Friday, April 7, 2017

සයිටම් නාටකය



සයිටම් යනු දිගු සිනමාවකි 
ජාතික සෝප් ඔපෙරාවකි 
එහි නළුවන් බොහෝ දෙනෙකි 
නෙවිල් මාමා , සමීර අයියා 
පාර බ්ලොක් කරගෙන ඉන්න මල්ලිලා 
මේ අපි දකින නළුවෝ වෙති 
පසු තලයෙන් බැහැරව සිටින 
අප දෑසින් නොදකින අදිසි 
අධ්‍යක්‍ෂකවරු බොහෝ දෙනෙකි 
ඔවුන් ඒ ඒ නළු නිලියන් මෙහෙයවති 
ජනතාව විශ්මිතව කට ඇරගෙන 
සයිටම් නාටකය  දිගටම බලති  
ඒ අතරවාරයේ ජීවන වියදම නගී 
හොරු ඇල්ලීමට විරාමයක් තබලාය 
පාලකයෝත් හොරුන් සමග එක්වී 
සන්ධානගතවී හොරකම් කරති 
ජනතාව බඩගින්නේ හාමතේය 
උන් ගේ පටි තද කරලාය 
දියවන්නාවේ කළවැද්දෝ 
අළුත්ම අළුත් වාහන ගනිති 
මාමලා බෑනලා බැංකු සුද්ද කරති 
 කුමකින් කුමක් වූවද සයිටම් නිසා 
වැඩ බැරි දාසලාගේ ආණ්ඩුව ගොඩය 
මිනිසුන් ගේ ඇස් ගිණිකනා වැටී තිබේ 
ඔවුන් සයිටම් නාටකය නරඹති 
අවසානයේදී නළුවන් සහ අධ්‍යක්‍ෂකලා 
සම්මාන ලබති ; ගොඩ යති 
ජනතාව තවමත් හාමතේ ඈණුම් අරිමින් 
මහා සයිටම් නාටකය නරඹති 


11 comments:

  1. ෆේස්බුක්කාරයින් සහ බ්ලොග්කරයින් කෝ?

    ReplyDelete
  2. කුමකින් කුමක් වූවද සයිටම් නිසා
    වැඩ බැරි දාසලාගේ ආණ්ඩුව ගොඩය

    ඇත්ත වුනත්, ඔහොම කියනවාද අප්පා.. :D

    ReplyDelete
    Replies
    1. නලීන් ද සිල්වා පවා ඔය කතාවම කිව්වා

      Delete
  3. Correct 100%. Last 30 years it was the war with LTTE show. Now SITAM, Thdujdeen, Money in Dubai bank, GSP, etc. Well done Yahpalanaya, will meet again in 2020.

    ReplyDelete
  4. සයිටම් නැටුමක්ද - නැත, නැටුමක්ම නොවේ
    ඇත්තක් නැතිවාද - එය බොරුවක්ම නොවේ

    ReplyDelete
  5. නටපු නැටුමකුත් නැතිය.....
    බෙරේ පලුවකුත් නැතිය.
    පස්සේ බලනකොට .............
    ස්ටේජ් එක පිටිපස්සේ හංගල තිබ්බ ගල් බෝතලෙත් නැතිය.

    ReplyDelete
  6. සයිටම් ගැන කවිත් ලියවෙනවාය

    ReplyDelete
  7. සත්‍ය නොවලහා පවසලා...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook