Thursday, January 17, 2019

71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් – කර්තෘ වෛද්‍ය රුවන් එම්. ජයතුංග

 

 වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් 71 කැරැල්ල පිළිබඳව අධ්‍යයනයක් කොට කැරළිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට ලක් කරමින් ඉතිහාසයේ සැඟව පැවති සාධකයන් ඉස්මතු කරමින් ඉතා අගනා සමාජ විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වටිනා කෘතියක් පාඨකයාට ලබා දීම ප්‍රශස්ත කරුණක් ලෙස මම දකිමි. - ආචාර්ය ලීල් ගුණසේකර  71 කැරැල්ලේ පුනරුත්ථාපනය පිළිබඳ අතිරේක ලේකම්   

71 කැරැල්ලේ  ඉතිහාසයෙන් වැළළී ගිය සිද්ධීන් වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මෙම කෘතිය හරහා හෙළිදරව් කරයි - මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා 

1971 කැරැල්ල සුවිශේෂිව සලකා බලනවිට, ඒ පිළිබඳව මේ වන විට සැලකිය යුතු ලිඛිත සාහිත්‍යයක් දැකිය හැකිය. වෛද්‍ය රුවන් ජයතුංග විසින් රචිත මෙම ග්‍රන්ථය ඊට එක්කළ තවත් සැලකිය යුතු ප්‍රකාශනයක් වන අතර, 1971 කැරැල්ල පිළබඳව පාඨකයාට ඒ මගින් සැලකිය යුතු අවබෝධයක් ලබා දෙනවාට සැක නැත. -මහාචාර්ය සිරි හෙට්ටිගේ සමාජ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය 

 
1971 තරුණ නැගී සිටීම (කැරැල්ල?) නිදහස් ලංකාවේ සමාජ අසමමිතියන් හා විසමතා පුපුරා ගිය පළමු අවස්ථාවයි. එය ලක් සමාජය දැඩි කම්පනයකට පත් කළත් එයින් නිසි පාඩම් නූගත් නිසා තවත් තරුණ ප්‍රචණ්ඩත්වයන් දෙකක් මතු විය. විනිශ්චයකින් තොරව 1971 සිදුවීම් හා විපාක ගැන වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙනෙහි කරන්නේ උපේක්‍ෂා සහගතවය. -නාලක ගුනවර්ධන  - ජේෂ්ඨ මාධ්‍යවේදී   

5 comments:

  1. අළුත් පොත එළිදැක්වීමට සුබ පැතුම්

    ReplyDelete
  2. Why don't U release a collection of work against the myth and dogma as well

    ReplyDelete
  3. The 1971 insurrection of youth was an untimely and an unorganized revolution under the leadership of Rohana Wijeweera who was a coward with dreams to grab power on the dead bodies of the brave youth. His main concern was his safety. Was a good orator (all the JVPers are like that) but showed all the signs of a cult leader who wanted followers to agree to him blindly. 1988-1989 bloody revolution destroyed many valuable lives.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook