Thursday, May 13, 2021

හෘද සාක්‌ෂියක්‌ නැති සමාජයක ඛේදවාචකය- ලලිත් අඹන්වල

 

මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා වැරැදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා සිර දඬුවම්, වන්දි හා දඩ නියම කළේය. 2002 පෙබරවාරි 1 හා මැයි 20 අතරදී ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම හා ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදිකරුවෝ වූහ. මේ සිද්ධියෙන් අඹන්වලගේ ඇසක් ද අහිමි විය. හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහ, ප‍්‍රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහට බරපතල වැඩ සහිතව දස වසර බැඟින් සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩද නියම විය. මේ අනුව දෙදෙනකුට දඩ වසර බැඟින් ද, පස් දෙනකුට වසර 30 බැගින් ද සිරදඬුවම් නියම විය. ඇසිඩ් ගැසූ ව්‍යාපාරික මොහොමඩ් රාපික් මොහොමඞ් රියාස් 3, 4, 5 සහ චෝදනාවලට වැරදිකරු විය. ඔහු එක් චෝදනාකට අවුරුදු 20 බැගින් අවුරුදු 80 සිරදඬුවම් නියමවිය. එහෙත් එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදී විසි වසරින් ගෙවී යයි. එක් වරදකට රුපියල් රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ අටක දඩයක් ද නියම විය. දඩ නොගෙවන්නේ නම් අවුරුදු දෙක බැඟින් අවුරුදු අටකින් සිර දඬුවම දික්වෙයි. මීට අමතරව ලලිත් අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50 ක වන්දි ගෙවන ලෙස මොහොමඩ් රාසික් මොහොමඩ් රියාස්ට නියෝග කළ විනිසුරු වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව වසර අවුරුදු තුනක් ඒ වෙනුවෙන් ගෙවීමට නියම විය. හුසේන් සෙයියදු මොහොමඩ් සාපිට 7 වැනි සහ 8 වැනි චෝදනා වලට වැරදිකරු කරමින් අවුරුද් 20 බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ දෙක බැඟින් දඩ ද නියම විය. එම දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් වසර හතරක සිර දඬුවම් ගෙවීමට සිදුවෙයි. ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නිව්ෆර්, එම්.ජේ. මොහොමඩ් රියාල් ඉස්රූම් රාමන් දෙ වැනි චෝදනාවන්ට වැරදිකරු කරමින් වසර 20 සිර දඬුවම් ද, රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම විය. දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ගෙවීමට සිදුවේ. මොහොමඩ් හනිපා මොහොමඞ් ඉමිටියාස්ට දෙවැනි වැනි ‍චෝදනාවට සහ හත්වැනි චෝදනාවට වැරදිකරු විය. එක් චෝදනාවකට වසර විස්ස බැඟින් වසර හතළිහක බරපතල වැඩ සහිතව සිරදඬුවම විසි වසරකින් ගෙවි යන පරිදී නියම කෙළේය. එක් චෝදනාවකට ලක්ෂ දෙක බැඟින් ලක්ෂ හතරක දඩ ද දඩ නොගෙවන්නේ නම් අවුරුද හතරක සිරදඬුවමක් ද නියම විය. අඹන්වලට ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම, ඇසිඩ් ගසා මරණයට පත් කිරීමට තැත් කිරීම ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදි කරුවෝ වූහ. 3, 4, 5, 6, 7 විත්තිකරුවනට ඉහත දඬුවම් වලට අමතරව පළමු චෝදනාව යටතේ වසර 10 බැගින් වූ සිර දඬුවම් ද සහ එම චෝදනාවට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ද නියම කෙළේය. රජයේ මුදල් ද යහ පාලනය ද රැක දීමට ගොස් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ තමාට යුක්තිය ඉටුවීම ගැන සතුටු වන බවත් එක ඇසක් පමණක් හිමි තමා ඉදිරියේදී රාජකාරී කරන බවත් ඒ ඇස ඇස් හයකට සමාන බවත් නඩු තීන්දුවෙන් පසුව අඹන්වල මහතා මාධ්‍ය අමතමින් කීවේය.

1 comment:

  1. හැදෙයි සමාජය මිනිසුන් එකතු වෙලා
    දැන් උදවියගෙ හදවත් කෝ? විතැන් වෙලා
    ඒකයි රජෝ, සිරස්තලය වැරදීලා
    ඇත්තේ සමාජෙට, හදවත නැති වීලා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook