Wednesday, July 30, 2025

ශ්‍රී ලාංකික සමාජයට ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෝ




ශ්‍රී ලාංකික බුද්ධාගමට ඉතා බරපතල තර්ජනයක් එල්ල වෙමින් පවතිනවා. අනාගතයේ මේ තර්ජන තවත් උග්‍ර වෙලා ශ්‍රී ලාංකික බුද්ධාගම සමාජයෙන් තල්ලු වෙලා යයි. මේ තර්ජනය එන්නේ බාහිර සතුරෙකුගෙන් නොවෙයි. මේ තර්ජනය එන්නෙ සංඝ සමාජයෙන්. අද සංඝ ශාසනයට  බඳවා ගන්නා සාමාජිකයන් ගෙන් 95% එන්නේ  ශ්‍රී ලාංකික සමාජයේ පහලම සමාජ ආර්ථික වශයෙන් බිඳ වැටුනු විපරීත ලේයර් එකෙන්. පියාගේ කසිප්පු ගැහිල්ල​, බරපතල ආර්ථික ගැටළුපවුල් සංස්ථාවේ බිඳ වැටීම්, ආදිය නිසා බත් පිඟානට පන්සලට ඩම්ප් කරන මිනිස් කසල වලින්. ඔවුන් ජානමය වශයෙන් දුර්වලයි, සමාජ ආර්ථිකමය අතින් දුර්වලයි. ළමා කාලයේම මාතෘ, පීතෘ වියෝග කාන්සාවක ලක්වූ ළමුන්ට සිවුරු අන්දවනවා. මේ ළමුන් බොහොමයක් පන්සල් වල වැඩිහිටි භික්‍ෂූන් ගෙන් ලිංගිකව අපයෝජනය වෙනවා. එසේම විවිධ කායික මානසික අපයෝජනයන්ට ලක් වෙනවා. මේ කායිකව මානසිකව බිඳුනු පෞරුෂයන් තමයි ශ්‍රී ලාංකික සමාජයට ආධ්‍යාත්මික මඟ පෙන්වීම කරන්නේ. ඕනම රැඩිකල් දේශපාලන පක්‍ෂයකට මේ පිරිස් මැනියුපිලේට් කරන්න ලේසියි. වයිරය විනාශය ඔවුන් ගේ සිත් වලට දාන්න ලේසියි. මේ බහුතරය බුදු දහම දන්නේ නෑ. ධර්මය දන්නේ නෑ. ඔවුන් දන්නේ රක්‍ෂිත වල ආගමික මධ්‍යස්ථාන අටවගෙන ශබ්ද දූෂණය , පරිසර දූෂණය සහ සමාජයට විශ එන්නත් කරන එක​. පිරිවෙන් හරහා විශ්ව විද්‍යාල වලට ගියත් ඔවුන් තුල බුද්ධිමය වශයෙන් අවදිවීම  ඇත්‍තේ ඉතා අඩුවෙන්.  විශ්ව විද්‍යාල වල භික්‍ෂු නේවාසිකාගාර වල පවතින බරපතල ලිංගික හිංසන  සහිත  නවක වධ ගැන විශ්ව විද්‍යාල ප්‍රජාව හොඳින්ම දන්නවා. මේ පීඩනයේ මූලයන් එන්නේ කොහෙන් ද ? මේ පීඩනයන් අන්තිමේදී ගාල් කරන්නේ සමස්ථ සමාජයට නේද ?  පීඩිතයන් මහණ කරන එක තහනම් ද ? බුද්ධ කාලයේ සුනීත සෝපාකලා මහණ කලේ ඇයි කියලා යමෙක් අහන්න පුලුවන්. නමුත් සුනීත සෝපාකලාට තිබූ හවු හරණ , ආධ්‍යාත්මික මඟ පෙන්වීම නූතන සංඝ සමාජයෙන් ලැබෙනවද ? 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook