Thursday, January 7, 2021

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් හල්පේ මහතා පිලිබඳ සටහනක්

 


නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් හල්පේ මහතා මිය ගිය බවට මට දැණුම් දුන්නේ මාතලේ රෝහලේ විශ්‍රාමික හෙදියක වන ඉංදු මංචනායක මහත්මිය විසිනි. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් හල්පේ මහතා යනු වෘත්තාන්තයකි. ඔහු ජීවිතයට වඩා විශාල චරිතයක් විය​. 

ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග එකම පන්තියේ ඉගන ගත්තේය​.  දක්‍ෂ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු වූ  හල්පේ මහතා ගේ ගෝලයෝ අද බොහෝ රෝහල් වල සේවය කරති. විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය හල්පේ මහතා විනෝදයට බරය . ඔහුට තිබුනේ ෆෝක්ස්වැගන් රථයකි. වරක් ඔහු රෝහලට එන අතරමගදී හමුදා බැරියරයකදී වෛද්‍ය හල්පේ මහතාගේ මෝටර් රථය නවත්වනු ලැබීය​. රථයට කර පොවා බැලූ සොල්දාදුවෙක් මොකක්ද පිටිපස්සේ තියෙන්නේ කියා ඇසුවේය​. එන්ජින් එක කියා  වෛද්‍ය හල්පේ කීවේය​.   

වෛද්‍ය හල්පේ යනු මුදලට තම ආත්මය පාවා නොදුන් බලය ඉදිරියේ දණ නොනැමූ වෛද්‍යවරයෙකි. එවැනි වෛද්‍යවරු අද අතිශයින්ම විරළය. 

2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook