සුසිල් සිරිවර්ධන 71 අප්රේල් මහ නඩුවේ 24 වැනි විත්තිකරුය. ඔහු පරිපාලන සේවයේ සිටි තරුණ නිලධාරියෙක් වු අතර ඔක්ස්ෆඩ් විශ්ව විද්යාලයේ ඉගෙනුම ලැබු අයෙකු විමද වෙසෙසින්ම සඳහන් කළ යුත්තකි. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම මදක් උගහට වු බව සැබැය. දුරකථන සංවාද කිහිපයක් විද්යුත් තැපැල් පණිවිඩ කිහිපයක් අප අතර හුවමාරු වූ අතර අවසානයේදි ඔහු මගේ පොතට දායක වීමට එකගත්වය පළ කළේය. 2009 පෙබරවාරි 11 දින රාත්රියේ මා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ සුසිල් සිරිවර්ධන මහතා 71 කැරැල්ලට ඔහුගේ සහභාගිත්වය අහඹුවක් බව කීය. යටත් පිරිසෙන් ඔහු පන්ති 5 නිම කොට සිටියේද නැත. අහඹුවක් නිසා 1971 සිට 1975 දක්වා සිරගතව සිටි ඔහු තතු පැවසුවේ මෙයාකාරයෙනි.
1970 දි මම පරිපාලන සේවයේ නිලධාරියෙක්. අපි තමයි මුල් එස්.එල්.ඒ.එස් නිලධාරින්ගේ පරම්පරාව. මම තරුණ ගැටළු, විරැකියාව සමාජ ප්රශ්න පිළිබඳව හදාරමින් සිටියේ. එය මගේ රැකියාවේම කොටසක්. මේ අවස්ථාවේදී තමයි පොඩි ලකි මාව මුණ ගැහෙන්නේ. පොඩි ලකී මගේ ගෝලයෙක්. මම අනුරාධපුර සෙන්ට්රල් එකේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන කොට පොඩි ලකී මගෙන් ඉගෙන ගත්තා. ඒ සබඳතාව මත ඔහු මා සොයා පැමිණියා. පොඩි ලකී කිව්වා තරුණ අසහනය, තරුණ ගැටළු සඳහා පිළියම් තිඛෙන සමාජ ව්යාපාරයක් තියනවා කියලා. මෙය මාක්ස්වාදි දේශපාලන ව්යාපාරය බවටත් ඔහු කිව්වා. මේක ඇසුනු මට පුදුම හිතුනා. මම තරුණ ගැටළු පිළිබඳව වසර ගනනාවක් අධ්යයනය කරනවා මෙවැනි සංවිධානයක් ලංකාවේ තිඛෙන බව මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ සංවිධානය ගැන තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය කළා.
මේ සංවිධානය ගැන දැන ගැනීමට මා තුල තිබූ ආශාව නිසා පොඩි ලකී මාව සම්බන්ධ කළා තවත් අයෙකුට. ඔහු පියතිලක පසුව තමයි මම ඒ බව දැන ගත්තේ. ඔහු කිව්වා ව්යාපාරයේ නායකයා කතරගම ඉන්නවා කැමතිද මුණ ගැහෙන්න කියලා. මම ඒ යෝජනාවට කැමති උනා. ඒ අනුව 1970 දිනෙක මම පියතිලක සමඟ කතරගම ගියා. ව්යාපාරයෙ නායකයා මුණ ගැහෙන්න. ඒ වෙන කොට මම දැනගෙන හිටියේ නැහැ මේ නායකයා රෝහණ විෙජ්විර බව.
(1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තකරු එස්. වී. ඒ. පියතිලක, සුසිල් සිරිවර්ධන හමුවීම පිලිබදව මෙසේ පවසයි වර්ෂ 1969 අවසානයට කිට්ටුව රජයේ දෙපාර්තමේන්තුවක උසස් තනතුරක් උසුලන ඔහුගේ මිතුරෙක් අපේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීමට කැමතිව සිටිනවා යයි කියා පොඩි ලකී මට කීවේය. ඔහු පිළියෙළ කරන ලද දිනයෙහිදී පොඩි ලකී විසින් දෙල්කන්දේ ප්‍රේමපාලගේ නිවසට එක්ක එන ලද මේ තැනැත්තා මට මුණගැසුණි. සුසිල් සිරිවර්ධන වශයෙන් මම ඔහු හඳුනාගතිමි. එදින සාකච්ඡාවට නිමල් මහරගේ, ප්‍රේමපාල හා පොඩි ලකී පැමිණ සිටියෝය. අපේ දේශනා 5හේ අන්තර්ගත කරුණු ලූහු~ු කොට මා ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත්තුවේය. අපි අපගේ නායකයා හමුවී තවදුරටත් සාකච්ඡා කරමු යයි සුසිල් කීවේය. මේ අවස්ථාවේදී විෙජ්වීර කතරගම සැඟවී සිටියේය. රජයේ උසස් නිලධාරියෙකු වන සුසිල් සිරිවර්ධන මුණගැසුණු බවත්, ඔහු හමුවීමට හා අපේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීමට ඉතා ආශාවෙන් සිටින බවත්, ඔහු අපට ප්‍රයෝජනවත් වියහැකි පුද්ගලයෙකු බවත් කියා මා පොඩි ලකීගේ මාර්ගයෙන් විෙජ්වීරට පණිවුඩයක් යැව්වේය. පොඩිලකීගේ මාර්ගයෙන් පණිවුඩය යැව්වාය කියා කීමෙන් මා වරදක් කළේය. ඇත්තවශයෙන්ම විෙජ්වීරට දැන්වීම සඳහා මම යැව්වේ නිමල් මහරගේය. නිමල් මහරගේ ගේ මගින් විෙජ්වීර ඔහු හමුවීමට මට සුසිල් එවිය හැකි දිනය සඳහන් කොට පණිවුඩයක් එවා තිබුණේය. මා සුසිල් සිරිවර්ධන හා සමඟ පළමුවන සාකච්ඡාව පැවැත්වීමෙන් පසු පොඩි ලකී සහ උයන්ගොඩ සමඟ සුසිල් හමුවීමට ඔහුගේ බම්බලපිටියේ ගෙදරට ගියෙමි. තවදුරටත් අපි ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කළෙමු. වැඩිදුරටත් ව්‍යාපාරය ගැන දැනගැනීමට සුසිල්ගේ යහළුවන් කණ්ඩායමක් ඉතා කැමැත්තෙන් සිටි බව ඔහු කීවේය. විෙජ්වීර හමුවිය හැකි දිනය දන්වමින් මා සුසිල්ට පොඩිලකීගේ මාර්ගයෙන් පණිවුඩයක් යැව්වේය. නිමල් මහරගේ සුසිල් සමග යැවීමට සිටිය නමුදු අවසාන මොහොතේදී සුසිල් සමඟ ටී. ඩී. යැවීමට මා තීරණය කර ගත්තේය. ටී. ඩී. ට මා මේ ගැන කීමෙන් පසු ඔහු යාමට එකඟ විය. මා ටී. ඩී. සුසිල් ගේ ගෙදරට එක්ක ගොස් ටී. ඩී. සමඟ එහි යන ලෙසට මම ඔහුට කීවෙමි. ඔහු කතරගමට එක්කරගෙන යාමෙන් පසු ඔහුට විෙජ්වීර හමුවීමට හැකියයිද කියා මම කීවෙමි. ඊලඟට මට සුසිල් හමුවුණේ 1970 ජූලි මාසයේ විෙද්‍යා්දය විශ්වවිද්‍යාලයෙහි පැවැත්වූ රැස්වීමේදීය. ඊට පසු මට ඔහු හමු වුණේ නැත. 1970 අගෝස්තු මාසයේහිදී පියසිරි හා මා සීදුව අධ්‍යාපනික කඳවුරක් පැවැත්වීමට තීරණය කළෝය. අප කඳවුර පැවැත්වීමට පිළියෙළ කරගත් දිනයට පුළුවන් පමණ සීදූවට එවන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන් වැඩිදෙනෙකුට අපි දැන්නුවෙමු. පියසිරි, නවරත්න, සිසිර, ජයවික්‍රම හා සුනිල්ට කැළණියේ දුම්රිය ස්ථානයෙහිදී ඔවුන් හමුවී සීදූවට කැඳවාගෙන එන ලෙසට මා විසින් උපදෙස් දෙන ලදි. )
කතරගමදි අපිට ව්යාපාරයේ නායකයා මුණ ගැහුනා. ඔහු හිටියේ හේනක ගැමියෙකු වගේ. අපි පැය භාගයක් විතර කතා කළා. ඔහු මට ස්තූතිවන්ත වූවා. ව්යාපාරය ගැන උනන්දුවක් දැක්වීම පිළිබඳව. කෙටි සාකච්ඡාවකින් පසු පසුදින මම යළි කොළඹ පැමිණියා.
මගේ යාළුවෙක් හිටියා විරාජ් ප්රනාන්දු කියලා. ඔහු මෙරයින් ඉන්ජිනේරුවෙක්. මාක්ස්වාදය ගැන ගැඹුරු දැනීමක් විරාජ්ට තිබුනා. මාක්ස් වාදය ගැන විරාජ් තුල තිබූ උනන්දුව නිසා මම ඔහුට මෙම ලාංකික ව්යාපාරය ගැන කිව්වා. ඒ වෙන කොට විරාජ් ප්රනාන්දු පිටරට සිට ලංකාවට පැමිණයි හිටියේ. විරාජ් ප්රනාන්දු හා විජේවීර දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මුලදි විරාජ් තුළ තිබුනේ තද පැහැදීමක්. ඒත් ක්රම ක්රමයෙන් ඉන්දියානු වතු කම්කරුවන් පිළිබඳ විජේවීර තුළ තිබු ස්ථාවරය ගැන විරාජ්ට පැහැදීමක් තිබුනේ නැහැ. ඔවුන් දෙදෙනා අතර තදබල විවාද, ගිනිකදු වගේ පුපුරා ගිය වාද තිබුනු බව හොඳටම මතකයි. අවසානයේදී විරාජ් ව්යාපාරය කෙරෙහි ඇති බැඳීම අඩු කර ගත්තා.
විජේවීර එක්තරා ආකාරයක සිය මතයේම එල්බ ගෙන සිටි අයෙක්. ඔහු වාද කරන අයට කැමති නැහැ. ඒ නිසා විරාජ් කපා දමන්න ඇති. කැරැල්ල අවස්ථාවේදී මා හෝ විරාජ් ව්යාපාරයට උදව් කරන ස්ථාවරයක නොවෙයි හිටියේ.
අධිකරණ අමතා ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මගේ ඥාතියෙක්. එහෙත් ඔහුට අපගේ පවුල් අතර ප්රශ්න තිබුනා. ෆිලික්ස්ට අවශ්‍ය කළා මාව මේ කරුණෙA දී හිර කරන්න. මාව මහ නඩුවේ විත්තිකරුවෙකු කරන්න. ඒ උපදෙස් මත ඉයන් වික්රමනායක මාව කොටු කරා.
මාව අත් අඩංගුවට ගෙන සුමානයක් විතර හුදකලා කෙරුවා. පහර දුන්නේ නැතත් තර්ජනය කලේ නැතත් එමගින් ඔවුන්ට තරුණයෙකු බිදින්න පුළුවන් උනා. උපාලි සෙනෙවිරත්න, සර්නි විෙජ්සූරිය හා ජෙගනාදන් මට ලියවිල්ලක් දුන්නා අත්සන් කරන්න. බිය හා වික්ෂිප්තභාවය නිසාත් ෆීලික්ස් මට අගතියක් නොකරයි යන විශ්වාසය නිසාත් මම එයට අත්සන් තැබුවා. එය මගේ මරණ වරෙන්තුව බව මම දැන හිටියේ නැහැ.
1971 අප්රේල් කැරැල්ලට මාව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම මගේ දෙමාපියන්ට දරා ගත නොහැකි දෙයෙක් උනා. හොඳ අනාගතයක් තිබූ උසස් තරුණ නිලධාරියාගේ අනාගතය අ`දුරු උනු බව දෙමාපියන් මගේ කිට්ටු ඤාතීන් සිතුවා. මුල් කාලයේදී මම කම්පා උනත් ක්රම ක්රමයෙන් මම සිර ගෙදර ජීවිතයට හැඩ ගැසුනා. සිරගෙදර මට තවත් විශ්ව විද්යාලයක් වූ බව කීවොත් නිවැරදියි. මම ගොඩාක් පොත පත කියෙව්වා.
මාව නිදහස් කරේ 1975 දී. මම කාලයක් ජනාධිපති ප්රේමදාස සමඟ වැඩ කළා. ජනසවිය කොමසාරිස් උනා. ජාතික නිවාස අධිකාරියේ සභාපති උනා.
මගේ දැක්ම අනුව 1971 සංකීර්ණ සංසිද්ධියක්. තරුණයන්ට පන්ති ප්රශ්න තිබුනා. තරුණ අසහනය, තරුණ අසාධාරණය තිබුණා. විෙජ්වීර තරුණයන්ව ආමන්ත්රණය කළේ පන්ති 5 හරහා. එය ආකර්ෂණීය සාධකයක් උනා. පන්ති පහ තුළින් තරුණයන් ඇදී ආවා. ව්යාපාරයේ රහසිගත බව, තවත් ආකර්ශනීය සාධකයක්. දක්ෂ හැකියාවන් තිබු තරුණයන් පවා ඇදී ආවා. විෙජ්වීර එක්තරා ආකාරයකට මේ පිරිස් එක්ස්ප්ලොයිට් කරා කියන්න පුළුවන්.
විජේවීර හා ප්රේමදාස යන චරිත දෙක ලංකාවට සුවිශේසී චරිත දෙකක්. 71 කැරැල්ලේ නඩු විභාගයේදී ප්රේමදාස මහතා හැමදාම උසාවියට ආවා. සටහන් ලියා ගත්තා. ඔහු මේ සමාජ සැලැස්ම විශ්ලේෂණය කරා. ප්රේමදාස එක්තරා ආකාරයක කැරළිකාරයෙක්. ඔහු බමුණු කුලයට එදිරිව දේශපාලන සටනක නියැලූනා. අවසානයේ ඔහු ජය ගත්තා. ජනාධිපති ප්රේමදාස ජීවීපී තරුණයන් දෙස සානුකම්පිතව බැලු අයෙක්. ඔවුන්ගේ ජවය, හැකියාව දැන සිටියා. ඒ වගේම ඔවුන්ගේ සීමාවන් දුර්වලකම්ද අධ්යයනය කළා.
ජනාධිපති ප්රේමදාසට අවශ්‍ය කළා දුප්පත්කම නැති කරන්න. ඔහුට සමාජ විප්ලවයක් අවශ්‍ය කළා. 88 කාලයේදී විෙජ්වීර සමග සංවාදයක්ද ආරම්භ කළා, රුක්මන් හරහා, ඒත් විජේවීර හැමදාම හෙව්වේ කෙටි මාර්ග. බලයට ඔහු කෑදරයි. යළි ප්රජාතන්ත්රික මාර්ගයට අවතීර්ණව ජනාධිපති ප්රේමදාස සමඟ හොඳ ගමනක් යාමට, ලාංකික සමාජයට මෙහෙයක් කිරීමට තිබු හැකියාව විජේවීර මෙයාකාරයෙන් නැති කර ගත්තා. 1971 කැරැල්ලෙන් දශක තුනකටත් වඩා කාලයක් මේ වන විට ගෙවිලා. මම තාමත් හිතනවා 1971 දි ආයුධ අතට ගැනීම යුක්ති සහගත ක්රමයක් නොවන බව.
(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )