Monday, February 22, 2021

මියෙන්මාර් කුමාර

 


 

මියෙන්මාර් කුමාර - උඹ දසයෙක් බං 
ඇයි අර කහ රෙද්දක් පොරවගෙන 
හිටපු එකාව උස්සල පොළවේ ගැහුවේ 
උඹට පොළවේ ගහන්න තිබ්බේ සිස්ටම් එක 
අර උත්තමයගේ ධර්මය විකෘති කරගෙන 
දහම සසරෙන් මිදෙන මාර්ගය වෙනුවට
දහම ආදායම් මාර්ගයක් කරගත් එවුන් 
අහිංසකයන් ගේ ශ්‍රද්ධාව විකුනගෙන කමින් 
මහ රාජලා වගේ කුමාර ජීවිත ගත කරමින් 
කැලෙන් අල්ල ගත්ත උඹලව යදමින් බැඳගෙන කරන
මේ විපරීත සිස්ටම් එක පොළවේ ගැසීම වෙනුවට
උඹ කරේ ඒ සිස්ටම් එකේ ඉන්න එකෙක්ව 
ටාගට් කරගෙන ඌව උස්සලා පොළවේ ගැසීමයි 
ඌව පොළවේ ගැහුවට මියෙන්මාර් කුමාර 
විකෘති සිස්ටම් එක එළිපිටම තාම දුවනවා 
හෙටත් උන් උඹලගේ අම්මලාට වෙඩි තියලා 
පැටව් ටික පැහැර ගෙන උන්ව යදමින් බැඳ 
තමන් ගේ මහේශාක්‍ය බව ප්‍රදර්ශනය කරන්න 
උඹලව එළි පහලියෙම බැඳගෙන ඉන්නවා 
සිස්ටම් එක ප්‍රසිද්ධියේම තාම දුවනවා 
මියෙන්මාර් කුමාර උඹට පුලුවන් නම් 
ඒ පජාත සිස්ටම් එක උස්සලා පොළවේ ගහපන් 
එදාට උඹ පාරිලෙයිය ඇතාටත් වඩා 
උතුම් ඇතෙක් වෙනවා

  

2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook