Monday, March 13, 2017

71 කැරැල්ල මර්ධනය කල සර්නි විජේසූරිය

 
 
71 කැරැල්ල මර්ධනයේ ලා රහස් පොලිසියේ විශේෂ අංශයේ නිලධාරියෙකු වූ සර්නි විජේසූරිය  මහතා විශේෂ කාර්ය භාරයක් කළේය. මම සර්නි විජේසූරිය මහතාගෙන් ඒ පිළිබඳව  විමසූ   අතර  ඔහු මට තතු පැවසුවේ මෙසේය.

රහස් පොලිසියේ චේගුවේරා බියුරෝව ආරම්භ කිරීමෙන් පසු මම විෙජ්වීර පිලිබඳව තොරතුරු එකතු කලා. විජේවීර  හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මම ඔහුගෙන් ප්‍රශ්න කලා. මුලදි ඔහු හිටියේ හැම දේම ප්‍රතික්ෂේප කරන ස්වභාවයකින්. ඔහු පිළිබඳ කිසිම දෙයක් අපට කියන්න සූදානමක් තිබුනේ නැහැ.

මම මේ තත්වය ගැන උපකල්පනය කළා. එම නිසා විජේවීර ට කථා කිීරීමට පෙර  ඔහු ලූමුම්බා විශ්ව විද්‍යාලයට යෑමට ප්‍රථම පාස්පෝට් කාර්යාලයට යවපු ඉල්ලූම්පත්‍රයේ කොපියක් ගෙන්වා ගත්තා. පාස්පෝට් එක ගන්න යවපු ඡායාරූප වලින් එකක පිටපතක් ද අපි ලබා ගත්තා. මට විජේවීර ට කථා කලේ ඔහුගේ ඡායාරූපය හා විස්තර අතැතිවයි. විෙජ්වීර පුදුම උනා රහස් පොලිසිය විෙජ්වීරගේ උපන් දිනය පවා දැනගෙන සිටීම ගැන. ඉන් පස්සේ ඔහු ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මට කරුනු කිව්වා.

විජේවීර  එක්තරා ආකාරයක හිට්ලර්, මුසෝලිනි් වගේ කෘර උන්මත්තක චරිතයක්. එහෙත් ඔහු උඩගුයි.(arrogant ) ඒත් ශාරීරිකව ශක්තිමත් නැති නිසා බියසුළුයි. මම මේ චරිත ලක්ෂණ අධ්‍යයනය කළා. ඒ අනුව අනුගත වෙමින් ඔහුගෙන් තොරතුරු ලබා ගන්න මම සමත් වුනා.

විජේවීර ට විදේශ උපකාර තිබුනේ නැහැ. උතුරු කොරියානු සබඳතා ඇති බවට රජය සැක කලා. ඒත් ඒක සාවද්‍ය බව මම මුලදීම දැනගෙන හිටියා. යටත් පිරිසෙන් සැන්සිබාරයේ කරුමේ ගෙන් වත් ඔහුට ලිපියක් ලැබිලා තිබුනේ නැහැ. (සැන්සිබාරයේ  කරුමේ ගෙන් විජේවීරට ලිපි ලැබුණූ බව ඔරුවල බන්දු ඉරිදා පුවත් පතකට කියා තිබුණි එය අසත්‍යක් බව පෙනී යයි - කතෘ)

කැරැල්ලට පෙර අම්පාරෙදී විජේවීර  අත් අඩංගුවට ගැනීමේලා එල්.එම්.පී. ද සිල්වා මහතා විශේෂ කාරියක් කලා. මගෙ උදහස අනුව අම්පාරේදී අත්අඩංගුවට පත් වීම කැරැල්ලට පෙර විෙජ්වීර අපේක්ෂා කල හා විශේෂයෙන්ම යොමුවූ ක්‍රියාවක්.

1971 කැරැල්ල 100% දේශීයව මතුවූ කැරැල්ලක්.  1988 ට වඩා එහි ත්‍රස්තවාදය අඩුයි. ඇතැම් තැන් වලදි කැරළිකරුවන් පොලිසිය හමුදාව සමඟ මුහුණට මුහුණ ගැටුණා.

කැරැල්ල අවස්ථාවේ දී සිරිමාවෝ බන්ඩාරනායක මැතිණිය මට කථා කලේ නැති උනත් ෆිලික්ස් ඩයස් ඇමතිවරයාගේ මාර්ගයෙන් තත්වය පිළිබඳ තොරතුරු ගත්තා. ෆීලික්ස් කැරැල්ලේ කුමන අවස්ථාවේදීවත් නොසැළුනු අයෙක්. ඔහු උඩඟ=යි. ඒ වගේම නිර්භීතයි.
 
කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අපි විජේවීර ගේ පටිගත කරපු කට උත්තරයක් කැලිකරුවන්ට ඇසෙන්න දැම්මා. ඒ කට උත්තරයේ විජේවීර  සෑම අයෙකු ගැනම කියනවා. ඒ පටිගත කරපු කට උත්තරය ඇසීමෙන් පසුව විෙජ්වීර ගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් ඔහුව අත හැර ගියා. අන්තිමට බෝපගේ කෙලී වගේ කීප දෙනෙකු විතරයි. ඔහු අවට හිටියේ. ඒ අයත් පසු කාලයක ඔහුගෙන් කැඩී ගියා.

71 කැරැල්ල මර්ධනය රජය ජනතාව වෙනුවෙන් කල යුතුව තිබූ දෙයක්. යම් ලෙසකින් රජය පරාජය වූවා නම් මහා ලේ වැගිරිමක් පොල්පොට් වර්ගයේ අමානුෂික ආණ්ඩුවක් එන්නට තිබුනා. ඔවුන් තුල තිබූ භේද නිසා අවසානයේදී එකිනෙකා මරා ගන්න තත්වයක් දක්වාද මේ තත්වය වර්ධනය වන්නට තිබූ හැකියාව අහක දාන්න බැහැ. අද සමහරු කියනවා පොලිසිය සී.අයි.ඩී. ය අනුකම්පා විරහිතව කැරැල්ල මර්ධනය කල බව. එසේ නොකල නම් මහා විනාශයක් රටේ වෙන්නට තිබුනා. නමුත් ඒ ගෞරවය කවදාවත් ආරක්ෂක අංශ වලට ලැබුනේ නැහැ.

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග)
 

28 comments:

  1. පොත ගන්න තියේනවාද? මිල කියද? ප‍්‍රකාශකයා කවුද?

    ReplyDelete
    Replies
    1. මේ පොත කලේ රන්ජිත් දිසානායක

      Delete
  2. ඩොක්ට. මම මේ ලිපි කියවන්නට කලින් විජේවීර ගැන හිතන් හිටියෙ ඔහු ඇත්තටම වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටිය අයෙක් කියල.

    හැබැයි ඔබගේ දීර්ග ලිපි සහ කමෙන්ට් කියවීමෙන් පසු විජේවීර යනු තමන්ගේ ඇරියස් කවර කරගන්න, ඒ වගේම රටට හරියන්නේ නැති දේශපාලන නියායක් වෙනුවෙන් මිණී මැරීමට ගිය තකතීරු මෝඩයෙක් කියලයි මට තේරුනේ.

    අද උනත් බලන්න විශ්වවිද්‍යාල වල ඉන්න උන් මහපාරට ඇවිත් හැසිරෙන විදිහ. මම හිතන්නෙ උන්ගේ මොලගෙඩි තවමත් ඔය වැඩකට නැති JVP එක විසින් හෝදනවා කියලයි.

    හිතන්න උන් ටික විභාග සමත්වෙලා රටේ රැකියා බලකායට එකතු උනහම කොහොම හැසිරෙනවද කියල.

    උදාහරණය රටේ බහුතරයක් දොස්තරලා..? (උදාහරණ ඔබම පවසා ඇත)

    ඔය සයිටම් හෝ දොස්තර වැඩ වර්ජන වලට කෙලින්ම සම්බන්ද වන වයිද්‍ය සබාවේ සභාපති ලේකම් වරු ටීවී එකට කතා කරන හැටි දැකල තියෙනවද? උන් ආණ්ඩුවත් එක්ක වගේම ඒකට රෝගීන් පලිහක් විදිහට අරං ඉල්ලන්නෙ ගේම.. මුන් එකෙක්වත් හිනා වෙනව දැකල තියෙනවද..? සන්තෝසෙන් කතා කරනව දැකල තියෙනවද..?

    නෑ...

    කැම්පස් එකේදී නිදහස් අද්‍යාපනයට ඇත නොතබනු කියල බෙරිහන් දුන්න මුන්, තාත්තේ අම්මේ අපි මේ අරගල කරන්නේ ඔබලා වෙනුවෙන් කියල බෙරිහන් දුන්න මුන්, රැකියාවට ආවට පස්සේ මේ කරන මලදානය මොකක්ද..?

    එදා කියපු දේයි අද කියන දේයි ලොකු වෙනසක් තියෙනව නේද ඩොක්ට..??

    මමනම් කියන්නෙ ඔක්කොටම කලියෙන් මුන්ට කවුන්සලින් කරන්ට ඕන කියල. මොකද මුන් තමයි රටේ ලොකුම මානසික ලෙඩ්ඩු ටික.

    👊🏽

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      //මොකද මුන් තමයි රටේ ලොකුම මානසික ලෙඩ්ඩු ටික.//
      මේක රටේ මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නව, කෑම්පස් එකේ ළමයි සමහර දාන කොමෙන්ට් වලට සාමාන්‍ය මිනිසුන් දාන කොමෙන්ට් වලින් මෙය තේරෙනවා

      Delete
    2. ටික ටික හරි කමක් නෑ ලංකා, මිනිස්සුන්ට තේරෙනවනම්.

      ඔය තේරෙන ටික කතිරෙ ගහන දවසට තේරෙන්නෙ නැති එකනෙ බං ජාතියේ කරුමෙ කියන්නෙ..

      👊🏽

      Delete
    3. ටික්කා,

      JVP ය සම්බන්දයෙන් නම් මිනිසුට දැඩි මතකයක් තියනවා ඒ නිසයි ඔවුන්ට චන්දය ලැබෙන්නේ නැත්තේ, කරුමේ කියන්නේ මෙරටේ කරපු තරමක් හොරකම් කරපු මිනිසුන් රට පුරා චචාරය කලාම මේ මෝඩ මිනිස්සු චන්දය දෙනවා.

      Delete
    4. හනේද කියන්නේ..? ඉතුරු ටික කියන්න තියෙන වචන ටිකත් අපරාදේ ලංකා..

      O(∩_∩)O

      Delete
    5. මුන් එකෙක්වත් හිනා වෙනව දැකල තියෙනවද..? සන්තෝසෙන් කතා කරනව දැකල තියෙනවද..?
      ////////////////////////// ammapa 100 % athha

      Delete
    6. ටික්කා.....මිනිස්සු ගැන ප්‍රි-ජජ්මන්ට්වලට යන්න එපා. තවදුරටත් කියවා බලන්න. මේ එක ලිපියක් පමනයි. රුවන් බොහෝ තොරතුරු දන්නවා ඇති. ඒකම එකම තොරතුර කියා සිතන්න එපා. මම ඔහොම වරද්දගත් තැන් තියෙනවා. ඒක අපි හැමෝටම පොදු තත්වයක්. මා තදින්ම විවේචනය කරන මරා පිලිබඳව උනත් එහෙමයි. සුදුත් නැහ, කලුත් නැහැ. ඕක බොටත් මටත් අදාලයි.

      Delete
    7. බොහොම ස්තුතියි ඔවදනට අරුණ අයියේ. ඇත්තටම කියනවනම් 88-89 අවස්ථාවලදීත් මම බොහොම පොඩි එකෙක්. මට මතකයි ඉස්කෝල පොත්වලත් JVP කියල ලොකුවට ලිව්ව. මොකද ඒ අකුරු ඒ දවස්වල හැම තැනම හැම බිත්තියකම දැකල තිබ්බ ඒවා නිසාත් ඉංග්‍රීසි අකුරු නිසාත් ලොකු පොෂ් බවක් දැනුනා. අනික ආණ්ඩුව එක්ක හැප්පෙනවා මිනිස්සු තැන තැන පිච්චෙනවා නිසා ඔය කියන කණ්ඩායම මහා බලවත් සුපර් හීරෝ කෙනෙක් කියලයි හිතන් හිටියේ.

      පහු කාලීනවත් කිසිම අවස්තාවක් අසාවක් ආවෙ නැහැ ඔය කියන විජේවීර ඇතුළු කට්ටිය ගැන කියවන්න වගේම කරුණු හොයන්න.

      පස්සෙ දශක දෙකහමාරක් ඇවෑමෙන් බ්ලොග් එකට අහම්බෙන් ඇවිත් පැරාගේ බ්ලොග් එකෙන් වාමාංශික දේශපාලනය ගැන කියෙව්වට පස්සෙ නිකන් මම උඩ දාල පයින් ගහල බිමට වැටුන වගේ. ඒ කියන්නේ පැරා කියන වාමාංශික දේශපාලනයත් නිකං මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ. මගේ ඔළුව තවත් හොල්මන්.

      ඒත් ඉතිං අතට අහුවෙන හැමදේම කියවන්න තියෙන ඇබ්බැහිවීම තවමත් එහෙම්මම තියෙන නිසා මේ ඉතිං කියවනව. දන්නා තේරෙන විදිහට කොමෙන්ට් කරනව. හැබැයි අරුණ අයියේ ඔබලා වැනි අය ඒ වරද හෝ අතපසුවීම් මෙහෙම හරි නිවැරදි කරල තව ටිකක් කරුණු හොයන්න පොළබවන එකටත් බොහොම ස්තුතියි. නිහතමානීව ඔබ වැනි අයගේ දේවල් වලට ඇහුන්කන් දෙමි.

      ඔබට ස්තුතියි.

      👊🏽

      Delete
  3. ඩොක්ටර්,

    මට මතකයි විජය කුමරනතුන්ගව මරපු කාලේ මට අවුරුදු 12 ක් උනත් මේකාලේ දේවල් මට හොදට මතකයි, මේකාලේ මිනිසුන් දැනසිටිය කවුද විජයව මැරුවේ කියල, මට මේ කලේ සටන් පාටයක් මතක්වෙනවා. "විජේවීර මරුවා අපේ විජය මැරුවා"

    බොහෝදෙනා දැන නොසිටියත් අද පවා මේ පක්ෂයේ මිනිසුන් "අවංක රංගනයක" නිරත වෙනවා
    මෙන්න හොද උදාහරණයක්

    https://www.facebook.com/photo.php?fbid=1877408079210539&set=pcb.1877408139210533&type=3&theater

    හැබැයි රටේ වැඩිහිටියන්ට අමතක නොවෙන විදියට මෙව මතකයි මෙනිසා තව අවුරුදු 20ක්වත් යනතුරු මොවුන්ට බලය ලැබෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලාං.සි. විජයව මරන කොට මට අවුරුදු විසිපහයි. මම ඒ මොහොතේ ලංකාවේ හිටියා නිවාඩුවකට ඇවිත්. කතා ගොඩක් මැද්දේ එකම කතාවක් ඇත්ත කියලා හිතන්න එපා. තව දුරටත් සොයා බලන්න. කෝ නඩු. කෝ තීන්දු. මම ජවිපෙට සුදු තීන්ත ගානවා කියලා හිතන්න එපා. මේ සියල්ල ඇතුලේ යක්කු සහ සාන්තුවරු ඉන්නවා. ඔවුන් එලියට දාන්න ජවිපෙ සුදානමකුත් නැහැ. 87න් පස්සේ ආපු කිසිම ආන්ඩුවකුත් අදටත් සුදානම් නැහැ. ලාං.සි. තව දුරටත් හොයන්න. තමන් ගැන හොයා ගන්න බැරි අපි අනුන්ට සුදු හුනු ගානවා සහ තාර අතුල්ලනවා. මේවා අකුරු හරඹ.

      Delete
    2. "ලාං.සි. විජයව මරන කොට ....... "

      දැන් එතකොට ලාං.සි. ද විජයව මැරුවේ...? හෙහ් හෙහ්.. කමා දාපන් මිනී මරන්නැතුව... D

      Delete
    3. Aruna,

      //කෝ නඩු. කෝ තීන්දු. මම ජවිපෙට සුදු තීන්ත ගානවා කියලා හිතන්න එපා. මේ සියල්ල ඇතුලේ යක්කු සහ සාන්තුවරු ඉන්නවා. ඔවුන් එලියට දාන්න ජවිපෙ සුදානමකුත් නැහැ. //

      ජවිපෙට සාන්තුවරු ඉන්නවනම් ඔවුන් ඉදිරිපත් කරන්නේ බොහොම කලින්, ඔවුන් මේවා රහස් ලෙස රකින්නේ මේවා එලියට ආවනම් දේසපාලන වශයෙන් ඔවුන්ට පාඩු නිසයි, ඔවුන්ට මේ කරුණු දේසපාලන ලෙස වාසිනම් ඔවුන් කිසිසේත් මේවා එලි කරන්න ප්‍රමාද වන්නේ නෑ.

      ඔවුන්ට දෙසපාලනිකව පාඩු ජනතාව ඔවුන්ව හදුනාගන්න නිසයි.

      //87න් පස්සේ ආපු කිසිම ආන්ඩුවකුත් අදටත් සුදානම් නැහැ. ලාං.සි. තව දුරටත් හොයන්න.//
      විජය ගේ බර්යාව රටේ ජනපති උනාම කලෙත් දේසපාලන වාසි ගැනීමයි, ඇය ගාමිණි ලොකුගේ පටලවල අවසාන ලෙස JVP සමග සන්දානයට පවා යනවා මේවා ලජ්ජා නැති දෙසපාලනයේ හැටියි.


      //තමන් ගැන හොයා ගන්න බැරි අපි අනුන්ට සුදු හුනු ගානවා සහ තාර අතුල්ලනවා. //

      මේක නම් සම්පුර්ණ ඇත්ත!!!


      Delete
  4. සැන්සිබාරයේ කරුමේ ගැනත් ලිව්වොත් නරකද ?

    ReplyDelete
  5. හුඟක් දෙනෙක්ට විජේවීර ගැන තියෙන්නේ සාවද්‍ය ප්‍රතිරූපයක්..ඔහුගේ සැබෑ මූණ හෙලිකරන්න ඔබගේ මේ ලිපි ගොඩක් ප්‍රයෝජනවත්.. මමත් විජේවීර ගැන හිතන් හිටිය විදිහ වෙනස් වුනේ මේවා කියවපුවම...

    මුන් මේ කැම්පස් ළමයින්ගේ ජීවිතත් එක්ක කරණ කාලකන්නි සෙල්ලම දැක්කම ඇත්තටම දැන් ඉන්න JVP මුස්පේන්තුවන්ටත් පෝලිමට හිටවල වෙඩි තිබ්බත් පවු නෑ කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා...මට ජවිපෙ සමග නොගැලපීම් කිහිපයක් තියෙනවා. මම ඒ පිලිබඳව මා සමගම තර්ක කරනවා. රුවන් කියන්නේ මනෝ විද්‍යාත්මක පසුබිමක සිට සියල්ල විග්‍රහ කරන කෙනෙක්. වරදක් නැහැ. ඒ ඔහුගේ වෘත්තිය පසුබිම. ඒත් සෙන්නා රටක, ජාතියක දේශපාලනික යතාර්තය, මනෝ විද්‍යාත්මක පසුබිමක කෙරෙන විග්‍රහවලින් සහ බ්ලොග් පෝස්ට් හරහා තීරනය කරන්න යන්න එපා. එය ඉතාම පසුගාමි සංසන්දනය්ක් වෙයි. රුවන්ගේ ලිවීමේ අයිතිය වෙනම කතාවක්. මම ඒකට විරුද්ධ නැහැ. සෙන්නගෙ දෘඩ අදහස් දැක්වීම ඇතුලේ මට අංගුලිමාල කියන චරිතයත් මතක් වුනා. හෙමීට හිතන්න පුලුවන් නම් පසුතැවිලි අඩුයි මචං.

      Delete
    2. අරූ, මම එහෙම එක පාරම කෙනෙක් හොඳයි, නරකයි කියලා නිගමනයන්ට එන්නෑ.. ඒත් වෛද්‍ය රුවන් ලිපි කිහිපයකින්ම විජේවීරව ළඟින්ම ඇසුරු කරපු අයගේ සාක්ෂිත් එක්ක පෙන්නුවා ඔහු මොන වගේ චරිතයක් ද කියන එක.. මම හිතන්නේ ඒ ටික ඇති කියලයි.. ඒ නැතත් මට විජේවීර සහ JVP කියන්නේ තවත් ත්‍රස්ත්වාදී කණ්ඩායමක් විතරයි.. කොටි නරක් වෙන්නයි, JVP හොඳ වෙන්නයි විදිහක් නෑ මචෝ.. දෙගොල්ලොම කළේ මේ රට විනාශ කරපු එක..

      අනිත් පැත්තෙන් JVP කාරයෝ කැම්පස් වලට දේශපාලනය රිංගවගෙන නටන නාඩගම !! ඕකුන් අහිංසක ජීවිත කීයක් ඒ තුලින් විතරක් විනාශ කරලා ඇත්ද ?

      Delete
  6. Menna ape saukya sewaya hadawatha bandu National Hospital Eka gana honda kathawak. Comments tikath kiyawanna
    http://www.thesundayleader.lk/2013/06/02/accident-service-staff-watch-television/

    ReplyDelete

  7. සර්නි කියන්නේ කොහොමත් විජේවීරට ප්‍රතිපක්ශ කෙනෙක්.........

    හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියලා කතාවක් තියනවා නේ............මේකත් ඵ් වගේ තමයි...........

    ඵ් වගේ කෙනක් විජෙවීර ගැන මෙහේම කියන්නෙ නැතිව කොහොම කියන්නද???

    සේයා දරුවාගේ මිනී මරුවා අල්ලගන්න බරුව ඉස්කෝලෙ ලමයින්ව අල්ලගෙන ගිහින් පතබාපු රහස් පොලොස් කට්ටිය නේ...........

    මේයාලට හොඩට ගොරකා දඩ මස් කිරීමට්, දඩමස් ගොරකා කිරිමත් පුලුවන්.................

    මේ රටේ අපරාද ඵන්න ඵන්න වැඩි වෙලා තියෙන්නේ මේ වගේ කට්ටිය හරියට රාජකාරි කරන හින්දා තමයි ඉතින්..............


    මම කියවා ඇති විජේවීර මේ දොස්තර මහතා පෙන්නන්න හදන ජාතියේ කෙනෙක් නෙවෙයි.............

    මෙතුමා මීටකලින් පොල්පොට් කියන ෆැසිස්ට්වාදියාව මාක්ස්වාදියෙක් කරන්න උත්සාහ කලා............

    ඊලගට ලන්කාවේ පලවෙනි ලමා සොල්දාදුවා හැදුවේ විජේවීර කියලා කිව්වා..............හැබැයි ටිකිරි කුමාරයා වගේ ලමා සොල්දාදුවො ගැන අපි හෝඩි පන්තියෙදිම අහලා තිබුනා...........මෙතුමාට ඵ් දැනීම වත් තිබුනේ නෑ............

    පොඩි උන්ට බිල්ලො පෙන්නන ඵක ඵතුමාගෙ අයිතිය................

    මේවා ඇත්තද නැත්තද කියලා හොයලා බලන ඵක කියවන අයගේ බුද්දිය............

    ReplyDelete
    Replies
    1. මම විජේවීරට පක්‍ෂ හෝ ප්‍රති පක්‍ෂ නැත මම ඔහු කල කී දේ විශ්ලේශනය කලා පමණයි

      Delete
    2. අපි මහන්ද මහත්තයා, රනිල් අගමැතිතුමාවත් විශ්ලේෂණය කොරමු ද​

      Delete
    3. aniva : Chandrika ganath livva

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook