Thursday, December 6, 2018

සෙක්‍ෂුවල් හීලිංස්



.......පාදශ්‍රය බලය වටා ගොඩනැගිලා තිබෙනවා. බලය පෙන්වීම තුල අවිඥානික  ප්‍රදර්ශන කාමයේ ලේශමාත්‍රයන් සනිටුහන් වෙලා තිබෙනවා. මට මතක් වෙනවා පැරණි පන්සලක් බැලීමට ගිය අවස්ථාව​. අපි පන්සලේ පැරණි බිතු සිතුවම් අගය කරමින් එහි වූ චිත්‍ර පිලිබඳව කථා කරමින් හිටියේ. මා සමග ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යලයේ බෙනී ඔහුගේ සහකාරිය හැනා හිටියා.හැනා ෆ්‍රෙස්කෝ බිතු සිතුවම් ගැන උනන්දු වෙනවා.  ඇය අජන්තාවේ මෙන්ම සෙන්ට් ජෙනාරෝහි පැරණි බිතු සිතුවම්  පිලිබඳව ගැඹුරින් හදාරලා තියනවා.

අපි පන්සල් බිත්තියේ එක පැරණි සිත්තමක් ගැන කතා කර කර ඉන්න විට පන්සලේ වැඩ කරන කාල වර්ණ මිටි තරුණයෙක් අප වෙත කඩා පැන්නා. "මේවා  පොටෝ ගහන්න තහනම්" ඔහු අමුතු අධිකාරී බලයක් තමා වටා ආරූඪ කරගෙන​. ඔහුගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ හැනාගේ පළල් වූ කර සහ සළුවට වැසී තිබෙන පයෝදර වෙතට. ඔහුගේ දෙනෙත් වලින් මා දුටුවේ ලිංගික අසහනයට පත් වීම නිසා තමා සමග තිබෙන තරහ ඒ වගේම  අවට සතුටින් සිටින්නන් වෙත තිබෙන වයිරය​. පරණ පන්සලකට කොටු වෙලා තමාගේ ජීව විද්‍යාත්මක ආශයන් සන්තෘප්ත කර ගත නොහැකියාවේ  අතුරු එල​.

අපි කිසිවෙකු අත කැමරාවක් නැහැ​. "පන්සලකට එනකොට සංවරව ඇඳගෙන එන්න ඕනේ " ඔහු හැනාගේ  ශරීරය දෙස ගිජුව බලමින් කියනවා. මට හිතුනේ පන්සලේ බිතු සිතුවම් වල සිටි දිව්‍යාංගනාවන්ටත් ආදර්ශයක් හැටියට  හැනා ශරීරය වැසුනු  ඇඳුමක් ඇඳගෙනයි හිටියේ. නමුත් කාළගෝලයා යටි හිතෙන් අපේක්ශා කරනවා පන්සලේ බිතු සිතුවම් වල ඇඳ සිටි දිව්‍යාංගනාවන් වගේ හැනාත් අඩ නිර්වස්ත්‍ර වේවා කියලා. සදාචාරය තුලින් ඔහු අභ්‍යන්තරයේ සිටින කාමුකයා යටපත් කිරීමේ අසාර්ථක උත්සහයක නිරත වෙනවා.

සෙක්ස් යන වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්රය හරහා වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් ශ්රි ලංකාව  ප්රථම ස්ථානයට පත් වීම ගැන මම පුදුම වෙන්නේ නෑ. ලංකාව තුල බලවත් ලෙස ලිංගික අසහනය පවතිනවා. ඒක තමයි විශ්ව විද්යාල ප්රචණ්ඩත්වය , සමාජ ප්රචණ්ඩත්වය , බස් වල ලිංගික හිංසනය , සේවා ස්ථාන වල ලිංගික හිංසනය , පාසල් වල පර පීඩක ගුරුවරු මතුවීම යනාදී වශයෙන් හිස ඔසවන්නේ. ලංකාව තුල ලිංගිකත්වය පවතින්නේ හිංසන මාධ්යක් ලෙස​. ලාංකිකයාට ලිංගිකත්වය යනු හොරෙන් කලයුතු  දෙයක්. එහි ආදරයක් සෙනහසක් ඇල්මක් ,    ආත්මීය බවක් , හිතයිශී බවක් නෑ.  ඉතා ආත්මාර්තකාමි ලෙස තමයි ලාංකිකයා ලිංගිකත්වය ග්රහනය කර ගන්නේ. එතන මූලික වශයෙන් තියෙන්නේ තමන් සන්තර්පණය වීම​. බලන්න ජපානය , බ්රසීලය , තායිලන්තය වගේ රටවල ලිංගිකත්වය සමග එන උච්ච සංස්කෘතියක් තිබෙනවා. ලංකාවේ එවැනි   උච්ච සංස්කෘතියක් නෑ. ලංකාවේ සදාචාරාත්මක මිනුම විපරීතයි. ලිංගික වශයෙන් සක්රිය මිනිසා අශික්ෂිතයි. කප්පාදු කල මිනිසා සදාචාරමත්. මේක තමයි ලාංකික සදාචාරාත්මක මිනුම් දණ්ඩ. මේ ටේ ලිංගික කුහක බව පිරී ඉතිරී යනවා. සිප ගන්න දර්ශනයට කොටු කොටු දාලා පිහියෙන් අනින දර්ශනය රවුම් කරලා පෙන්වන සමාජයක් මේක.

" ලිංගික අසහනයවින්සන්ට් ලංකාතිලක ප්රතිරාවය කලේය. ඔහුට ගායක මාවින් ගේ විසින් ගයන සෙක්ෂුවල් හීලිංස් ගීතය පසුබිමෙන් ඇසුනේය. එය ශ්රවණ මායාවක්ද ? නැත. එය මාවින් ගේ විසින් ගයන සෙක්ෂුවල් හීලිංස් ගීතයයි. පියා විසින් වෙඩි තබා මරා දමන ලද මාවින් ගේ නැවත ඉපදීවත්ද ? එය සිදු විය නොහැකි දෙයකි. මිය ගිය මාවින් ගේ හට යළි පැමිණිය නොහැක. නමුත් ඔහු ඉතා සුමධුර ලෙස සෙක්ෂුවල් හීලිංස් ගීතය ගායනා කරයි. වින්සන්ට් ලංකාතිලකට පැටලිලි ස්වභාවයක් දැනුනේය

  වින්සන්ට් ලංකාතිලකඑකවරම   නැගිට්ටේ‍ය​.

" මහත්වරුනි මට සමාව අයදිනවා , මම හිතනවා අපට යාමට වේලාව හරි  කියා. ඉක්බිති ඔහු සියල්ලන්ටම අතට අත දුන්නේය​.

(පරිකල්පනික අතික්‍රමණය  වෛද්ය රුවන් එම් ජයතුංග)

4 comments:

  1. සිප ගන්න දර්ශනයට කොටු කොටු දාලා පිහියෙන් අනින දර්ශනය රවුම් කරලා පෙන්වන සමාජයක් මේක.++++++++++++++++++++++++

    ReplyDelete
  2. යට ගිනි ගොඩක් ...උඩ සුදු සළු ඇඳන් මල් වට්ටි අත දරන්......

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook