Sunday, October 15, 2023

ජැක්සන් ඇන්තනි ගේ නික්ම යාම

 



ජැක්සන් ඇන්තනි යනු සහජ දක්‍ෂතා සපිරි පුද්ගලයෙකු විය​. ඔහු මුල් කාලයේදී අධි රංගනයක නිරතවූ නමුදු පසු කාලයකදී දක්‍ෂ චරිතාංග නළුවෙකු විය​. ඔහු ගාමිනී ෆොන්සේකාටත් වඩා දක්‍ෂ ලෙස විවිධ චරිත රඟපෑ බව මාගේ අදහසයි. ඔහු කෙවින් කොස්ට්නර් වැනි නළුවෙකු බව කිව හැකිය​. බොහෝ දක්‍ෂතා තිබූ නිසා ඔහු බොහෝ දෙනාගේ ඉරිසියාව මුසු වයිරයට ලක් විය​. බොහෝ දෙනෙකු ඔහුගේ සාර්ථකත්වයට ඉරිසියා කලෝය​. දැඩි සත්කාරයේ සිටියදී පවා ඔහුගේ මරණය ප්‍රාර්ථනා කලෝය​. ඔහු සාධාරණ විවේචනයට ලක් වූයේ මහින්ද රාජපක්‍ෂ බුදුන් ගේ ඥාතියෙකු බව කීම නිසාය​. ඔහු මේ කතාව කියුවේ මහින් ද රාජපක්‍ෂ රජතුමාට ඇඳ සිටි කාලයකය​. එහෙත් බොහෝ දෙනෙකුට මේ කතාවේ යටි අරුත තේරුම් ගියේ නැත​. ඉතිහාසය මනා සේ දැන සිටි ජැක්සන් මාටින් රාජපක්‍ෂ කාල්ටන් වලව්වේ හරක් බැලූ බවත්  මහින්ද බුදුන් ගේ ඟාතියෙකු නොවන බවත් දැන සිටි නමුදු  මහින් ද රාජපක්‍ෂ ක්ලෑන් එක උපහාසයට ලක් කිරීම සඳහා මේ කතාව කියූ බව උපකල්පනය කල හැකිය​. ජැක්සන් ගේ ප්‍රකාශයත් සමග මහින්ද රාජපක්‍ෂ සහ සමාගම නාය යාම ඇරඹිනි. මේ අනුව රාජපක්‍ෂවාදයට මුල්ම ගල ගසන ලද්දේ ජැක්සන් විසිනි. 

1 comment:

  1. මං හිතන්නෑ ජැකා බොස් ඔව්ව සාකැස්ටික් මයින්ඩ් එක්කිං කිව්ව කියල.
    හැබැයි බහුතරයක් පොරට ඉරිසියා කළා කියන ඒකනං පිළිගන්න පුළුවන් න්‍යායක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook