මේ දේශයේ වීරයන් තවමත් සිටිති
Sunday, February 10, 2019
Saturday, February 9, 2019
පේරාහි තුල්සි ගැන කතාබහක්
පසුගිය දිනයක මට ටොරොන්ටෝ වලදී දන්ත වෛද්ය බහීරදන් හමු විය. ඔහු පේරාදෙනිය විශ්ව විද්යාලයේ දන්ත වෛද්ය පීඨයේ ඉගෙනුම ලැබුවෙකි. එසේම 1983 කාලයේ එම විශ්ව විද්යාලයේදී ද්රවිඩ සිසුන්ට එරෙහිව එල්ල කරන ලද වාර්ගික ප්රහාරයන් දුටු අයෙකි. මෙම ප්රහාරයට මුල්වී ක්රියා කල විද්යා පීඨයේ සිසුවෙකු ගැන රාජන් හූල් ඔහුගේ Sri Lanka: The Arrogance of Power : Myths, Decadence & Murder පොතේ සඳහන් කරයි. රාජන් හූල් පවසන පරිදි තුල්සි වික්රමසිංහ නම් සිසුවෙකු විසින් හම් පටියකින් ද්රවිඩ සිසුන්ට පහර දුන් බව කියයි.
මෙම ප්රහාරයෙන් වසර 36 කට පසු වෛද්ය බහීරදන් එම සිදුවීම ගැන මා සමග කතා කලේ වයිරයකින් තොරවය. මෙම පහර දීම සඳහා විද්යා පීඨයේ ඉගෙනුම ලැබූ තුලසිට දන්ත සහ වෛද්ය පීඨ වල සිසුන් කෙරෙහි යම් ඉරිසියාවක් තිබූ බව වෛද්ය බහීරදන් අනුමාන කරයි. කෙසේ නමුත් ඔහු තුලසී වික්රමසිංහ පිලිබඳව කතා කලේ යම් අනුකම්පාවක් සහිතවය.
මෙම ප්රහාරයෙන් පසුව පත් කල ලැනරෝල් කොමිසම තුල්සිගේ ශිෂ්යභාවය අහෝසි කිරීමට නිර්දේශ කලද ඔහු එම දඞුවමින් ගැලවී ගිය බව රසික සූරියආරච්චි පවසයි. වර්තමානයේ තුල්සි වික්රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි සරසවියක භෞතික විද්යාව මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන බව පැවසේ. කෙසේ නමුත් තරුණ අවධියේදී මොබ් මානසිකත්වයෙන් ද්රවිඩ සිසුන්ට විරුද්ධව කල වර්ගවාදී ප්රහාරය ගැන ඔහු පසු තැවෙන බව මම උපකල්පනය කරමි. ඇමරිකාව වැනි බහු වාර්ගික රටක දීර්ඝ කාලයක් ජීවත් වීමේදී වර්ගවාදයේ ජාතිවාදයේ පුහු බව ඔහු මේ වන විට අවබෝධ කර ගෙන ඇති. මේ පැරණි සිදුවීම යලි මතකයට ගෙන ආවේ මහාචාර්ය තුල්සි වික්රමසිංහට අපහසුතා ගෙන දීමට නෙවේ. මෙය වර්තමාන සරසවි සිසුන්ටත් පාඩමක්. ඔබ නවක වධය කියා හෝ ජාතිවාදීව හෝ වර්ගවාදීව තමන්ට කිසිදු වරදක් නොකරන ලද පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හිංසා කලහොත් එය වසර 20 හෝ 30 කට පසුවද කැරකී ඔබ පසුපස ආ හැකිය.
වෛද්ය රුවන් එම් ජයතුංග
Thursday, February 7, 2019
Meditation and Health Benefits
Ruwan M Jayatunge M.D.
Over the past 30 years the practice of meditation has become increasingly popular in clinical settings (Dakwar & Levin, 2009). Meditation allows studying the multiple connections between the mind, brain, and body (Braboszcz et al, 2010).
Meditation has numerous health benefits (Cramer et al., 2016). It has beneficial effects on brain and body. Meditation is a great stress breaker. In addition meditation is indicated in anxiety conditions, depression, substance abuse, in pain management, in sleep problems etc. Meditation increases blood flow and slows the heart rate. Meditation is associated with a range of physiological effects, including lower blood pressure and lower cortisol (Buttle, 2015). Meditation increases the immune function and improves general health.
Mindfulness practice, in particular, may be more efficacious in symptom relief than the well-being promoting activities cultivated in the health enhancement (Rosenkranz et al., 2013). Meditation practice can positively influence the experience of chronic illness and can serve as a primary, secondary, and/or tertiary prevention strategy (Bonadonna, 2003). Meditative practice may notably shape individuals' personality and self-concept toward more healthy profiles (Crescentini &, Capurso, 2015). Meditation promotes the emotional balance. As described by Hilton and team (2017) Mindfulness meditation improves quality of life. Thus meditation has unique health benefits.
Meditation and Immune Enhancement
The immune system is a network of cells, tissues, and organs that work together to protect the body from infection. Enhancing the immune system is imperative for healthy living. The most recent evidence suggests that the immune system responses are not regulated only by the presence of antigens but they are also influenced by the brain and behavior (Lutz et al., 2001). The brain can interfere with the immune system (Straub & Cutolo, 2017).
The idea that thoughts and emotions influence health outcomes is an ancient concept that was initially abandoned by Western medicine researchers. However new research indicate that these interactions play in disease formation and recovery (Mayden, 2012). Psychoneuroimmunology is the scientific field that investigates linkages between the brain, behavior, and the immune system and the implications of these linkages for physical health and disease (Kemeny & Gruenewald, 1999). Research into psychoneuroimmunology became relatively widespread in the 1970s (Kropiunigg, 1993).
Psychotherapy can "wake" up the immune system (Mausch, 2002). Meditation which is an advanced form of psychotherapy has beneficial effects on immune function. Chronic stress has been associated with suppression of immune function (O’Leary, 1990). Meditation has effective in reducing stress.
Davidsonand colleagues (2003) found significant increases in antibody titers to influenza vaccine among subjects in the meditation compared with those in the wait-list control group. Meditation helps regulate the stress response, thereby suppressing chronic inflammation states and maintaining a healthy gut-barrier function (Househam et al., 2017). Black and Slavich (2016) suspect mindfulness meditation may be salutogenic for immune system dynamics. They further state that mindfulness mediation appears to be associated with reductions in proinflammatory processes, increases in cell-mediated defense parameters, and increases in enzyme activity that guards against cell aging. Creswell and colleagues (2009) pointed out that mindfulness meditation training can buffer CD4+ T lymphocyte declines in HIV-1 infected adults.
Meditation and Cellular Health
Human cells have a limited life span (Hayflick &Moorehead, 1980). Aging is the result of a gradual functional decline at the cellular, and ultimately, organismal level (Wang & Dreesen 2018). An important aspect of biological aging is aging at the cellular level (Lindqvist et al., 2015). Every time cells divide, telomeres are shortened, leading to cellular damage and cellular death associated with aging (Bryan et al., 1998).
Cellular health is impacted by physical diseases and psychological ailments. Major depressive disorder (MDD) has been considered a syndrome of “premature aging” (Heuser, 2002; Lindqvist et al., 2015). PTSD is associated with accelerated aging (Yehuda et al., 2005). Drug-addiction may trigger early onset of age-related disease (Bachi et al., 2017).
Meditation practices can lead to improvements in physical and mental health (Chiesa & Serretti, 2009). According to Kabat-Zinn meditation has impact on the entire organism–from chromosomes to cells and to brain. Meditation improves cellular health (Epel et al., 2016).
Meditation and Telomere Regulation
Telomerase is a ribonucleoprotein reverse transcriptase cellular enzyme and Telomeres are the protective caps at the ends of chromosomes (Epel et al., 2009). Telomeres are DNA and protein complexes that are located at the end of linear chromosomes and are necessary for the complete replication of DNA as well as chromosome stability (Alda et al., 2016). Telomeres help to maintain genomic integrity and are of key importance to human health (Rathore & Abraham, 2018). When telomeres reach a critically short length, cells undergo replicative senescence or can become genomically unstable (Lindqvist et al., 2015). Shorter telomeres are associated with accelerated aging and related diseases (Sharma, 2015) and chronic stress (Hoge et al., 2013).
Telomerase activity is a predictor of long-term cellular viability (Jacobs et al., 2011). During meditation telomere regulation is improved (Conklin et al., 2018). The ability to maintain longer telomeres through practicing meditation has many implications on health. (Alda et al., 2016). According to Rathore and Abraham, (2018) practice of meditation can help to maintain genomic integrity and are of key importance to human health and lifestyle disorders. Hoge and team (2013) state that loving-kindness meditation practice associated with longer telomeres.
Tuesday, February 5, 2019
අපි බලයට ආවොත් හැමෝටම පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑ - රෝහණ විජේවීර
"අන්න තිරිකුණාමල වරාය තෙල් ටැංකි 98ක් එක්ක ජේ අර්ගෙ ආණ්ඩුවෙං අවුරුදු 25කට බදු දීල තියෙනවා ඇමරිකන් බහුජාතික සමාගමකට. ඇමරිකන් කාරයොන්ට බදු දුන්නාම වරායක් ඇමර්කින් කාරයෙන්ගෙ පස්වෙනි මිනීමරු නාවුක හමුදව මේ රටේ මුහුදු සීමාවෙ නැංගුරම් ලාගෙන ඉන්නවා. එතකොට සෝවියට් දේශය වගේ රටවල් වලට මේ රට සතුරු රටක් හැටියට සළකන්න සිද්ධ වෙනවා. එහෙම නං සෝවියට් දේශෙට අද සිද්ධ වෙලා තියෙනවා උස්බෙකිස්තානෙ හරි ටජිකිස්ථානෙ හරි එහෙම නැත්නං සයිබීරියාවෙ කෙළවරක හරි ලංකාවට මානලා රොකට් හයි කරන්න. අපි මොකද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම මොකද කරන්නෙ. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුන බලයට පත් වුන පලවෙනි පැයේම ජේ ආර්ගෙ සම්මුතිය සම්පූර්ණයෙන්ම ඉරලා දාලා ඇමරිකන්කාරයොංගෙ කලිසං මිනිස්සුංගෙ කලිසං ගලෝලා වීසි කරනවා සැතපුම් 200ක් ඈතට"
-- "ඊ ළඟට මේ ආණ්ඩුව අයුක්ති සහගත කොන්දේසි යටතේ ණය අරගෙන තියෙනව රුඉයල් කෝටි හයදාස් දෙසිය හැත්තෑ නමයක්. අපි බලයට පත් වුන ගමන් අපි කියනව ලෝකෙටම මේ රට මේ ජාතිය ලෝකයේ කිසිවෙකුට ණය නැති ජාතියක් කියලා අපි ණය අහොසි කරලා දානවා"
- "හරි කවුරු හරි කියන්න පුලුවං ණය අර ගෙන අපි නොකෑවට උං (ජේආර්ලා) හරි කෑවනේ අපි අමාරුවෙං හරි ණය ගෙවමු කියලා. අපි ඒකට කියනවා මෙහෙම ලෝරෙන්සෝද අල්මේදා කැප්ටන් පෘතුගීසි කාරයා 1505 ලංකාවට ගොඩ බැස්ස දා ඉඳලා අවුරුදු 453ක් පරංගීයි ඕලන්දකාරයොයි ඉංග්රීසි කාරයොයි අපේ තේ දළු ටිකයි, මුතු මැණික් ටිකයි, කෝකෝවා ටිකයි රබර්කිරි ටිකයි කොල්ල කාගෙන ගියා. අද මේ පරම්පරාවෙ උගත් බුද්ධිමත් තරුණ ආර්ථික විද්යාඥ්ඥයො ගණිතඥ්ඥයෝ ඔක්කොම ඉන්නෙ අපි ගාව. අපි ඒ ගොල්ලොන්ට කියලා බොහොම සාධාරණව අර අවුරුදු 453යි ජේආර්ලා සිරිමාවෝලාගේ අවුරුදු 35යි මංකොල්ල කාපු ප්රමාණය ගණං හදනවා. හදලා අර කෝටි 6279 ඒ ටික අඩු කර ගෙන ඉතුරු ටික අපිට ගෙවන්න කියනවා. ඒක තමා අපේ ප්රතිපත්තිය"
- "නිදහස් වෙළෙඳාකපාලය කියල එකක් හදලා හොඳට තාර දාලා අපේ සල්ලි වලිං හැදලා සල්ලි හම්බු කරනවා. අපි බලයට ඇවිත් පල වෙනි පැයේම ඔය නිදහස් වෙළෙඳ කලාපෙට ගෙනැල්ල තියෙන විදේශිකයෝ කොම්පැනි යන්ත්ර සූත්ර තඹ සතයක් ගෙවන්නෙ නැතුව රාජ සන්තක කරනවා අපි"
- "අපි බලයට පත් වුණොත් උපාලි විජේවර්ධනලගේ සල්ලි ඔක්කොම තඹ සතයක් වන්දි ගෙවන්නෙ නැතුව රාජසන්තක කරලා මේ රටේ සංවර්ධනයට යොදා ගන්න එකයි අපේ ප්රතිපත්තිය"
-"මගෙං ඇහුවා මිහින්තලේ ගොවියෙක් එහෙනං සහෝදරයා ඉදිරි දහ අට මාසේදී අපි ණය ගත්තට කමක් නැද්ද කියලා.මං කියනවා තමුන්නාන්සේලට කමක් නෑ. පුලුවං නං ඕනෙ තරං ණය ගන්න. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවාම තමුන්නාන්සේලාගෙං ඒ ණය ආපහු ඉල්ලන්නෙ නෑ."
- "මේ ආණ්ඩු වලිං මිනිස්සුන්ට ගෙපැලක් කපා ගන්න හේනක් කොටා ගන්න අවසර දෙන්නෙ නෑ උස්සං ගිහිල්ලා හිරේ දානවා. එහෙනං අපි කියනවා තමුන්නාන්සේලාට කැලෑ කොටන්න අපේ ආණ්ඩුවක් ආවාම ඉඩ ලබා දෙන එකයි අපේ ප්රතිපත්තිය"
- "ජේ ආර් ජයවර්ධන උන්නැහේ රාජ්ය ඇමතිව ඉන්න කාලේ ඩඩ්ලිගෙ ආණ්ඩුවෙ යෝජනාවක් ආවා මැණික් ගඟ හරහා බැම්මක් බැඳලා ගොවියොන්ට ජීවත් වෙන්න කුඹුරු කරන්න ජලාශයක් හදන්න කියලා. එයා කිව්වා ඒකට ඉඩ දෙන්න බෑ. එතකොට යාලෙ සත්තු මැරෙනවා වතුර නැතුව කියලා. මිනිසුන්ටත් වඩා සත්තු වටින ආන්ඩුවක්"
- "අපි විතරයි මේ රටේ එකම දේශපාලන පක්ෂය පැහැදිලි ප්රතිඥ්ඥාවක් දීල තියෙන්නෙ. ජනාධිපතිට අගමැතිට ඕනෙ කෙනෙකුට පුහුණු කම්කරුවට ගෙවනවට වැඩියෙං තඹ සතයක් ගෙවන්නෙ නෑයි කියලා"
-"- අපි පඩියකට වැඩ කරල නෙමෙයි මේ කෑ ගහන්නෙ. මගේ ජීවිතේ කවමදාවත් මම පඩියකට වැඩ කරල නෑ"
- "අද අපිට සංවර්ධන සභා මන්ත්රීලා ඉන්නවා 13 දෙනෙක්. ඒ දහතුන් දෙනාට පඩිය හම්බු වෙනවා දහතුන්දාහක්. ඒ දහතුන්දාහෙං සතයක් ඒ ගොල්ලො ගන්නවද නෑ. දහතුන් දාහම පක්ෂෙ මුදල් ලේකම්ට බාර දෙනවා හැම මාසෙම. පියසේන රාමනායක තමුන්නන්සෙලගේ මන්ත්රීත් එහෙමයි දාහම දෙනවා. එයාට පඩියක් නෑ එය දුප්පත් මිනිහෙක්. පොඩි දරුවෙකුත් ඉන්නවා. එහෙම කියල සල්ලි දීල යන ගමං ඉල්ලනවද සහෝදරයා කීයක් හරි ආපහු ගන්න පුලුවංද කියලා. නෑ දරුවා ලෙඩ වුනොත් පක්ෂෙ යමක් කමක් තියෙන සහෝදරයෙක් ලඟට ගිහිං කියලා ඉල්ල ගන්නවා. එහෙම නැත්තං කියනවා අපිට පොල්ගෙඩි ටිකක් දෙන්න හාල් ටිකක් දෙන්න. අපිට ඉල්ලන්න ලැජ්ජ නෑ" (රෝහණ විජේවීර )
Sunday, February 3, 2019
ශ්රී ලංකා සෞඛ්ය සේවයේ අනෙකා සොයා යාම
නීරෝගී නොවන සමාජයක් සෑමකල්හිම සතුරෙකු හෙවත් අනෙකා සොයා යති. සම්පත් අඩු වීම , දැණුමේ සහ හැකියාවන් සීමා වීම , ආචාර ධර්ම පිලිබඳ දැණුම හීන වීම වැනි කරුණු මෙම තත්වය උග්ර කරයි. මේ නිසා සෑම විටම අනෙක් පාර්ශවය සතුරෙකු විට දකියි.සතුරෙකු නොමැති වීම ඔවුනට කාංසාව ගෙන දෙයි.
පේරාදෙනිය වෛද්ය පීඨය ආරම්භ කල අවස්ථාවේදී විශාලතම විරෝධය එල්ල වූයේ කොලඹ වෛද්ය පීඨයෙනි. කොලඹ වෛද්ය පීඨයට පේරාදෙනිය අනෙකා විය. ඉන් පසුව රුහුණු වෛද්ය පීඨය ආරම්භ කිරීමේදී කොලඹ සහ පේරාදෙනිය රුහුණ තම අනෙකා ලෙස දුටුවෝය. මේ විරෝධයන් නිසා රුහුණු වෛද්ය පීඨයට මුල් වසර කීපය තුලදී ලෝක සෞඛ්ය සංවිධානයේ පිළිගැනීම පවා ප්රමාද විය.
මාගේ ගුරුවරයෙකු වන විශේෂඥ නාරි හා ප්රසව වෛද්ය අජිත් සේමසිංහ මහතා රුහුණ වෛද්ය පීඨයේ ආරම් භක සිසුවෙකු විය. ශ්රී ලංකා සෞඛ්ය සේවයේ අනෙකා සොයා යාම නිසා ඔහුට නාරි හා ප්රසව විශේෂඥතාව ලබා ගැනීම සඳහා දෙවසරක් ශල්ය වෛද්ය විද්යාව හැදෑරීමට සිදු විය.
රාගම පුද්ගලික වෛද්ය විදුහල ආරම්භ වූ අවස්ථාවේදී ඉතා පහසුවෙන් එය අනෙකා බවට පත් විය. රාගම පුද්ගලික වෛද්ය විදුහල පොදු සතුරා විය.
රාගම වෛද්ය විද්යාලය සමතලා කිරීමෙන් පසුව ශ්රී ලංකා සෞඛ්ය සේවයේ අනෙකා වූයේ සහකාර වෛද්ය නිලධාරීන් ය. සහකාර වෛද්ය නිලධාරීන් තම සතුරන් ලෙසට හුවා දක්වනු ලැබූහ. අවසානයේදී සහකාර වෛද්ය නිලධාරීන් පුහුණු කිරීමද නවතා දමනු ලැබීය.මේ නයින් ඊලාම් යුද්ධයේදී සහකාර වෛද්ය නිලධාරීන් විසින් සිදු කල මෙහෙයද ඉතා කුහක ලෙස අමතක කරන ලදි.
සහකාර වෛද්ය නිලධාරීන් හඹා යාමෙන් පසුව ශ්රී ලංකා සෞඛ්ය සේවයේ අනෙකා වූයේ විදේශ වෛද්ය උපාධිධාරීන් ය. එක් රැයකින් ඔවුන් ශ්රී ලංකා සෞඛ්ය සේවයේ සතුරන් බවට පත් වූහ.
රුහුණ වෛද්ය පීඨය ආරම්භ කිරීමෙන් වසර ගනනාවකට පසුව කැළනිය වෛද්ය පීඨය විවෘත කරනු ලැබීය. මුල් කාලයේදී කැළනිය පොදු සතුරෙකු විය. 2000 වසරේදී මා සේවය කලේ උතුරු කොලඹ ශික්ෂණ රෝහලේය. එහිදී කොලඹ වෛද්ය පීඨයේ උගත් ජේෂ්ඨ රෙජිස්ට්රාවරයෙක් නිබඳවම ප්රසිද්ධියේ කැළනිය වෛද්ය පීඨයේ සිසුන් පහත් කොට බැණ වැදීමට පුරුදුව සිටියේය. ඔහුගේ මතය අනුව කැළනිය වෛද්ය පීඨය ආරම්භ කිරීම බරපතල වරදකි.
මෑත කාලයේදී ශ්රී ලංකා සෞඛ්ය සේවයේ අනෙකා බවට පත් වන්නේ සයිටම් ආයතනයයි. සයිටම් ආයතනය බැහැර කිරීමෙන් පසුව මේ වන තෙක් පොදු සතුරෙකු නොමැත. එහෙත් ශ්රී ලංකා සෞඛ්ය සේවය විසින් ඉතා ඉක්මනින් අනෙකා හෙවත් පොදු සතුරෙකු සොයා ගනු ඇත.
වෛද්ය රුවන් එම් ජයතුංග
Subscribe to:
Posts (Atom)




