භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයක් රජගහ නුවර එක්තරා පවුලක අහිවාතක රෝගයෙන් උවදුරට පත්විය. (මෙය වසංගත මාරාන්තික රෝගයකි. විශාල සර්පයන්ගේ විෂ, වාතය හා මිශ්‍ර වීමෙන් හටගන්නක් බව කියැවේ. “අහි” යනු විෂඝෝර සර්පයාට කියැවෙන පාලි වචනය යි.” වාත” යනු සුළඟ යි. ගුණසේන සිංහල මහා අකාරාදියෙහි ද (පි. 132) මෙසේ පැහැදිලි කිරීමක් කර ඇත. “හිමාලය වන ප්‍රදේශයෙහි නාග රාජයන් විසින් පහළට හෙළනු ලබන විෂ වාතයක් ( අහි වාතයක් ) ඇත. (මේ විෂ වාතය ආඝ්‍රාණය වූ මිනිසුන්ට අහිවාතක රෝගය වැළඳෙතැයි ද, ඒ රෝගය යම් ගෙයක ඇති වූයේ නම් ඒ ගෙයි බිත්ති බිඳගෙන ගිය අය පමණක් නො මැරෙතැයි ද කියති”) මෙහි එක් ස්ත්‍රියක් හැර අනික් සියල්ලෝ ම මිය ගියහ. ඇය නිවස ද නිවසේ වූ සියලු ධන ධාන්‍ය ද හැර දමා මරණ භයෙන් බියපත් ව බිත්තියක් පලාගෙන පැන ගියා ය. මෙසේ අසරණ ව පැන ගිය ඇය අනාථ වූයේ අනුන්ගේ නිවසකට ගොස් ඒ නිවස පිටුපස වාසය කළා ය. එම නිවසෙහි විසූ කරුණාවන්ත පුරුෂයෙක් හැලි වළං ආදියෙහි ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දීමට පුරුදුව සිටියේය. ඒ ස්ථානයෙහි ම හිඳිමින් ඔවුන්ගේ කැඳ බත් කා ජීවත් වූයේ මේ මව්තුමිය යි. ඇතිලි වළං සෝදා දැමීමට පෙර තමන්ට ලැබෙන දම් කුඩ පූජා කළ දායිකාව යන අර්ථයෙන් ම විමාන කථා වස්තුව “ආචාමදායිකා” නම් වූ හ.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments