Wednesday, September 7, 2022

ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි අධිකරණ වෛද්‍යවරයෙකුගේ ඇසින්

 


 

අධිකරණ වෛද්‍යවරයා මෝචරියේ පැය අටක සේවයෙන් පසු ගෙදර ආවේය. ගෙදර එන විට තම පස් හැවිරිදි දරුවාට බිරිඳ බත් කවමින් සිටියාය. අනේ තාත්තේ කතන්දරයක් කියන්නකෝ කියා පියා දුටු දරුවා කීවේය. බිරිඳද " ඔව් අනේ අර ගමරාල දිව්‍යලෝකයේ ගිය කතාව පුතාට කියන්න කියා කීවාය. මොහොතක් කල්පනා කල අධිකරණ වෛද්‍යවරයා " හරි එකෝමත් එක කාලෙක ගමරාල කෙනෙක් හිටියා. ගමරාල බැංකුවෙන් ගොවි ණයක් අරගෙන මුළු ඉඩමේම තක්කාලි වගා කලා. තක්කාලි පළදාව ආවම විකුනන්න ගියාම තක්කාලි මිල හොඳටම බැහැලා. මේ නිසා ගමරාල තක්කාලි ටික කැලේට විසි කලා. ඒ කරලා ගෙදර යනකොට බැංකුවෙන් ලියුමක් ඇවිල්ලා ගත්ත ගොවි ණය වහාම ගෙවන්න කියලා. ගමරාල අතේ සතයක්වත් නෑ. ගොවි ණය නොගෙව්වොත් හිරේ යන්න වෙනවා. කරන්න දෙයක් නැති නිසා ගමරාල වගාවට ගහන්න ගෙනාපු මැහි තෙල් බෝතලය බීලා මැරුණා. මැරුණාට පස්සේ ගමරාල දිව්‍ය ලෝකයේ ගිහින් ඉපදුනා. 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook