Monday, July 28, 2025

නදීෂ් දිල්ශාන් දිසානායක ගේ කෝචියේ හිටගෙන කවි




නදීෂ් දිල්ශාන් දිසානායක ගේ කෝචියේ හිටගෙන කවි පොත නව මානයක් විවෘත කරයි. ඔහුගේ කාව්‍ය  ප්‍රවිධිය ඔහුටම වූ අනයතාවයකින් යුක්‍තය​. ඔහුගේ " හරාම් " කවිය අපූරුය​. පේලි සතරකි එහෙත් අර්ථය ගැඹුරුය​. 


හරාම් 

******

මොකට ලිව්වාද බං

රූබයියාට් ඛයියාම් 

පොර උපන් දේශයෙත් 

ඒ සේරම හරාම් 


කවියා විනිවිද දකින්නේ තිත්ත ඇත්තකි. ජීවිතයේ සියලුම ආශාවන්ට විලංගු දමා හරාම් කර ඇති ලෝකයක ජීවිතය විඳවන්නන් මිස විඳින්නන් නොමැත​. ඔහුගේ නූතන කිඳුරුව , මනමේ, යන කවිද ගැඹුරු අර්ථයක් පාඨකයාට ලබා දෙයි. මඛාදේවගේ ත්‍යජනය පිලිබඳ කවියා ගේ දැක්ම වෙනස් ය​. එය පුහුදුන් අදහසක් නොව ප්‍රායෝගිකවාදය ඔස්සේ එන අදහසකි. මඝ මානවක ගේ නූතන භව්‍යත්ත්වය පාඨකයා නව මානයකට ගෙන යයි. නදීෂ් දිල්ශාන් දිසානායක ගේ කවි පොත එක හුස්මට කියවිය නොහැක​. සෑම කවියකම ගැඹුරු අර්ථය පාඨකයාව වෙනස් ලෝකකයට ගෙන යයි. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook