Tuesday, December 8, 2020

මිත්‍යාව ප්‍රවර්ධනය

 


දේශපාලකයා තම හඞ අවදි කලේය

" අපි මිත්යාව ප්රවර්ධනය කරන්නට අවශ්යයි. හෙල වෙදකම ආයුර්වේදය කියලා ඕනම බොරුවක් ඕන කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඉඩ දිය යුතුයි. කිසිම නියාමනයක් එපා. එලොවින් ආ ජීවකයන් කියා අපි බොරුකාරයන් සමාජය ඉදිරියට ගෙන ආ යුතුයි. එතකොට මිනිස්සු මේ විකල්ප ප්රතිකාර වලට යොමු වෙනවා. මේ ක්රමය තුලින් සෞඛ්යයට යන වියදම 60% කපා දාන්න පුලුවන්. පිළිකා රෝගීන්ට මිල අධික බෙහෙත් ගෙන්වීම අඩු කරමු. ඔවුන්ව පිලිකාව වරු තුනෙන් සුව කරනවා කියන වෙද්දු ලඟට යවමු. බයිපාස් කිරීම වෙනුවට අපි කසාය මගින් බයිපාස් සුව කරන වෙද්දු ප්රවර්ධනය කරමු. එතකොට බයිපාස් ලෙඩ්ඩු කසාය වෙද්දු ලඟට යයි. හිතන්න බලන්න එහෙම කලාම බයිපාස් කිරීමට යන කොච්චර මුදලක් අපිට ඉතුරු කරන්න පුලුවන් ද කියා. අපි ජනමධ්ය හරහා මේ බොරුව පතුරමු. අපිට සහ අපේ ඥාතී හිත මිත්රාදීන්ට පමණක් බටහිර වෙදකම් කරමු. මේ සිස්ටම් එක අප ආරක්ෂා කල යුතුයි. ඔබට තේරෙනවාද මම මේ කියන එක"

2 comments:

  1. පාලකයාගේ ඉඳන් මිත්‍යාදෲෂ්ඨිකයන් ඉන්න රටක ප්‍රවර්ධනය කරන්න දෙයක් නෑ...ඉබේම වෙනවා...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook