Monday, January 21, 2019

සුද්දා සමග වැඩ කිරීම පහසුය

  

යෝක් විශ්ව විද්‍යාලය හරහා නිවාසරහිත බව (homelessness) සහ මානසික සෞඛ්‍ය  අතර තිබෙන සහබන්ධනය පිලිබඳව කරන ලද පරියේෂණ  කණ්ඩායමක මමද වැඩ කලෙමි. එහිදී මට පෙනී ගියේ සුදු මහාචාර්‍යවරුන් සමග වැඩ කිරීම වඩාත් පහසු බවය. මේ ටීම් එකේ ඉන්දියානු සම්භවයක් තිබූ පරියේෂකයන්  කිහිප දෙනෙකු මෙන්ම පිලිපීන සම්භවයක් තිබූ පරියේෂිකාවක්ද වූවාය. ඉන්දියානුවන් පිටස්තරයන් කෙරෙහි මෙන්ම ඔවුනොවුන් අතරද ඉරිසියා සහගත බවක් පෙන්වූහ. පිලිපීන සම්භවයක් තිබූ කාන්තාව තුල තිබූ අනාරක්‍ෂිතභාවයන් කැපී පෙනුනේය.  මෙම පරියේෂණය භාරව ක්‍රියා කල මහාචාර්‍ය ජිම් ඇල්කොක් නිතර මා සමග පරියේෂණයට සහභාගීවූවන් ගේ මානසික  රෝගී තත්වයන් තුලනීක්‍ෂණ (assessment) පිලිබඳව කතා කිරීම පිලිපීන කාන්තාවට පෙනුනේ තර්ජනයක් ලෙසටය. ඇය අනවසරයෙන් පවා අපගේ සාකච්ඡාවන් වලට ආවාය. ඉන්දීය ජාතිකයන් ගේ ඉරිසියා සහගත ක්‍රියා කලාපය නිසා ස්ටැටිස්ටික්ස් ලබා ගැනීමේ ප්‍රමාදයන් සිදු විය. සුදු ජාතිකයන් ගෙන් 98 % වෘත්තීය මට්ටමෙන් ක්‍රියා කලහ. කෙසේ නමුත් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව නිම විය. එහෙත් පසුව මට සිතුනේ  ඉමිග්‍රන්ට් උගතුන් සමග වැඩ කිරීමට වඩා සුද්දන් සමග වැඩ කිරීම ඉතා පහසු බවය. සුද්දා ලඟ එරියස් තිබුනේ නැත. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook