙන්වයි. මෙම පිලිම " ලේ" මිස ෂැම්පේන් , ආසුත ජලය, පෙට්‍රල්, පිත් යුෂ, ශුක්‍රානු, වැනි ද්‍රව ශ්‍රාවය නොකිරීමද විමසා බැලිය යුතුය.
Tuesday, December 13, 2022
වෙන්ඩ හොරු
ප්‍රධාන පක්‍ෂ දෙකේ දේශපාලකයන් විසින් කරන ලද හොරකම් ප්‍රසිද්ධය. මේ අනාගතයේ බලය අතට ආ විට අනිවාර්‍යෙන්ම හොරකම් කරන පුද්ගලයන් පිලිබඳ හෙලිදරව් කිරීමකි. මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෛද්‍යවරයෙකු විසින් හොර ඔප්පුවක් තනා එක්තරා වෛද්‍යවරයෙකුගේ සායනය සහ අදාල බිල්ඩිම තමන් සතු කර ගැනීමට කල කූට වෑයම පිලිබඳවය. මේ කතාව මට කියන ලද්දේ අගතියට ලක් වීමට ගිය වෛද්‍යවරයාය. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ( ඇයත් වෛද්‍යවරියකි) විදෙස් ගතවූ වෛද්‍යවරයෙකුට අයත් සායනය සහ අදාල බිල්ඩිම තමන් සතු කර ගැනීමට කූට වෑයමක් දරණ ලදි . නමුත් එම වෛද්‍යවරයා ඉතා අසීරුවෙන් මෙම කූට වෑයම මැඩ පවත්වා ගන්නා ලද්දේය. මෙම අශෝබන සිදුවීම මාධ්‍යට හෙළි නොකරන්නේ මන්ද? කියා ඇසූ විට ඔහු කීව්වේ " මොකටද අනවශ්‍ය ප්‍රශ්න වලට මැදි වෙන්නේ ; කොහොම හරි මම ඒ අයගේ වංක වෑයම පැරැද්දුවානේ. බිල්ඩිම ඒ අයට අත්පත් කර ගන්න බැරි උනානේ " කියාය. එහෙත් මා ඔහුට කීවේ මෙවැනි සිදුවීම් වාර්තා නොකිරීම නිසා වෙනත් පුද්ගලයෙකු ඔහු වැටීමට ගිය වලේ වැටීමට ඉඩ ඇති බවයි.




