Sunday, October 1, 2017

ඊගෝ යුද්දය සහ රෝගීන් ගේ ජීවිත



මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ සචිනි සෙව්වන්දි (19) තරුණිය එම සැත්කම අසාර්ථක වීමෙන් පසු ඊයේ (30දා) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ. සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇත.
මුලින්ම ලැබුනු හදවත ඇයට 100 % එකඟ වූවා නමුත් ඇනස්තටිස්ට් වෛද්‍යවරිය තමන් ගේ නම ප්‍රථම හදවත් ඔපරේශන් එකේදී මාධ්‍ය මගින් කියවූනේ නෑ කියා එම ඔපරේශන් එක කඩාකප්පල් කරා. පසුව මාධ්‍ය මගින් මෙය හෙලි කරනු ලැබුවා ( මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. -දිනමිණ)
මේ නිසා කලින් ලැබුණ හදවත විනාශ කිරීමට සිදු වූවා .ඉන් පසු මෙම වෛද්‍ය කණ්ඩායම තව හදවතක් හොයාගෙන එය බද්ධ කලා. නමුත් සංකූලතා මතුවී ඇය මිය ගියා. අර ප්‍රථමයෙන් තෝරාගත් හදවත බද්ධ කලා නම් තරුණිය මිය නොයන්න තිබුනා කියා සිතෙනවා.
මමත් ඇනස්තටිස්ට් වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබෙනවා. මේ නිසා මෙවැනි ශල්‍යකර්ම වල තිබෙන අවදානම ගැන දන්නවා. නමුත් මෙවැනි අවස්ථා වලදී රෝගියාට සහ ඤාතීන්ට කරුණු පහදා දීම ඇනස්තටිස්ට් ගේ යුතුකමක්. මේ කරුණු පහදා දීම නිසි ලෙස සිදු නොවීම නිසා රෝගී තරුණියගේ පියා පොලිස් පැමිනිල්ලක් කලා ( ශල්‍යයකර්මය සඳහා ලක් කිරීමට තම දියණියට ආහාර පවා නොදී ඊයේ (23) පෙරවරුවේ සූදානම් කළ බවත් ඇයට ගැලපෙන හොඳ හදවතක් ලැබුණු බව විශේෂඥ ශල්‍යය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තමන්ට දැනුම් දී තිබූ බවත් සෙව්වන්දිගේ පියා පවසයි. හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කියලා ශල්‍යයකර්මය කරන්න බැරි බව පසුව මට දැන ගන්න ලැබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක් සැත්කම කරන්න අකමැති ‍වීමයි.මම මේ ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් කරන්න පියවර ගන්නවා යැයිද සෙව්වන්දිගේ පියා පවසයි. -දිනමිණ)
මේ සිදුවීම නොයෙක් ආකාර වලට තර්ක කරන්න පුලුවන්. රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බව නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය කියා තමයි අර මුල් හදවත බද්ධ කරන එකට උදැල්ල දැම්මේ. මේ නිසා වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය හරි කියා කොටසකට තර්ක් කරන්න පුලුවන්. නමුත් මේ සිදුවීමේදී ඊගෝ යුද්ධය සහ රෝගියාට සහ ඤාතීන්ට නිසි ලෙස කමියුනිකේෂන් එකක් නොවීම ගැන නම් පෙනී යනවා.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

20 comments:

  1. පින් කෙත හෙළ රන් දෙරණේ යලි නුපදින්නට හේතු වාසනා වේවා.... හේතු වාසනා වේවා.......... අඩුම තරමේ මෙහෙව් මිනිස්සු ඕකෙන් අතුගෑවිල යනකන්වත්.

    ReplyDelete
    Replies
    1. මම රුසියාව / යූක්‍රේනය / බල්ගේරියාව​/ එංගලන්තය / ඕස්ට්‍රේලියාව / ඇමරිකාව / කැනඩාව වගේ රට වල රෝගී සත්කාරය දැකලා තියනවා. ලංකාවේදී මම දුටුව එකක් තමයි වෛද්‍යවරු සහ රෝගියා අතර ලැක් ඔෆ් කමියුනිකේෂන් සහ රෝගී ජීවිත කෙරෙහි වග නොවීම යන සාධක

      Delete
    2. //වෛද්‍යවරු සහ රෝගියා අතර ලැක් ඔෆ් කමියුනිකේෂන්//

      ඩොක්ටර්, මෙතන වෛද්‍යවරු අතරවත් හරියට කමියුනිකේෂන් වෙලා නෑ නේද ? නැත්නම් පළමු හදවත විනාශ කරන්නේ ඇයි ?
      ඩොක්ටර්, අනෙක් කාරණය වසරකට වෛද්‍යවරු කිදෙනෙකුගේ වෛද්‍ය සහතිකය ශ්‍රී ලංකාවේ වෛද්‍යසබාව මගින් තහනම් කරනවද ? ඔබ සිටින කැනඩාවේ මෙසේ තහනමට ලක්වන වෛද්‍යවරු ප්‍රමාණය කොපමණද ? මේකට උතරය දුන්නොත් "රෝගී ජීවිත කෙරෙහි වග නොවීම යන සාධක" ගැන මනා අවබෝදයක් මෙය කියවන ය දැනගැනී.

      Delete
    3. මේවගේ දෙයක් උනා නම් අනිවාර්‍යෙන් ඉන්වෙස්ටිගේශන් එකක් යනවා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට තේරුණ විදිහට විශේසඥවරිය ගේ ගෝලයෝ වැඩේට සෙට් වුනත්, ඇය උදැල්ල දැම්ම. උපකරණ පරණ චෝදනාව ආවේ සෞක්‍ය ඇමතිට නිසා ඔහු ලෝකේ පෙරලලා උපකරණ සෙට් කර ලා වැඩේ හද්දීස්සි කරා, වග කිව යුතු සෙට් එකේ අඩු පාඩුවකට තියෙන්නේ පුජ්‍ය පක්ෂයේ කවුරුත් නැති එක විතරමයි.

      Delete
    2. සෙට් එකේ අඩු පාඩුවකට තියෙන්නේ පුජ්‍ය පක්ෂයේ කවුරුත් නැති එක විතරමයි.///// ha ha ha ha

      Delete
  3. වෛද්‍යවරුන්ගේ වෘත්තිය නියාමනය කරන්න ඉන්න ශී්‍රිලංකා වෛද්‍ය සභාව(SLMC) ඒක හරියට කරන්නේනෑ. සයිතම් වෛද්‍ය පිඨය සම්භන්ධව වෛද්‍ය සභාව කටයුතු කරන ආකාරයටම වෛද්‍ය වරුන්නේ ode of ethics පිළිපැදීම පිළිවඳව ක්‍රියාකරන්නේ නෑ.

    ReplyDelete
  4. Finally the patients will have to suffer. They lose their confidence in Doctors and the doctors would reluctant to carry out operations of this nature which are very important to a country like Sri lanka. Hope the learned heart surgeons will not get discouraged over this kind of incidents and continue their good work.

    ReplyDelete
  5. 1997 දී විදේශ රටකදී, කාර්‍ය මණ්ඩලයේ අතපසු වීමක් නිසා වූ මරණයකට අදාල නිර්වින්දන වෛද්‍යවරිය ගේ ලියාපදිංචිය තහනම් වුණා. ඇය දක්වපු එකම ප්‍රතිචාරය නම් මියගිය කෙනාගේ පවුලට ඇයගේ ශෝකය ප්‍රකාශ කිරීම පමණයි.

    ReplyDelete
    Replies
    1. එහෙ ඒම උනාට මෙහෙ ඒම නෑ

      Delete
  6. හැම පැත්තෙන්ම පුදුම කඩාවැටීමක් තියෙන්න්නේ.ක්‍රමයේ අවුලකටත් එහාගිය දෙයක් මමනම් දකින්නේ.උදාහරණයකට අපි හරි අහන්කාර පලිගන්නසුලු ජාතියක්.අපේම අයෙක් පොඩි වැරැද්දක් කලොත් බලන්නේ වැඩක් දෙන්නමයි.ලෝකයේ දියුණු ජාතීන් මීට වෙනස්.ඩෙංගු මර්ධනයේ සිට බලන්න.දේශපාලකයින්ගේ ගෙවල්වල මදුරුවෝ නැත.අපේ ගෙවල්වල ඇත.අපේ මට්ටමේ අය ඇවිත් අපිට පාට් දමනවා.ඒ මුලු ක්‍රියාදාමයම සාධාරණ නැත.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.උක්ත කාරණය ගත්තම ඒ අහින්සක ළමයා ඉවරයි.කතාවත් ඉවරයි!ඊට වඩා ලොකු දේවල් අපිට තියෙනව,සයිටම්!ජනතාවට සේවය කිරීම කියන්නේ මේවාට.මට මොනවාද ලැබෙන්නේ ?මට තැනක් එනවනම් හරි.නැත්නනම් එකාට සීයක් මළත් මටමොකෝ.නීතියෙනුත් මම කවර්.මේවාගේ රටක ඉපදීම තමයි පව,සමහර මිනිසුනට ! !!

    ReplyDelete
    Replies
    1. //දේශපාලකයින්ගේ ගෙවල්වල මදුරුවෝ නැත.අපේ ගෙවල්වල ඇත.අපේ මට්ටමේ අය ඇවිත් අපිට පාට් දමනවා// ++++++++++++

      Delete
  7. ඩොක්ට. ඔබ මේ සියළු අත්දැකීම් ලබල දැන් ඔබ ප්‍රබුද්ද මනෝ වයිද්‍යවරයෙක් විදිහට ලෝකෙ ලොකුම විශ්වවිද්‍යාල වල දේශන පවත්වන ඔබ තුලින්ම ලංකාවේ දොස්තරල ගැන කියන දේවල් ඇහුවහම (දේශපාලකයන් පොඩ්ඩකට අමතක කරමු) මම හිතන්නෙ ලංකාව කියන්නෙ තුක් නොදකින් රටක්, ආයෙ මේ වගේ රටක ඉපදෙනවට වඩා හොඳයි සියදිවි නසා ගන්න එක. මොකද දැන් ලංකාවේ හැමොන්ටම ඕන කරන්නෙ පබ්ලිසිටිය මිසක් තමන්ගෙන් වෙන්න ඕන සර්විස් එක නෙමෙයි. මේ රටවල දොස්තරල කෙසේ වෙතත් කස්ටමර් සර්විස් එකේ එකෙක් කස්ටමර්ට (ඌ මදාවියෙක් උනත්) සද්දයක් දැම්මත් (ඉන්වෙස්ටිගේෂන් පස්සෙ වෙනව) ගෙදර යන්න වෙනව. මම දැන් මෙහේ පෞද්ගලික ආරක්ෂක සේවයේ අවුරුදු 10ක අත්දැකීම්. මම අද වෙනකොට ජිවිත දෙකක් මැරෙන්න නොදී බේරල තියෙනව. මට තේරෙන්නෙ නැහැ ඇත්තටම ලංකාවේ ඇවුන්ට මොනව වෙලාද කියල. මම කියන්නෙ ඇයි තමන්ගෙ රාජකාරිය හරියට කරන්න බැරි? අපි ලංකාවට දෙයක් එව්වොත් ටැක්ස් පිට ටැක්ස්. ඒත් උන්ට ටැක්ස් ෆ්‍රී වාහන. ෆුල් ටයිම් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ටැක්ස් නැතිව, ඒත් උන්ම තමයි මිහිපිට සක්කිලි. දොස්තර කෙනෙක් වශයෙන් රුසියාවේ ඉගෙනගෙන තමන්ගෙ දෙපයින් නැගිටල ඔතනට ආපු ඔබ වගේ අය ඔබලටම සම්පතක්. ඔබේ පවුලට...

    🙏

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍ය මිනිසෙක් ටික්කා , මම විස්වාස කරනවා මිනිසුන්ට උපරිමය නොවෙතත් යම් සාධාරනයක් වෙන්න ඕනෙ කියලා

      Delete
  8. Jagathi Perera nee Kamalasooriya?
    Sujeewa's sister?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook