මිනී කඳු ගොඩ ගැසූ දේශයක
රුධිර ගංගා මත පීනූ සමාජයක
වෛරය ද්වේෂය වගා කල භූමියක
අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ
අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක
ජීවත් වන දනන් හට ආදරය කරුණාව
වලංගු නොවන හැටි බලව මිතුර
උගන්වා තිබෙන්නේ ආදරය නොව
එකිනෙකාට ද්වේශ කරමින්
විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ
එව බලව මිතුර
දෙදෙනෙකු පෙමින් වෙළුනු විට
එහි චමත්කාරය නොව
නොකෙරුණු රාගයේ ඕජස් දකින
අනෙකාව විනිශ්චය කිරීමට නොපසුබටවන
දනන් වෙසෙන බොදු ක්‍රිස්තියානි හින්දු
ආගම් වල පහස ලත් දේශය
වහා එව බලව මිතුර
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ඕවා ගැන කතා කිරීමෙන් පලක් තිබේද කියන එකත් අවිශ්වාසයි. එත් දුටුවම හිතට එන අදහස් ලිවීමත් වටිනා දෙයක් .
ReplyDeleteහැමෝටම ඕනේ මතුපිටින් බ්‍රහ්මචාරී වෙලා හොරෙන් සම්මත අසම්මත කම් සැප ඔක්කොම ලබන්න. ඒවාට ඉඩදීමට විරුද්ධ වෙන්නේ ඒවා කරන අයමයි. සමලිගිකත්වයට ඉඩ දීමට විරුද්ධ වෙන්නේ ආගමික පූජ්‍ය පක්ෂයන්. නමුත් වැඩිපුරම සමලිංගික ක්‍රියා සිදුවන්නේ ආගමික සංස්ථා ඇතුලේ බව කියවෙන්නේ.
කලිනුත් බ්ලොග් කරුවෙක් ලියා තිබුන වගේම වැලන්ටයින් එකට සිල් ගන්න වෙසක් එකට ජෝඩු පිටින් භූත ගුහා අස්සේ රිංගන පන්සලේ මගුල් කන හැමදේම පටලවගතිපු අපි.
ආදරේ කරන්න නිදහස නැති රටක මිනිස්සු හරිම අවාසනාවන්තයි කියා මම හිතන්නේ.
KEN
වයර් මාරු වීම
Deleteවැලන්ටයින් එකට සිල් ගත්තෙමු
වෙසක් එකට ජෝඩු පිටින් ගොස්
අඳුරු භූත ගුහා අස්සේ රිංගුවෙමු
මුඛයෙන් හුස්ම ගත්තෙමු
නාසයෙන් බත් කෑවෙමු
මේවා දකිද්දි තේරෙනවනෙ සම ලිංගිකත්වය කියන මාතෘකාව ලංකාවට කෙතරම් දුරස්ද කියලා...
ReplyDeleteසම ලිංගික නෙවෙයි ලිංගික කියන වචනයටත් බයයි. ඒත් ගූගල් පිරික්සුමෙන් ලෝකයේ මුල් තැන
Deleteඊරිසියාව
ReplyDeleteIndeed
DeleteAre we still under emergency rule, is this human rights violation? I guess this is not part of police job, just intimidation for bribe (may be). Should publish the place and time so that action could be taken if there is a wrong doing.
ReplyDeleteyes
Deleteඇත්තටම කොල්ලෙකුයි කෙල්ලෙකුයි ළඟින් ගියත් මහා අපරාධයක්වගේ දකිද්දි එතනින් එහා දේවල් ගැන කතාකරලා වැඩක්නෑ.
ReplyDeleteමේ ගැන නම් කතා කරල වැඩක් නෑ ඩොක්ට. වෙස්මුහුණු යට සැබෑ මුහුණු හැන්ගිලා . ඒත් දුෂණ [ ස්ත්‍රී ,පුරුෂ දෙකම ]කොච්චරක් ද ?
ReplyDeleteකාලෝචිත පොස්ට් එකක් ඩොක්ට. මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අදාලයි.
ReplyDeleteලංකාවේ පිරිමින් කොච්චරටම කාම ලෝලීන්ද කියනවනම් කාන්තාව පිටිං ඇඳන් ඉන්න ඇඳුමට යටිං තියෙන බ්‍රෙසියර් එකේ යන්තමට පෙනෙන පටිය දැක්කත් ඇති ක්ෂණික මෝචනය වෙන්න. (සෙක්ස් හෝ කාමය කියන වචනෙත් ඇති ධාතු පහවෙන්ට)
එහෙව් සමාජයක මිනිස්සු අන්තර්ජාලෙට ඇවිල්ල ආගමේ නාමයෙන් ජාතිය විකිණීමෙන් මේ රටේ වෙන ගොන් වැඩ දැක්කහම දැක්කත් නොදැක්ක වගේ ඉන්නෙ නැතිව ඉන්නවා වගේ ඉන්නම වෙනව.
ඔච්චර ළමා දුෂණ වෙන රටේ උන්ට ගෑනියෙක් තියා පිරිමි පරානයක් හම්බ උනත් කටෙන් පිට කරන කෙළ තැම්බක් ගානට හප කරලයි පස්ස බලන්නෙ.
අනේ මෙහෙම නූගත් ජාතියක් කියල කියනව ඇරෙන්ට මොනව කියන්නද ඩොක්ට..??
සහතික ඇත්ත ටික්කා
Delete👊🏽
Deleteඅපි විතරයි දන්නෙ.. අපිට විතරයි පුළුවන් කියල හැම වයස් කාණ්ඩයකම උදවිය හිතන්න ගිහින්... අත්දැකීම් එක්ක වෙනස් වෙන්න කැමති නෑ.එතින් නොනවතින ගැටුමක්
ReplyDeleteජයවේවා..!!
+++++++++++++++++
ReplyDeleteසරසවියේ විතරයි ආදරය කරන්න නිදහස තියෙන්නේ ලංකාවේ. විශේෂයෙන්ම පේරාදෙණිය කැම්පස් එකේ lovers lane එකේ වගේ. ඒ අතින් මේ යුරෝපීය රටවල් කොච්චරනම් මානුෂිකද ? එකනේ අසහනයත් අඩු...
ReplyDelete