Sunday, May 27, 2018

ලංකාවට ඔබින දේශපාලකයා




ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ පසුගාමී සමාජයකට අවශ්‍ය මෙවැනි නූගත් ආවේගශීලී මිනිසුන් වෙති. එවැනි සමාජයක වීරයන් වන්නේ මෙවැනි පෞරුෂ අක්‍රමතා ඇති මිනිසුන්ය​. මිනිසුන් තම චන්දය භාවිතා කරන්නේ මෙවැනි චරිත උදෙසාය.

12 comments:

  1. හෙන හැගීම් බරයි, හෙන ගොං !
    රංජාත් මරු එහෙනම් !!

    ReplyDelete
  2. මගේ මතය වෙනස් එකක්.ලංකාවේ බහුතරයකට තේරුම් යන බසක් ඇත.එය ආවේගශීලී වෙන්න පුලුවන්,ඉතා ගොරෝසු වෙන්නත් පුලුවන්.නමුත් මිනිසුන්ගේ ප්‍රශ්න ඒ ලෙස හෝ විසඳේනම් අද කාලේ ඒක හරි.යම් රෝගයකට දරුවෙක් රෝහල් ගතකෙරුනා.පියාට තේරුම්ගියා ප්‍රතිකාර කෙරෙන්නේ අඩුවෙන් බව.හෙදියන්ගෙන් ඇහුවාම ඇඟට පැන්නලු.පහුවදා ළමයා මැරුන.මෙවා කාටද කියන්නේ?ඔය පොටෝ එකේ ඉන්න මහත්මයා හිටියනම් ලේසියෙන් අරින් නෑ.ඉහත කතාව ඇත්ත එකක්.පොටෝ එකේ ඉන්න මහත්මයා හා එක්වුනු මෑත සිදුවීම් දෙක බැලුවම මටනම් හිතෙන්නේ ඔහු හරි කියලා.ගම්බද බොහෝ රෝහල්වල රුවන් ඔබ වගේ අය නෑ.ඉන්නේ මිනිස්සුන්ට පාට් පෙන්නන අය.වලසාගේ කතාව ගනිමු.ඕවායෙත් ඇත්ත වෙනම කතාවක්.මිනිසුනට පොදුවේ යහපත වෙනවානම්,සතා සිවුපාවට යහපත වෙනවානම් ආවේගශීලිබව,ගොරෝසුකම හොඳයි.ඒ මනුස්සයා එහෙම හරි හොඳ දෙයක් කරන්නේ.රජයේ ආයතන ගැන කතා කරලා වැඩක් නෑ.මාසේ අග පඩිය කොහොමත් එනවනේ.අද ලංකවේ ටික කාලයක් හිටියොත් ඔබටත් තේරුම්යාවි.තමන්ගේ යුතුකම් සමාජයට ඉටුනොකර,අවංක නොවී මමයි,මගේ පවුලයි පමණක් සිතමින් ජරා වැඩ කරමින් සිල් ගන්න,බුදු දහම කරේ තියන් ඉන්න,දුප්පත්,පොහොසත් ඒ වගේ එවුන්ට තේරෙන බස මෙයයි.ඉතා කෙටියෙන් මේ ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව මම පිලිගන්නවා ලලිත් නමුත් වලන් කඩයට පැන්න ගොනා වගේ ප්‍රශ්න විසඳීම කරම මේ පොරව පොඩ්ඩක් පුනරුථාපනය කරන්න ඕනේ

      Delete
  3. ගලේවෙල නම් උනේ වෙන දෙයක් මට හිතෙන්නෙ..

    මේ මනුස්සර රඟන්න කැමතියිනෙ. ඇත්තටම නම් මිනිහ මට හිතෙන්නෙ මුලින්ම අවංකව අනික් මන්ත්‍රීල නොකරන විදිහට මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ගැන හොයල බලන්නයි හැදුවෙ. ඒක හුදු ජනප්‍රියත්වය බලාගෙනය කියල මම හිතන්නෙ නෑ. ඒත් පස්සෙ පස්සෙ මිනිස්සු මිනිහව උඩ දාන්ට ගත්තට පස්සෙ මිනිහ ඒ භූමිකාවට ඇඟෙන්ම එන්ටර් වුනා. "පොදු ජන හිතවතා" වුනා. අනික එහෙම කෙනෙකුගෙ අවශ්‍යතාවයක් ලොකුවටම තිබ්බ මිනිස්සුන්ගෙ හිත්වල.

    අතන ගලේවෙලත් මිනිහ වලිගෙ පාගගත්තනෙ එතන ඇත්තටම ඇක්සිඩන්ට් එකක්ය කියල හිතල උදව් කරන්න ගිහිල්ල.... වැඩේට බොක්කෙන්ම එන්ටර් උනාට පස්සෙ තමයි මනුස්සය දැනගත්තෙ මේක මේ රඟපෑමක්ය කියල. ඒ වෙච්චි ලැජ්ජාව ඉවසන්න බැරුව තමයි මම හිතන්නෙ ඔය බොරු කචල් එක ඇද්දෙ...")

    ReplyDelete
    Replies
    1. මිනිහ වලිගෙ පාගගත්ත

      Delete
  4. ඉකොනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවියේ සඳහන් වුනා අපූරු අදහසක්.
    ඇතැම් වාමාංශික ඇදහස් ඇති පුද්ගලයන් ධනපති පක්ශ වලට ඇතුලත්වී තනතුරු ලබාගෙන ඉන්පසු වාමාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තැත්තරයි.
    ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට දරුණු හානියක් සිදුවේ. ඔවුන් වාමාංශික පක්ෂ වලම සිටින්නේ නම් වඩා යහපත්ය. ලෙස එය සරලව දැක්විය හැකියි.
    ඉකොනොමැට්ටා ඒක කිව්වේ ආර්ථික වශයෙන්. නමුත් එය වඩාත් අදාල වන්නේ ජාතිකත්වයට අදාලවයි.
    සර්ව සම්පූර්ණ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය විසඳමට වැඩිම අමාරුවක් ඇත්තේ ධනපති පක්ශ වලට සම්බන්ධ වාමාංශිකයන්ටයි.
    සර්ව සම්පූර්ණ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය විසඳම කියන්නේ හාල් පොලු, මිරිස්පොලු, පාන් පෝලිම් වගේ දෙයක්.

    ඒ විදියට බැලුවාම රාජිත සේනාරත්නට වඩා මේ පින්‍තූරේ ඉන්න එකා හොඳයි.

    ReplyDelete
  5. ඩොක්ටර්,

    පොඩ්ඩක් මේක බලන්න

    http://ravaya.lk/?p=171920

    " එම කමිටුවේ වාර්තාව පිළිබඳ වෛද්‍ය ලක්ෂ්මී සී. සෝමතුංග මහත්මියගෙන් විමසූ විට ඇය දැක්වූයේ මෙවන් අදහසකි. “එම සිදුවීම දැනගත් විගසම අපි කොළඹ ජාතික රෝහලට ගියා. ඒ ඩයි කාණ්ඩය වහාම නැවැත්වීමට අපි උපදෙස් දුන්නා. මොකද මේ රෝගීන් මියයාම උඩ තට්ටුවේ සහ පහළ තට්ටුවේ යන ස්ථාන දෙකේම සිදුවී තිබුණා. ඒ කියන්නේ ස්ථානයේ වරදක් වෙන්න බැහැ. ඒ වගේම ඒ ස්ථානවල කටයුතු කර තිබුණේත් එකම වෛද්‍යවරයා නෙමෙයි. ඒ නිසා වෛද්‍යවරයාගේ ප්‍රශ්නයක් නිසා මෙය සිදුවුණා වෙන්නත් බැහැ. මේක ඩයි එකේ ප්‍රශ්නයක් නිසා සිදුවූ දෙයක් විය යුතු නිසා අපි එම ඩයි කාණ්ඩය වහාම භාවිතය නැවැත්වීමට උපදෙස් දුන්නා. ඊළඟට ඒ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කිරීමට මහ රෝහලේ අධ්‍යක්ෂට කීවා. ඒ පිළිබඳ ඉන්පසු මම සොයා බැලුවේ නැහැ. මම කළේ ක්ෂණික ක්‍රියාමාර්ගවලට උපදෙස් ලබාදීම පමණයි. එම ඩයි කාණ්ඩය පිළිබඳව මේ රටේ පමණක් නොවෙයි පිටරටත් යවලා පරීක්ෂණ දෙක සසඳන්න කියලා මම උපදෙස් ලබා දුන්නා. ඒ පරීක්ෂණය කරන කණ්ඩායමේ මම හිටියේ නැහැ. එම පරීක්ෂණවල ප්‍රතිඵල මහ රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලැබෙන්න ඇති කියා මම හිතනවා"

    ඉන් පසු රෝහලේ අද්යක්ෂක වරයා මෙන්න මෙහෙම කියනවා

    "එහි අවසන් පරීක්ෂණයට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම පරීක්ෂණය පිළිබඳ කටයුතු කළේ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග බවත් ඒ සම්බන්ධව ඇගෙන් විමසන ලෙසත්ය. එමෙන්ම මෙය 2016 වසර අවසානයේ සිදුවූවක් බැවින් ඒ පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතු බවත්ය.
    කෙසේ වෙතත් මෙම පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල පිළිබද වෛද්‍ය ලක්ෂ්මී සී. සෝමතුංග මහත්මිය ද ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවකි. කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග අංශය තුළ එන්ජියෝග්‍රෑම් පරීක්ෂාවෙන් පසු රෝගීන් හය දෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව ඉන් සිව්දෙනෙකු මියගොස් වසර දෙකකට ද වැඩි වුවත් තවමත් එම පවුල්වල සාමාජිකයින් සිදුවූ දේ පිළිබඳව හරියාකාරව නොදන්නවා සේම සිදුවූ වරද වෙනුවෙන් එම පවුල්වල සාමාජිකයින්ට කිසිදු සාධාරණයක් ද ඉටුවී නැත. "

    මෙහම වුර්තිකයන් වැඩකරන රටක යමක් කරගන්න ඕනේ නම් ප්‍රායෝගිකව කලයුතු වන්නේ මේවගේ දොස්තර වරු අර මර්වින් සිල්වා කළා වගේ ගස් බැදලා කනට දෙකක් ගහල නෙමෙයිද,

    මොකද දිරුණු ලෝකයේ මෙවැනි පිළිතුරු පිළිගන්නවද ?

    ReplyDelete
    Replies
    1. වගවීමක් නැතිවීම මූලික ගැටලුවයි

      Delete
  6. හැම බාල ‍ෆිල්ම් එකකම විහිළු කාරයෙක් ඉන්නවා වගේ දැන් හැම ආණ්ඩුවකම විහිළු කාරයෙක් ඉන්න එක සාමාන්‍යය දෙයක් වෙලා..

    මෙයා රිප්ලේස් කරන්නේ මර්වින් සිල්වගේ රික්තය....

    හොඳම වැඩේ කියන්නේ මෙයා චන්ඩි වැඩ කරණ හැමවෙලාවකම කැමරාකාරයෙක් ඒ ළඟම ඉන්නවානේ.. විශේෂයෙන් දෙරණේ එක්කෙනා...

    ඉතින් අපි බලා හිනැහෙමු... :D

    ReplyDelete
    Replies
    1. මර්වින් සිල්වගේ රික්තය..

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook