Saturday, February 13, 2021

ජේ. ආර් ජයවර්ධන විසින් සිදු කල ඉඩම් හොරකම

ජනාධිපති ජේ. ආර් ජයවර්ධන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නීතියට හා සම්ප්‍රදායට පටහැනිව රජය සමග වියාපාර කරන්නට ඉඩදුන්නේය.ඔවුන්ට ආදායම් උපයා ගත හැකි රජයේ විවිද බල පත්‍ර ලබා දෙන ලද අතර රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස ක්‍රියා කරන්නටද ඉඩ දුන්නේය.ඒ කාලායේදී ලොකුම කොල්ල කෑම් සිදුවී තිබුනේ රජයේ ඉඩම් විෂයේය. පෙර පැවති සිරිමා බණ්ඩාර නායක ආණ්ඩුව විදේශ වතු සමාගම් සතු වතු ඉඩම් රජයට පවරා ගෙන තිබුන අතර ඉඩම් සීමා නීතී යටතේද එම සීමාවට ඉහලින් තිබෙන ඉඩම් රජයට පවරා ගෙන තිබුනි.ඒ ආකාරයට කර තිබුන පවරා ගැනීම් නිසා ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂම සතුව තිබූ ඉඩම් සන්චිතයේ අක්කර දස ලක්ෂයක් තිබුනි. ජනාධිපති ජයවර්ධන සිය මන්ත්‍රී වරුන්ට එම වතු ඉඩම් කුනු කොල්ලයට අත්පත් කර ගන්නට ඉඩ දුන්නේය. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ඉඩම් හිමි වැවිලි කරුවන් බවට පත්ව තිබුනි. මෙම ඉඩම් කොල්ලය ආරම්භයේදී එම කොල්ලයට එකතු වීමට මන්ත්‍රීවරුන්ට කිසියම් චකිතයක් වී නම් එය නැති කිරීම පිනිස ජනාධිපති ජයවර්ධනද ඔවුන්ට පෙනෙන ලෙස ඉඩම් කොල්ලයක යෙදු නේය. තමාට තිබු අක්කර 50 ක නිසරු පොල්වත්තක් ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂමට දී එම කොමිෂම සතුව තිබු සරුම පොල්වත්තෙන් අක්කර 50 ක් තමන් වෙත හිමි කර ගත්තේය. ( Ravaya)

2 comments:

  1. එහෙමත් කලාද , ධනවාදයේ නාමයෙන් කොල්ල කෑම

    ReplyDelete
  2. කුහකකමට ලියපු ප්‍රරවුර්තියක්. ජේ.ආර්. ජනජනතාවට පරිත්‍යාග කරලා ගිය වයිජයන්තිය,බ්‍රෙමර් එක, මානෙල් වත්ත එක්ක බැලුවාම අක්කර 50 ක පොල්වත්තක මොන වටිනාකමක් ද? අනික ඉඩම් පනත හින්දා එතුමා ගේ ඉඩම් විශාල ප්‍රමාණයක් රජය සතු උනා.එවා ගැන නැහැ ගත්තු එක ගැන තමයි ලියල තියෙන්නෙ .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook