Friday, March 17, 2017

පේරාදෙනිය වධකාගාරය නොහොත් Tuol Sleng වධකාගාරයේ කළළ අවස්ථාව



වධකාගාර ශ්‍රි ලාංකික සමාජයට නවතාවක් නොවේ. හමුදාව විසින් පාලනය කල යටාරෝ කැෆටේ‍රියා වධකාගාරයද කොටින් විසින් පවත්වාගෙන ගිය දේවිපුරම් වධකාගාරයද ශ්‍රි ලාංකිකයන්ට අමතක නොවේ. මේ වධකාගාර වලට වඩා පේරාදෙනිය වධකාගාරය වෙනස් වෙයි. එය පවත්වාගෙන යන ලද්දේ අට සමත් කේඩරයන් නොව විශ්ව විද්‍යාලයට තේරුණු සිසුන් පිරිසක් විසිනි. මොවුන් රැඩිකල් දේශපාලන පක්‍ෂ වල සොල්දාදුවෝ වෙති. යම් ලෙසකින් මෙම රැඩිකල් දේශපාලන පක්‍ෂ ලංකාවේ බලය අල්ලා ගත්තේ නම් ඔවුන් ලංකාව පාලනය කරන්නේ මෙවැනි වදකාගාර ආකෘතියක් හරහාය​. කෙමරූජ්වරු කාම්පුචියාවේ මෙවැනි වදකාගාර පවත්වාගෙන ගියහ​. කාම්පුචියාවේ Tuol Sleng වධකාගාරය එක් උදාහරණයකි.

පහත ලිපිය උපුටා ගනු ලැබුවේ රාවය පුවත්පතිනි. කාම්පුචියාවේ Tuol Sleng වධකාගාරයේ කළළ අවස්ථාවක් ලෙස පේරාදෙනිය වධකාගාරය නම් කල හැකිය​. 

.........පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට මෙම පෞද්ගලික වධකාගාරය පිළිබඳ කණින් කොනින් තොරතුරු ලැබෙමින් තිබී ඇත. පෙබරවාරි 19 දින රාත්‍රියේදී ළමුන් කීපදෙනකු රඳවාගෙන නිරුවත් කර වධදෙන බවට ලැබුණ තොරතුරක් මත ආරක්‍ෂක නිලධාරීන් පෞද්ගලික වාහනයකින් එහි ගොස් නිවෙස වටලා පසුව ආචාර්ය මණ්ඩලයේ කීපදෙනකුද එතනට කැඳවාගෙන තිබේ. ඒ යත්දීත් වධයට බඳුන්වුණ සිසුන් සිට ඇත්තේ නිරුවතිනි.  නවක සිසුන් හත්දෙනකු එදින වධදීම සඳහා කැඳවාගෙන අවුත් ඇත්තේ චිකාගෝ ක්‍රමයටය. ඒ දුරකථන ඇමතුම් මාර්ගයෙන් පණිවිඩ ලබාදෙමිනි. දහනමවැනි දින එක් සිසුවෙකු විශ්විද්‍යාලයේ නේවාසිකා ගාරයේ සිටිත්දී සිය ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ සවස 2.30ට මහනුවර රෝහල අසලට පැමිණෙන ලෙසටය. ඔහු රෝහල අසලට යනවිටත් දුරකථන ඇමතුමක් ලද ඔහුගේ තවත් මිතුරෙක්ද රෝහල අසල සිටියේය. අනතුරුව මහනුවර ඔරලෝසු කණුව අසලට පැමිණෙන ලෙසට දුරකථන ඇමතුමක් ලැබෙන්නේය. ඔවුහු දෙදෙනා එතැනට යති. එහිදී සංජීව නම් තවත් අයකු පැමිණෙන බවත් ඔහුත් කැටුව මහනුවර ගුඞ්ෂෙඞ් බස් නැවතුම්පොළට පැමිණෙන ලෙසත් ඊළඟ ඇමතුම ලැබෙන්නේය. ඊටත් පසුව දෙල්තොට බස්රථයට නැඟ නමය කණුව ළඟින් බසින්නට දුරකථනයෙන් ඇමතුම් ලැබෙන අතර ඔවුහු ඒ නියෝගයට අවනතව අදාළ ස්ථානයෙන් බසිති. යතුරු පැදිවලින් අවුත් ඔවුන් අතුරුමාවත් දිගේ රැගෙන ගොස් මෙම නිවසට රැගෙන යන්නේ දෙවන වසරේ සිසුන් දෙදෙනෙකි. නිවෙසට කැඳවාගෙන ගොස් වතුර බොන්නට දී ඇඳුම් ගලවන්නට අණකර ඇඳුම් ගැලවූ පසුව කුණුහරුපයෙන් බැණ වැදුණු බවත් විවිධ අඩන්තේට්ටම් කළ බවත් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ අය සහ විනයභාර ආචාර්යවරයා පැමිණෙන තෙක්ම නිරුවතින් සිටීමට සිදුවූ බවත් සිසුන් ප්‍රකාශ කර ඇත. එක් සිසුවෙකු පමණක් අනෙක් අය ඇඳුම් ගලවත්දී තමන්ද ඇඳුම් ගැලවූ බව ප්‍රකාශ කර තිබේ. සිසුන් පිරිස නිරුවත් කළේ ඇයිද යන්නට වධකයන් දී ඇති පිළිතුර අපූරුය. ඒ ඔවුන්ගේ ලජ්ජාව නැතිකරන්නට බවය.

8 comments:

  1. I am Major (Army SF, retired) and looking for work. I think I should join SF Loku in A'pura and hunt down these antisocial elements for free (our lucky stars are not good in this yhapalana).

    Well Dr Ruwan may say I am sick have PTSD (may be I have) no one check me yet. Seriously, what do you do with these people?
    (Tango X-Ray 17)

    ReplyDelete
    Replies
    1. I know how you feel as a combatant who fought against the LTTE. These are deviant characters who do third grade ragging due to inferiority complex. They need rehabilitation

      Delete
  2. සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වූ විචාරක මහතා හදිසි අසනීප තත්වයක් මත විවේක සුවෙන් පසුවේ. එතුමාට ඉතා ඉක්මනින් සුවය ලැබී පෙරටත් වඩා ජවයකින් එතුමාගේ දැනුම අපහට බෙදා දීමට හැකියාව ලැබේවා යයි කියා පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. එසේම නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී, විචාරක මහතා සිංහල බ්ලොග් වෙනුවෙන් සිදුකල අනුපමේය මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එම සංවිධායක මණ්ඩලය කටයුතු කොට ඇති බව දැනගන්නට පවතී. එම පුවත සත්‍ය නම් එය ඉතාම සතුටු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද සිංහල බ්ලොග් කලාව තුල විචාරක මහතා තරම් කැපවීමෙන් තොරතුරු සොයා, ජයාරූප ආදිය වෙනමම සකස් කොට ලිපි පලකෙරු වෙනත් අයෙක් නැත. එතුමා කොමෙන්ටු තුලින් බවා බෙදා හදාගත්තේ වැදගත්, දැනුමැති කාරනා බව සෑම දෙනාම දන්නා දෙයකි.

      විචාරක මහතාට ඉක්මනින් සුවය ලැබී එතුමාගේ කටයුතු නැවතත් සුපුරුදු පරිදි කරගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියා හදවතින්ම පාර්ථනා කරමු.

      Delete
  3. නවකවදය අනිවාර්යයෙන් වහා ම නතර කළ යුුතු බව පැහැදිළියි. මේ ගැන මා ලියූ ලිපිය මෙන්න.

    මේ පේරාදෙනියේ සිද්ධිය ගැන බොහෝ තැන්වල වැරදියට වාර්තා වී ඇතැයි මා සිතන කරුණක් තියෙනවා. එය තමයි, මේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස නවකවදය දීම සඳහාම නිවසක් කුලියට ගත් බව. මා හිතන පරිදි මේ නිවස, මේ දෙවන වසරේ සිදුන් විසින් ඔවුන්ට ඒ වසර තුළ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් නොලැබෙන නිසා, වාසය කිරීම සඳහා කුලියට ගත් එකක්.

    මා දෙවන වසර සිටියේ තවත් පිරිසක් සමග ඊරියගම කාමර දෙකක නිවසක් කුලියට ගෙනයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook