Sunday, December 30, 2018

W3LANKA ජයග්‍රාහී ගමනක අවසානය




අජිත් පැරකුම් ජයසිංහ ගේ W3LANKA  බ්ලොගය අවසන් කොට ඇති බව ඔහු විසින් දැණුම් දී තිබේ.W3LANKA  බ්ලොගය ශ්‍රී ලංකා මාධ්‍ය ඉතිහාසයේ එක් සන්ධි ස්ථානයකි. 2009 වැනි අතීත කාලයක ආරම්භ කරන ලද මෙම බ්ලොගය විසින් වැදගත් මෙහෙවරක් සිදු කරන ලදි. 

මෙකී බ්ලොගය හරහා අජිත් පැරකුම් ජයසිංහ විසින්  ඒකාධිපතිවාදයට , ජාතිවාදයට මෙන්ම මාධ්‍ය කරුවන් විසින් මෙහෙයවන ලද පාඨකයන්ට තණ කොල කැවීම හෙවත් ගුප්ත විද්‍යා උත්කර්ශය  සහ වාමාංශිකයන් ගේ  පසුගාමීත්වයටද එරෙහිව තනි පෙරමුණකින් සටන් කලේය​. තවද ආමිසයට ගිජුවී අනුගාමිකයන් රවටාගෙන සිටි පූජකයන් ගේ නිරුවතද ඔහු විසින් හෙලිදරව් කරන ලදි. 

ඔහුගේ සටනේ සාර්ථක අසාර්ථක භාවය තක්සේරු කරනවාට වඩා අප විසින් කල යුත්තේ ඔහුගේ මැදිහත්වීම ගැන ඇගයුමක් කිරීමයි.W3LANKA ලිපි උපහාස රසයකින් යුක්ත වූ අතර සරල බස් වහරකින් ඔහු සමාජ ප්‍රශ්න පාඨකයන්ට ඉදිරිපත් කලේය​. තවද පසුකාලීනව බොහෝ බ්ලොග් කරුවනට අජිත් පැරකුම් ජයසිංහ ගේ බ්ලොගය පුරෝධාවකයක් විය​. කෙසේ නමුත් W3LANKA බ්ලොගය තම කාර්‍යභාරය නිම කොට ඇත​. නමුත් අජිත් පැරකුම් ජයසිංහ පෑන නොනැවතී තිබීම ගැන අප සතුටු වෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

1 comment:

  1. w3lanka.com හෙට සිට යාවත්කාලීන නොවේ. එහෙත්, එහි සියලු පැරණි ලිපි w3lanka.blogspot.com හි තිබේ.
    පුරවැසි මාධ්‍ය කලාව අලුත් තලයකට ගෙන යාමේ අරමුණින් අප විසින් අලුත් වේදිකාවක් නිර්මාණය කර තිබේ. එය praja.lk නම් වේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook