Tuesday, January 31, 2023

දීප්ති කුමාර ගුණරත්න ; වැඩේ නම් බාලයි

 



දීප්ති කුමාර ගුණරත්න ගේ ඇතැම් ලිවීම් මම කැමැත්තකින් කියවූවා. උසස් අධ්‍යාපනයක් නොලද කෙනෙකු උනත් ඔහු ස්ව උත්සහයෙන් කියවා යමක් සමාජගත කරන කෙනෙක්.  මනෝ විශ්ලේෂණය පිලිබඳව ඇතැම් විට වැරදි සහිතව හෝ පරිවර්තනයන් කොට හෝ ඔහු ගත් වෑයම අගය කල යුත්තක්. 

මෑතකදී අජිත් ධර්මා සමග ඔහු විසින් කල ඉන්ටවිව් එක මම දැක්කා. ඒ වගේ ඉන්ටවිව් එකක් ලංකාවේ වාර්ගික ඝට්ටනය සහ අනාගත ලංකාවේ දේශපාලනය පිලිබඳව කරන්න මට අදහසක් ආවා. මේ ඉන්ටවිව් එක මම ඉලක්ක කලේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය ලබන  ද්‍රවිඩ සිසුන් ඉලක්ක කරගෙන. මේ ද්‍රවිඩ සිසුන් කවදාවත් ලංකාවට ගිහින් නෑ. ඔවුන් ඉන්නේ වාර්ගික අගතියකින්. ඒ නිසා මේ ඉන්ටවිව් එක කරන්න මට අවශ්‍ය උනා. 

මේ  ඉන්ටවිව් එක කිරීම පිලිබඳව මම අජිත් ධර්මා හරහාත් , දීප්ති කුමාර ගුණරත්නටත් දැණුම් දුන්නා. මට විශ්මයක් ගෙන දෙමින් දීප්ති කුමාර ගුණරත්න ඉන්ටවිව් එක දීම ප්‍රත්ක්ශේප කරලා තිබ්බා ; හේතුව ලෙස මට අභූත චෝදනාවක් දාලා. මේ නිසා අන්ද මන්ද වූ මම දීප්ති කුමාර ගුණරත්නව හොඳින් දන්න කථිකාචාර්‍යවරයෙකුට මේ කතාව කිව්වා. 

මේ කථිකාචාර්‍යවරයා ගත් කටටම කිව්වේ ඉන්ටවිව් එක කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා දීප්ති මේ ඉන්ටවිව් එක මඟ අරිනවා කියලා. ඔහු තවත් කතාවක් කිව්වා. මීට ඉහතදී ද්‍රවිඩ දේශපාලාඥයෙකු වූ රවිරාජ් සමග  ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්ටවිව් එකක් කිරීමට ගොස් දීප්ති නා ගත්තා කියලා. මේ හේතුවෙන්  ඉන්ටවිව් එක මඟ ඇරීමට දීප්ති අභූත චෝදනාවක් ගහලා දාලා ඇඟ බේරගත්තා කියලා ඔහු කිව්වා. ඒත් මම කිව්වේ එවැනි භාෂා ගැටළුවක් තිබේ නම් අපිට ලේසියන් භාෂා පරිවර්තකයෙකුගේ සහාය  හෝ සබ් ටයිට්ලස් වලින්  කරන්න පුලුවන් බවයි. නමුත් මේ කථිකාචාර්‍යවරයා වැඩි දුරටත් කිව්වේ තමන්ට අභියෝගයක් කියලා දැනෙන අවස්ථාවකදී දීප්ති කරන්නේ අභූත චෝදනාවක් එල්ල කරලා ඇඟ බේර ගන්න එක කියලා. මේක නිර්මාල් දේවසිරි අරබයාත් ඔහු කලා කිව්වා. මේ ගැන වැඩි දුරටත්  ප්‍රභා මනුරත්න කියන කාන්තාවගෙන් අහන්න කියලා.  

ඔහු තවත් අණතුරු ඇඟවීමක් කලා. දීප්ති එක්ක ඝට්ටනයට ගියොත් ඔහු තමන් ගේ වහල් හමුදාව යොදවලා ෆේස් බුක් එකෙන් , ත්‍රිමාණ එකෙන් , ජන මාධ්‍ය වලින් අදාල පුද්ගලයාට මඩ ගහනවා කියලා. ඒත් මම නෙගටිව් පබ්ලිසිටි වලට කැමති නිසා ඒක මට ගානක් නෑ. ඒත් මම කියන්නේ දීප්ති ඔයා කලේ ලාමක වැඩක්. ටී.වී එකේ අනෙකුත් මාධ්‍ය වල ඔයා අත පය දිග ඇරලා කතා කලත් අභියෝගයක් ඉදිරියේ බයට පත් වන දුර්වල මිනිසා මම ඔයාගේ ඇතුලාන්තයෙන් දැක්කා. ඒකට කමක් නෑ අපි ඔක්කොම අපරාජිතයෝ නොවෙයි. මම තරහා නෑ. එන්න අපි වැඩ කරමු. මේ භූමියේ යම් චින්තනාත්මක වෙනසක් ඇති කරමු. ඒත් බාල වැඩ නැතිව​. 


PS: ( අජිත් ධර්මකීර්තිගේ කොලඹ ගමයා බ්ලොගයේ මේ පිලිබඳව පෝස්ට් එකක් දාලා තියනවා. ඒ පෝස්ට් එකේ මා විසින් ලියන ලද එන්. එම් පෙරේරා පිලිබඳ ලිපියේ අපහාසාත්මකව කරුණු දක්වා ඇත​. එය කරන ලද්දේ කුප්‍රකට දත් දොස්තර කෙනෙකු වන අතර මොහු අජිත් ධර්මකීර්තිගේ ළමුන් අජිත් ධර්මකීර්තිට වඩා වෙනස් සහ උස බවත් මේ නිසා අජිත් ධර්මකීර්ති ළමුන් ගේ ජීව විද්‍යාත්මක පියා නොවන බව කී අයෙකු බව අජිත් ධර්මකීර්තිට මතක ඇති බව සිතමි. එවැනි පුද්ගලයෙකුගේ කොමෙන්ටුවක් අජිත් ධර්මකීර්තිගේ කොලඹ ගමයා බ්ලොගයේ පළ කරන විට ඒ පිලිබඳව දෙවරක් සිතන්නට තිබුණි.) 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook