මා දන්නා වෛද්යවරු බොහෝ දෙනෙකු තමන් ගේ ළමුන් උතුරු ඇමරිකාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්රේලියාවේ විශ්ව විද්යාල වලට යවා ඔවුනට අධ්යාපනය ලබා දෙති. මේ සඳහා අති විශාල මුදලක් යන අතර ඒ සඳහා දෙමාපියන් ඉතා වෙහෙසී වැඩ කරති. සමහරු ඉඩකඩම් ගෙවල් පවා උකස් කොට තිබේ.
මාගේ ගුරුවරයෙකු වූ නාරි හා ප්රසව විශේෂඥ වෛද්යවරයෙකුගේ ළමුන් දෙදෙනෙකු ඕහායෝ ස්ටේට් විශ්ව විද්යාලයේ ඉගෙන ගන්නා අතර ඔහු විශ්රාම ගැනීමෙන් පසුවද උදේ සවස ශල්යකර්ම වල නියැලෙන්නේ ළමුන් ගේ අධ්යාපනයට මුදල් සෙවීමටය. මේ නිසා ඔහු අකළට මහළු වී තිබේ. අවසන් වර ඔහුව හමු වූ විට ඔහු මහළුවී ගොස් ඇති අයුරු දැක මට දුකක් ඇති විය.
මේ අතර මහජන මුදල් හොරකම් කල දේශපාලකයෝ සහ ඇතැම් උසස් රජ්ය නිලධාරීන්ද කූල් එකේ සොරකම් කල ධනය මගින් තම ළමුන් උතුරු ඇමරිකාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්රේලියාවේ විශ්ව විද්යාල වලට යවති. ඔවුන්ට ළමුන් ගේ ගේ අධ්යාපනය සාක්කුවට බරක් නොවේ. ඔවුන් අකළට මහළු නොවෙති.
ලංකාවේ වසර 16ක් වෛද්යවරයෙකු ලෙස සේවය කලද මගේ වේතනය මගින් පමණක්ම මගේ දරුවා උතුරු ඇමරිකාවේ විශ්ව විද්යාලයක අධ්යාපනය සඳහා යැවීමට මට හැකියාවක් නොවීය. සොරකම් කිරීමද මට විකල්පයක් නොවීය. ඒ නිසා මම විදේශගත වූයෙමි. එමගින් ඔහුගේ අධ්යාපනයට වියදම් කිරීමට හැකි මට හැකි විය.
උතුරු ඇමරිකාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්රේලියාවේ විශ්ව විද්යාල වල ආචාර්යවරු ලංකාවට ගෙන්වාගෙන ගුණාත්මක බවෙන් ඉහල, උසස් ශ්රේනිගත කිරීමක් සහිතව පුද්ගලික විශ්ව විද්යාලයක් ලංකාවේ ඇති කරන්නේ නම් උදේ සවස රෝහල් වල වෙහෙස වන මාගේ ගුරුවරයා වැනි වෘත්තිකයන්ට එය සහනයක් වනු ඇත.
ඇත්ත තමා නමුත් ඕක කෙරෙන්නේ නැහැ
ReplyDeleteAgreed
ReplyDelete