Sunday, January 3, 2021

ඔබගේ නාලන්ද Index එක කීයද ?

 


1) ගුණසිංහර් සර් ගෙන් Tokkak කා තිබීම -ලකුණු 1
2) ගුණසිංහර්  සර් ගෙන් වේවැල් පාරක් කා තිබීම -ලකුණු 1
3) තිලකරත්න සර් රවා බලා තිබීම -ලකුණු 1
4) වෙළබඩ ගේ සර් ගේ ලී කෙළි පොල්ලකින් ගුටි කා තිබීම -ලකුණු 1
3) ලොකු විතාණ සර් බඩ කොනිත්තා තිබීම -ලකුණු 1
4) ගල් බතා හෙවත් නිලවීර සර් ගෙන් ගුටි කා තිබීම -ලකුණු 1
5) මල් රොඩ්රිගෝ සහ බෞද්ධ සංගමයේ රොඩ්රිගෝ ටීචර් ලාගෙන් බැණුම් අසා තිබීම -ලකුණු 1
6) ජාසිංහ සර් ගෙන් පෝරියල් වළඳා තිබීම -ලකුණු 1
7) ජයවර්ධන සර් ගෙන් වේවැල් පාරක් කා තිබීම -ලකුණු 1
8) වයිස් ප්රින්සිපල් හෙවත් ලක්ස්මන් ඔරොප්පු කොට බැණුම් අසා තිබීම -ලකුණු 1
9) පිච් එක පාගා ඇඩ්ඩියා පසුපස එලවාගෙන පැමින සිටීම -ලකුණු 1
10) සූකිරියා හෙවත් ගුණපාලගේ සරම කඩා කුණාපර අසා තිබීම -ලකුණු 1
11) බිග් මැච් එකේදී හතරේ හෝ හයේ පහරකදී පිච් එක මැදට දුව තිබීම -ලකුණු 1
12) සයිමන් අයියාගේ බාබර් සාප්පුවට වැද කොණ්ඩය පීරා තිබීම-ලකුණු 1
13) පාසලේදී කොල්ලන්ට පහරදී තිබීම -ලකුණු 1
14) පාසලේදී කොල්ලෙක් සමග චැලෙන්ජ් කොට ගුටි ගහගෙන තිබීම -ලකුණු 1
15)  පැමිණිලි නිසා අම්මා හෝ තාත්තා පාසැලට ගෙන ඒමට නියමිතව තිබීම-ලකුණු 1
16) සුගුණධම්ම / සරණපාල හෝ කොක්මාදුවේ යන හිමිවරුන්   ගෙන් එක් නමක් හෝ ඔරොප්පු කොට තිබීම -ලකුණු 1
17) රැස්වීම වේලාවේදී කොල්ලන් සමග කතා කිරීම නිසා ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් බැණුම අසා තිබීම -ලකුණු 1
18) ජය මාවතෙන් පැන ස්කූල් කට් කර තිබීම -ලකුණු 1
19) සර්ලා ටීචර්ලා ඔරොප්පු කිරීම නිසා පන්තියෙන් පිටට දමා තිබීම -ලකුණු 1
20) පන්තියේ ගුරුවරයා / ගුරුවරිය උගන්වන විට හොරෙන් චිත්‍රකතා හෝ ඩීමන් ආනන්ද ගේ පොත් කියවා තිබීම -ලකුණු 1

3 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook