Sunday, December 9, 2018

නලීන් ද සිල්වා , ගුණදාස අමරසේකර සහ ගණනාථ ඔබේසේකර


 නලීන් ද සිල්වා  සහ  ගුණදාස අමරසේකර යනු බටහිර ලෝකය සියළු  අයහපතේ මූලය ලෙස සිතන්නෝය. ඔවුන්ට බටහිර අජීර්ණය. එහෙත් ඔවුන් තම දරුවන් උසස් අධ්‍යාපනය සඳහාද ජීවත් වීම සඳහාද යැව්වේ බටහිරටය.  

ගුණදාස අමරසේකර යනු ශ්‍රී ලංකාව නම් කුඩා දිවයිනට පමණක් සීමාවූ හිටපු දන්ත වෛද්‍යවරයෙකි. ඔහු ගැන අනුරාධපුරයෙන් එහාට මිනිසුන් දන්නේ නැති තරම් ය. නලීන් ද සිල්වා  උසස් අධ්‍යාපනය ලබන්නේ බටහිරය.  ඔහුට බටහිර රටක විශ්ව විද්‍යාලයක තනතුරක් අවශ්‍යව තිබුණි. එහෙත් ඔහුට බටහිර ලෝකයේ තැනක් ලැබෙන්නේ නැත. ඔහුගේ බටහිර විරෝධයේ ආරම්භය එතැනය.එහෙත් ගණනාථ ඔබේසේකර යනු  බටහිර ලෝකයේ ගරුත්වයට පාත්වූ ධීමතෙකි. ඔහු නලීන් ද සිල්වා  සහ  ගුණදාස අමරසේකර  මෙන් ජෝකර් කෙනෙකු නොවේ. 

ප්‍රිංස්ටන් විශ්ව විද්‍යලයේ  මහාචාර්‍ය ගණනාථ ඔබේසේකර අන්තර් ජාතික කීර්තියට පත්වූ උගතෙකි.  ගණනාථ ඔබේසේකර පිලිබඳව එංගලන්තයේ , ඇමරිකාවේ , කැනඩාවේ මෙන්ම ප්‍රංශයේ සිටින මා හඳුනන මනෝ විද්වතුන් අදහස් පළ කොට ඇත. උදාහරණ ලෙස එංගලන්තයේ ආචාර්‍ය ස්ටීවන් හීත්, ඇමරිකාවේ  ආචාර්‍ය රොජර් බෘක් ,  කැනඩාවේ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ් , කැනඩාවේ වෛද්‍ය එරික් ස්මඩ්ජා යන්නවුන් මා සමග ගණනාථ ඔබේසේකර  ගේ කෘතීන් ගැන කතා කොට තිබේ. එහෙත්  ගුණදාස අමරසේකර පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ දිවයින පුවත්පතේ පාඨකයන්‍ ය.  නලීන් ද සිල්වා පිලිබඳව මා සමග කතා කොට ඇත්තේ විදුසර පුවත් පතේ පාඨකයන් ය. 

අවාසනාවකට මෙන් ගනනාථ ගේ කීර්තිය නලීන් ද සිල්වාට නැත. නලීන් ද සිල්වා පිලිබඳව බටහිර ලෝකය දන්නේ නැති තරම් ය. නමුත් නලීන් ද සිල්වා සිතන්නේ  බටහිර ලෝකයට ඔහු බින් ලාඩ්න් කෙනෙකු කියාය. නලීන් ද සිල්වා ජීවත් වන්නේ ඔහු විසින්ම සදාගත් මනංකල්පිත විශ්වයකය. ඒ අතින් ගුණදාස අමරසේකර පොළවේ පය ගසාගෙන සිටින්නෙකි. එහෙත් ඔහු තදින්ම කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරන්නෙකි. මේ ත්‍රිත්වයෙන් ලංකාවට වටින්නේ ගණනාථ ඔබේසේකර ය. අනෙක් දෙදෙනා ඉතිහාසයේ කුණු කූඩයට යාමට නියමිතය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

5 comments:

  1. //හුට බටහිර රටක විශ්ව විද්‍යාලයක තනතුරක් අවශ්‍යව තිබුණි. එහෙත් ඔහුට බටහිර ලෝකයේ තැනක් ලැබෙන්නේ නැත. ඔහුගේ බටහිර විරෝධයේ ආරම්භය එතැනය// මේ ප්‍රකාශය සනාථ කිරීමට සාධක ඔබ සතුව තිබේද?

    ReplyDelete
  2. බටහිර තානාපතිලා කලබල වෙච්ච විධිහ දැක්කමනම් නලින්ද සිල්වා කියන ඒවට මොකක් හරි පදනමක් තියනවදෝ කියලා හිතෙන්නත් ගත්තා..

    ReplyDelete
  3. Dear Unknown ; thank you for the comment ; how ever I got your IP address. For the cyber threat that you made with my address etc your IP address will be sent to the Toronto Police cyber crime unit. Anyhow I am happy that I have caused immense jealousy in your mind and you are boiling inside with pain. ඔබගේ සතුරන් ඔබට ඉරිසියා කරන්නේ නම් සහ ඔවුන් ඔබට වෛර කරන්නේ නම් සහ අවලාද නගන්නේ නම් සතුටු වන්න​, ඉන් පෙනෙන්නේ ඔබ යම් දක්‍ෂතාවක් මෙන්ම කුසලතාවක් ඇති කෙනෙකි. ඒ නිසා ඔබ ඔවුන් ගේ ඉරිසියාවට සහ වයිරයට ලක්වේ. -- ලෙනින්

    ReplyDelete
  4. WOW you come in fake ID s , interesting ; it seems that you fear me. You cannot stand in front of my strong personality with your real name. You are frightened. I feel strong.

    ReplyDelete
  5. ගනනාථ ඔබේසේකර ගොඩනඟපු එක වියුක්ත ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook