Friday, December 7, 2018

කාඩියෝලොජිස්ට්

 

මෑතකදී ටොරොන්ටෝහි ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද නත්තල් උත්සවයක් තිබුනේය. එම උත්සවයේදී මට හිටපු පොලිස් නිලධාරියෙකු  මුණ ගැසුනි. අප කතා කරමින් සිටින විට එම හිටපු පොලිස් නිලධාරියා උත්සවයේ සිටි කාන්තාවක් පෙන්වා  " අර ලේඩි කාඩියෝලොජිස්ට් කෙනෙක් කියා කීවේය.  ඇයව මට එක වරම හඳුනා ගත හැකි නොවීය. එහෙත් මගේ මතකය තවමත් මලානික නැත. මේ කාන්තාව මට දැක පුරුදුය. 

මගේ මතකය දශක කීපයක් පසුපසට ගියේය. ඇය විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබා පසුව සෝවියට් දේශයේ දනියෙස්ක් නගරයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ලංකාවේ කාඩියෝලොජි යුනිට් එකේ සේවය කල බව මට මතක් විය. ඇය MO කාඩියෝලොජි හෙවත් කාඩියෝලොජි යුනිට් එකේ සේවය කල සාමාන්‍ය වෛද්‍යවරියකි. කාඩියෝලොජිස්ට් කෙනෙකු නොවේ. පසු කාලයක මේ කාන්තාව කැනඩාවට ආවාය.  ඇය තමා  ලංකාවේ මෙන්ම කැනඩාවේද කාඩියෝලොජිස්ට් කෙනෙකු ලෙස කැනඩා ශ්‍රී ලාංකික ප්‍රජාව ඉදිරියේ තමාව හඳුන්වා දී තිබුනාය.

2010 වසරේ මම සෙනෙකා කිං කැම්පස් හි මහාචාර්‍ය එලෙනා ගෝල්ඩ් ලීමාන් යටතේ ජීරියැට්‍රික්ස් (වෘද්ධචිකිත්සාව) සහ උපදේශනය හැදෑරුවෙමි. එහිදී අපට ස්ථාපනය (Placement ) සඳහා ටොරොන්ටෝහි වයස්ගතවූවන් බලා ගන්නා ආයතන වලට යාමට නියමිත විය. මා ගිය ආයතනයේ මේ කාන්තාව PSW හෙවත් ඇටෙන්ඩන්වරියක් ලෙස සේවය කලාය. ඒ කාලයේදී ඇය මාව මග ඇරියාය. 

පොලිස් නිලධාරියාගේ හඳුන්වාදීමෙන් පසු මා  සිතුවේ ඇය දැන් විභාග සමත්වී කැනඩාවේ කාඩියෝලොජිස්ට් කෙනෙකු ලෙස සේවය කරනවා කියාය. එහෙත් ඇයගේ නම කැනඩාවේ කිසිම ප්‍රොෆෙශනල් ඇසෝසියේශන් එකක නොමැත. මේ කාන්තාව ශ්‍රී ලාංකික ප්‍රජාව අන්දන බව මට වැටහුණි. 

මේ සටහන ලියන මමද සියයට සියයක් සත්‍යවාදී පුද්ගලයෙකු නොවෙමි. පාසල් කාලයේදී  සමහර විට මම ගෙදර වැඩ නොකර බොරු කියා  ගුරුවරුන් ගෙන් ශේප් වී තිබේ. ගැටයා කාලේදී ගෙදරට බොරු කියා එම්පයර් එකේ සැවෝයි එකේ ෆිල්ම්ස් වලට ගොස් තිබේ. මෑතකදීද හිම වැටුණු අවස්ථාවක බොරුවට කොන්දේ කැක්කුම කියා ඩ්‍රයිව් වේ එකේ හිම සුද්ද කිරීම කොළුවා මත පවරා ශේප් වූයෙමි. එහෙත් මේ වර්ගයේ ප්‍රොෆෙශනල් බොරු කීම මට අපහසුය​. එවැනි බොරු අපි කී විට අතේ කෝට් වෙයි. කටේ තොලේ නොගෑවී ලොකු බොරු කීම ලොකු දක්‍ෂතාවයකි. 

රැකියාවෙන් කෙනෙකු උසස් හෝ පහත් වන්නේ නැත. මෙය උසස් හෝ පහත් රැකියා පිලිබඳ කතාවක් නොවේ. එම නිසා මෙම කතාව වැරදි ආකාරයට ග්‍රහණය නොකරගන්න. මෙය සත්‍ය සහ අසත්‍ය පිලිබඳ කතාවක්ද නොවේ. මෙය බොරුවක් ඉතා දක්‍ෂ ලෙස කියන්නේ කෙසේද කියා පෙන්වන කතාවකි.  කිසි බියක් සැකක් නොමැතිව තමා ලංකාවේ හිටපු කාඩියෝලොජිස්ට් කෙනෙක් සහ කැනඩාවේද කාඩියෝලොජිස්ට් කෙනෙකු බව කියමින් බේගල් අත ඇරීම සුළු පටු ක්‍රියාවක් නොවේ. ඒ සඳහා ඉතා දක්‍ෂ ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. වෙනකක් තබා පොලිස් මූලස්ථානයේ සේවය කල හිටපු පොලිස් නිලධාරියෙකු පවා ඇන්දී යන ලෙස බොරු කිව හැක්කේ කාටද ?. මා ඇයව විවේචනය නොකරමි. හෙලා නොදකිමි.  ඇය සැබවින්ම දක්‍ෂ කාන්තාවකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග



14 comments:

  1. Hi,
    Is it true that you are no more a registered medical doctor and an EMDR therapist?

    ReplyDelete
    Replies
    1. මාගේ වෘතීය සුදුසුකම් සඳහා මාගේ වෙබ් එක බලන්න මනෝ විද්‍යා මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සහ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මාගේ යූක්‍රයීන / බ්‍රිතාන්‍ය / කැනඩා / ඇමරිකාවු විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල පාසල් වල මා ලැබූ අධ්‍යාපනයද මා වර්තමානයේ හදාරන ආචාර්‍ය උපාධිය (PhD) පිලිබඳවද තොරතුරු පල කොට තිබේ. එහි මාගේ සියලු රෙජිස්ට්‍රේෂන් තිබේ. ඔබ නිවටයෙකු මෙන් බොරු ප්‍රොෆයිල් වලින් නොව රසික සූරියාඅරච්චි මෙන් නියම නම ගමින් එන්න මම සියලු විස්තර ඔබට ඊමේල් කරන්නම් තවද මා විසින් ලියන ලද මේ පොත බලන්න Shell Shock to Palali Syndrome PTSD Sri Lankan Experience (link ; https://www.amazon.ca/Shell-Palali-Syndrome-Lankan-Experience-ebook/dp/B00MOE1IBA )එහි ඉන්ට්‍රඩක්‍ෂන් එකේ මනෝ විද්‍යා මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සහ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් මාගේ වෘත්තීය සුදුසුකම් පෙන්වා දී තිබේ.

      Delete
    2. @ RoshAriඔබ EMDR කියන වචනයේ තේරුමවත් දන්නවද ? කරුණකර කියවන්න Jayatunge , R.M (2005). EMDR Sri Lankan Experience. Sarasavi. Colombo

      Delete
  2. ඔබ හමුදා රෝහලේ සේවය කරද්දී විශේෂඥ මානසික වෛද්‍ය වරයෙක් ලෙස හදුන්වාගත් බවට සාක්ෂි තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය ඉරිසියාව පදනම් කරගෙන කියන කතාවකි. හමුදා රෝහලේ මා සේවය කලේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන් දු මහතා යටතේය​. හමුදා රෝහලේ ඔබ වැනි ගොන් බාස්ලා නැත​. ඔබ කියන පරිදි මා මාව විශේෂඥ මානසික වෛද්‍ය වරයෙක් ලෙස හදුන්වාගත්තේ නම් හමුදා නීතිය අනුව චාජ් එකේ ගොස් මාගේ මේජර් පට්ටමටද කෙලවී යාමට ඉඩ තිබුණි

      Delete
  3. මේක එක පොලිස්කාරයෙකු කළ කැෂුවල් කතාවක් මත පදනම්ව ලියූවක් පමණයි නේද?

    වෛද්‍ය වෘත්තියේ විවිධ තරාතිරම් ගැන සමහරුන්ට ලොකු අවබෝධයක් නෑ.

    ඕපීඩී එකේ තමන්ව මුණ ගැසෙන ඇතැම් ලෙඩුන් "නෝනාව ග්ලාස් හවුස් එකේ දී මුණ ගැහෙන්න හැකි"දැයි අසන බව වෛද්‍යවරියක් (MO, OPD) මා සමග පවසා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නැත ; බොහෝ පිරිසකට කියා තිබුණි. තවද වයස්ගත ලෝයර් නෝනා කෙනෙකුවද අන් දා තිබුනාය

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. @ Rohan Ariyarathna ඔබ පීඩිතයෙකු බව පෙනේ. ඔබ වැනි පීඩිතයෙකුට දොස්තරකම යනු සක්විති පදවියකි. ඒ ඔබගේ පීඩිත ජන්මය සහ තුන්වන ලෝකයේ ජීවත් වීම පලවන ලෝකය නොදැකීම යන කාරනා නිසාය​. ඔබගේ දුගී දෙමාපියන් කුඩා කාලයේ සිටම ඔබට දොස්තර කෙනෙක් වන්න ජීවිතය ජය ගන්න කියා ඔලුවට දමා තිබේ. ඔවුන් සිතුවේ ඔවුන් ගේ දුගීකම ජය ගන්නා ආකාරරය​. එහෙත් ඔබට දොස්තර කෙනෙක් විය නොහැකි විය​. නමුත් අර හිසට දැමූ සංකේතාත්මක වටිනාකම ඔබගේ හිස තුල තිබේ. සංවර්ධිත බටහිර ලෝකයේ දොස්තරලා උසස් වැටුප් නොලබති. වෛද්‍යවරයෙක් පැයට $30 ලබන විට විශේසඥ මනෝ චිකිත්සකයෙක් පැයට $ 260 සොයයි. කයිරොප්‍රැක්ටර් කෙනෙක් $ 150 කි. දන්ත චිකිත්සකයෙක් $ 300- 400 අතර සොයයි. කෙසේ නමුත් ඔබ මට බියක් දක්වන බවත් මාගේ පෞරුෂය ඉදිරියේ ඔබ සැලෙන බවත් පෙනේ. ඒ මන්ද යත් ඔබ ඔබගේ නියම නමින් නොව ව්‍යාජ නම් ගම් බොරු අයි.ඩී වලින් එන නිසාය. ඔබ නියම නම ගමින් එන්න අපි වාද කරමු. ඔබලා වැනි පුද්ගලයන් ගැන මම ලියා තිබේ (කියවන්න​) …………………… වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න​. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි " From ; https://transyl2014.blogspot.com/2018/04/blog-post_12.html

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ඔබ පීඩිතයෙකු බව පෙනේ. ඔබ වැනි පීඩිතයෙකුට දොස්තරකම යනු සක්විති පදවියකි. ඒ ඔබගේ පීඩිත ජන්මය සහ තුන්වන ලෝකයේ ජීවත් වීම පලවන ලෝකය නොදැකීම යන කාරනා නිසාය​. ඔබගේ දුගී දෙමාපියන් කුඩා කාලයේ සිටම ඔබට දොස්තර කෙනෙක් වන්න ජීවිතය ජය ගන්න කියා ඔලුවට දමා තිබේ. ඔවුන් සිතුවේ ඔවුන් ගේ දුගීකම ජය ගන්නා ආකාරරය​. එහෙත් ඔබට දොස්තර කෙනෙක් විය නොහැකි විය​. නමුත් අර හිසට දැමූ සංකේතාත්මක වටිනාකම ඔබගේ හිස තුල තිබේ. සංවර්ධිත බටහිර ලෝකයේ දොස්තරලා උසස් වැටුප් නොලබති. වෛද්‍යවරයෙක් පැයට $30 ලබන විට විශේසඥ මනෝ චිකිත්සකයෙක් පැයට $ 260 සොයයි. කයිරොප්‍රැක්ටර් කෙනෙක් $ 150 කි. දන්ත චිකිත්සකයෙක් $ 300- 400 අතර සොයයි. කෙසේ නමුත් ඔබ මට බියක් දක්වන බවත් මාගේ පෞරුෂය ඉදිරියේ ඔබ සැලෙන බවත් පෙනේ. ඒ මන්ද යත් ඔබ ඔබගේ නියම නමින් නොව ව්‍යාජ නම් ගම් බොරු අයි.ඩී වලින් එන නිසාය. ඔබ නියම නම ගමින් එන්න අපි වාද කරමු. ඔබලා වැනි පුද්ගලයන් ගැන මම ලියා තිබේ (කියවන්න​) …………………… වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න​. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි " From ; https://transyl2014.blogspot.com/2018/04/blog-post_12.html

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies

    1. Rohan Ariyarathna I pity for you - for your frustration and jealousy , your self pity. That you are a no body. Its sad that you could not be a professional in your life. You lived in poverty in your childhood and now too living in poverty too. You could not fulfill your dreams and you have no status in your life. The sad part of your life story is that you cannot face me because you are a coward like your father. You cannot face my personality. Because you are weak. Come on face book with your real name identity , location and true family background. We will debate. See I am an open book ; no hiding behind cyber world like you. Do you have guts to face my challenge ? I don't think you can stand in front of me.

      Delete
    2. Rohan Ariyarathna where are you cowered ? why silent you moron ?

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook