Saturday, October 28, 2023

මහාචාර්‍ය නලින් ද සිල්වා හමුවීම


 


මහාචාර්‍ය නලින් ද සිල්වා සඳහන් කරනවා මම එතුමාගේ අදහස්වලට විරුද්ධ අයෙක් කියලා. මම මහාචාර්‍ය නලින් ද සිල්වා ගේ ඇතැම් අදහස් විවේචනය කරලා තියනවා. නමුත් කරනවා පුද්ගලයෙකු ලෙස මම එතුමා හෙලා දැකලා නෑ. මෑතකදී මට මහාචාර්‍ය නලින් ද සිල්වා  හමු වුනා එතුමාගේ නිවසේදී. 

මහාචාර්‍ය නලින් ද සිල්වා බුද්ධිමතෙක් , ඒ වගේම විවිධ විෂයන් හදාරපු කෙනෙක්. එතුමා සමග මම මරණින් පසු විඥානය පවතිනවාද යන්න පිලිබඳව විවාද කලා. වෛද්‍යවරයෙකු ලෙස මාගේ රෝගීන් ආශ්‍රිතව NDE (Near Death Experience) මම අධ්‍යනය කලා. එසේම යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාරය වරුන් වන  Guy Bernard Proulx ,  James E Alcock සමග අදහස් හුවමාරු කර ගත්තා. මම තවමත් මරණින් පසු විඥානය පවතිනවාද යන්න පිලිබඳව අධ්‍යනය කරනවා. මහාචාර්‍ය නලීන් ගණිතය සහ Quintom Mechanics  ආශ්‍රිතව මට අදහස් ලබා දුන්නා. මහාචාර්‍ය නලින් ද සිල්වා දැණුම ආකරයක්. නමුත් අවාසනාවන්ත ලෙස ඒ දැණුම හරි හැටි සමාජගත වුනේ නෑ.  

1 comment:

  1. ඒක එයාගෙ ඉල්ලන් කෑමක්නේ. මේ වගේ උගතුන් සහ බෞද්ධ ස්වමීන් වහන්සේලා තමන්ගේ දැනීමෙන් අන් අයට සේවයක් කරනවා වෙනුවට ගොං කථා කිය කිය ජාතිවාදෙ අවුස්සල තමන්ගේ තත්ත්වයෙන් නූගතුන් මුලා කිරීම නිසාතමයි එහෙම වෙලා තියෙන්නේ. හැබැයි ඒක රටටම පාඩුවක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook