ගණිතාඥ රාමනුජාන්ට යම් ආකාරයක ඕටිස්ටික ලක්ෂණ තිබුනා. ඔහුගේ මොලයේ ක්රියාකාරිත්වය අන් අයට වඩා වෙනස් ස්වභාවයක් ගත්තා. ගණිතමය සංකේත වලට ඔහුගේ මොලය දැක්වූයේ අධි සංවේදිතාවක්. ගණිතමය සංකේත වලට අධි සංවේදිතාවක් දක්වන ඕටිස්ටික ලක්ෂණ තිබෙන දරුවන් සිය ගනනක් බටහිර රටවල් වලින් වාර්තා වෙලා තිබෙනවා. යූ ටියුබ් එකට ගියොත් ඔබට ගණිතයට අති දක්ෂ මිනිස් ළමා කැල්කියුලේටර් දැකගන්න පුලුවන්. රාමනුජන් එවැනි අයෙක්. ඔහු ආවේ ඉන්දියාවෙන්. දේව විශ්වාස නිසා ඔහු සිතුවේ නාමගිරි නම් දේවතාවියක් ඔහුට මේ දැණුම දෙනවා කියා. එංගලන්තයෙන් එන විට ඔහු ක්ෂය රෝගියෙක්. අවසාන කාලයේදී ඔහු නිරාහාරව නාමගිරි දේවතාවියට පූජා පවත්වන්න ගොස් මිය ගියා. මේ රාමනුජන් සහ නාමගිරි කතාව අරගෙන තමයි නලීන් ද සිල්වා නාථ කතන්දර අපිට කියන්නේ. මිනිස් මොලය සහ එහි හැකියාවන් , මිනිස් මොලයේ විවිධ විභේධන තේරුම් ගත් විට සත්ය වැටහෙනවා.




