වික්ටර් අයිවන් ලංකාවේ මහා පරිමානයෙන් සිදුවූ හොරකම් / ජාවාරම් ගැන හෙළි කලා. ඔහුගේ අවසාන වාර්තාව වුනේ ලංකාවේ සිදුවන නීති විරෝධී මිනිස් අවයව ජාවාරම එනම් වකුගඩු ජාවාරම.
යාපනය රෝහලේ වකුගඩු පිලිබඳ වෛද්‍යවරයා අනියම් සායනයක් පවත්වා ගනිමින් වකුගඩු තැරැව්කරුවන් විසින් ගෙන එන තරුණයන් පරික්ෂා කොට යහපත් මට්ටමේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඇති පුද්ගලයන් වකුගඩු දායකයන් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට යොමු කරනු ලැබුවා. මේ ක්‍රියාවලිය මගින් ඔවුන් අති විශාල මුදලක් වංචනිකව උපයා ගත්තා. මේ ජාවාරම පිලිබඳව මුලින්ම හෙලි කරන ලද්දේ රාවය පුවත්පත හරහා වික්ටර් අයිවන් විසින්. මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චන්ඳ්රහසන් පවසන පරිදි ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ට්‍රේලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ මේ අදාල කූට වෛද්‍යවරයා.
වික්ටර් අයිවන් විසින් කල හෙළිදරව්ව නිසා යාපනය රෝහලේ වකුගඩු ජාවාරම පිලිබඳව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය මගින් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජි.කේ.ජි.එන්.ප්‍රියදර්ශන මහතාව විමර්ශන නිළධාරි ලෙස පත් කොට යවනු ලැබුවා. එහෙත් වකුගඩු මාෆියාවේ බලපෑම් නිසා විමර්ශන කටයුතු හරි හැටි කෙරුනේ නෑ. එය තවත් නාමික පරීක්ෂණයක් වුනා.
පසුව මේ වෛද්‍යවරයා පොලොන්නරුව රෝහලට මාරුවී ගියා. වික්ටර් අයිවන් විසින් සිදු කල හෙලිදරව් කිරීම නිසා පොළොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා ඇතුළු කාර්යමණ්ඩලය මිනිස් අවයව ජාවාරම් සිදු කල මෙම වෛද්‍යවරයා පිලිබඳව සෝදිසියෙන් සිටි අතර පොලොන්නරුව රෝහලේදී ඔහුට නීති විරෝධී කූට වකුගඩු සායන පැවැත්වීමට ඉඩකඩ අසුරා දැමුවා. අහේතුවකට මෙන් රාවය පුවත් පත වසා දැමුනා . ඒ නිසා තව දුරටත් වකුගඩු හොරකම් ගැන වික්ටර් අයිවන්ට ලිවීමට අවකාශයක් තිබුනේ නෑ. නමුත් ඔහු පත්තු කල වෙඩිල්ලේ දෝංකාරය නිසා හොරෙන් කෙරී ගෙන ගිය වකුගඩු ජාවාරම පිලිබඳව ජනතාව තොරතුරු දැන ගත්තා. රාවය පුවත් පත දිගින් දිගටමා තිබුනා නම් වික්ටර් අයිවන් මේ සටන අත නොහරින බව විශ්වාසයි.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments