Friday, April 8, 2016

රසික සූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතිය




රසිකසූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතිය හැත්තෑව දශකයේ කොලඹ පාසලක හරස්කඩක් පෙන්වා දෙයි. ග්‍රාමීය පාසල් ද්‍රව්‍යමය වශයෙන් සහ ආකල්පමය වශයෙන් පසුගාමීවයේ සහ සංස්කෘතික ලැග්මේ වෙලී සිටින බවත් කොලඹ ප්‍රධාන පෙලේ පාසල් මේ ද්‍රව්‍යමය   සහ ආකල්පමය ලැග්මෙන් තොරව අභිවෘද්ධිය කරා යන බවට ඇති ජනප්‍රිය මතය ඔහු අභියෝගයට ලක් කරයි . මේ අනුව  කොලඹට කිරි අපට කැකිරි සංකල්පය සත්‍ය දැයි යලිත් වරක් සොයා බැලීමට සිව් වසරක් මරදානේ කෘතිය අපව පොලඹවයි. 

මේ කෘතියේදී පැයට එකසිය ගනනේ ඈනුම් යවන කම්මැලි හා ළමුන් ගේ අනාගතය නොතකා අයිස් ගසන ගුරුවරු , වැඩවසම් බව කර තබාගත් ගුරුවරු  අපට හමු වෙති. ඔවුන් මනංකල්පිත චරිත නොව මේ මහා විදුහලේ සිටි සැබෑ චරිතය​. ආර්ථික මෙන්ම සමාජයික බාධා ඔහුට හමුවේ. එවැනි බාධක හමුවේ වුවද උත්සහයෙන් ඉගෙනුම ලබා කථකයා විභාගය සමත් වෙයි.

මේ හැර එකල තවමත් අංකුර අවධියේ තිබූ ආගමික තලිබාන් මානසිකත්වය බුදු දහමටද අනුගත කිරීමට ගත් අඳබාලයන් ගැනද කතුවරයා හෙලි කරයි. සිව් වසරක් මරදානේ ගත කල කාලය තුලදී ඔහු සතලිස් වසරක අත්දැකීම් ලබා ගනී. 71 කැරැල්ල ,  1980 වැඩවර්ජනය , 83 කළු ජූලිය , ඊලාම් යුද්දය වැනි සමාජ ව්‍යසනයන් දුටුවන් ගේ පරම්පරාවට අයත්වන කතුවරයා  තමන් අත් දුටු යහපත් සහ අයහපත් අත්දැකීම්  එලදායී ලෙස ජීවිතයට මුහු කර ගැනීමට  සමත් වෙයි. 

රසිකසූරියඅාරච්චි ගේ සිව් වසරක් මරදානේ කෘතිය  අතීත ආවර්ජනයකි. එහි ප්‍රබල සමාජ  පණිවිඩයක් ගැබ් වී තිබේ.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 




22 comments:

  1. තලිබාන් කියන වචනයේ තේරුම "සිසුන් / දැනුම සොයා යන්නන්" මිස ඔබ හිතනා දෙය නොවේ.

    ReplyDelete
    Replies
    1. තලිබාන් කියන වචනයේ තේරුම "සිසුන් / දැනුම සොයා යන්නන්" මිස ඔබ හිතනා දෙය නොවේ.////////////// තලෙබාන් අය කරන්නේ අල්ලාගේ නාමයෙන් මිනීමරන එක මිසක් ඔබ හිතනා දෙය නොවේ

      Delete
    2. ඇනෝ,

      තලිබාන් යන වචනයේ මුල් භාෂාවෙන් සැබෑ තේරුම එය විය හැක. නමුත්, අද එහි සිංහල භාවිතය වෙනස් ය.

      සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තම ආගමික විශ්වාස අන් අයට බලෙන් ආරෝපනය කිරීමට යෑමයි.

      වෙනත් උදාහරණයක් කිවහොත්, අල්-කයිඩා යනුවෙන් අදහස් කෙරෙන්නේ () යන්න බව අසා ඇත්තෙමි. නමුත් මුලු ලෝකයම අල්-කයිඩා කියා දන්නේ බින්-ලාඩන් ගේ ත්‍රස්තවාදී සංවිධානයයි.

      අප කැමති වුනත් නොවුනත් සැබෑ තත්වය එසේය.

      Delete
    3. තලේබාන් සංවිධානය කියන්නේ දැනට පවතින එක්තරා ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරයක්. කාලයක් ඔවුන් රාජ්‍යක් පිහිටුවා තිබුනා. ඔවුන් තමන්ගේ ආගමේ තිබෙන එක්තරා "නිකායක" පැරනි නීති සෑහෙන තදින් ක්‍රියාත්මක කලා.

      ඒ හැරුනුකොට "තලිබ්" (දැනුම සොයා යන්නා ) යන්න ගොඩ දෙනෙකුට තිබෙන වාසගමක්.

      "සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තම ආගමික විශ්වාස අන් අයට බලෙන් ආරෝපනය කිරීමට යෑමයි."

      ඔබේ නිර්වචනය එහෙමනම් මම හිතන්නේ ලෝකයේ ජනගහනයෙන් සෑහෙන පිරිසක් "තලිබාන්" කාරයෝ වෙයි.

      "බලෙන් පැටවීම " ලෙස ඔබ අදහස් කරන්නේ ලමුන්ව ආගමික වැඩ වලට යොමු කරවීම නම් (කොහොමත් මෙය ලමයි එහෙමම කැමැත්තෙන් කරන දෙයක් නොවේනෙ ) බුද්ධාගමේ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ඇතුලු සියලු ආගම් අදහන බොහෝ දෙමව්පියන් "තලිබාන්" කාරයෝ වෙයි.

      "බලෙන් පැටවීම " ලෙස ඔබ අදහස් කරන්නේ මේ ගැන කතා කිරීම හා ලිපි ලිවීම නම් ඔබත් (රසික) ඇතුලු ලෝක ජනගහනයෙන් බොහෝ දෙනා "තලිබාන්" කාරයෝ වෙයි.

      ඒ හැරුනාම ඔබ දෙදෙනාටම සාමාන්‍යෙන් කියවන්නට හා දකින්නට ලැබෙන බටහිර මාධ්‍ය ආයතන වල වාර්ථා දිහා බලලා, "මුලු ලෝකෙම මෙහෙමයි හිතන්නේ" කියන එක එතරම්ම හරි නෑ. එසේ සිතීමම ගෝත්‍රික හා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ගේ සිතුවිල්ලක්.


      Delete
    4. "සිංහලෙන් අද තලිබාන්කරණය යනුවෙන් අදහස් කෙරෙන්නේ තම ආගමික විශ්වාස අන් අයට බලෙන් ආරෝපනය කිරීමට යෑමයි./////////////// නැත අල්ලාගේ නාමයෙන් මිනී මැරීමයි

      Delete
    5. ඇත්තටම මේ සිංහල තලේබාන් කියන යෙදුමේ වරදඛ් තියෙනවා. එයට හේතුව අදාල ණැති කලකයක් එයට ඇතුලත් වීමයි. පසුගිය නොවැම්බරයේ දී මා මේ ගැන ලිපියක් ලිව්වා. එය ළඟදීම පළ කරන්නම්.

      Delete
    6. ඇත්තටම මේ සිංහල තලේබාන් කියන යෙදුමේ වරදක් තියෙනවා. එයට හේතුව අදාල නැති කුලකයක් එයට ඇතුලත් වීමයි.

      පසුගිය නොවැම්බරයේ දී මා මේ ගැන ලිපියක් ලිව්වා. එය ළඟදීම පළ කරන්නම්.

      Delete
    7. කාලයේ සිටම ඉස්ලාමය නිසා යුධ ගැටුම් ඇති වී තිබෙන අතරම ම සටන් මෙහෙයවා තිබෙනවා. මේ සටන් නිසා දෙවියන්ගෙ නාමයෙන් හෝ වෙන දෙයකට මිනිසුන් මිය යන්න ඇති.

      මේ තත්වය පලමු හා දෙවන caliph වරුන්ගේ කාලයේ ඉතා දරුනු වූ අතරම ISIS, Al-Qaeda වැනි සංවිධාන පිලිපදන්නේ ඒ කාලයේ බිහිවූ ආදර්ශ. ශාරියා නීතියටත් මේ කාලයේ බලපෑම ඉතා වැඩියි. මේවායේ අරමුන මුල්ම කාලේයේ තිබූ Rashidun Caliphate එක ඒ නීති යටතේම යලි ස්ථාපිත කිරීම. ISIS එක islamic state කියා ගන්නේ ඒ නිසා.

      තලිබාන් සංවිධානය යනු ඉහත් නීති හා ආදර්ශ සමඟම ගෝත්‍රික නීති කලවමේ කල සංවිධානයක්. සංවිධාන කියුවාට මේ ඇත්තටම දේශපාලන ව්‍යාපාර. මම හිතන්නේ ISIS එක හැකි නම් තලිබාන් සංවිධානයත් මිත්‍යා දෘෂ්ටිකයන් ලෙස මර්ධනය කරාවි.


      මම හිතන්නේ රසික ඔබටත් හරියට නොතේරෙන විදේශික වචන වලට අලුත් තේරුම් නොලියා, ඕකට "සිංහල බෞද්ධ අන්තවාද/ ජාතිවාදය" වැනි දෙයක් කියවානම් ලේසියි.

      අනිත් අතට අප අකමැති උනත් මුලු ලෝකයම (කෙසේ වෙතත් ලෝකයෙන් කොටසක් හරි ) භාවිතා කරන වචන වල තේරුම් සමඟ යා යුතු බව ඔබේ අදහසනේ.

      Delete
  2. එක එකගෙ පිටවල්කහන්නෙ නැතුව තමන් දන්න දෙයක් ලියන්නකො මෙයා

    ReplyDelete
  3. මේ පොත කියවන්න හෙව්වත් හම්බුනේ නෑ.. රිවිර පත්තරේටත් ආනන්ද විද්‍යාලයේ අද්දැකීම් ලියලා ලිපි මාලාවක් ගියා...

    ReplyDelete
    Replies
    1. පොත දයාවංශ එකේ තියනවා

      Delete
  4. Whatever Rasika said in his book about Ananda College is true.

    ReplyDelete
  5. ලංකාවට ගියාම ගන්ඩ ඕනේ..

    ReplyDelete
  6. අද හවසට කියවන්න ඉන්නේ.

    ReplyDelete
  7. විචාරය පිළිබඳව ස්තුතියි, රුවන්!

    ReplyDelete
    Replies
    1. එකල සමකාලිනයෝ එහි ලියාඇති දේ ගැන බොහෝ දනිති. නොදන්නෝ රැවටෙති සැමදෙයම විකිනෙන රටේ මොනවා හෝ ලියා කැමති කෙනෙකුට මුදලක් සොයාගත්තාට කාටත් දොස් කියා වැඩක් නැත .

      Delete
    2. සැමදෙයම විකිනෙන රටේ මොනවා හෝ ලියා කැමති කෙනෙකුට මුදලක් සොයාගත්තාට කාටත් දොස් කියා වැඩක් නැත .//////////////////// එහෙනම් මොනාද මෙතන කුරුටු ගාන්නේ

      Delete
    3. @ Anonymous April 9, 2016 at 7:05 PM

      ඔබ මේ පොත කියවා ඇතිනම් එහි ඇති වැරදි මොනවාදැයි පෙන්වා දෙන ඟෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි!

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook