Friday, March 13, 2020

පොඩි සහරාන්ලා


මේ ඉන්නෙත් සමාජ වින්දිතයන් පිරිසක්. ඈත පසුගාමී ගම් වලින් ආපු.  කුල පීඩනය ,ආර්ථික ගැටළු ඇතුළු අනෙකුත් සමාජ විශමතාවයන් නිසා  තම තමන් ගේ ගම් වලින් කොන් වූ , අධ්‍යාපනය ලබන කාලේ බාහිර ක්‍රියාකාරකම් වල නොයෙදුනු , දිස්ත්‍රික් කෝටාව නිසා කැම්පස් පය ගැසූ කොටසක්. මොවුන් තුල පවත්නා හීනමානය , සමාජ වයිරය කාල බෝම්බයක් වගේ. මොවුන්ව අන්තවාදය කරා තල්ලු කරන්න හරි පහසුයි. අනෙක් සිසුන් අතරේ පොඩි තැනක් දීලා ෆෝම් කලාම ඔවුන් ලවා මිනී උනත් මරව ගන්න පුලුවන්. ජවිපෙ , පෙරටුගාමීන් මේ ක්‍රමය හොඳින් භාවිතා කරනවා මේ ඉත්තෝ ලවා. මොවුන් වැඩිපුරම පීඩනයට පත් කරන්නේ තමන් වගේම පීඩිත පන්තියෙන් ආපු එවුන්ව​. තමන් ගේ පන්තියේ තවත් පීඩිතයෙකුගේ ඔළුවට ටයර් එකක් අත ඇරලා ඒ කොල්ලා පණ අදින අවස්ථාවේදී වත් මොවුන් තුල එම්පති එකක් නෑ. ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවත් සාධාරනීකරණය කරනවා. මෙහෙම ටීවී එකේ මයික් එකක් ඉදිරියට ඉදිරියට ඒමට ලැබීමත් මොවුන් සලකන්නේ ජීවිතයේ ලද විශාල ඇචීව්මන්ට් එකක් හැටියට. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා හරහා මොවුන් තව තවත් තමන් ගේ අනන්‍යතාවය මෙහෙම එස්ටැබ්ලිෂ් කර ගන්නවා. මොවුන් යම් ලෙසකින් උපාධිය අවසන් කරලා සමාජයට යන්නේ ඇරියස් කාරයෝ ලෙසට. මොවුන් එක්කෝ විප්ලවය කියලා ගල් කටස් වලින් මිනී මරන්න ගිහිල්ලා ටයර් එකක් උඩ යනවා, නැත්නම් වීරවංශලා වගේ ධනපති කඳවුරකට හේත්තු වෙලා  ඉතා  ආත්මාර්ථකාමී ලෙස අනෙක් එකාගේ බල්ල කපලා හරි තමන් ගේ මල්ල  පුරව ගන්නවා. 

1 comment:

  1. ඔක්කොවන්ටම කලින් මේ කැම්පස් යන උන්ට විනය මාලවක් හදන්න බැරිද? කොන්ඩය වැවීම, රැවුල වැවීම, ඇඳුම් පැළඳුම් ගැන එහෙම.. මුන් නිකං සත්තු වගේනෙ... කිසිම වැදගත් කමක් පෙන්න නෑනෙ.. බැරිවෙලා හරි ජාත්‍යන්තර සම්මේලනයක් වගේ එහෙකට යවනන් වුනොත් මුන්ව කොහොමද යවන්නේ.. ගල්ගේකින් ආපු වනචාරි වගේ... නෙදෝමකිං..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook